Time Zones 🕠 🌏

18 වන සියවස මැදභාගයේ පටන් සන්නිවේදන,වාණිජ සහ නාවික ගමනා ගමන කටයුතු පදනම් කරගෙන සම්මත වේලාවන් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවක් මතු වෙලා තිබුණා. 

මං මේකේ ඉතිහාසය කියන්නේ නෑ ඒක සෑහෙන දිග අනවශ්‍ය විස්තරයක් නිසා.

ඒ අනුව අද වෙනකොට ප්‍රධානව භූ ගෝලීය වශයෙන් සම්මත කාල කලාප (Standard Time Zones) 24 ක් බෙදලා තියෙනවා.

මේක බෙදලා තියෙන්නේ දවසකට පැය 24 ලැබෙන විදියට. සෑම කාල කලාපයකටම අංශක 15° ක ලැබිලා තියෙනවා.

එදා මේකට reference point එක විදියට ගත්තේ උත්තර ධ්‍රැවයේ සිට එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා දක්ෂිණ ධ්‍රැවයට යන අංශක 0° Prime Meridian දේශංස රේඛාව. මේකට අංශක 180° එහා පැත්තෙන් Ante Meridian එක පිහිටලා තියෙනවා.

අංශක 0°  දේශංශයට අපට ග්‍රිනිච් මාධ්‍යන රේඛාව ලෙස හඳුන්වනවා.

පෘතුවිය භ්‍රමණය වෙන්නේ බටහිර සිට නැගෙනහිර දිශාවට. 

මේ නිසා  0° ඉඳන් දේශාංශ 15° ගානේ වැඩි වෙන විදියට පැය එක ගානේ වැඩි වෙනවා නැගෙනහිර දිශාවට යද්දී.

දේශාංශ 0° ඉඳන් බටහිර දෙසට අංශක 15° ගානේ යද්දී පැය එක ගානේ අඩු වෙනවා.

Time Zone සහ Greenwich Meridian  සහ International Date Line

අද වෙනකොට GMT විදියට මේක භාවිතා කරන්නේ නෑ. GMT බොහෝ වෙලාවට සූර්යාගේ පිහිටීම වගේ සංසිද්ධි පදනම් කරගෙන කාලය adjust කරන්නේ.

අද වෙනකොට ඊට වඩා ඉතා නිරවද්‍ය පරමාණුක ඔරලෝසු (Atomic Clock) භාවිතයෙන් ඉතා නිරවද්‍ය ලෙස වේලාව ගණනය කරනවා.

මේ නිසා GMT වෙනුවට අද භාවිතා කරන්නේ UTC නොහොත් Coordinated Universal Time.

හරියටම දේශාංශ 0° රේඛාව UTC +0 කියලා සලකනවා. කලින් කිව්ව වගේ අංශක 15° ගානේ වැඩි වෙද්දී පැය එක ගානේ වැඩි වෙලා UTC +1 , UTC +2 ආදී වශයෙන් එකතු වෙනවා. මේක අංශක බිංදුවෙන් එහා පැත්තේ බටහිර දෙසට යද්දී UTC-1, UTC -2 ආදී වශයෙන් යනවා.

හැබැයි ලංකාවට භාවිතා කරන IST (Indian Standard Time) වලදී UTC +5.30 සහ නේපාල් වලට UTC +5.45 භාවිතා කරනවා. මේකට විවිධ හේතු තියනවා සාමාන්‍ය දේශීය වශයෙන් සූර්යා මුදුන් වීම සහ භූ ගෝලීය වැනි කාරණා රාශියක් පදනම් කරගෙන අය UTC වලට සම්පූර්ණ පැයක් වෙනුවට මිනිත්තු 30 සහ 45 වශයෙන් එකතු කරලා තියෙනවා.

ඒ අනුව UTC -12 වල ඉඳන් UTC +14 වෙනකම් කලාප නිර්ණය කරලා තියෙනවා.

Greenwich Meridian Time (GMT) සහ Coordinated Universal Time (UTC) එක සමානයි කියලා පොදුවේ ගත්තට පොඩි වෙනසක් තියෙනවා.

UTC කාලය atomic clock වලින් ගණනය කරන නිසා GMT වලට adjust කරන්න නම් තප්පර දශම ගානක වෙනසක් කරන්න ඕන. මේක පොදු භාවිතාවට ලොකු බලපෑමක් නැති දෙකම එකක් කියලා ගත්තට ලොකු අව්ලක් නෑ.

ඊළඟ කාරණය තමයි එක් Time Zone එකකට ලැබෙන්නේ 15° ක් නම් විශාල රටවල් මේක මැනේජ් කරන්නේ කොහොම ද කියලා.

විශේෂයෙන් ඇමරිකාව,රුසියාව, බ්‍රසීලය වගේ රටවල් වලට Time Zone කිහිපයක් තියෙනවා.

නමුත් චීනය ගත්තාම රටේ විශාලත්වය බලද්දි Time Zone 5  කට හසු වුණත් ඒ ගොල්ලෝ එක Time Zone එකක් විදියට තමයි පරිපාලන කටයුතු වලට භාවිතා කරන්නේ.

 මේ නිසා ඇත්තටම චීනයේ කෙරවල් දෙකක ඉන්න පුද්ගලයෝ දෙන්නෙක්ට උදෑසන හිරු නැගීම සිදු වෙන්නේ අවස්ථාවන් දෙකකට.එක් කෙනෙක්ට පාන්දර 6 ට හිරු උදා වුණොත් අනිත් කෙනාට උදෑසන 8.30-9 ට වගේ හිරු උදා වෙන්නේ. නමුත් ඒ ගොල්ලෝ භාවිතා කරන්නේ අරහෙම එක් කාල කලාපයක්.

රුසියාවේ නම් කලාප 11 ක්, ඇමරිකාවේත් කලාප 5 ක් හෝ 6 ක් භාවිතා වෙනවා.

ඇමරිකාවේ Time Zones

ඒ වගේම Day Light Saving Time (DST)  කියලා තව වේලාව ගණනය කරන විදියක් තියෙනවා. මේක අපි වගේ සමකාසන්න රටවලට ලොකුවට අදාල නැති වුණාට විශේෂයෙන් ඍතු බේදය තදින් බලපාන රටවලට මේක භාවිතා කරනවා.

ඒ කියන්නේ දහවල් කාලය පැයක් වැඩියෙන් ලබා ගැනීම සඳහා ඒ ගොල්ලෝ මේ විශේෂිත සෘතු කාල වලදී සාමාන්‍ය UTC වෙලාවට එක පැයක් වැඩියෙන් එකතු කරනවා.

මේක රටින් රටට වෙනස් වෙනවා. වසන්ත සිට ගිම්හාන ඍතුව දක්වා තමයි මේක භාවිතා වෙන්නේ.

සාමාන්‍යයෙන් ස්පාඤඤයේ මාර්තු අන්තිම ඉරිදා ඉඳන් ඔක්තෝම්බර් අවසන් ඉරිදා වෙනකම් මේ DST කාලයට මාරු වෙනවා. ඊට පස්සේ නැවතත් ඒ කාලය ඉවර වුණාම අර වැඩි වෙච්ච පැය ආපසු UTC වෙලාවට අඩු කරලා සමපාත කරනවාකරනවා

ඒ වගේම UTC වලට ගන්න Prime Meridian එකට අංශක 180° ක් එහා පැත්තෙන් තියන ජාත්‍යන්තර දින රේඛාව (IDL- International Date Line)වැදගත් වෙනවා දවසක වෙනස නිර්ණය කරන්න.

මෙතනදි මේ IDL එක හරියටම අංශක 180° දේශංශය හරහා යන්නේ නෑ. මොකද එහෙම ගියොත් මේ හරහා තියන රටවල් වලට දින දෙකක් උදා වෙනවා. උදාහරණයට ඇලස්කාව හරහා ගියොත් ඇල්ස්කවට එහෙම දවසක වෙනස ලොකුවට බලපානවා.

මේ නිසා විවිධ කාල වලදී මේක දේශපාලන වශයෙන් මේ රේඛාව වෙනස් කරා. අද මෙහෙම සිග් සෑග් තිබුණට මීට කලින් සෑහෙන වක්‍රාකාර ලෙස මේක තිබුණා.(රූපය බලන්න)

ජාත්‍යන්තර දින රේඛාව

මෙතන තියෙනවා නවසීලන්තයට එහා පැත්තෙන් සැමෝවා සහ ඇමරිකන් සැමෝවා කියලා දූපත් රාජ්‍යයන් දෙකක්. මේ දෙක අතර මහා දුරක් නෑ. මිනිත්තු කිහිපයක දුරක් තියෙන්නේ. නමුත් මේ ජාත්‍යන්තර දින රේඛාව නිසා දූපත් දෙක අතර දවසක වෙනසක් හට ගන්නවා. මේක 2011 වගේ තමයි මේ විදියට ඔය දූපත් දෙක මැදින් යන්න රේඛාව ආයේ define කළේ. ඉස්සරහට ආයෙත් ඕන නම් වෙනස් කරන්න පුළුවන්.

අපි බලමු තවත් Time Zone එකයින් තවත් Time Zone එකකට කාලය convert කරන්නේ කොහොමද කියලා.

උදාහරණයට මම ගන්නේ UTC +1 ක් වෙන Central European Time (CET) Zone එක සහ අපේ UTC +5.30 වන Indian Time Zone (IST) එක.

අපි රටක් ගම්මු ස්පාඤඤය. මේක CET Zone එකට අදාල නිසා UTC+1 වලට අදාල වෙන්නේ. (ස්පාඥයේ කැනරි දූපත් වලට Western European Time (WET) zone එක අදාල වෙන්නේ)

ස්පාඥඥයේ වෙලාවට හවස 7 යි නම් ලංකාවේ වේලාවෙන් එය කීයද ?

මේකද මුලින්ම කරන්න ඕන මේ කාල කලාප දෙකේ වෙනස ගණනය කරන එක.

Spain UTC +1

Sri Lanka UTC +5.30

Difference = (+5.30) - (+1) = +4.30 

ඊළඟට කරන්න අපි ස්පාඤ්ඤයේ වෙලාවට මේ ගණන එකතු කරන එක.

ස්පාඤ්ඤයේ වෙලාව හවස 7 නම් පැය 4.30 ක් එකතු කළාම ලංකාවේ වේලාව රාත්‍රී 11.30 කියලා ලැබෙනවා.

මේකේ අව්ලක් තියෙනවා කියලා කලින් පැහැදිලි කළා. මොකද මේ ගොල්ලෝ Daylight Saving Time (DST) එකකුත් භාවිතා කරනවා. දැන් මැයි මාසය යන්නේ. ස්පාඥඥයේ හැටියට මාර්තු අවසන් ඉරිදා ඉඳන් ඔක්තෝබර් අවසන් ඉරිදා දක්වා UTC කාලයට එක පැයක් එකතු කරනවා. ඒ කියන්නේ CET අනුව +1 වුණු ස්පාඥ්ඥ වේලාව CEST +2 අනුව +2 වෙනවා. 

(CEST - Central European Summer Time )

මැයි මාසයට අදාලව වේලාව ගණනය කරද්දී අපි සලකන්නේ මෙහෙම.

Spain +2 CEST (DST)

Sri Lanka UTC+5.30

Difference = (+5.30)-(+2)= +3.30

දැන් හරිම වේලාව වෙනවා ස්පාඥ්ඥ රාත්‍රි 7 ට පැය 3.30 ක් එකතු කරාම ලංකාවේ වේලාව රාත්‍රී 10.30 කියලා එනවා.

අපි අංශක 15° ගානේ භූගෝලීය වශයෙන් Time Zone 24 කට බෙදලා තිබුණට මේක තවත් කලාප වශයෙන් බෙදද්දි Time Zone 38+ වැඩි ප්‍රමාණයක් තියෙනවා.

උපුටා ගන්නා ලදී...

Post a Comment

0 Comments