මහා බ්‍රිතාන්‍ය, එංගලන්තය හා එක්සත් රාජධානිය (UK) වචනවල පටලැවිල්ල..🤔

මෙකෙදි ප්‍රධාන වශයෙන් සමාන වගේ හැඟන නමුත් එකිනෙකට වෙනස් terms කිහිපයක් භාවිතා වෙනවා.

      - බ්‍රිතාන්‍ය දූපත් (British Isles)

      - මහා බ්‍රිතාන්‍ය (Great Britain)

      - එක්සත් රාජධානිය (United Kingdom/UK)

💢British Isles - බ්‍රිතාන්‍ය දූපත්...🌍

යුරෝපා ප්‍රධාන භූමියේ වයඹදිග වෙරළ තීරයෙන් ඔබ්බට පිහිටා තිබෙන දූපත් සංකීර්ණයට තමයි බ්‍රිතාන්‍ය දූපත් නැත්තම් British Isles කියලා හඳුන්වන්නේ.

බ්‍රිතාන්‍ය දූපත් (British Isles) වලට ප්‍රධාන දූපත් 2 ක් සහ තවත් කුඩා දූපත් ගණනාවක් අයිති වෙනවා. 

  • ප්‍රධාන දූපත් :- මහා බ්‍රිතාන්‍ය , අයර්ලන්තය                        
  • කුඩා දූපත්   :- මෑන් දූපත (Isle of Man),සිලි දූපත, ඕක්නි දූපත්,ශේට්ලන්ඩ් දූපත්,හිබ්‍රයිඩ්ස් දූපත්, චැනල් දූපත්....etc

British Isles නැත්නම් බ්‍රිතාන්‍ය දූපත් කියන යෙදුම ප්‍රධාන වශයෙන් භූගෝලීය යෙදුමක්.හැබැයි මේකට දේශපාලනික අගයකුත් නැත්තේමත් නෑ.

💢Ireland - අයර්ලන්තය 

අයර්ලන්තය කියන්නේ බ්‍රිතාන්‍ය දූපත් සමූහයේ දෙවන විශාලතම දූපත. මේ අයර්ලන්තය තවත් රටවල් 2 කට වෙන් වෙනවා. ඒ තමයි:

                      - උතුරු අයර්ලන්තය (Northern Ireland)

                      - අයර්ලන්ත ජනරජය (Republic Of Ireland)

උතුරු අයර්ලන්තයේ අගනුවර වෙන්නේ බෙල්ෆාස්ට් අගනගරය සහ අයර්ලන්ත ජනරජය ලෙස හැඳින්වෙන දකුණු කොටසේ අගනගරය වෙන්නේ ඩබ්ලින් අගනුවර. 

එතකොට සාමාන්‍යයෙන් අයිරිෂ් ජාතිකයන් කියලා හඳුනාගන්න පිරිස ඇතුළත් වෙන්නේ ඩබ්ලින් අගනගරය කරගත් දකුණින් පිහිටි Republic Of Ireland හි ජීවත් වන වැසියන්ට.සාමාන්‍යයෙන් අයර්ලන්තය කියලා කියන්නෙත් මේ Republic Of Ireland වලට.හැබැයි ඓතිහාසික වශයෙන් උතුරු අයර්ලන්තයේත් අයිරිෂ් ජාතිකයෝ ඉන්නවා.

1949 ඉඳන් Republic Of Ireland (අයර්ලන්ත ජනරජය) බ්‍රිතාන්‍ය රජ පවුල විසින් පාලනය කරන්නේ නෑ.

💢Great Britain - මහා බ්‍රිතාන්‍ය 🇬🇧

මහා බ්‍රිතාන්‍ය කියන්නේ බ්‍රිතාන්‍ය දූපත් සමූහයේ තියන විශාලතම දූපත. මේ දූපත වෙන් වෙන්ව පිහිටි  රටවල් 3 කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

                       - එංගලන්ත (England)

                       - ස්කොට්ලන්තය ( Scotland)

                       - වේල්සය (Wales)

එංගලන්තයේ අගනගරය වෙන්නේ ලන්ඩන් නුවර. වේල්සයේ අගනගරය වෙන්නේ කාඩිෆ් නුවර. ස්කොට්ලන්තයේ අගනගරය වෙන්නේ එඩින්බර්ග් නුවර.

මහා බ්‍රිතාන්‍ය (Great Britain) වචනය භූගෝලීය වශයෙන් යොදාගන්න වචනයක් පමණයි. කලින් කිව්ව වගේම ලෝකය තුල භාවිතා වෙද්දී යම් දේශපාලනික අගයක් නැතිවම නෙමෙයි.

💢United Kingdom - එක්සත් රාජධානිය (UK) 

එක්සත් රාජධානිය නැත්නම් United Kingdom (UK) කියන්නේ සම්පූර්ණ වශයෙන් දේශපාලනික වචනයක්. මේකට රටවල් 4 ක් අයිති වෙනවා. 

කලින් කිව්ව අයර්ලන්තයේ රටවල් දෙකක් තියෙනවා කියලා. ඒකෙන් එක්සත් රාජධානිය කියලා හඳුන්වන පෙදෙසට අයිති වෙන්නේ බෙල්ෆාස්ට් අගනගරය කරගත් උතුරු අයර්ලන්තය පමණයි.

එක්සත් රාජධානියට අයත් රටවල් 4:

                    - එංගලන්තය (England)

                    - ස්කොට්ලන්තය (Scotland)

                    - වේල්සය (Wales)

                    - උතුරු අයර්ලන්තය (Northern Ireland)

එක්සත් රාජධානියේ සම්පූර්ණ නම වෙන්නේ United Kingdom Of Great Britain And Northern Ireland.

ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍ය + උතුරු අයර්ලන්තයට තමයි එක්සත් රාජධානිය කියලා හඳුන්වන්නේ.

එක්සත් රාජධානිය කියන දේශපාලන ඒකකය නිර්මාණය වෙලා  තියෙන්නේ එකිනෙකට වෙනස් නීති පද්ධති සහ පාලන ඒකක ඇතුළත් උතුරු අයර්ලන්තය,එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය කියන පරිපාලන  රටවල් 4 එකතු වෙලා කියලා පැහැදිලි ඇති.

:::::::::::::::::::::::::::::::::::::::::::::

කොහොම වුණත් එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්ත සහ අයර්ලන්ත ජනරජය කියන රටවල් 5 ටම එකිනෙකට වෙනස් සංස්කෘතින්, උරුමයන්,ආගම් සහ භාෂා වෙනස්කම් වගේ  එකිනෙකට වෙනස් අංග ලක්ෂණ රාශියක් තියෙනවා.

මං මේ වචන සහ පාලන ඒකක වල අර්ථ දක්වල තියෙන්නේ මේ මොහොත වෙනකොට මේ රාජ්‍යයන් වල දේශපාලනික පිහිටීම මත. මොකද මීට අවුරුදු 200 කට කලින් මේ ව්‍යවහුය වෙනස්.

සරලව කිව්වොත් 1922 දී තමයි අයර්ලන්ත ජනරජය (Republic Of Ireland), එක්සත් රාජධානිය කියන දේශපාලන ඒකකයෙන් වෙන්වෙන්නේ.

ඒ වගේම අවුරුදු 800 කට කලින් ඉඳන් ආපු යුද්ධ කිහිපයක් තමයි ස්කොට්ලන්ත යුද්ධ නැත්තනම් Scottish Wars කියන්නේ.මේවා සිද්ධ වුණේ ප්‍රධාන වශයෙන් එංගලන්තය එක්ක.

ස්කොට්ලන්තය, එක්සත් රාධානිය කියන දේශපාලන ඒකකයට අදාළ වුණාට ඒකෙන් අයින් වෙන්න ඕන කියලා මතයක් ගොඩ නැගිලා තිබුණා.ඒ අනුව 2014 දී මේ සඳහා ජනමතවිචාරණයක් තිබුණා. කෙසේ නමුත් 55 % ක් විතර පිරිසක් කියා සිටියේ තවදුරටත් එක්සත් රාධානියෙහි කොටසක් විදියට ස්කොට්ලන්තය පැවතිය යුතුයි කියලා.

ඒ වගේම සැලකිය යුතු පිරිසක් ස්කොට්ලන්තය එක්සත් රාජධානියට අයිතියි කියලා කියන්නවත් කැමති නැති පිරිසකුත් ඉන්නවා.

ඒ නිසා ඉදිරි අනාගතයක මේවා වෙනස් වෙන් පුළුවන්.

පහළ තියෙන රූපයෙන් එංගලන්තය, මහා බ්‍රිතාන්‍ය සහ එක්සත් රාධානිය කියන කොටස් වල වෙනස ගැන සරල අදහසක් ගන්න උදව්වක් වෙයි

Post a Comment

0 Comments