You don't need more time, You need more FOCUS

ඉතාම මෑතකදී ඉඳලා මට තේරුම් ගිය දෙයක් තමයි, අපිට වැඩ කරන්න වැඩිපුරම ඕනි කාලය නෙමෙයි අවධානය කියන දේ. මොකද කියනවා නම් අපිට දවසකට ලැබෙන පැය 24 උපරිමයටම පාවිච්චි කරලා තත්පරයක්වත් නාස්ති කරලා නැත්නම් විතරයි අපිට පුලුවන් අපිට වෙලාව නෑ කියන නිදහසට කාරණාව ඉදිරිපත් කරන්න.

එහෙට මෙහෙට වෙවී, phone එක එහාට මෙහාට උඩට පහළට scroll කර කර, එහෙම නැත්නම් කම්මැලිකමට බකන් නිලාගෙන, එහෙමත් නැත්නම් ඔහේ බලාගත්ත අත බලාගෙන ලත වෙවී දවස පුරා ගෙවලා දාන කාලය මොන තරම්ද කියලා හිතලා බැලුවද? ඇයි අපි එහෙම තාවර වෙවී ඉන්නෙ කියලා හිතුනද... 😊🤗

ඒකට හේතුව අපිට හරිහමන් focus එකක් නැති කම

අපි නොදැනුවත්ව ම මේ විදියට අපි අතින් කාලය නාස්ති වෙන්න හේතුව තමයි අපිට අපි යන්න ඕන pathඑක ගැන අපි කරන්න ඕන වැඩ කොටස ගැන හරි අවධානයක් නැතිකම.

හිතමු ඔයා රැකියාවකට යන කෙනෙක් කියලා. එතනදි ඔයාට දවස පුරා වෙන් වෙච්ච රාජකාරි පේළියක් තියෙනවා එකක් ඉවර වෙද්දී එකක්. උදාහරණයකට ගමුකෝ ඔයාගෙ නිවාඩු දවසක්. අන්න නිවාඩු දවසම ඔයා කිසිම ප්‍රයෝජනවත් දෙයක් නොකර ඔහේ ගෙදර එහාට මෙහාට වෙවී ඉදලා ගෙවිලා ගියාම හවස් වෙද්දි දැනෙන.... මුස්පේන්තු හැඟීම දැනිලා තියෙනවා ද. කිසි දෙයක් නොකරම නිවාඩු දවසම නාස්ති වුණා කියලා හෙන upset හැඟීමක් දැනෙනවනෙ. අන්න ඒවගේම දෙයක් තමයි මේකත්. නිවාඩු දවසක් කියන්නෙ ඔයාට ඕනි තරම් වෙලාව තියන දවසක්. හැබැයි නිසි focus එකක් අවධානයක් නැතිව ගෙවලා දැම්මොත් නිවාඩු දවසක් වුනත් වැඩකටම නැති දෙයක්.

ඉස්සර රෑ එළි වෙනකල් වැඩ කරපු මම ඒ කාලෙ කළාට වඩා දැන් වැඩ කරන ගමන්ම නිදාගන්නත් වෙලාව හොයා ගන්නවා. ඒකෙ රහස තමයි ටිකෙන් ටික focus එක වැඩි දියුණු කරගැනීම. උදෙන්ම කරන්න පොඩි challenges ටිකක් දීල තියෙන්නේ. Habit tracker එකකට ඒ ටික දාගෙන ඒකෙන් කිහිපයක් ඉවර කරලා ✅ දාලම පටන්ගත්තම උදෙන්ම දවසේ ඉතිරි වැඩවලට අවශ්‍ය focus එක ඉබේම ගොඩ නැගෙනවා. පොඩි පොඩි task ටිකක් හදාගන්න. ඔයාට මග හරින්න හිතෙන්නෙ නැති ඉක්මනින් කරලා ඉවර කරන්න පුලුවන් දේවල් ටිකක් මේ list එකට දාගත්තම ලොකු ආයාසයකින් තොරව මේ ටික කරගන්න පුලුවන්. ඔයාටම පොඩි rule එකක් දාගන්න ඒ දෙක තුන ඉවර වෙනකල් phone එක අල්ලන්නේ නෑ කියලා. එතකොට ඔයාගෙ focus එක දවසෙ අත්‍යාවශ්‍ය දේවල්වලට තියා ගන්න පහසුයි.

මේ වගේ චූටි challenges කිහිපයක් කියන්නම්කො උදාහරණ විදියට:

1. වතුර වීදුරුවක් බොන එක

2. විනාඩි දහයක් පොඩි mental relax වෙන දෙයක් කරන එක (affirmations අහන්න පුලුවන්, subliminal එකක් play කරන්න පුලුවන්, ඔයා ආසම songs playlist එකක් play කරන්න පුලුවන්, guided meditation එකක් කරන්න පුලුවන්)

3. කැමති පොතකින් පිටු පහක් කියවන එක.

4. Journal එකක් ලිවීම. (පොතක ලියන්න පුලුවන්, app එකක ලියන්න පුලුවන්, එහෙම නැත්නම් මම මේ ලියනවා වගේ FB post එකක් ලියන්නත් පුලුවන්...)

5. දවසේ කරන්න තියෙන වැඩ ටික පොඩි note එකක් දාගන්න එක.

දැන් ඔයාට හිතට ආව දේ මම ටක්කෙටම කියන්නද 🙈😂. "තියෙන වැඩ ටිකවත් කරගන්න වෙලාව මදි වෙලා ඉද්දී තව මේවා කරන්න වෙලාව කොහෙද?" ඔයා හිතුවෙ ඒක නේද 🤗😁. ඒකනෙ කියන්නේ... මට හිත් කියවන්නත් පුලුවන්. ඔය කියලා තියෙන දේවල් ටික කරන්න උපරිම විනාඩි 30ක් යයි. හැබැයි ඒකෙන් ඔයාට දැනෙන්නෙ ඔයා task කිහිපයක්ම ඉවර කළා කියන තෘප්තිමත් හැඟීම. Task එකින් එක ඉවර කරගෙන යන්න ඔයාගෙ mentality එක එතකොට set වෙනවා. දවස පුරාම තියන මේ හැඟීම එක්ක focus එක එක්ක ඔයාගෙ productivity සහ efficiency වැඩි වෙනවා. කිසිම focus එකක් නැතුව අරමුණක් නැතුව වැඩ කරන්න ගිහින් ඔහේ හිත හිත නාස්ති කරගන්න කාලයත් එක්ක බැලුවම ඒ විනාඩි 30 හරිම පොඩි ප්‍රමාණයක් කියලා ඔයාටම පෙනෙයි. ඒ නිසා විනාඩි 30ක් ඔයාගෙ දවසේ focus එක හදාගන්න වැය කරන එක නම් කොහෙත්ම අපරාධයක් නෙවෙයි.

ඉස්සර මම දවස පුරාම මන්තරයක් වගේ මැතිරුවා මේ තියෙන වැඩ ටික කරගන්න මට දවස මදි කියලා. මගේ යාලුවො නම් දන්නවා මොකක් හරි දෙයක් මට යෝජනා කරපු ගමන් අනිත් පැත්තට ඇහෙන ජනප්‍රිය උත්තරය තමයි "ඕවා කරන්න කොහේ තියන වෙලාවද මචන්".

ඒත් හිතලා බැලුවම අපිට වඩා දවසකදි ලොකු වැඩ ප්‍රමාණයක් කරන අය නැද්ද... ඉන්නවා නේද. එතකොට මොකක්ද එයාලගේ රහස 😊. එයාලගේ දවස් අපිට වඩා දිගයිද 🧐🙄එයාලට අපිට වඩා වැඩිපුර පැය ගණනක් ලැබිලා ද.. නෑ නෙ.. එයාලට තියෙන්නෙත් අපිට තියන පැය ගණනම තමයි දවසට. හැබැයි එයාලගෙ රහස තමයි focus එක. මෙන්න මේ focus එක දියුණු කරගත්තම අඩු ආයාසයකින් ඉක්මනින් වැඩ ටික කෙරෙනවා. එතකොට දවසේ පැය 24 balance කරගන්න පුලුවන්. වැඩියෙන්ම වැඩ කරන කෙනාටයි කම්මැලියාටයි දෙන්නටම තියෙන්නේ පැය 24යි. කරන වැඩ ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන සාධකය තමයි focus එක.

ඉතින් දැන් පටන් ගමු.

ලියා ගන්න අද දවසේ task list එක. පටන්ගන්න කෙළවරක ඉඳල.

දවස අන්තිමේදි ඔයා කරපු වැඩ කන්දරාවට ඔයාටම reward එකක් දෙන්න අමතක කරන්න එපා 😘😍🥰

ඔයාල හැමෝටම ලස්සන productive දවසක් ප්‍රාර්ථනා කරනවා ❤️

Copied from Thamari Ranatunga Jayasekara

Post a Comment

0 Comments