මොකක්ද මේ ෆිලඩෙල්ෆියා අභිරහස?


ෆිලඩෙල්ෆියා පරීක්ෂණය - Philadelphia Experiment

1943 වර්ෂයේ සිද්ධ උන තරමක් අද්භූත සිදුවීමක් සම්බන්ධයෙනුයි අද ලිපිය. ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා වරායේ තරමක් අපූරු සිදුවීමක් වර්ෂ 1943 සැප්තැම්බර් මාසයේ වාර්තාවනවා. වරායේ නවත්වා තිබූ ඒල්ඩ්‍රිජ් (USS Eldridgs) නම් නෞකාව දිහා බලන් හිටපු වෙනත් නැවක නැවියෙකුට ඒල්ඩ්‍රිජ් නැව නිල් පාටට දිලිසෙන බව නිරීක්ෂණය කරන්න පුලුවන් වෙලා තිබෙනවා. ඒ එක්කම මෙම නැව රේඩාර් වලින්ද අතුරුදහන් වූ බව සදහන්. තව ටිකක් විමසිලිමත් වූ මෙම නැවියා තම ඉදිරියෙන් ඇති නැව ක්‍රමයෙන් විනිවිද පේන්න ගන්තා කියල ඔහු සදහන් කරල තියනවා. මේ බව අනෙකුත් නැවියන්ටද දැන්වූ ඔහු බෝට්ටුවක් රැගෙන ඒල්ඩ්‍රිජ් නැව දෙසට යාත්‍රා කල අතර අසලටම ගොස් නැව ඇල්ලීමට උත්සහ කිරීමේදී විශාල විදුලි සැරයක් වැදීමේදී ඇති වන කම්පනයක් වැනි වේදනාවක් ඔහුට දැනී තිබෙනවා. ඉන් පසුව මෙම නෞකාව වරායෙන් අතුරුදහන් වූ බව සදහන්. එල්ඩ්‍රිජ් නැවේ සේවය කරපු නාවිකයෙක් පසු කලක පවසා ඇත්තේ ඔහු ඇස් ඇර බලන විට සිටියේ ෆිලඩෙල්ෆියා වරායේ නොව ඉන් කිලෝමීටර 500 ක් පමණ දුරින් වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නෝෆෝක් කියන වරායේ බවයි. නමුත් ඉතා සුලු වෙලාවක් නෝෆෝක් වරායේ තිබී ඇති නෞකාව නැවත පෙර පරිදිම ෆිලඩෙල්ෆියා වරායට පැමිණ ඇති බව සදහන්. මෙහි ඇති අද්භූත බව තව තීව්‍ර වන්නේ එහි සේවය කල නාවිකයන් දෙදෙනෙක් අතුරුදහන් වී තිබීම නිසයි. සමහර නාවිකයන් පවසන්නේ ඔවුන්ගේ සගයන් සිටියේ නැවේ සැකිල්ලේ සිරවී බවයි. හරියට නිකන් සැකිල්ල උණු කරල වගේ. කොහොම නමුත් ජීවිත බේරා ගත් නාවිකයන් පසු කලකදී උන්මන්තක ස්වභාවයට පත් වූ බව සදහන්. තව සමහරක් විටින් විට කෝමා තත්වයක පත් වූ බව තමයි වාර්තාවල සදහන් වන්නේ. මෙහි සදහන් කල යුතු තවත් විශේෂම කරුණක් ඇත. එනම් මේ සියලු සිද්ධි දිහා අසල තිබූ වෙනත් නැවක සිට ඉතාම සුවිශේෂී පුද්ගලයෙක් බලන් ඉදල තියනවා. ඒ අපි කවුරුත් දන්න භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මහතා. බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ මෙය ඇල්බට් අයින්ස්ටයින්ගේ Teleportation (ටෙලිපොටේෂන්) පරීක්ෂණයක් බවයි.



තවත් සමහරුන් මීට හාත්පසින්ම විරුද්ධ මතයක් දරන අතර බොහෝ දුරට පිලිගන්නා මතයද මෙය බව සදහන්.

මේ කාලෙ තමයි ඇමරිකාව පරමාණු බෝම්බ පිළිබද අත්හදා බලපු අවධිය. Project Manhattan (මෑන්හැටන් ව්‍යාපෘතිය) කියන්නෙ හොරෝෂිමා-නාගසාකි එල්ල වුනු න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කරපු ප්‍රධාන ව්‍යාපෘතියයි. ඉතින් මේ ව්‍යාපෘතියට මේ ෆිලඩෙල්ෆියා වරායද උපකාර කරගෙන තියනවා. 1943 සැප්තැම්බර් මාසයේ මේ ව්‍යාපෘතියට සම්බන්ධව වරායේ යම් අනතුරක් සිදු වී ඇති ඇති අතර කීප දෙනෙක් මිය ගිය බවටද සදහන්. කලින් සදහන් කරපු නෞකාවේ සිද්ධිය වෙන්නෙ ඊට මාසෙකට පස්සෙ ඒ කියන්නෙ 1943 ඔක්තෝබර්. අපි දන්නවා න්‍යෂ්ටික අවි පිළිබද ව්‍යාපෘති බොහෝ රහසිගයි. ෆිලඩෙල්ෆියා වරායේ මේ මෑන්හැටන් ව්‍යාපෘතිය නිසා අනතුරක් උනාම ලෝකෙම අවධානය ඒ වෙත යොමු වෙනවා. ව්‍යාපෘතියේ රහස එලි වෙන්න පුළුවන්. ඒ නිසා මේ නෞකාවක කතාවක් බොරුවට ගෙතුවා විය හැකියි අර අනතුර යට ගහන්න. මෙම සිද්ධිය මෙතෙක් නොවිසිදුනු අභිරහස් කුලකයට එකතු වන්නෙ කුතුහලයෙන් පිරුනු කරුණු ගණනාවක් සමගයි.

උපුටා ගන්නා ලදී

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments