Elon Musk හදුන්වාදෙන නවතම මානවරූපී රොබෝව - Optimus

ලොව ජනප්‍රිය විදුලි මෝටර් රථ මාදිලියක් වන Tesla හි නිර්මාතෘවරයා වන සුප්‍රසිද්ධ ව්‍යවාසයක එලෝන් මස්ක් පසුගියදා සිය නවතම් ඉදිරිපත් කිර්ම ලෙස Optimus නමින් මානවරූපී රොබෝවක මූලාකෘත්‍රියක් හඳුන්වාදුන් බව විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහිදී පැවැති Tesla Al Day 2022 අවස්ථාවේදී මෙම නවතම හඳුන්වාදීම් සිදුව තිබේ.

Optimus ලෙස නම් කර ඇති මෙම මානවරූපී රොබෝව වඩාත් නවීනතම කෘත්‍රිම බුද්ධි (Al – Artificial Intelligence) තාක්ෂණයෙන් යුක්ත නිර්මාණයක් බව පැවසෙයි. එසේම මෙම රොබෝව සතුව ස්වයංක්‍රීය මෝටර් රථ ධාවන හැකියාවන්ගෙන්ද සමන්විතය.

විශේෂයෙන්ම Tesla සමාගමේ පර්යේෂණ අංශය විසින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන රොබෝ සහ විදුලි මෝටර් රථ තාක්ෂණය සම්බන්ධයෙන් සිදුකර ඇති අධ්‍යයනයන්ගේ නවතම් සාර්ථකත්වය විදහා දැක්වීම් වෙනුවෙන් මස්ක් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තිබෙන බව තාක්ෂණික විචාරකයන්ගේ අදහස වී තිබේ. දැනට මාස අටකට පමණ පෙරාතුව ඔවුන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

මෙහිදී Optimus රොබෝව Tesla Al Day 2022 වේදිකාවේ එහා මෙහා ඇවිදිමින්, පැමිණ සිටි පිරිසට ආචාර කරමින් ඔවුන් පුදුමයටත්, අමන්දානන්දයටත් පත්කළ බව සඳහන් වෙයි. කෙසේ වෙතත් තවමත් මෙම මුලකෘත්‍රිය මූලික මට්ටමේ පවතින්නක් වීම හේතුවෙන් එය වඩාත් සංකීර්ණ රොබෝවක් ලෙස ජනතාව අතට ඒම සිදු විය. එහෙත් කිසිදු ආධාරයක් නොමැතිව රොබෝව වේදිකාවක් මත ඇවිදීම සිදුකළේ එම දිනයේදී බව පවසා ඇති මස්ක්, එය Tesla ලැබූ යග්‍රහණයක් බවත් පවසා තිබේ.

මෙම රොබෝව සතුව ඇති ස්වයං-ධාවන මෘදුකාංගය මෙන්ම රොබෝවේ දෘඩාංගද නර්මාණය කර ඇත්තේ Tesla හි කෘත්‍රිම බුද්ධි පර්යේෂණ අංශය මගිනි. මානවයන් හා සමාන රොබෝවරුන් ලෝකය වෙනස් කළ හැකිය යන මික්ගේ දැක්ම යටතේ මෙම රොබෝව නිර්මාණය කෙරේ තිබේ.

මස්ක් සඳහන් කරන ආකාරයට මෙම අවස්ථාවේදී සජීවීව සිදුකළ කාර්යයන්වලට අමතරව තවත් බොහෝ දේ මෙම රොබෝව හට සිදුකළ හැකිය. ඒ අනුව ඉදිරියේදී වඩාත් දියුණු කෙරෙන මෙම Optimus රොබෝව තමන් Tesla සමාගම් සඳහා සේවයේ යොදවා ගන්නා බවත් මස්ක් පවසා තිබේ.

“දැනට ලෝකයේ තියෙන මානවරුපී රොබෝවන්ට මොළයක් නැහැ. ඒවාට බැහැ බුද්ධිමත්ම තමන්ගේ දිශාව තෝරාගන්න. නමුත් මේ Optimus රොබෝව මෙතෙක් වෙනත් සමාගම් හෝ පර්යේෂකයන් නිපදවූ මානවරූපී රොබෝවලට වඩා බුද්ධිමත්බවින් ඉහළයි.” යනුවෙන් මස්ක් සඳහන් කර ඇත.

මේ අතර ඉදිරියේදී Optimus රොබෝ මිලියන ගණනින් නිෂ්පාදනයත් මීල්ස්ගේ අදහස වී තිබේ. එසේම තවත් වසර තුනත් පහත් අතර කාලයකදී එය වෙළෙඳ පොළට නිකුත් කිර්මත් සැලසුම් වී තිබේ. එහිදී එක් රොබෝවක් සිය Tesla විදුලි මෝටර් රථයකට වඩා මිල අඩුවනු ඇති බවත්, බොහෝ දුරට එය ඩොලර් 20,000ක් වැනි මිලක් ගනු ඇති බවත් ඔහු පවසයි.

Tesla සමාගම මෙම අවස්ථාවේදී ප්‍රසිද්ධියට පත් කළ වීඩියෝවක් තුළ Optimus රොබෝව සිය පූර්ණ ස්වයං ධාවන Tesla රථයක් පැද යන ආකාරය, භාණ්ඩ රැගත් පෙට්ටි එක් තැනකින් තවත් තැනකට රැගෙන යන ආකාරය, යන්ත්‍රයක් වෙත යකඩ බාර් ඇතුළු කිරීම වැනි ක්‍රියාකාරකම් ඇතුළත්ව තිබේ.

මෙම කටයුතු වඩාත් දක්ෂලෙස සිදු කිරීමට පහසුවන ලෙස Optimus රොබෝව සතුව මිනිසෙකු හා සමානවම ඇඟිලි හතරක් සහ මහපට ඇඟිල්ලක් ඇත. මෙම රොබෝවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 72ක් වන අතර, එහි 2.3kWh ක ධාර්තාවකින් යුත්බැටරියක් සවි කර තිබේ.

අතර මස්ක් ප්‍රථමවරට හඳුන්වාදුන් මෙම මානවරූපී රොබෝව අනාගතයේදී වඩාත් සාර්ථක මානවරූපී රොබෝවක් බවට පත්වනු ඇතැයි විශ්වාස කළ හැකි බවද තාක්ෂණික විශේෂඥයන්ගේ අදහස වී තිබේ. එහිදී විශේෂයෙන්ම අනාගතයේදී නිවෙස් සඳහා අවශ්‍ය මිනිසුන් හා සමාන රොබෝ තාක්ෂණයක් දියුණු කිරීම සඳහා මස්ක් යොමුවනු ඇතැයි සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙලෙස මානවරූපී රොබෝ තාක්ෂණයක් සංවර්ධනය වෙනුවෙන් යොමු වූ පළමු වැනි මෝටර් රථ නිෂ්පාදන සමාගම් Tesla නොවෙයි. මීට පෙර ප්පානයේ Honda සමාගම Asimoනමින් මානව රූපී රොබෝවක් හඳුන්වාදුන් අතර, දකුණු කොරියාවේ Hyundai සමාගමත් 2021 දී මානවරූපී සහ සතෙකුගේ පෙනුමම්ගත් රොබෝ හඳුන්වාදුනි. එසේම Ford සමාගමත් පාද දෙකක් සහ අත් දෙකක් සහිත රොබෝවක් නිර්මාණය කර තිබේ.

ලිපිය- අද පත්තරය

Post a Comment

0 Comments