කෘතීම බුද්ධියක් එක්ක එකතු වෙලා හදපු පරිඝනක වෛරසය

අහල තියනවද black mamba ගැන? 

සමහර විට මේ වෙනකොට වෙන කොට ඔයාලා එක black mamba කෙනෙක් ගැන අහල ඇති. ඒ උග්‍ර විෂ තියෙන සර්ප විශේෂයක්.

හැබැයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්ලැක් මම්බා කියන සර්පයා ගැන නම් නෙවෙයි. මම කතා කරන්නෙ මුල්ම වරට කෘතීම බුද්ධියක් එක්ක එකතු වෙලා හදපු පරිඝනක වෛරසය ගැන.

HAYS ආයතනයේ ජෙෆ් සිම්ස් කියන පරිගණක ආරක්ෂන විශේෂඥයා ChatGPT උදව් කරගෙන මුල්ම වතාවට තමන්ගේ හැඩය වෙනස් කර ගන්න පුළුවන් විදියට, එහෙමත් නැතිනම් තමන් විසින් ම තමන්ව ප්‍රතිනිර්මාණය කර ගන්න පුළුවන් විදියට පරිගණක වැඩසටහනක් හදනවා (ඇත්තෙන්ම මේක කී ලොගර් එකක්; ඒ කියන්නෙ ටයිප් කරන දේවල් එකතු කරලා ප්‍රහාරකයාට ලබාදෙන වර්ගයේ මෘදුකාංගයක්.) අන්න ඒ වැඩසටහන පරිගණක ආරක්ෂණ ක්ෂේත්රයේ ලොකු බලපෑමක් මේ වෙනකොට ඇති කරලා තියෙනවා. හේතුව තමයි මේ වැඩසටහන තමන් විසින්ම තමන්ව ප්‍රතිනිර්මාණය කර ගන්න නිසා මේක අඳුර ගන්න තියෙන අපහසුතාවය. 

සාමාන්‍යයෙන් මේ වගේ අනිෂ්ඨ මෘදුකාංගයක් එහෙමත් නැත්තම් මැල්වෙයාර් එකක් හඳුනාගන්නේ පරිගණකයේ තියෙන antivirus මෘදුකාංගය හරහා. නමුත් බොහෝ වෙලාවට ආයතන වල මේ සඳහා EDR හෝ XDR වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා. මේ මෘදුකාංග දෙකේ කාර්යය තමයි යම්කිසි වූ තර්ජනයක් (මැල්වෙයා එකක්) කලින් හඳුනා ගතහොත් ඒ සඳහා වන ප්‍රතික්‍රියා මාර්ග automatically තනියම ගන්න තියෙන හැකියාව. නමුත් ඒ සඳහා "තර්ජනය කලින් හඳුනාගැනීම" අවශ්‍ය වෙනවා. මේ කලින් හඳුනාගැනීම සිද්ධ කරන්නේ මේ මදුකාංගවල තියෙන කේත වල ඇඟිලි සලකුණ එහෙමත් නැත්නම් ඒ කේත වල වර්ගීකරණයෙන් වගේ කියලා අපට සරළවම හඳුන්වන්න පුළුවන්. නමුත් නිතරම සිය හැඩය වෙනස් කරගන්න මේ වගේ කෘතිම බුද්ධිය භාවිතා කරන වැඩසටහන් මේ ක්‍රමවේදය හරහා හඳුනාගන්න එක කරන්න බැහැ. 

ඒ වැඩේ වෙන්නෙ මෙහෙමයි. මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම වැඩසටහන කරන්නේ ChatGPT හරහා අලුත්ම කේත ප්‍රමාණයක් ලබාගන්න එක. ඊට පස්සේ ලබා ගත්ත කේතය හරහා මේ වැඩසටහන නැවත වතාවක් තමන් විසින්ම තමන්ව ප්‍රතිනිර්මාණය කර ගන්නවා, ඒ කියන්නේ කියන්නෙ තමන්ගෙ තියෙන අනිෂ්ට ක්‍රියාමාර්ග සේරම අලුත් කේතයට අනුගත කරනවා. ඒක හරියටම ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ එන T1000 රොබෝව වගේ. එතකොට මේ වැඩසටහනට නිශ්චිත හැඩයක් නෑ.

අන්න ඒ නිසා මේ වෙනකොට පරිගණක ආරක්ෂක ක්ෂේත්‍රයේ මේ ගැන ලොකු කතාබහක් අලුතෙන්ම නිර්මාණය වෙලා තියෙනවා. සාම්ප්‍රදායික පද්ධති ආරක්ෂක ක්‍රමවේද මේ වගේ අලුත් අභියෝගයක් හමුවේ සෑහෙන දුරකට අඩපන වූ නිසාම මේ වසර ඇතුලේ ඒ ක්‍රමවේද වල ලොකු වෙනස්කම් වෙයි කියලා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. බොහෝවිටම ඒවාගේ හඳුනාගැනීම් ක්‍රමවේද කෘතිම බුද්ධිය හා සහසම්බන්ධව මේ කාර්‍යය ඉෂ්ඨ කරාවිය කියන එකත්, ChatGPT වගේ කෘතීම බුද්ධියක් මුදාහරිනකොට එහි ක්‍රියාකාරකම් පාලනයත් මේ වසරේ අවධානයට යොමුවෙන කරුණු අතර තිබෙනු ඇතැයි අපි සිතනවා.

Yoshika Kehelpannala Facebook Page

Post a Comment

0 Comments