කොහොමද ගුවන් නියමුවෙක් වෙන්නෙ ? කතා කරමු ඒ ගැන 👮️✈️

මං මේ දවස් ටිකේ දැකපු ලොකු වෙනසක් තමයි ලෝකෙ මේ දවස් වල උන Aviation සම්බන්ද සිදුවීම් නිසා ගොඩක් තරුණ තරුණියන් ගුවන් ක්ශේත්‍රයේ රැකියා වලට පෙලෙඹිලා තියෙනවා.

ඒ අය හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද ගුවන් නියමුවෙක් වෙලා ගුවන් සමාගමක රැකියාවක් කරන්නෙ කියන එක. ගුවන් ක්ශේත්‍රයත් එක්ක ඉස්සර ඉදන්ම හිටපු කෙනෙක් විදියට මං අද ඔයාලට කියන්නම් කොහොමද පයිලට් කෙනෙක් වෙන්නෙ කියලා.

මේ කතාව පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕනෙ ගුවන් නියමුවෙක් වෙන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම කිව්වොත් ඒ තරම් අමාරු දෙයක් මං දැකලත් නෑ. කොටින්ම කිව්වොත් මට දැනෙන විදියට ගුවන් නියමුවෙක් වෙන එක ශල්‍ය වයිද්‍යවරයෙක් වෙන එකටත් වඩා අමාරු දෙයක්.

හරි අපි දැන් කතාව පටන් ගමු.

ඔයාට ගුවන් නියමුවෙක් වෙන්න ඕනෙනම් ඔයා ප්‍රධානවම ගන්න ඕන බලපත්‍ර (Licenses) 3ක් තියෙනවා.

ඒවා පිලිවලට ගත්තොත්

  1. PPL (Private pilot licence)
  2. CPL (Commercial pilot licence)
  3. ATPL (Airline tranceport pilot licence) 

මෙන්න මේ බලපත්‍ර තුන ඔයා ගන්න ඕනෙ.

අපි පිලිවලට යමු.

PPL (private pilot license) 

ඔයා PPL එක ගන්නනම් අවම වශයෙන් ඔයාගෙ වයස අවුරුදු 16 හෝ 16ට වැඩි වෙන්න ඕනෙ. ඒ වගේම ඔයා ශ්‍රීලංකාවේ PPL එක ගන්නවනම් ශ්‍රීලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් කරන Class 1 Medical එක සමත් වෙන්න ඕනෙ. ඒ වගේම අපොස සාමාන්‍ය පෙල විභාගයේ සමත්වීම් 6ක් තියෙන්න ඕනෙ. තවද ඔයාට ඉංග්‍රීසි භාශාව කතාකිරීමේ හැකියාව සහ ලිවීමේ හැකියව තියෙන්න ඕනෙ. ඔයාට මේ සුදුසුකම් සේරම තියෙනවනම් ඔයාට පුලුවන් ගුවන් පුහුණු පාසලකට එකතු වෙලා PPL එකට අදාල පාඨමාලාව හදාරන්න. PPL එකේ මූලිකවම උගන්නන්නේ කොහොමද ගුවන් යානයක් හසුරවන්නේ කියන සාමාන්‍ය දැනීම සහ පුහුණුවීම. 

ඔයාට මේ PPL එක සාර්ථකව අවසන් කරන්නනම් ඔයා අනිවාරෙන්ම අවම වශයෙන් පැය 10ක් Solo Fly කරලා තියෙන්න ඕනෙ.  ඒ කියන්නෙ ඔයා අවම වශයෙන් පැය 10ක් තනිවම ගුවන් යානය පැදලා තියෙන්න ඕනෙ. ඒ වගේම අවම වශයෙන් පැය 5ක් Cross Country ගුවන් යානය පදවා තියෙන්න ඕනෙ. ඒ වගේම සේරම පැය  40ක් ඔයා ගුවන් යානය පදවා තියෙන්න ඕනෙ. 

ඔයා මේ ටික හරියටම අවසන් කරලනම් ඔයාට පුලුවන් ශ්‍රීලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මගින් නිකුත් කරන PPL එක ගන්න.

ඔයාට මේ PPL එක ගත්තම පුලුවන් ඔයාගෙ පව්ලේ අය එක්ක හෝ ඔයාගෙ අදුරන අය එක්ක Aircraft එකක් කුලියට අරන් ඔයාට තනියම Fly කරන්න. හැබැයි ඔයාට මේ ලයිසන් එකෙන් මුදල් උපයන්න අවසර නෑ.

හරි. අපි ඊලගට යමු CPL එකට

CPL (Commercial Pilot License) 

CPL එකෙන් ඔයාට උගන්නන්නේ සරලවම ගුවන් යානයක් එලිය බලන්නෙ නැතුව, ඇතුලෙ තියෙන Instrument වලින් බලාගෙන ගුවන් යානය පදවන්න උගන්වන එක. ඔයාට මේ CPL එක කරද්දි ඒකට අමතරව MER කියලා වෙනම පාඨමාලාවක් කරන්න ඔනෙ. MER කියන්නෙ Multi Engine Rating කියන එක. ඔයා මෙච්චර දුරක් PPL , CPL වල ට්‍රේනින් උනේ එක එන්ජින් එකක් විතරක් තියෙන ගුවන් යානයකින්. මේ MER එකෙන් ඔයාට කියලා දෙන්නෙ එන්ජින් 2ක් හෝ ඊට වඩා තියෙන ගුවන් යානයක් හසුරවන විදිය ගැන. ගුවන් නියමුවෙක් වෙන්නනම් මේ පාඨමාලාවත් අනිවාරෙන්ම කරලා තියෙන්න ඕනෙ. 

CPL එකේ ට්‍රේනින් වලදී ඔයා අඩුම තරමේ තනිවම ගුවන් යානය පැය 70ක් පැදලා තියෙන්න ඕනෙ. ඒ වගේම Cross Country පැය 50ක් ගුවන් යානය පැදලා තියෙන්න ඕනෙ. ඒ වගේම සම්පූර්ණ පැය 200ක් ඔයා ගුවන් යානය පැදලා තියෙන්න ඕනෙ. 

මේ සේරම සම්පූර්ණ කරාට පස්සේ ඔයාට පුලුවන් CPL එකත් සාර්ථකව ලබාගන්න

හරි. ඊලගට අපි යමු ATPL එකට.

ATPL (Airline tranceport pilot license)

ඔයා මේ පාඨමාලාව හදාරන්නෙ Forzen ATPL කියලා. මේ පාඨමාලාවෙදි ඔයාට ගුවන් පුහුනුවීම් ලැබෙන්නෙ නෑ. මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ විශයන් 14කට අදාලව පාඩම් ඉගනගෙම ඒ ඒ විභාගයන් සමත් වෙන එක.  ඔයා මේ විභාග ටික සමත් උනාම ඔයාට ලැබෙන්න Forzen ATPL කියන License එක විතරයි. අපිට Forzen ATPL එක ATPL එකකට Convert කරගන්න අඩුම තරමෙ අපු පැය 1500ක් ගුවන් යානා පැදලා තියෙන්න ඕනෙ.

හරි. අපි දැන් හිතමු ඔයා මේ පාඨමාලාවන් සියල්ලම අවසන් කරා කියලා. 

දැන් ඔයාට පුලුවන් Srilankan Airlines එකේ Cadet Pilot කියන තනතුර සදහා ඉල්ලුම්පත් යොමු කරන්න. 

අපි දැන් බලමු Srilankan Airlines Cadet Pilot කියන තනතුරට ඉල්ලුම් කරන්න අපිට ඕන සුදුසුකම් මොනවද කියලා. 

Srilankan Airlines Cadet Pilot විදියට ඉල්ලුම් කරන්නනම් අනිවාරෙන්ම අපි කලින් කතා කරපු ලයිසන් 3ම ඔයාට තියෙන්න ඕනෙ. ඒ වගේම O/L , A/L දෙකම සමත් වෙලා තියෙන්න ඕනෙ. ඒ වගේම ඔයාට කුමන හෝ විශයකට අදාලව ප්‍රථම උපාධියක් තියෙන්න ඕනෙ. 

මේ සේරම ඔයා සම්පූර්ණ කරානම් ඔයාට පුලුවන් කැඩෙට් ගුවන් නියමුවෙක් විදියට ඔයාගෙ රැකියාව Srilankan Airlines සමග කරගෙන යන්න. 

( Cadet Pilot කියන්නෙ ගුවන් නියමුවන්ගෙ ලොකුම තනතුර නෙමෙයි. එතනින් එහාට තවත් තනතුරු තියෙනවා. Eg- First Officer , Captain )

මං හිතනවා මං අද මේ ගෙනාපු විස්තර ටික ඔයාගෙ කැරියර් එක හදාගන්න ඔයාට ගොඩක් උදව් වෙන්න ඇති කියලා. මේකෙන් දෙයක් ඉගනගත්තනම් මතක ඇතුව යාලුවන්ටත් කියවන්න මේක Share කරන්න.

ස්‍තූතියි ! 

Hesara Suran From Aviation Family - Sri Lanka ✍️

Post a Comment

0 Comments