Personal Investment Plan ගැන සිංහලෙන්

ලංකාවෙ හැම බැංකුවකම වගේ තියෙනව “Personal Investment Planners”. මේකෙදි වෙන්නෙ ඔයා හැම මාසෙකම යම් නියමිත මුදලක් ( අපි හිතමු රුපියල් 5000ක් කියල ) bank account එකකට දානව, ඔයා මේ account එක පටන් ගන්නකොට තීරණය කරන කාලයම මේ විදිහට මාසයක් ගානෙ දානව. අපි හිතමු ඔයා අවුරුදු 2කට දැම්මෙ කියල ඉතිං මාස 24ක් ඔයා 5000 ගානෙ ඒකට දානව. දැන් එකතුව කියද? (5000 x 12)10 = 120000.

ඔයා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක මේ විදිහර අවුරුදු 2ක් එකතු කලොත් ඔයාට අවුරුදු 2කට පොලියත් පස්සෙ ලැබෙන්නෙ සාමාන්‍යයෙන් 123000 ක් වගේ ගානක්, ඒත් අපි මේ Personal Investment Planner එකෙන් ඔයාට ලැබෙනව සාමාන්‍යයෙන් 130000ක් වගේ ගානක්. 

මෙහෙමයි අපි සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක දානවනම් අපිට ඕනිම වෙලාවක ඒක අනික් පැත්තට ගන්න පුලුවන්, ඔව් දැන් මේ Investment Planner එකත් ඕනිම වෙලාවක ගලවල ගන්න පුලුවන් හැබැයි එහෙම උනොත් මේකට calculate වෙන විශේෂ පොලිය calculate වෙන්නෙ නැහැ.

ඔයාට පුලුවන්නම් අමතක කරල දාන්න ඔයාගෙ මාසික ආදායමෙන් 5000ක් අයින් වෙනව කියල මේ වගේ එකක් දාල තියන්න. ඒක වටිනව. මම මේ වගේ කීපයක්ම කරල තියෙනව ලොකු ගානක් මාසිකව දාල අවුරුදු 2කට අගේ. ඒ වගේම මම දැනට අවුරුදු 5කට කලින් පොඩි එකකුත් දාල තිබ්බ අවුරුදු 5කට. මාසිකව 5320 ගානෙ. එතකොට මම ඉතුරු කරල තියෙන ගාන 319,200 නමුත් මම ඊයෙ ඒක ගන්නකොට ගාන 393,503 යි. ඒ කියන්නෙ මගේ පොලිය 74,303. ඉතිං මට ඔය 5320 කාලයක් යද්දි අමතක වෙලා යනව. ඒක මගෙ bank app එකේ schedule එකකින් හැම මාසෙකම Investment Planner එකට යන්න දාල තිබ්බෙ.

මගේ අත්දැකීමෙන් තමන්ට අවශ්‍ය විදිහට අවුරුදු ගාන සහ මාසෙකට දාන්න ඕනි ගාන අපිට කැමති විදිහට customize කරගන්න පුලුවන් හොදම bank එක NDB. internet එකේ හැම Bank එකකම වගේ බොහොම පැහැදිලිව එයාලගෙ Investment Planners වල විස්තර දාල තියෙනව. කරන්න පුලුවන්නම් අපිට අනාගතයේදි හොද වටින තවත් එක දෙයක් මේක. 

මොනවත්ම නැති වෙලාවට එක පාරට පොත් අස්සෙ දාපු සල්ලි කොලයක් එහෙම හම්බ උනහම අපිටට අර පොඩි ආතල් එකක් දැනෙනෙ වෙලාවල් තියෙන්නෙ ඉස්සර පොඩි කාලෙ. අන්න ඒ වගේ මේවත්. 

ඔයාට මාසෙකට 54299 ක් දාන්න පුලුවන්නම් අවුරුදු 10කින් ඔයාට රුපියල් කෝටියක් ලැබෙනව. ඔයා ඉතුරු කරල තියෙන්නෙ 6.515880 යි. 😉

හරි ඉතිං ඉදල හිටල මම කරල තියෙන දේවල් කියනවනෙ මම තව කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල. මේකත් එහෙම හිතල කිව්වෙ. 

~ නුවන් ~

Post a Comment

0 Comments