විදුලි ආඳාගේ කතාව 🐟

 

මේ ලිපියෙන් කතා කරන්නේ අපි හැමෝම දන්න විදුලි ආඳාගේ විදුලිය නිපදවීම ගැන තමා... 

The story of the electric eel

☠️ විදුලි ආඳා කියලා කියන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, නමුත් මේ මාලුවාගේ මේ විදුලිය නිපදවෙන ක්‍රමය ගැන අදහසක් නැති අයට තමා මේ ලිපිය වැදගත් වෙන්නේ...☠️

🦍🦍 මේ විදුලිය නිපදවෙන ප්‍රමාණය අනුව මේ මසුන් කොටස් දෙකකට බෙදනවා.  

🙄 1. දුර්වල ලෙස විදුලිය නිපදවෙන මසුන් 

🏝️ මේ ඝනයට අයත් වෙන්නේ elephantnose කියන මාලුවා. මේ මාලුවගේ පිටුපස වරලේ තමා විදිල්‍ය නිපදවන අවයව පිහිටා තිබෙන්නේ. මේ අවයවය මගින් 1V පමණ ඉතාමත් කුඩා විදුලියක් නිපදවන්න පුලුවන් වගේම, මේ මත්සයා වටා මීටර් එකක් පමණ වපසරියක මේ විදුලිය පැතිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ මාලුවගේ හමේ තිබෙනවා electroreceptor සෛල වගයක්, මේ සෛල මගින් බාධකයේ ප්‍රමාණය, හැඩය සහ බාධකය තිබෙන ස්ථානයට අනුව පොට කරම විදුලිය ප්‍රමාණය වෙනස් කිරීමේ හැකියාවකුත් තිබෙනවා. මෙන්න මේ හැකියාවට කියන්නේ electrolocation කියලා. නමුත් මේ elephantnose මාලුවට තවත් මාලුවෙකු සමග සටන් කිරීමට තරම් විද්‍යුත් ශක්තියක් නොමැත. 

හරි දැන් අපි කතාවේ හොඳම කොටසට යමු 🤗

🙄2. ශක්තිමත් ලෙස විදුලිය නිපදවෙන මසුන් 

🏝️ මෙන්න මේ ඝනයට තමා අපේ මාතෘකාව උනු විදුලි ආඳාව අයත් වෙන්නේ. මේ ඝනයට මසුන් වර්ග තුන් දෙනෙක් අයිති වෙනවා. electric eels, electric catfishes සහ electric rays 

💥 (මම හිතන්නේ විදුලි ආඳාට කියන්නේ electric eels කියලා)



 මේ විදුලි ආඳාට කලින් කතා කරපු elephantnose මාලුවට වගේ විදුලිය නිපදවෙන එක එක අවයවක් විතරක් මෙවෙයි තියෙන්නේ, මෙයාට එකට තුනක්ම තියෙනවා. මේ අවයව තුන main organ, Hunter’s Organ and Sachs’ organ ලෙස තමා හඳුන්වන්නේ. 

🌟☠️ මේ මාලුවගේ විශේශතවය තමා කුඩා විදුලි ධාරවක් මගින් ඉහත සඳහන් කල electrolocation වැඩේටත්, විශාල විදුලි ධාරාවක් තමාගේ ආරක්ශාවට සහ දඩයම් කරගැනීමට යොදා ගැනීමයි. එම පිටවෙන විදුලිය 860V වගේ ඉතාමත් විශාල අගයක් වෙනවා. 

❗❗ (මිනිසෙකු මැරීම සඳහා ඕනාවටත් වඩා විදුලියක් මේ මාලුවගේ ඇගේ නිපදවෙනවා) 

main organ, Hunter’s Organ and Sachs’ organ මේ අවයව වල ඩිස්ක් හැඩැති සෛල වර්ගයක් පිහිටනවා (electrocyte). මේ සෛල පිටතින් ධන ආරෝපණ ලෙසත් ඇතුලතින් ඍණ ලෙසත් ආරෝපණය වෙලා තියෙන්නේ. මොළය විසින් යවන පණිවිඩය මගින් මෙලෙසට ධන, ඍණ ලෙස පවතින සෛල ඇතුලත සහ පිටත රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ සියලුම සෛල වල පිටත ඍණ ලෙසත්, ඇතුලත ධන ලෙසත් වෙනස් වීම සිදුවෙනවා. මෙන්න මේ සිදුවීම නිසා electrical current එකක් නිපදවීම සිදුවෙනවා. මෙය electrocyte සෛල සියල්ල තුල එක වරම තමා සිදුවෙන්නේ.හරියට නිකන් ජීවයක් තිබෙන ශ්‍රේණිගත ලෙස සවිකල බැටරි සෙට් එකක් වගේ තමා මෙය ක්‍රියා කරන්නේ. මේ නිසා මුලු වොල්ටීයතාව ඉහල අගයක් බවට පත්වීම සිදුවෙනවා. 


ඒවගේම විශේෂ දෙයක් වන්නේ මේ විදුලි ආඳා තමාගෙම විදුලියෙන් මිය නොයන්නේ මන්ද කියා හරිහැටි විස්තරයක් තවම සොයාගෙන නෑ. නමුත් විශ්වාස කරන ලෙස මේ සතුන්ගේ විදුලිය නිපදවෙන අවයව අනෙකුත් අවයව වලින් දුරින් පිහිටීමත්, ඉතාමත් කෙටි කාලයක් තුල විදුලිය ශරීරය තුල පැවතීමත් යන කරුණු නිසා එලෙස මේ මසුන් මිය නොවන බවට විශ්වාස කරනවා. 

💥 ඔන්න ඕකයි විදුලි ආඳාගේ කතාව 🐟

උපුටා ගන්නා ලදී..

Post a Comment

0 Comments