එමලිගේ යාතිකාව💀

එදා 1952 සැප්තැම්බර් මස 21 වෙනිදා. Josef Michel ටයි , Anna Michel ටයි ගොඩක් සතුටු දවසක්. මොකද එයාල කසාද බැඳලා මුල්ම දියණිය මෙලොව එළිය දකින්නෙ එදා. ඇය නමින් Annelise Michel. ආදරේට කියන්නේ එමලි.... එමලි රෝස්.

පොඩි කාලේ ඉදන්ම ඉතා කරුණාවන්ත, ආගමට ලැදි දැරියක්. ඇගේ සත්ව කරුණාව කොච්චරද කියනවනං බල්ලෙක්, පූසෙක් පාරෙ හිටියත් අරගෙන ඇවිත් ඇතිකන්න ඇය පුරුදු වෙලා හිටියා. කොටින්ම ගෙදර සාමාජිකයන්ට වඩා සත්තු ගෙදර හිටියා.

ඒ විතරක් නෙවෙයි ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. 

කාලය කෙමෙන් ගෙවීගෙන යනවා...

ඇගේ එකම හීනය උනේ ගුරුවරියක් වෙන එක. නොසිතූ මොහොතක ගෙදරට එන ලියුමෙහි සදහන් උනේ ඇය විශ්වවිද්‍යාලය සදහා තේරී ඇති බවය. ලියුම රැගෙන ඇය කෙලින්ම දිව ගියේ දෙමාපියන්ට මේ බව සැල කරන්නයි.

" මොකක්ද දුවේ ඔය?"

"අම්මම බලන්නකෝ"

"මේකද ඔයාගේ හීනය දුවේ. ඔයා අපෙන් ඈතට යාවී."

"මම ඉක්මනට එනවා අම්මේ. ඒකට කමක් නෑ. මම හොඳින් ඉන්නම්"

මුලදී මව අකමැති උනත් තම දියණියගේ එකම සිහිනය සැබෑ වීමට මගක් නිසා පසුව කැමති වෙනවා.  දෙදෙනාගේම ආශිර්වාදය මැද ඇය දුර බැහැර විශ්ව විද්‍යාලය කරා යන්නෙ  ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගැනීමටය.

ලියුම් මගින් ඇය දෙමාපියන් සමඟ තොරතුරු හුවමාරු කරගන්නවා. ඇගේ නවතම නැටුම් පිලිබඳව, 

දෙමාපියනුත් ඇගේ සුවදුක් විමසමින් නිතරම ලියුම් යවනවා. නව යොවුන් වියේ රූමත් තරුණියක් නිසා ජේසන් කියල පිරිමි ලමයකුගෙන් ආදරයකුත් හම්බවෙනවා.

කාලය කෙමෙන් ගෙවීගෙන යනවා.

 එක් දිනක් ,

පාන්දර 4 ට විතර ඇගේ මවට ඇමතුමක් ලැබෙනවා. ඒ එමලි බවට හදුනාගැනීමට මවට වැඩි වේලාවක් ගත නොවුණි. විශ්වවිද්‍යාලයේ ගෙවන දුරකතනයකින් තමයි ඇය කතා කරල තියෙන්නෙ.

පාලනය කර ගත නොහැකි නොසන්සුන්තාවයකින් ඇය කතා කරයි. 

" එමලි.." " එමලි.."

ඇය පිලිතුරු දෙන්නේ නැත.ඉකි ගසමින් හඩයි. ඇය කුමක්දෝ කියන්න උත්සාහ කරයි.නමුත් වචන පිටවෙන්නේ නැත.ඇය කුමකට හෝ තදින් බය වී ඇති බව මව තේරුම් ගන්නවා.

දුරකතනය විසන්ධි වෙන්නේ මේ අතරතුරය. 

මේ සිදුවීම නිසා දෙමාපියනුත් හොදටම බය වෙලා. එමලිට මොකක්ද උනේ කියලා දැනගන්න ඔවුන් උත්සාහ කරනවා.

එදිනම රාත්‍රියේ එමලි විශ්වවිද්‍යාලයෙන් හදිසියේම නිවස බලා පිටත් වෙනවා. ඒ පොත් බෑග් මොකුත් නැතුව රාත්‍රී ඇදුම පිටින්.

නිවසට පැමිණ රෑ සිදුවූ සිදුවීම මවට හඩමින්,ගොත ගසමින් විස්තර කරන්නේ මේ විදියටය.

"මගෙ කාමරෙ හිටපු අනෙත් යාලුවත් ගෙදර ගියා. සති අන්තෙ මම ගොඩක් පාලුවෙන් හිටියෙ. ඊයෙ මම එලාම් එක තියල නිදාගත්තේ. ඒත් ඊට කලින් මට ඇහැරුනා.

මට ආව මොකක්ද පිච්චෙන ගදක්, ගින්නක් කියල බයවුන නිසා මම ගියා පොඩ්ඩක් බලන්න.

මට මොකුත් හම්බ උනෙ නෑ. මම දැක්කා ප්‍රධාන දොර ඇරලා තියෙනවා.මම ඒක ලොක් කරලා කාමරෙට ආවා. නිදාගෙන ඉන්නකොට බඩු කිහිපයක් වැටෙන සද්දෙකට මාව ආයෙ ඇහැරුනා. මම ටිකක් වෙලා ඇහැරිල බලාගෙන හිටියා. මටත් නොදැනිම මට නින්ද ගිහින්"

ඉන්පසුව ඇය කියා සිටියේ අමුතු කතාවක්

" මාව ආයෙ ඇහැරුනේ මගෙ හුස්ම හිරවෙනකොට. මොකක්ද මාව හිර කරගෙන හිටියා. මම බේරෙන්න උත්සාහ කලා. 

මේ තමයි ඇයගේ මුල්ම සිහිය ගිලිහී යන අවස්ථාව. මේ කතාව මෙතනින් ඉවරයි.

මේ සිදුවීම වෙලා මාස 11 කට පසුව නැවතත් 1969 අගෝස්තු වල එමලි මේ වගේ තවත්  සිදුවීමකට මුහුණ දෙනවා.

දෙමාපියන් වහාම එමලිව ලගම රෝහල්  dr. works ගාවට අරගෙන යනවා. එයා එමලිගෙ මොලයේ EEG පරික්ෂණයක් පවා කරනවා. හැබැයි ඔහුට එමලිගේ කිසිම අවුලක් හොයාගන්න බැරි වෙනවා.

එමසිදුවීමෙන් දින කිහිපයකට පසු නැවතත් එමලි මෙවැනි සිදුවීමකට මුහුණ දෙනවා. දෙමාපියන් දැනගන්නවා මෙහි වර්ධනයක් සිදු වන බව. වහාම එමලිව ස්නායු විසේසඥ Dr. Luthy ගාවට අරගෙන යනවා. ඔහුටත් එමලිගේ කිසිම අවුලක් හොයාගන්න බැරි වෙනවා.

ඉතිං එන අවුරුදු තුන ඇතුළත මෙවැනි සිදුවීම් කිහිපයකට ඇය මුහුණ දෙනවා. දොස්තරවරු දෙන්නම ඇයට වලිප්පුවට යොදා ගන්නා ඖෂධයක් වන Dilantin නිර්දේශ කරනවා. මෙවරත් EEG පරීක්ෂණ කරනවා. ඒත් කිසිම අවුලක් හොයාගන්න හම්බවෙන්නේ නෑ. වෛද්‍යවරු මේ ඖෂධය නිර්දේශ කලෙත් කිසිම රෝග ලක්ෂණයක් සොයාගන්නෙ නැතුව.

1973 මාර්තු වල මේ තත්වය තවත් දරුණු වෙනවා. 

එමලිගේ කාමරෙ දොරට කවුරු හරි තට්ටු කරන ශබ්දයක් එමලිටත් එයාගෙ නැගණිය වන Martha Michel ටත් ඇහිල තියෙනවා.

කාමරයෙ එමලි තනි වන අවස්ථාවල " අපායටම පලයන්" වැනි වචන නිතරම වගේ ඇයගේ කාමරය දෙසින් ඇසෙන්න පටන් ගන්නවා. 

දිනක් එමලි මරිය තුමියගේ පිළිමයක් දෙක හරිම දේවේෂයකින් බලන් ඉන්න අවස්ථාවක් මව දකිනවා. ඒ අවස්ථාවේ ඇගේ ඇස් දෙක තද කලු පැහැයට හැරී තිබෙන අවස්ථාව දැක මව කෑගහන්න පටන් ගන්නවා. එවිට එමලි ක්ලාන්ත වී බිම ඇද වැටෙනවා.

1973 සැප්තැම්බර් වල එමලිව නැවතත් Dr luthy ගාවට අරගෙන යනවා. එවිට ඇය කියා සිටිනවා තමන්ට යක්ෂයාගේ මුහුණ මැවී පේන බවත්, යක්ෂයා තමන් තුළ සිටින බව දැනෙනවා කියලත්.

ඇය ලගින් නිතරම පිලිස්සූ මලපහ සුවදක් හැමෝටම දැනෙන්න පටන් ගන්නවා.

මේ දොස්තරවරුන්ගෙන් වැඩක් නැති බව දැනගත් ඇගේ දෙමාපියන් ඇයව 1973 නොවැම්බර් මනෝ චිකිත්සකවරයෙක් ලගට අරගෙන යනවා. ඔහු කියනවා එමලිට අපස්මාරය වගේ එකක් තියෙනවා කියලා. ඔහු කලිං නිර්දේශ කලාටත් වැඩිය දරුණු ඖෂධයක් වන chloropromacaine ඇයට නිර්දේශ කරනවා. මේ ඖෂධය යොදාගන්නෙ භින්නෝන්මාදය, බාධාකාරී හැසිරීම,මායාවන්ට ඇතුලුවීම නැවැත්වීමට.

1975 ජූලි වල මේ තත්වය තවත් දරුණු වෙන්න ගන්නෙ කවුරුත් බිය ගන්වමින්.


මුලින්ම ඇයට කුමක් හෝ අමනුෂ්‍ය බලපෑමක් ඇති බව දැනගන්නෙ පල්ලියේ nun කෙනෙක්. ශුද්ධ රූපදෙස නොබැලීම, ශූද්ධ ජලය පානය නොකිරීම,ඉසින විටදී බය වී වෙව්ලීම නිසා. මේ පිලිබඳව ඇය සදහන් කරෙ අධිකරණයේදී. 

අධිකරණ සීන් එක අවසානයේදී බලමු.

☠ඇය ️ ආහාර වෙනුවට හූනන්, කැරපොත්තන්, මැස්සන්, මකුලුවන් ආහාරයට ගන්න පටන් ගන්නවා.

☠ මුත්‍රා කර එය ලෙව කැමට පටන් ගන්නවා.

☠නිදි මරාගෙන කාටදෝ යාඥා කරන්න පටන් ගන්නවා.

☠ඇය ගෙදර තිබුණු කුරුස, ශූද්ධ වූ වස්තූ විනාශ කරන්න පටන් ගන්නවා.

☠ ආහාර නොගැනීම නිසා ඇගේ බර 30kg දක්වා අඩු වෙනවා. නමුත් ඇයගේ ශක්තිය අධික ලෙස වර්ධනය වෙන්න ගන්නවා. දිනක් තම නැගණියව තනි අතින් වීසී කරන්නේ බෝනික්කෙක් වීසි කරන්නාක් මෙනි. ඇපල් ගෙඩි තනි අතින් මිරිකා පොඩි කර දමයි.

☠ මේසයක් යටට වී සුනඛයෙකු සේ කෑ ගසයි.

දිනක් නිවසට පැමිනෙනවා rodrik කියල පියතුමෙක්. ඔහු ඇවිත් පරික්ෂා කර ඇයට මේ බව නොකියා දෙමාපියන්ට සැල කරනවා ඇයව කවුරුන් හෝ ආරූඪ කරගෙන සිටින බව.

වහාම exorcism (පලවා හැරීමක්) කල යුතු බව ඔහු දෙමාපියන්ට පවසනවා. 

තම දියණිය කෙසේ හෝ සුව කරගත යුතු නිසා දෙමාපියන් මෙයට කැමති වෙනවා.

මේ සදහා වතිකානුවේන් අවසර ලබාගෙන ඔවුන් දිනයක් වෙන් කර ගන්නවා.

ඒ 1975 සැප්තැම්බර් 24 වෙනිදා. Exorcism එක කරන්නේ Arnold renz පියතුමා. එයට සහය දක්වන්නේ Ernst alt පියතුමා.

තවත් විශේෂ සිදුවීමක් වෙනවා. Renz පියතුමා මේ සියල්ල වීඩියෝ කිරීම සදහා camara, sound recorder අරගෙන එනවා. එදා උන සියලුම සිදුවීම් ඔබට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හා ඇසීමට පුළුවන්. හඩ පට 42 ක් තියෙනවා.

 සංවේදී අය නැරඹන්න එපා කියල මතක් කරනවා. 

ඇයි ඔහු එහෙම කලේ. මින් පෙර කළ කිසිදු පලවා හැරීමේ ක්‍රියාවලදී ඔහු විඩීයෝ කරල නෑ.

1. එමලිව බේරගන්න බැරි වන බව ඔහු කලින්ම දැන සිටියාද?

2. ඇය මේකෙන් මිය ගියහොත් මේ වීඩීයෝ ඔහුට මරණ චෝදනාවලින් නිදහස් වීමට හැකි බව ඔහු සිතුවාද?

3. නැත්නම් කවදාවත් නොකරපු දෙයක් එදා කරන්න ගියාද?

වගේ ප්‍රශ්නාර්ථ කිහිපයක් අපට ඉතුරු වෙනවා.

Exorcism එක පටන් ගන්නවා. මෙහිදී ඇසුනු ප්‍රශ්න කිහිපයක් විස්තර කරන්නම්.

1.

Father renz -: මේ ශරීරයෙන් ඉවත් වෙයං.

Annelise -: මට බෑ.(ආගන්තුක කටහඩකින්, පරුෂ වචනයෙන් බැන වදිමින්.)

2. 

Father renz-: උබ කවුද?

Annelise -: I am...  judas Iscariot, Nero , Cain , Hitler, Valentene  Fleischmanm, Lucifer

මෙතනදි ආරූඪ වූ යක්ෂයා පස්වෙනි නම විදියට පවසන්නේ Valentene  Fleischmanm කියල. තවත් ප්‍රශ්ණ වලදී යක්ෂයා ඔහුගේ සේරම තොරතුරු father renz වෙත ලබා දෙනවා. ඉතිං Valentene  Fleischmanm කියන්නේ පියතුමෙක්. 1550 දී විතර පල්ලියේ දී නුසුදුසු හැසිරීමක් නිසා පල්ලියෙන් පිටුවහල් කරපු කෙනෙක්. Renz පියතුමා මේ ගැන දන්නවා. ඒත් එමලිට මේ Fleischmanm පියතුමා ගැන දැනගන්න කොහොමටවත් විදියක් නෑ. මොකද ඒ වැලලී ගිය අතීත කතාවක්. Renz පියතුමා මේක අහල පුදුම වෙනවා.

 ඔයාලට අවස්ථාව තියෙනවා මේ සම්පූර්ණ කොටස් වලට සවන් දෙන්න.

1976 මැයි වෙද්දී මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙනවා. එමලි තමන්වත් තම ලග ඉන්න අයව හපා කන්න පටන් ගන්නවා.

ඒවගේම තමන්ගේ ඔලුව බිත්තියෙ ගහගෙන තමන්ටම තුවාල කර ගත්තා. 

තව ලොකු අවුලක් තමයි ඇය ආහාර අනුභව කලේ නෑ. තමන්ට කන්න අවසර නැති බව තමයි ඇය කියල තිබුණෙ. මේ නිසා ඇගේ බර තවත් අඩුවී මැලවී ගිය ස්වරූපයක් දක්නට ලැබෙනවා. ඒත් ඇගේ අර සුපිරි ශක්තිය නං අඩු උනේ නෑ. ඇය ලග හිටපු අයව හපා කන්න පනිද්දී ඇයව ලනු වලින් ගැටගැසීමට අල්ල ගන්න තරම් වත් වටේ හිටපු අයට ශක්තියක් තිබුනෙ නෑ.

ඉතිං කෑම නොකා ඇයට මේ ශක්තිය කොහෙන්ද? අප කාටත් ප්‍රෙහෙළිකාවක්.

1976 ජූලි වෙද්දී කෑම නොකා ඇගේ මුලු මුහුනම ඇදිල ගිහින්. ගරීරය කේඩෑරි වී ගිහින්.

1976 ජූනි 30 කරපු exorcism එකකින් ඇගේ මුවින් වාක්‍ය දෙකක් පිටවෙනවා. 

මුල්ම එක කියන්නේ father renz ට 

"Beg for absolution" " මේක අවසන් කරන්න" යනුවෙන්.

අනෙක ඇගේ  මව වන Anna Michel ට මෙසේ පවසනවා. "Mother.. i'm afraid"

" අම්මේ,  මට බයයි" යනුවෙන්.

පහුවෙනිදා ඒ කියන්නේ 1976 ජූලි 1 වෙනිදා 

එමලි අපෙන් සමුගෙන ගිහින්. Exorcism 67 කට පස්සේ එමලි මේ විදියට මිය යනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සදහන් උනේ කුසගින්න සහ විජලනය නිසා ඇය මිය ගිය බව.

භූමදාන කටයුතු සිදු කිරීමෙන් පසු අවුරුදු දෙකකට පසු එනම් 1978 පෙබරවාරි 25 ඇය වෙනුවෙන් හිටපු පූජිකාවක් කියනවා ඇය මරණින් පස්සෙත් විදවන බවට. කිසියම් හේතුවක් නිසා පසුදිනම ඇයව ගොඩ ගන්නවා. පෙට්ටිය විවෘත කල විට හැමෝම පුදුම වෙනවා. හිස කොටස දෙපා ආසන්නයේ, අත පය තැන නැන විසිරී ගිහින්.

සම්පූර්ණ ශරීරයම හතරට පහට කැඩිල.

වහාම ඇයව මිහිදන් කරනවා. ඒ තම මානසික බලයෙන් රෝගීන් සුවපත් කරපු පූජීකාවක් උන illegitimate sister Martha ගේ සොහොන් කොත ආසන්නයේ.

ඔන්න දැං නීතිය ක්‍රියාත්මක වෙනවා එමලිගේ මරණය සම්බන්ධව.

ෆාදර්ස්ල, දෙමාපියන්, උදව් කරපු අය, වෛද්‍යවරු , යහලු යෙහෙලියන්, ඇගේ ආදරවන්තයා, ගුරුවරු, සේරම අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා.

වැරදිකරුවන් වූ දෙමාපියන් සහ ෆාදර්ලට දඩුවම් දිය යුතු බව අධිකරණ තීරණය විය. 

දෙමාපියන් ආරක්ෂා කලේ එරික් ෂමිට් ලීච්නර් විසිනි. දෙමාපියන් අධික ලෙස දුක්විඳ ඇති බැවින් ඔවුන් නඩුවෙන් ඉවත් කිරීමට අධිකරණය කටයුතු කලා. නමුත් ෆාදර්ස්ලට මාස 6 ක් සිර දඬුවමක් (පසුව අත් හිටවන ලදී) සහ අවුරුදු 3ක පරිවාස කාලයක් ලබාදුන්නා.

අදවන විට ඇගේ සොහොන වන්දනා ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.

💀මේ සිදුවීමෙන් අවුරුදු 25 කට විතර පස්සෙ මුලින්ම සිනමාවට එන්නෙ exorcism of Emily rose (2005) කියන චිත්‍රපටය. උසාවියේ නඩු විභාගය සමග අතීත මතකාවර්ජනය ලෙස තමයි චිත්‍රපටය දිව යන්නෙ. 97% විතර චිත්‍රපටය සම්පූර්ණයෙන්ම සිදුවූ ඇත්ත කතාව. චිත්‍රපටයේ ඇනලීසී/ එමලිගේ චරිතයට පණ පොවන්නේ Jennifer carpenter.   ඇය වීඩියෝ සහ ඕඩියෝ වල අයුරින් එමලිව නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ මහ පුදුමාකාර විදියට. Horror චිත්‍රපටයක මම දැකපු විශීෂ්ට රංගනයක්. 

💀මීලඟට ජර්මනියේ නිකුත් වෙනවා requrium (2006) චිත්‍රපටය . පොඩ්ඩක් සැර බාල කරල හැමෝටම බලන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරල තියෙනවා. Drama එකක් විදියට කතාව අපට දිගහැරෙනවා.

💀මීලග චිත්‍රපටය වෙන්නෙ Anneliese: The Exorcist Tapes(2011) චිත්‍රපටය.Paranormal Entity චිත්‍රපට පෙලේ තෙවන චිත්‍රපටය විදියට මුණගැහෙන්නෙ මේ චිත්‍රපටය.

පිලිවෙලට ගතහොත්.

+ aranormal Entity (2009)

+ 8213: Gacy House (2010)

+ Anneliese: The Exorcist Tapes(2011) 🔥

+ 100 Ghost Street: The Return of Richard Speck (2012)

චිත්‍රපට පෙල කිසිම සම්බන්ධයක් නෑ. ඔයාලට ඕන නං එමලිගේ චිත්‍රපටය වන තුන්වන එක කෙලින්ම බලන්න පුළුවන්.

තවත් ප්‍රශ්න හා පිලිතුරු.

1. Exorcism of Emily rose (2005) චිත්‍රපටය හදන්න එමලිගෙ අම්මා තොරතුරු ලබා දුන්නද?

නෑ. "I don't want to see the film and I don't know Anything about it"

" මට චිත්‍රපටය නරඹන්න අවශ්‍ය නෑ. මම ඒ ගැන කිසි දෙයක් දන්නෑ'කියල තිබුන. 

පස්සෙ කාලෙක ඇය මෙහෙමත් කියල තිබුන.

"I know that we did the right thing because I saw the sign of Crist in her hands. She was bearing stigmata and that was a sign from God that we should exorcise the demons. She died to save other lost souls to atone for their sins" ( Anna Michel 2005)

"ක්ස්තුස්ගේ සලකුණ ඇගේ අතේ තිබුණ නිසා නිවැරදි දේ කල බව මම දනිමි. ඇය අපකීර්තියට පත්ව සිටි අතර එය භූතයන් දුරු කල යුතු බවට දෙවියන් වහන්සේගෙන් ලද ලකුණකි. ඇය මිය ගියේ වෙනත් නැතිවූ ආත්මයන් බේරා ගැනීමටත්, ඔවුන්ගේ පව් වලට සමාව ලබා ගැනීමටත්ය." 

2. Exorcism of Emily rose (2005) චිත්‍රපටයේ පෙන්වන විදියට ලගින්ම ඩොක්ටර් කෙනෙක් හිටියද?

නෑ.

3. එමලි ආගමට ලැදියිද?

ඔව් ගොඩක්ම හැදී වැඩී තිබුනෙ පල්ලිය සමගයි. එමලිගේ පවුලේ ගොඩක් අය ෆාදර්ස්ල සහ නන්ල වෙනවා. පල්ලියෙ ප්‍රධාන ගීතිකා කණ්ඩායමේ නායිකාව තමයි එමලි.සත්ව කරුණාව උපරිමයෙන් තිබුන ධර්මානුකූල තරුණියක්.


4. Exorcism of Emily rose (2005) චිත්‍රපටයේ සේ අවට පරිසරය විකෘති වී එමලිට පෙනුනද?

ඔව් චිත්‍රපටයට වඩා දරුණු ලෙස පෙනුනු බව සදහන් වෙනවා.

5. Exorcism of Emily rose (2005) චිත්‍රපටය රූගත කිරීම් අතරතුර අද්භූත සිදුවීම් උනාද?

ඔව්. කාර්ය මණ්ඩලයේ සහ නලු නිලියකගේ එලාම් ඔරලෝසු එකම වෙලාවක නැවතී තිබුනා. පසුව සේරම එලම් ඔරලෝසු කාමර වලින් ඉවත් කරනවා.

ඔන්න ඕක තමයි අකාලයේ මිලින ඌ රූමත් එමලි රෝස්ගේ කතාව. චිත්‍රපටය තුන තාම බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම බලන්න කියල මතක් කරනවා. Renz පියතුමා වීඩියෝ කල වීඩියෝ දර්ශන සහ හඩපට බලන්න, අසන්න කියල මතක් කරල මම සමුගන්නවා ☠

❌❌❌පහත දර්ශන සංවේදී අය නැරඹීමෙන් වළකින්න.(නැරඹීම සදහා පහත ලින්ක් ක්ලික් කරන්න) ❌❌❌


උපුටා ගන්නා ලදී...මුල් අයිතිය කතෲ සතුයි..

Post a Comment

0 Comments