චියැං මායි හි අවතාර පඹයා- Chiang Rai ghostly Scarecrow

මෙය පිටසක්වල ජීවී සිදුවීමක් ලෙස සැලකේ.වර්ෂ 2005 දී තායිලන්තයේ චියැං රායි ප්‍රදේශයේ ගොවි ගම්මානයක් ආශ්‍රිතව වාර්තා විය.

බැංකොක් නගරයේ සිට සැතපුම් 488 ක් උතුරින් කොක්(kok) ගංගා ද්‍රෝණියේ පිහිටි චියැං රායි පළාත තුළ තායිලන්තයේ ප්‍රසිද්ධ සංචාරක ආර්ථික මර්මස්ථානයක් වූ මියන්මාරය,ලාඕසය සහ තායිලන්ත දේශසීමා වෙන්වන රන් ත්‍රිකෝණය (Golden Traingle ) පිහිටා තිබෙනවා.

පෙරකී අත්භූත සත්ත්වයාගේ දර්ශනය සිදුවන්නේ පළාතේ කුඩා ගොවි ගම්මානයක් වූ හුඒ නාම් රාක් (Huay Nam Rak)ගම්මානය තුළයි.

චියැංරායි අත්භූත පඹයාගේ හැඩරුව


මෙම පිටසක්වල ජීවී සත්ත්වයා හට කහ පැහැ සමක් ඇති බව පැවසෙනවා.ඒ වගේම කුඩා අත් නොමැති සිරුරක් සහ උල්වූ පාද පිහිටා තිබෙනවා.

වාර්තාවන්හී දැක්වෙන්නේ මෙම ජීවියා හට අවකාශයේ පාවෙමින් ගමන් කිරිමේ හැකියාව තිබූ බවයි.ඒ වගේම හිස චලනය කරමින් මිනිසුන් සමග සන්නිවේදනයේ යෙදීමටද උත්සහ දරා ඇති බවද පැවසේ.

මෙම සත්ත්වයා හට විශාල රතු පැහැ ඇස් සහ කුඩා මුඛයක් පිහිටා ඇති බව පැවසේ.ඒ වගේම සාක්ෂිකරුවන් පවසන්නේ මොහුට විශාල හිසක් සහ විශාල ඇස් ඇති බවයි.

දර්ශනය වීම්

සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්

2005 අගෝස්තු 31 වන දින උදෑසන 69 හැවිරිදි ගොවියෙකු වූ ටී.කිට්කන්ග්බෝන් හට අයත් කෙත්වතු සහ පැගිරි වගා බිමක් පිහිටි කදු ගැටයකට ඉහළින් අත්භූත රූපී කහ පැහැ මිනිස් සිරුරක් වැනි යමක් සැරිසරනු දුටු බව හුඒ නාම් රාක් ගම්මානයේ පදිංචිකරුවන් දසදෙනෙකු පමණ ප්‍රකාශ කරනු ලැබුවා.

මෙම අත්භූත සිද්ධිය පළමුව ඇසින් දුටු පුද්ගලයා වූවේ 51 හැවිරිදි සවන්ග් බුනරට්චාසාක් නැමැත්තා වන අතර ඔහු කියා සිටියේ එදින උදෑසන 8.00-8.30 ත් අතර කාලය තුළ ඔහු තම පා පැදියෙන් කුඹුරු යාය පසු කරමින් සිටියදී එම ජීවියා ඔහු හට හමුවූ බවයි.

බූනරට්චාසාක් මෙම සත්ත්වයා දුටු වනම භීතියට පත්වී ඇත ඔහු තවදුරටත් පවසා සිටියේ එම ජීවියා ඔහුට හිස වනමින් ලේ රත් පැහැ දෑසින් ආයාචනාතිමක බැල්මකින් බලාසිටි බවයි.බුනරට්චාසාක් තවදුරටත් පවසා සිටියේ මෙම සත්ත්වයා කුඩා කකුල් දෙකක් සහිත ,උල් පා ඇති,කහ පැහැ සමක් ඇති මනුශ්‍යයෙකු ලෙසය.එසේම එහි උස අගල් 30ක් පමණ වන බවත් සිරුරට සාපේක්ෂව විශාල හිසක් සහ විශාල කන් යුගලක් පිහිටි බවද ඔහු පවසා සිටියේය.

බුනරට්චාසාක් දුටු ජීවියා පිළිබඳව ගම්මුන් අතර පැතිර ගිය තොරතුරු මත 35 හැවිරිදි සවාන්ග් බුන්‍යාලාක් තවත් ගම්වැසියන් කීපදෙනෙකු සමග අත්භූත ජීවියා දැකබලා ගැනීමේ අරමුණින් කිටකන්බෝන්ගේ වගාබිමට ගමන් කළේය.

බුනරට්චාසාක් අදාළ අත්භූත ජීවියා පිලිබඳ ගම්මානය පුරා ප්‍රසිද්ධ කළද බුපාන් ලවිචායි විසින් කියා සිටියේ ඇය උදෑසන 6.30 ට පමණ වගාබිමට ඉහළින් පාවෙමින් සිටි සත්ත්වයා දුටු බවයි.

අත්භූත සත්ත්වයා දැක බලාගැනීමට වගාබිමට පැමිණි සවාන්ග් පවසා සිටියේ ඔහු හා ඔහු සමග ගමන්ගත් අනෙක් ගම්වැසියන් බුනරට්චාසාක් දුටු අත්භූත සත්ත්වයා දුටු බවයි.එය හට විදුලි බල්බයක්  වැනි විශාල හිසක්,රතු ඇස් සහ කහ පැහැ සමක් පැවති බවත් එම අත්භූත ජීවියා පැයකට ආසන්න කාලයක් වගාබිමට ඉහළින් සැරිසැරූ බවත් ඔහු පවසා සිටියා.ඒ වගේම එම සත්ත්වයා මිනිසුන් පිළිබඳ තැකීමක් නොකිරීමද විශේෂය.එය බොහෝ හදුනානොගත් පිටසක්වලජීවීන් යැයි සැක කෙරෙන සිදුවීම් වල බොහෝවිට කියැවෙන පොදු ලක්ෂණයකි.

හැඩරුව සිතුවමට නගා ඇති අයුරු

බූකොව් ඉන්ටවෙන්ග් වැනි ඇතැම් ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා සිටියේ මෙම සත්ත්වයා සජීවීකරණ රොබෝවරයෙකු- බෝනික්කෙකු විය හැකි බවයි.

ගම්වාසී කම්ම පින්සයිමූන් ප්‍රකාශ කළේ පෙරවරු 10.30 පමණ වන තුරු පියාසර කරන කුඩා දරුවෙකුගේ හැඩය ගත් වස්තුව දිගුවී ජෙට් යානයක් මෙන් වී අදුරු පැහැ වී ඉහළ අහසට රොකට්ටුවක් මෙන් ගමන්කර නොපෙනී ගිය බවය.

මෙම සිද්ධිය මුලාවීමක්ද

හුඒ නාම් රාක් ගම්මානයේ සිට සැතපුම් 6 ක් පමණ දුරින් පිහිටි දොයි කාම් ගම්මානයේ ජීවත් වූ තොන්මුවාන් පොචලියොට් විසින් අපූර්ව අනාවරණයක් කළේය.

2005 වසරෙ අගෝස්තු මස ගසක සිරවී තිබූ රබර් බොනික්කෙකු පොචලියොට් විසින් තම වගාබිමේ ආරක්ෂාව උදෙසා පඹයෙකු ලෙස නිවසින් පිටත බැද තැබුවේය.

මෙම බෝනික්කා අඩි තුනක් පමන උස විශාල හිසක් ඇති,නාසය,මුඛය සහ කුඩා අත් පාද ඇති වූ අතර පෙචාලියොට් ප්‍රකාශ කළ විශේෂ ලක්ෂණයක් වූවේ එහි කන් නොමැති වූ බවය 

අගෝස්තු 29 වන දින පොචලියොට්ගේ ගම්මානය හරහා කුණාටුවක් හමාගියේ වගාබිම ආරක්ෂා කළ පඹයාද රැගෙනය.කිට්කන්ග්බෝන්ගේ කුඹුරු යායේදී අදාල පිටසක්වල ජීවී සිදුවීම නිර්මාණය වීමට මෙය බලපෑහැකි බව පෙචාලියොට් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් හුඒ නාම් රාක් ගම් වැසියන් මෙම උපකල්පනය එකහෙළා බැහැර කළහ.ඔවුන් හට වාර්තාකරුවෙකු විසින් අදාළ බෝනික්කාගේ චායාරූපයක් පෙන්වූ විට එය් තමන් දුටු අත්භූත ජීවියාට සමාන නොවන බවට එකහෙළා පැවසීය.ඔවුන් පවසා සිටියේ සුළගේ අහඹු ලෙස ගසාගෙන යන වස්තුවක පාවීම මෙන් නොව තමන් දුටු වස්තුව බුද්ධියෙන් ක්‍රියාකරන ජීවියෙකු සේ අහසේ පාවී ගිය බවයි.

උපුටා ගන්නා ලදී (මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments