රූම් යන්න කලින් මේ ටිකත් දැනගන්න...

Published from Blogger Prime Android App

රූම් ගියාට කමක් නැ ඒක ඔබේ තෝරා ගැනීම, නිදහස හා අයිතිය. මේ පෝස්ට් එක දාන්නේ රූම් යන එකේ නීතිමය තත්වය ගැන මිසක් රූම් යන එකේ සදාචාරය ගැන හිතලා නෙමේ.
දකුණු කොරියාව වගේ රටවල් වලත් මේක සමාජ ගැටළුවක් විදියට දකිනවා. එයාලා ඒ වගේ තැන් වලට කියන්නේ ලව් හොටෙල්ස් කියලා.

දැන් බලමු රූම් යද්දී නීතිය බලපාන විදිය.

📌 රූම් යන්න පුළුවන් වයස

වයස16 ට වැඩි අයටත් රූම් යන්න පුලුවන්. දෙන්නගෙම කැමැත්තෙන් ලිංගිකව එකතු වෙන්නත් පුළුවන්. ඒත් කාමර දෙන්නේ 18 ට වැඩී අයට වීතරයී කියල බොහෝ නවාතැන් වල කියනවා. එහෙම තැනකට 18ට අඩු දෙන්නෙක් ගියොත් ඒක නීතියෙන් වරදක්. කො_රෝනා කාලේ රූම් වලට යන එක තහනම් කරල තියන කොට ගියොත් ඒකත් වරදක්.

📌 වයස 16 ට අඩු කෙනෙක් එක්ක රූම් යනවා නම්.

මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. නවාතැනේ කවුන්ටරේ ඉන්න අයියට ටිකක් වැඩීපුර දීලා මෙයා මගේ Girl Friend කිව්වම අයියා අදිමදි කරල එහෙනම් ඉක්මනට යන්න කියලා කාමරයක් දෙනවා. ඒකෙන් රූම් යන දෙන්නට සතුටක් ලැබුනත් නීතිමය ගැටලු ගොඩක් මතු කරනවා.

ඒ ගැහැණු ළමයා 16 ට අඩු නම් ඔයාව ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය කියන වරදට වැරදිකරු වෙන්න පුළුවන්.
හැබැයි පිරිමි ළමයා පුරුශ ලිංගය ඇතුල් කළොත් විතරයි එහෙම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණයක් වෙන්නේ. පුරුෂ ලිංගය ඇතුල් කලේ නැත්නම් ඒක අපයෝජනයක් විදියට සලකන්නේ. ඒත් නීතියෙන් දඬුවම් ලැබෙනවා.

ඒ වගේම ගැහැණු ළමයාගේ ගෙදර අය පැමිණිලි කළොත් ගැහැණු ළමයා කැමැත්තෙන් රූම් යන්න ආවත් නැතත් පිරිමි ළමයට අපරාධ නඩුවක් නම් වැටෙනවාමයි.
ගැහැණු ළමයව අකමැත්තෙන් බලෙන් රූම් අරන් ආවා නම් අනිවාර්යෙන්ම පිරිමි ළමයව හිරේ යන්න උනත් පුළුවන් විශාල නීතිමය අපරාධමය වරදකට පැටවෙනවා.
දෙන්නම 16 ට අඩු නම් පිරිමි ලමයාට වැරැද්දක් වැටෙනවා. ඒත් පිරිමි ළමයාට පුළුවන් අධිකරණමය සහනයකට උත්සාහ කරලා බලන්න.

📌 අවුරුදු 16 ට වැඩි 18ට අඩු කෙනෙක් එක්ක රූම් යනවා නම්

අවුරුදු 16 ට වැඩි කෙනෙක්ව බලෙන් රූම් එක්ක ගියොත්, ඒක බරපතල වරදක්. අපයෝජනය කියන වරදට පිරිමි ළමයව වැරදී කරුවෙකු වෙනවා.

වයස 18 ට අඩු ගැහැණු ළමයෙක්ට පුරුෂ ලිංගය ඇතුල් කරේ නැතී උනත් නිරුවත් ඡායාරුප ගත්තොත් ඒකත් බරපතල වරදක්. එහෙම දෙයක් කලොත්, එහෙම කරන්න ඉඩ දීපු, කාමර දුන්නු පරිශ්‍රය අයිති අයටත් නඩු වැටෙනවා. උදව් කරන අයටත් නඩු වැටෙනවා. නිරුවත් ඡායාරුප ගත්තේ ළමයෙක්ගේ නම් ඒ කියන්නේ 18ට අඩු කෙනෙක්ගේ නම් මේ තත්ත්වය බල පානවා.

18 ට වැඩි අයගේ උනත් නිරුවත් ඡායාරුප ගත්තොත් ඒත් තත්වය බරපතළයි. ඒත් අපරාධ වරදක් වැටිලා ඔබව හිරේ පවා යන්න වෙන්න පුලුවන්

දැන් බලමු සීවීල් නීතීයේ බලපැම

දෙන්න අවීවාහකයි නම්, 18ට ටත් වැඩී නම්, ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්නම් වෙන කවුරුත් ඒක ප්‍රශ්නයක් කර ගන්න ඕන නැ. ඒක ඒ ගොල්ලන්ගේ නිදහස.

📌 අනුන්ගේ අය එක්ක Room යාම

ඔබ රූම් යන්නේ වෙන කාගේ හරී නෝනා කෙනෙක් එක්ක නම් හෝ වෙන කාගේ හරී මහත්තයෙක් එක්ක නම් එතකොට ඒක අපරාධ වරදක් වෙන්නේ නම් නෑ. ඒත් අනාචාරය කියන සිවිල් දික්කසාද වරදට හසු වෙන්න පුළුවන්. ඒක ඔප්පු වෙන්න පුලුවන් ගොඩාක් ක්‍රම තියනවා.

රූම් එකකට ගියා කියලා කිව්ව පමණින් අනාචාරය ඔප්පු වෙන්නේ නෑ කියලා නඩු තීන්දු තියෙනවා. ඒත්, රූම් එකකට හරි හෝටලේකට හරි ගියොත්, ඒක කාමර කුලියට දෙන තැනක් නම් එතැන දෙන්නා කාමරයට යනවා දැක්කොත්, කාමරය ඇතුලේ මොනාද කලේ කියන එක නොඇහුවාට ඒක අනාචාරය ඔප්පු කරන්න හොඳ සාක්ෂීයක් වෙනවා.

📌 ඒ විදියේ කෙනෙක් එක්ක රූම් යන්න කලින් මේ දේවල් ගැන දෙපාරක් හිතන්න.

▶ ඔයාට ඒ කාන්තාවගෙන් හෝ පුරුශයගෙන් හෝ සමාජ රෝගයක් බෝ උනොත් ඔබේ කසාදයට ඒක ප්‍රශ්නයක් සහ දික්කසාදයට සාක්ෂියක් වෙනවා.
▶ ගැහැණු කෙනා ගැබ් ගත්තොත් අනාචාරය ඔප්පු වෙන තරමට බරපතල වරදක් වෙනවා.
▶ ඔයාලා දෙන්නා රූම් එක ඇතුලේ ඉන්නකොටම ඔබේ බිරිඳ හෝ සැමියා පොලිසිය එක්ක ඇවීල්ල ඔබවයි, එයාවයි පොලිසියට අරන් ගිහින් සටහන් ලියා ගත්තොත්, ඒකත් දික්කසාදයේ අනාචාරයට හොඳ සාක්ෂීයක් වෙනවා.
▶ හදිසියේ ඔබේ සහකරු/සහකාරිය කාමරයේදී මැරුනොත් හෝ අසනීප උනොත් එතකොටත් නොහිතු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.

📌 එහෙම වෙලත් රූම් යන්නම ඕනනම් මේ දේවල් කරන්න.

▶ හෝටලේ අමුත්තන්ගේගේ විස්තර ලියන පොතේ (Guest Book) Mr & Mrs කියලා දාල ලියන්න එපා.
▶ හෝටලේ CCTV බලන්න.
▶ හෝටලේ බිල ගෙදර අරන් යන්න එපා. හෝටලේ ඉඳන් කෝල් ගන්න එපා හෝටලේ ඉන්න කොට ෆෝන් එකේ location on කරන් ඉන්න එපා. ඔබව අනාචාරෙට අහු වුනොත් ඒවා සාක්ෂී වෙනවා.
▶ මතක තියා ගන්න ඕන ලොකුම දේ පෙම්වතුන් ගොඩක් වෙලාවට රූම් ගියාම තමන් ලිංගිකව හැසිරුණු විදිය වීඩීයෝ කරනවා. ඒවා ෆෝන් වල තියාගෙන ඉන්නවා. පස්සේ නෝනට හරී මහත්තයට හරී අහුවෙනවා සහ ඒවා දික්කසාද නඩුවේ අනිවාර්ය සක්ෂී වෙනවා හෝ අවීවාහක නම් අන්තර් ජාලයට දානවා කියලා තර්ජනය කරනවා.

ඔබගේ සතුට අන් අයට පෙන්වන්න එපා. රූම් එකට තාක්ෂණය අවශ්‍ය නෑ. ඒකට වීරුද්ධ වෙන්න.

රූම් ගියාට කමක් නෑ. මේව ගැන හිතලා සුදානම් වෙලා යන්න. අද සමාජයේ බොහෝ දෙනා රූම් යනවා හෝ යන්න බලාගෙන ඉන්නවා. පරිස්සමෙන් ඕව ගැන හිතලා කැමති සතුටක් ගන්න.

XeducationSL වෙත තම නීතිඥ දැනුම ලබා දුන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට අපගේ විශේෂ ස්තුතිය.

-XeducationSL ෆේස්බුක් පිටුව-

Post a Comment

0 Comments