අඩුවෙන්ම ඉර පායන කොහොනාවල ගම☘️🎋🌿

අපි අද කතා කරන්න යන්නේ අපේ රටේ අඩුවෙන්ම ඉරපායන ගම ගැන...කොහොනාවල ගම්මානයේ ගැමියන් හිරු එළිය දකින්නේ දිනකට පැය හයක් කීවොත් එය නිවැරදියි...ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන මඩොල්සිම ග්‍රාම නිලධාරී වසමේ මේ අතිදුෂ්කර ගම්මානය කොහොනාවෙල කිව්වොත් නිවැරදී...මේ ගමට අපේ ඉතිහාසයකට ද නෑකම් කියනවා... 1815දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සැඟව සිටීමට ආ කිහිප දෙනකුගෙන් කොහොනාවෙල ගමේ ආරම්භය සිදු වී ඇති බවට ඉතිහාස කතාවල සඳහන්ව තිබෙනවා..අද වන විට ගම්මානයේ පවුල් පනස්පහක් පමණ ගොවිතැනින් ජීවත් වෙනවා..

යහන්ගල, ගල්උල්ල, හයින්දම්මාගල සහ වියන්ගල යන කඳු පන්ති අතර බෑවුමක තමා මේ ගම්මානය පිහිටා තියෙන්නේ...මඩොල්සිම ප්‍රදේශයේ සිට ළිඳකට බසින්නාක් මෙන් කිලෝමීටර නවයක් ගලින් ගලට පනිමින් අවදානම් ගමනකින් ගමට යා යුතුව ඇත...නැතිනම් කහටරුප්ප ප්‍රදේශයේ සිට කිලෝමීටර අටක දුරක් ගැල් කරත්තයකට පවා යෑමට නොහැකි අබලන් වූ පාරකින් ගමට පැමිණිය යුතුයි...අපිට මේ ගම ලස්සන සුන්දර වුනාට ගමේ මිනිස්සුන්ට නම් එහෙම නෑ...කොතරම් දුෂ්කරතා තිබුණත් ගම ඉතාම සුන්දරයි. 

ඇත්තටම ගමට ඉර පායන්නේ උදේ 9ට කිව්වොත් හරි...කොහොනාවෙල ගමට පාසලක් තියෙනවා... හැබැයි පාසලේ ළමයි ඉන්නේ හතයි. ගුරුවරුත් හතක් ඉන්නවා. පාසලේ පන්ති පහ වසරින් ඉවරයි. ළමයි ටික දෙනෙක් මඩොල්සිමට සහ ගල්උල්ල පාසලටත් කහටරුප්ප පාසලටත් යනවා. ළමයි ගෙදරින් යන්නේ උදේ 4.30ට. පාසලට යද්දී 7.30 වෙනවා. නැවත ගෙදරට එද්දී සවස 5.00 වෙනවා කියලයි දැනගන්න ලැබුනේ...

ඒ වගේම ගමේ ජීවත් වෙන්නේ එකම පරම්පරාවක ඥතීන් පිරිසක්. ගොවිතැන හැරුණාම වෙන කරන්නම දෙයක් නෑ, කෙසෙල්, උක්, පුවක්, කුරුඳු ගමේ වගා කරනවා. කඳු, බෑවුම් ප්‍රදේශ නිසා වගා කරන්නත් තැනක් නෑ. ගමේ නිෂ්පාදන තවලම් පිටින් හෝ කර මතින් ගමෙන් පිටතට ගෙන යෑමත් ඉතා අසීරුයි.

"සමහර නිලධාරීන් ගමට එන්නෙත් නෑ. ලියුම් ගන්න මඩොල්සිමට යා යුතුයි. ලෙඩ්ඩු රෝහලට අරන් යන්නේ ලීයක බැඳගෙන. ගමට මඩොල්සිම පැත්තෙන් පාරක් තිබුණට ඒ පාරේ ගැල් පිටින්වත් යන්න බෑ. 

"ගමේ පන්සලක් කියලා තිබුණට එතන හාමුදුරුවෝ කෙනෙක් නෑ. දහම්පාසලක් නෑ. පෝයකටවත් පන්සල් ගියාට හාමුදුරුවෝ නෑ. මළ ගෙයකට, පාංශුකූලයකට වඩම්මවන්න හාමුදුරුවෝ කෙනෙක් නෑ. නිලධාරීන් ගමට වැඩියම එන්නේ ගමේ සුන්දරත්වය බලා යන්න විතරයි කියලයි ගමේ අය කියන්නේ..

මේ ගම ගැනත් අදාළ බලදාරීන් බලලා මිනිදුන්ට උදව් කරොත් හොදයි.. හමේ සුන්දරත්වයට හානියක් නොකර මේ මිනිසුන්ට ජීවත්වෙන්න මාර්ගයක් හදලා දෙන්න... Travel යන ඔයාලත් මේ වගේ ගමකට ගිහින් ඒ සුන්දරත්වය විදලා මේ ජනතාවට උදව් කරන්න අමතක කරන්න එපා...


-Travel for Education ෆේස්බුක් පිටුව-

Post a Comment

0 Comments