ATS Friendly CV ගැන...

👉මොකද්ද මේ හැමතැනම කියම හැමෝම කියම ATS Friendly CV එකක් කියන්නෙ. 

කම්පැණි එකකට එන  CV ප්‍රමාණය ගොඩක් වැඩී.එහෙම එන ඔන්ලයින් CV එයාල සිස්ටම් එකක් පාවිච්චි කරල scan කරනව. තොරන වගේ CV 99%ක්ම වගේ හැලෙනව. හේතුව තමයි මේ scanning systems වැඩ කරන්නෙ text base scanning විදිහට. cv එකේ එක එක images, emojis හරි මොනම ආකරයකට හරි plain texts නොවෙන දේවල් තිබ්බහම සිස්ටම් එක පිස්සු නටල ඒව රිජෙක්ට් වෙනව. 

මේ සිස්ටම් එක වැඩ කරන්නෙ එයාල publish කරපු අදාල ජොබ් පෝස්ට් එකත් එක්ක අපේ CV එක compare කරල.

උදාහරණයක් ගත්තොත්: ජොබ් description එකේ තියෙනව required skills වලට දාල containerization, CI/CD Experience වගේ කියල. සිස්ටම් එක මෙන්න මේ දේවල් ඔයාගෙ CV eke Skills යටතේ තියෙනවද බලනව. 

CV එකේ අනං මනං කැටයම් අස්සෙ ඕව රිංගවල තිබ්බහම සිස්ටම් එකට ඕක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ. CV එකේ "Skills" section එකේ සරලව ඔයා දාල තිබ්බහම හරි ඔයාගෙ ස්කිල්ස්. 

ජොබ් Description එක කියවල ඒකෙ කියල තියෙම දේවල් ඉල්ලල තියෙන Qualifications, Skills වලට හොඳින් මැච් වෙන විදිහට CV eka වෙනස් කරල ඇප්ලයි කරන්න.

ATS friendly CV එකක් හදා ගත්තහම ජොබ් description එකත් එක්ක compare කරල බලන්න පුලුවන් ටූල් එකකකට දාල බලන්න ATS score එක. Internet එකේ ඕනි තරම එහෙම ටූල්ස් තියෙනව. 

👉 මොනවද දැන් CV එකට දාන්න ඕනි දේවල්. 

  • නම (1st & 2nd Name only)
  • Personal Email
  • Phone number 
  • LinkedIn link
  • About yourself (a small overview description about yourself regarding your technical and career background)
  • Skills 
  • Current/Previous Job experience (If you have)
  • Education 
  • Certification 
  • Projects  

🚀ඔයාගෙ CV එක Pages 2කට වඩා හදාගන්න එපා. උපරිම පිටු දෙකයි හොදේ 🤓

👉 CV එකට අපේ ෆොටෝ එකක් දාන්න ඔනිද?

කෙටිම පිළිතුර තමයි, අවශ්‍ය නැහැ. නමුත් ඔයා Hotel, Modeling වගේ industry එකක කෙනෙක් නම් CV එකට ෆොටෝ එකක් දාන එක හොඳියි. 

මම මේ දේවල් IT Industry එකට අදාල වෙන විදිහට තමහි ගොඩක්ම කියන්නෙ විස්තර කරන්නෙ. ( මං දැකල තියෙනව සමහර ලංකාවෙ කම්පැණි වල අය කියනව ෆොටෝ එකක් දාන එක හොඳයි 1st impression එකට කියල 😜. මන් ඒ ගැන තර්ක නොකර ඉන්නම්. ලංකාවෙ මිනිස්සු කොහොමත් වැඩිපුර කැමති පිට ඔපේට. පිට කවරය දිහා බලල තමයි තීරණ ගන්නෙ. ) මමත් CV සිලෙක්ට් කරල තියෙනව කවදාවත් photo එකෙන් select කරේ නැහැ. 

වෙන රටකට ඇප්ලයි කරද්දිනම් මේ ATS Friendly CV එකක් අත්‍යාවශ්‍යි. 

------

👉 Youtube එකට යන්න ගිහින් එයාගෙන් අහන්න "How to make a ATS friendly CV" කියල. එයා ඇති වෙන්ම කියල දෙයි. අපේ ලංකාවෙ අය කරපු ඒවත් ඇති. 

👉 මෙන්න මේ ටූල් එකෙනුත් හොඳට ATS friendly formatted Texted CV හදාගන්න පුලුවන් : https://www.overleaf.com/

( Youtube එකේ ඇති ඕනි තරම් වීඩියෝ මේකෙන් වැඩ කරගන්න හැටි කියල )

👉 ATS CV හදන හොඳ සර්විස් තියෙනව ලංකාවෙ. එක එක මල් කැටයම් නැතුව එහෙම හදල දෙන තැනකින් හදාගන්න. විශේෂයෙන්ම Word Document එක ඉල්ලගන්න. 

ATS Friendly CV එකකින් වෙන්නෙ ඔයාගෙ විස්තර පිලිවෙලට හරි word formats වලට හරි විදිහට හරි keywords සුදුසු තැන් වල හරි alignments වලට place කරල හදන එක. ඒකෙන් සිස්ටම් එකකට හොඳින් Scan වෙනව වගේම මනුස්සයෙක්ට උනත් කියවන්න  ලේසි. 

සොයා බලා කටයුතු කිරීම ඔබට බාරයි. මම මේ පොඩි ටිප්ස් ටිකක් ශෙයාර් කරේ 🤓

Post a Comment

0 Comments