ඔලිම්පික් ඉතිහාසයේ දක්ශතම පරාජිතයා


අවුරුද්ද 1964...

ස්තානය ජපානය ටෝකියෝ අගනුවර...

ඔලිම්පික් උලෙල මීටර් 10000 ඉසව්ව...

ලන්කාවේ අම්පාරේ ඈත ගම්මානෙක ඉපදුනු රනතුන්ග කරුනානන්ද 10000 meter දිවීමට සූදානමින් 

ඇමරිකාව ජපානය මහා බ්‍රිතාන්‍ය  චීනය වගේ ඔලිම්පික් වල නම් තියපු සෙට් එක සූදානමින්....

එවකට ලෝක ශූරයෝ කරට කර සටනක් දෙන්න සූදානමින් 

තරගය ආරම්භ උනා...ආරම්භ උනු මොහොතේ ඉදන් රණතුංග කරුනානන්ද පිටිපස්සෙන් හැම ක්‍රීඩකයම වගේ කරුනානන්ද ව ඉස්සර කරගෙන වේගයෙන් ඇදෙනවා..මේ කිසි දෙයක් නොදැක්කා වගේ කරුනානන්ද හෙමීට ඉස්සරහට් ඇදෙනවා.

තරගයේ අවසාන අදියරට එනවා..අවසාන අදියරට එන්නෙ කරුනානන්ද නෙමේ අනෙකුත් ක්‍රීඩකයෝ. 

කරුනානන්ද ඒ වෙනකොට වට 4 ක් විතර පිටුපසින්..... 

තරගය අවසන් වෙනවා..ඒ ප්‍රතම දෙවන හා තෙවන ස්ථාන තරගය නිමා කරනවත් එක්ක..බොහෝ තරගකරුවෝ ඒත් එක්කම පිටියෙන් ඉවත් වෙනවා

හැටදාහක් මිනිස්සුන්ගේ ඇස් එක්ලක්ශ විසිදාහක්  කරුනානන්ද කියන කෙසග තරුනයා දිහා එල්ලවෙලා තියෙනවා..එහෙම තියෙනකොට ඔහු දිගටම දුවනවා හැමෝම හිතුවේ ඒ වටය අවසන් කරලා කරුනානන්ද නවතියි කියලා.... 

4 වෙනි වටය අවසන් කරල කරුනානන්ද දිගටන දුවනවා 60000 ක් මිනිස්සු හූ කියනවා විසිල් ගහනවා..කිසි දෙයක් නොවුනු ගානට කරුනානන්ද එක දිගටම දුවගෙන යනවා හූ කියපු  විසිල් ගහපු මිනිස්සු කරුනානන්ද ඊලග වටය දුවනකොට ඒවා අඩුකරගන්නවා දෙවනි වටය වෙනකොට කිසිම සද්දයක් නෑ.

අවසන් වටය පටන් ගන්නකොට මුලු ග්‍ර්‍ය්වුන්ඩ් එක පිරිලා ඉතිරිලා යන්න තරම් අත්පුඩි වලින් පිරිලා තරගය අවසන් වෙන්නෙ මුලු ග්‍ර්‍ය්වුන්ඩ් එකම නැගිටලා ඔල්වරසන් දෙමින්.

අදටත් ඔලිම්පික් ඉතිහාසයේ දක්ශතම පරාජිතයා වෙන්නේ ඔහු...

රණතුංග කරුනානන්ද

තරගයෙන් පසුව කරුනානන්ද කියන්නෙ මන් ආවේ 10000 මීටර් දුවන්න මිසක් ඒක ඊට කලින් ඉවර කරන්න නෙමෙයි කියල. 

කරුනානන්ද වෙනුවෙන් ජපන් ස්කෝලේ ලමයින්ගේ පෙලපොතේ පාඩමක් වෙන්වෙනවා.  ඒ uniform number 67 නමින් 

ජපන් පෙළපොත

ජපන් රජය ඔහුගෙන් ඉල්ලනවා තමන්ගේ රටේ නවතින්න කියලා...

ඇත්තමයි හූ කියන මඩ ගහන මිනිස්සු කෝටියක් හිටියත් අපි අපේ ගේම ගහනවා කියන තැනට එන්නම ඕනේ....

රණතුන්ග කරුනානන්ද කියන්නේ එහෙම අපි හැමෝම ඔලුවේ තියාගන්න ඕනේ මනුස්සයෙක්.

මහන්සි වෙන්න වෙන්න හති දාන්න දාන්න හිතට රිදෙන්න රිදෙන්න මතකේ ඉන්න ඕනේ චරිතයක් පොරක් dial එකක්.මේ සටහන audience එක ලෝකේ නැති දේවල් කරනකොට තමන්ගේ අරමුණටම දුවන එහෙම දිරියවන්ත  මිනිස්සුන්ට..

~කියවමු අපි~

Post a Comment

0 Comments