Software Development Life Cycle (SDLC)

අද මේ ලිපියෙන් Software Development Life Cycle ( SDLC ) කියන දේ ගැන බලමු. අපි IT Industry එක ඇතුලෙ කරන හැම දෙයක්ම වගේ මෙන්න මේ SDLC එකේ කොටස්. IT ඩිග්‍රී කරන ඔයාල ලෑස්ති වෙන්නෙ මෙන්න මේක ඇතුලෙ වැඩ කරන්න එන්න තමයි. BA, Product Owner/Manager, PM, SE, QE, Devops/techops වගේ හැමෝම මේ SDLC එකේ කොටස් කාරයො. 

SDLC එක කියන්නෙ ලොකූ මාතෘකාවක්. ඒ වගේම අදාල කම්පැණි එකේ විදිහට වෙනස් වෙනව. නමුත් මේකෙ තියෙන typical overview එක අපි අද බලමු. මේක කොටස් 6කින් දක්වන්න පුලුවන්,

  1. Planning and Requirement Analysis
  2. System Design
  3. Implementation (Coding)
  4. Testing
  5. Deployment
  6. Maintenance

1. Planning and Requirement Analysis 

BA, Product Owner/Manager වගේ අය අදාල ක්ලයන්ට්ස්ලත් එක්ක කතා කරක එයාල ඉල්ලන දේවල් ඒ කියන්නෙ අලුත්ම සොෆ්ට්වෙයාර් එකක්නම් හෝ දැනට කරගෙන යන සොෆ්ට්වෙයාර් එකක අලුත් ෆීචර්ස් release එකකට අවශ්‍ය දේවල් රැස් කරගන්නව. එහෙම ඒ දේවල් එකතු කරගෙන එයාල PM ලවත් එකතු කරගෙන සැලසුම් කරනව මේ කට්ටිය මොකද්ද වෙන්න ඕනි කොක්චර කාලයක් මේකට අවශ්‍ය ද ( Man hours ) වගේ දේවල් කතා කරල මෙයාල මේක අරන් යනව ඊලග ස්ටෙප් එකට. 

2. System Design

 BA, Product Owner/Manager, PM අය අරන් ආව දේවල් ඉදිරිපත් කරනව Software Architect, Senior UI/UX වගේ Development පැත්තෙ ඉන්න උඩ කට්ටියට. සමහර වෙලාවට QE Managersla, DevOps/Techops Senior කට්ටියත් මේකට සහභාගි වෙන්න ඉඩ තියෙනව. මෙයාල එකතු වෙලා මෙ අරගෙන ආව දේවල් වලට අදාල ටෙක්නිකල් පාර්ට් එක ඩිසයින් කරනව. මූලිල structure එක හදනව මේ දේවල් මෙන්න මෙහෙම තමයි කෝඩ් වෙන්න ඔනි මේ වගෙ ටෙක්නොලොජීස් පාවිච්චි වෙන්න ඕනි මේ වගේ ෆ්‍රෙම් වර්ක් එකක් යන්න ඕනි කියල High/Low Level Documentation පාර්ට් එකක් කරනව. 

3. Implementation (Coding)

විශේෂයෙන්ම Tech Leads ල හරහ Design වුන architecture එක Software Engineers ලට පාස් වෙනව. ඉතිං සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන් එකතු වෙලා අදාල දේවල් කෝඩ් කරන්න ගන්නව. Tech Leads ල මේ දේවල් වල Standards බලනව එකතු වෙලා වැඩේ කරගෙන යනව. SE පාර්ට් එක ඉවර වෙනකොට අදාල කෝඩ් කරපු බිල්ඩ්ස් පාස් වෙනව QE පැත්තට. ඒ කියන්නෙ ටෙස්ටින් පටන් ගන්නව. 

4. Testing

මෙතනදි සමහර වෙලාවට BA ලත් එකතු වෙනව QE කට්ටියත් එක්ක කොහොම හරි මූලිකවම අදාල requirements documentation වලට අනුව සහ අදාල කොලිටි එකට මේ දේවල් කෝඩ් වෙලා තියෙනවද හරියට ෆීචර්ස් වැඩ කරනවද කියල QE ල ටෙස්ට් කරනව එක එක methods වලට. ඒ ටෙස්ටින් වලින් සෙට් වෙන බග්ස් ආයිත් SE ලට පාස් වෙනව SE ල ඒව ආයිත් හදල QE පාස් කරනව. කොහොම හරි මේ ටෙස්ට් වලින් පාස් උනහම QE ල තීරණය කරනව දැන් අදාල ඇප්ලිකේශන් එක හෝ අදාල අලුත් ෆීචර්ස් හරි රිලීස් කරන්න සූදානම් කියල. 

5. Deployment

Devops/TechOps අය තමයි මේ දේවල් මූලිකවම කරන්නෙ. QE ටෙස්ට්ස් වලින් පාස් වෙලා ආව බිල්ඩ්ස් මෙයාල අදාල Environments වලට අදාල තත්ව යටතේ ඩිප්ලොයි කරනව. ඒවට අදාල සිකියුරිට් පාර්ට්ස් නෙට්වර්ක්ස් ලෝඩ් බැලන්ස් කරන දේවල් මෙයාල බලනව. බලල හරි විදිහට ඇප්ලිකේශන් එක හෝ අදාල ෆීචර් බිල්ඩ්ස් ඩිප්ලොයි කරනව. System Administrators වගේ අය මේ දේවල් ඩිප්ලොයි වෙන්න ඕනි Infrastructure පැත්ත ගැන බලල ඒ දේවල් හදල දෙනව Devops/TechOps අයට. 

6. Maintenance

Systems Engineers, PM ල මේ අලුතෙන් ඩිප්ලොයි කරපු දේවල් වල එන ගැටලු වලට ප්‍රතිචාර දක්වනව. අදාල solutions දීල සිස්ටම්ස් up and running තියාගන්නව. 

මේ තමයි සරලවම SDLC. 



Post a Comment

0 Comments