ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්

විද්‍යාඥයින් කියන විදිහට...

වැඩිහිටි නිරෝගී පිරිමියෙක්‌ සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.

ඉතින්, 

තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .

නමුත්....😞

ඩිම්බ දෙසට පිස්සුවෙන් වගේ දුවන මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300-500 ක් විතරමයි 

ඉතිරි ශුක්‍රාණු.....😢

වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි. ශුක්‍රාණු 300-500 අතර ප්‍රමාණයක්‌ ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී. ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.🙈

ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?

1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ... නමුත් ඔයා ජය ගත්තා .

2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නැ, මොළයක් තිබුනෙත් නෑ.... පව්ලක් , යාළුවො.... කිසිම දෙයක් නෑ... එත් ඔයා ජයග්‍රහණය කලා .

3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ.... කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත් ඔයා ජයග්‍රහණය කලා .

4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තය ගියා . අවසානයේ ඔයා ජයග්‍රහණය කලා .

ඔයා ජයග්‍රණය කරන අතරතු-.....

🌺 මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ ... ඔයා සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .

🌺ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .

🌺ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.

🌺 බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ 

🌺 බොහෝ දෙනෙක් අඩු වයසෙන් ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .

එත් ඔයා අද......

යමක් සිදු වූ විට ඔබ කලබල වේනවා 

ඔබ කලකිරීමට පත් වේනවා..... ඇයි ඒ ?  

ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?  

ඔයාගේ විශ්වාසය නැති වුනේ ඇයි?

 දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන් ඉන්නවා . එත් ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .

ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී...... අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී........උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගතතා .

මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?

ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?

ඇයි ඔයා කලකිරෙන්නේ?

ඔයාට සමහර දේවල් අහිමි වන්නවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි.

ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. අත හරින්න එපා . 💪

The idealist පිටුවේ පළවූ ලිපියක් ඇසුරෙන් සැකසු සිංහල පරිවර්තනයකී

Post a Comment

0 Comments