Authagraph World Map Projection 🌏📍


Mercator Projection

සාමාන්‍යයෙන් ලෝකය පුරා ඉතා ප්‍රසිද්ධ සහ බහුල වශයෙන් භාවිතා කරන්නේ Mercator ප්‍රක්ශේපන ලෝක සිතියම. ඒක හැමෝම දැකලා තියෙන එකක් නිසා මං රූපයක් දාලා නෑ. 1569 වගේ ඈත කාලයක තමයි මර්කේටර් ප්‍රක්ෂේපණය යොදාගෙන සිතියම් නිර්මාණය ආරම්භ වුණේ.

ප්‍රධාන වශයෙන් නාවික ගමනාගමන කටයුතු වලට යොදාගන්නෙ ඒ ප්‍රක්ෂේපිත ලෝක සිතියම. නමුත් එහි විශාලත්වය සංසන්දනය කරද්දී සෑහෙන වෙනස්කම් තියෙනවා. විශේෂයෙන් ධ්‍රවාසන්න වෙද්දී ඒ වෙනස ලොකුවට දැනෙනවා.

උදාහරණයට ග්‍රීන්ලන්ත දූපත අප්‍රිකානු මහද්වීපයට සමාන විශාලත්වයකින් තමයි Mercator projection එකෙන් දක්වන්නේ. හැබැයි සත්‍ය ලෙසම ග්‍රීන්ලන්ත දූපත අප්‍රිකානු මහද්වීපයට වඩා 14 ගුණයක් කුඩායි. 

ඒ වගේම ලංකාව කියන්නෙත් අපි හිතනවා වගේ කුඩා රටක් නෙමෙයි. Mercator projection එකෙන් දෙන ප්‍රමාණය සහ සැබෑ ප්‍රමාණය බලන්න පුළුවන් links ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා.

පෘථිවිය ගෝලාකාර හැඩයක් ගන්න නිසා කිසිම ප්‍රක්ෂේපණ ක්‍රමයකින් 100% ක් නිරවද්‍ය සිතියමක් අපට ගොඩනගන්න බැහැ.

අද වෙද්දී මෙවැනි ප්‍රක්ෂේපන ක්‍රම ගණනාවක් බිහි වෙලා තියෙනවා. එහෙම එකක් තමයි Authagraph Projection කියන්නේ.

1999 දී ජපන් ජාතික හජීමේ නරුකාවා විසින් තමයි Authagraph Projection එකෙන් ලෝක සිතියමක් නිර්මාණය කරේ.මෙතනදි අවධානය යොමු කරලා තියෙන්නේ අර Mercator projection වලදී වගේ විශාලත්වය නොගැලපෙන විදිය ඉතාම අවම කරලා සෑම රටක්ම එකිනෙකට නිරවද්‍ය පරිමාණයකට සිතියම් ගත කිරීම.

ගෝලය ත්‍රිකෝණ 96 කට බෙදලා එම ත්‍රිකෝණ වලින් චතුස්තල නිර්මාණය වෙන විදියට රටවල් ඇතුළත් කිරීමෙන් තමයි මේ සිතියම් ගත කිරීම කරලා තියෙන්නේ. මේක නැවත දිග අරිනකොට ඍජුකොණශ්‍රයක් විදියට ගන්න පුළුවන්.

රටවල් වල පරිමාණය අනුව එකිනෙකට ගැළපෙන දැනට තියෙන හොඳම සිතියම්ගත කිරීම තමයි Authagraph Projection කියන්නේ.

2016 වසරේදී  Japan Institute of Design Promotion වලින් පිරිනමන

Good Design Grand Award එකත් මේකට ලැබුණා.

පහළ තියෙන්නේ Authagraph Projection එකෙන් සිතියම් ගත කළ ලෝක සිතියම.



Post a Comment

0 Comments