85 Millions Jobs AI වලින් Replace වෙනවද? ඔයා මේ Transition එකට ලෑස්තිද?


World Economic Forum එකට අනුව 85 Millions Jobs AI වලින් Replace වෙයි කියලා Forecast කරලා තියෙනවා.

PWC එක Estimate කරලා තියෙනවා ලෝකේ 30% Jobs AI වලින් Replace වෙයි කියලා.

Goldman Sachs එක කියන්නේ 300 Million Jobs වලට AI වලින් Effect එකක් ඒවී කියලා.

ඔයා මේ Transition එකට ලෑස්තිද?

McKinsey Institute එකට අනුව 14% Work Force එකට එක්කෝ Job එක Change කරන්න වෙනවා, නැතිනම් වෙන මොකක් හරි දෙයක් කරන්න වෙනවා Survive වෙන්න. Digitization, Robotic, Artificial Intelligence, Automation වගේ දේවල් නිසා 14% Job Market එක වෙනස් වෙන්න නියමිතයි.

Gender වශයෙන් ගත්තම AI Advancement වල වැඩිම Effect එක තියෙන්නේ ගැහැණු පාර්ශවයට. ඒ 21%. පිරිමි පාර්ශවයට තියෙන Risk එක 17%.

ඔයාලා හිතන්නේ ගොඩාක් ඉගෙන ගනිපු අයටද නැති අයටද මේකේ ලොකුම බලපෑම තියෙන්නේ?

අඩුවෙන් ඉගෙන ගනිපු අයට වෙන්න ඇති නේද?

නෑ. 27% බලපෑමක් Bachelor Degree වල ඉඳන් උඩට බලපෑමක් තියෙනවා. High School වලට වඩා අඩු අයට තියෙන බලපෑම 3%.

මේකට හේතුව විදිහට මම දකින්නේ ගොඩක් වෙලාවට මේ High School Level එකෙන් වගේ ඉගෙනීම නතර කරපු ගොඩක් දෙනා කරන්නේ දෑතේ රැකියා වීම. එයාලව AI වලින් දැනට Replace කරන්න අමාරුයි.

එතකොට මොන වගේ Jobs ද ගොඩක් Risk එකේ තියෙන්නේ?

  • Customer Service Representative
  • Receptionist
  • Accountant And Bookkeepers
  • Salespeople
  • Research & Analysis
  • Warehouse Works
  • Insurance Underwriting
  • Retail

මෙහෙම බැලුවම ඔක්කොම වගේ Automate වෙයි වගේ නේ?

😂

මොනවද AI වලින් Replace කරන්න අමාරු Jobs?

  • Teachers
  • Lawyers And Judges
  • Directors, Managers & CEOs
  • HR Managers
  • Psychologist & Psychiatrist
  • Surgeons
  • Computer System Analyst
  • Artist & Writers

මේවල සමහර ඒවා එක්ක මට එකඟ වෙන්න බෑ නමුත් ඉතින් Report එකේ තියෙන්නේ මෙහෙම. එක Level එකක් වෙනකන් මේ දේවලුත් Automate කරන්න පුලුවන්. 

දැන් අහන්නෙපා කොහොමද Writer ලට Effect එකක් නැත්තේ කියලා. මන් හිතන්නේ මෙතන කියන්නේ Original Writers ල ගැන. ඔය Novel එහෙම ලියන අය.

එතකොට මොන වගේ Skills ද ඉස්සරහට Demand?

  • Creative Thinking
  • Analytical Thinking
  • AI And Big Data
  • Systematic Thinking
  • Talent Management

මේ වගේ Skills වලට Demand එකක් ඒවි.

කොහොමද මේ AI Revolution එකෙන් ගැලවිලා බේරිලා ඉන්නේ?

හැම දේම Leverage Guys. ඔයා Table එකට ගේන Leverage එක මොකක්ද? ඇයි Company එකක් ඔයාව Retain කරන්න ඕන? කරන වැඩේ සුපිරියට කරන දවසින් දවස Improve වෙන කෙනෙක් වෙන්න තමා ඕන. කොහොමද එහෙම වෙන්නේ?

Constant Learning

නිතරම ඉගෙන ගන්න. අලුත් දේවල් අත්හදා බලන්න.

Soft Skills

ඔයාගේ Soft Skills Improve කරගන්න.

Be Agile

ඕනම දේකට Adopt වෙන්න Ready වෙලා ඉන්න.

Anticipate

නිතරම ඔයාගේ Industry එක තව අවුරුදු දහයකින්, විස්සකින් කොහේ තියේවිද කියලා හිතලා බලන්න. Future එකට අදම Ready වෙන්න. එතකොට ඔයාට Competitive Advantage එකක් ගන්න පුලුවන්.

Job එකට අමතරව අද ඉඳලාවත් Side Hustle එකක් පටන් ගන්න ඔයාට හිතෙනවානම් ඔයාගේ ජොබ් එකත් Risk එකේ තියෙන්නේ කියලා.

ලංකාවේ අයටනම් ටිකක් හරි සහනයක් තියේවී. මොකද ලංකාවේ බහුතරයක් Companies තාම Use කරන්නේ Windows XP නේ. ඒ වගේ අයට මොන AI Advancement ද.

😂

ලංකාවේ Companies, Technology Adopt කරගන්නේ හරිම හෙමින්. අපි දාපු Proposal එහෙම නිකන්ම කුනු කූඩෙට වැටුන වාර අනන්තයි අප්‍රමාණයි සමහර Company වලට.

Update //

This Is Just The Beginning. Million 85ක් වෙන්නෙ 2025 වෙනකොට. Goldman Sachs Bank Predict කරන විදියට 2030 වෙනකොට Million 900 Jobs Replace වෙනවා. වැඩිපුර මේක බලපාන්නෙ ආසියානු අයට. So දැන්ම Ready වෙන්න.

Comment From - Sam Bandara

Post a Comment

0 Comments