පොළොව යට මුහුද 🌊

ඊයේ දෙරණින් දාපු නිව්ස් ක්ලිප් එකක් දැක්කා පොළොව අභ්‍යන්තරයේ තියන විශාල සාගරයක් ගැන. ඇත්තමට wion සහ දෙරණ දෙකේම මේ ගැන මේ දවස් වල දාලා තියෙනවා. මෙයාලා ඒක වාර්තා කරන්නේ නොමඟ යවනසුළු විදියට. ඒක ඇත්තටම වැරදියි එහෙම කරන එක.

කතන්දරය වෙන්නේ 2014 දී විතර බ්‍රසීලයේන් හොයාගත්තු කුඩා දියමන්ති කෑල්ලක Ringwoodite අඩංගු වෙලා Ringwoodite හොයාගෙන තියෙන්නේ නම් 70 දශකයේ වගේ. කොහොම වුනත් මේ Ringwoodite නිර්මාණයේ වෙන්නේ අධික පීඩනයක් යටතේ.විශේෂයෙන්ම පෘථිවියේ Mantle එක සහ Crust එක අතර transition layer එක පිහිටන කිලෝමීටර් 400-650 ත් අභ්‍යන්තරයේ තමයි මේවා නිර්මාණය වෙන්නේ.

Ringwoodite ඛනිජය ජලය උරාගන්නා ස්පොන්ජ් එකක් විදියට තමයි මේ මතය මුලින්ම 2014 දී පළකල ජාකොබ්සන් අදහස් දක්වන්නේ.

මේ ගැන මං දැකපු දෙරණ සහ wion නිව්ස් වල කිව්වේ නම් පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් තියෙනවා වගේ කතාවක්. මේක අපට මැවෙන්නේ නිකං අර journey to earth ෆිල්ම් එකේ වගේ කතන්දරයක්.

හැබැයි Ringwoodite වල ජලය තියෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන විදියට. කොටින්ම කිව්වොත් ජලය වගේ දියරයක් විදියට නෙමෙයි.


පෘථිවිය භූ තැටි ඝට්ටනය වෙද්දී සාගර ජලය පොළොව අභ්‍යන්තයරයට යෑම එක්ක මේ අණු එකතු වෙලා කියන එක එක් අදහසක්. හැබැයි ගණනය කිරීම අනුව සාගර ජලය වගේ 3 ගුණයක ජල පරිමාවක් transition layer එකේ තියන Ringwoodite වල අඩංගු වෙන්න පුළුවන් ලු. එහෙම නම් ගැටලුවක් එනවා.

දැනට පිළිගත් උල්කාපාත, ධූමකේතු කඩා වැටීමෙන් පෘත්වි ජලය නිර්මාණය වීම අභියෝගයට ලක් වෙන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් මේ ජල අනු අඩංගු Ringwoodite ගිනි කඳු පිපිරවීම් හරහා පොළොව මතුපිටට එන්න පුළුවන්.

නමුත් මෙහි ජලය දියරයක් වගේ පවතින්නේ නෑ. journey to the centre of earth  චිත්‍රපටයේ වගේ සහ නිවුස් වාර්තා වලින් මැවෙන විදියට නෙමෙයි මේ ජලය අඩංගු වෙන්නේ.

කොහොම වුනත් මේ ගැන තව හැදෑරිය යුතු මාතෘකාවක් බවයි මගේ හැඟීම

උපුටා ගන්න ලදී..

Post a Comment

0 Comments