ගුප්ත පරිසරයක සැඟවුනු නොසෙල්වෙන "නිල්දිය පොකුණ" 😮👣


‘නිල් දිය පොකුණ’ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධව ඇත්තේ රාවණ පුරාවෘත්තයට සම්බන්ධ වැදගත් ස්ථානයක් ලෙසයි...

රාවණා රජතුමා සීතා දේවිය පැහැරගෙන විත් මෙම ගුහාවක සැඟවු බවටද ජනප්‍රවාදයක් පවතී...

කරඳගොල්ලෙහි පිහිටා ඇති මෙය මෙරටින් දැනට සොයාගෙන ඇති විශාලතම භූගත ගල් ගුහාව මෙයයි...

වන අතර ගුහාව කෙළවර පිහිටා ඇති ඉතා පිරිසිදු වූත් නොසෙල්වෙන ජලයෙන් පිරුණු පොකුණත් නිසා මෙය තව දුරටත් විශේෂ ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා...

ශෛලමය පටු විවර තුලින් හා දැවැන්ත ශාලාමය විවර තුලින් වැටී ඇති කුතුහලය පිරුණු අති දුෂ්කර ගමන් මාර්ගයෙහි විටින් විට හමුවන ඉතා ගැඹුරු මර්මස්ථානත් කෑලි කැපිය හැකි ඝන අඳුරත් නිසාවෙන් ගමනට  තවදුරටත් ත්‍රාසය හා භීතිය එක්කරනු ලබයි.

ඉතා ප්‍රවේශමෙන් ආරක්ෂාකාරී ලෙස යා යුතු ගමනක් වන අතර, ඉතා සුළු අතපසු වීමක් වුවද මාරාන්තික විය හැක.

මීට අමතරව මතුපිට සිට අඩි සියගණනක් යටින්  තවත් ප්‍රදේශ කීපයකට යා හැකි ලෙස උමං මඟ සැකසී තිබූ බවටද විශ්වාසයක් ද පවතිනවා.. 

ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා දිය ඇල්ල සිට 6km ක් පමණ ගියපසු දකුණට වැටී ඇති අඹ වතුයාය මාර්ගයේ 2km ක් පමණ ගියවිට මෙයට පිවිසීමට මාර්ග 2ක් දැනට සොයාගෙන ඇත. 

අපගේ උපදේශය, දකුණු පසට වන්නට පිහිටි පුද්ගලික වත්තක් තුල පිහිටි සිදුරින් වූ මාර්ගය ඇතුළු වීම සදහාද, එම මාර්ගයේම 3km ක් පමණ ඉදිරියෙන් පිහිටි මාර්ගය ඉහලට පැමිණීම සදහාද භාවිතා කරන ලෙසයි.

සෑම අඩියක් පාසා අඩි ගණනක් පහතට වූ ප්‍රපාතයන්ගෙන් රාවණ උමඟ සමන්විත බැවින් උමගට පිවිසීමට පෙර සිටම විදුලි පන්දම් එලි මගින් ගමන් මග දෙපස නිරන්තරයෙන් එළිය කළ යුතු යි.

ප්‍රභල ආලෝකයක් තිබීම මග ආලෝකමත් කිරීමට මෙන්ම ගුහාව ඇතුලත සුන්දරත්වයද රිසිසේ විදීමට පහසු කරවයි. උමං මාර්ගයෙහි පළමු පියවර අවසානයේ දක්නට ලැබෙනුයේ අර්ධ ගෝලාකාර වූ පියස්සකින් සමන්විත සුවිසල් ශාලාවක් බදු ගුහාවකි. මේ ස්වභාවික ස්ථාන කිළිටි කරන්න හදන්න එපා.. ගිහින් පරිස්සමට එන්න..

Post a Comment

0 Comments