ලාභ නිසා පොඩි ළමයින්ට Adult Toothbrush දෙන්න එපා!


මුලින්ම කතා කරමු පොඩි ළමයින්ගෙ දත් නරක් වෙන්න ප්‍රධානම හේතු මොනවද කියලා...

දෙමව්පියන්ගෙ මුල්ම උත්තරේ වෙන්නෙ පැණිරස කනව කියන එක. 🤦🏻‍♂️

පැණි රස කන එක දත් නරක් වෙන්න හේතුවක් නෙවෙයි. ඒත් ඒ කාපු පැණිරස කෑම, දත්වල ගොඩක් වෙලා රැඳිලා තිබ්බොත් අන්න ඒක දත් නරක් වෙන්න හේතුවක්.

ඉතින් පොඩ්ඩොන්ගෙ දත් නරක් වෙන එක පාලනය කරගන්න නං හොඳට දත් මැදලා පිරිසිදුව තියාගන්න ඕන. 

සමහර දෙමව්පියො බබාට අවුරුදු දෙක පහු වෙද්දිම දත් මදින වැඩේ බබාටම බාර දෙනව. සමහර අය අධීක්ශණයක් ඇතුව. බබා හොඳට මදිනවනං කමක් නෑ.🔥

තව සමහර අය කිසිම වැඩිහිටි අධීක්ශණයක් නැතුවම බබාට දත් මැදගන්න ඉඩ දෙනව.ඉතින් බබා හරියට දත් මදිනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්.☹️

ඇත්තටම මේ දත් නරක් වෙන සාධක ගැන කතා කරන්න ගියොත් ලිපිය දිග වෙලා අද කියන්න යන එක මඟෑරෙන නිසා මම කෙටියෙන්ම මෙහෙම කියන්නම්. 

පොඩි උන්ගෙ දත් නරක් වෙන්න මූලිකම හේතුව වෙන්නෙ දෙමව්පියන්ගෙ නොදැනුවත්කම සහ නොසැළකිල්ල❗️. 🌝

(ටිපර් මේ පැත්තෙ 👉 පාක් කරන්න)

සාමාන්‍යෙන් දරුවෙක්ට හොඳ බුරුසුවක් තෝරගන්නෙ කොහොමද? 

උත්තරේ සරළයි.✅

ලංකාවෙ අපට තෝරන්න තියෙන්නෙ ජූනියර් බ්‍රශ්වල බ්‍රෑන්ඩ්ස් විතරයි. ඒ නිසා පොඩි එකාට ඔය මොකක් හරි බ්‍රෑන්ඩ් එකක ජූනියර් බ්‍රශ් එකක් අරං දෙන්න. 

මගෙ අත්දැකීම් අනුව ඩෙන්ටා, ක්ලෝගාඩ් ජූනියර් බ්‍රශ් හොඳයි. 😜

අවුරුදු කීයක් වෙනකන් ජූනියර් බ්‍රශ් එකෙන් මද්දන්න පුළුවන්ද?

දන්ත වෛද්‍ය නිර්දේශය නම් අවුරුදු 9-10 වෙනකන් ජූනියර් බ්‍රශ් එකෙන් මදින එක හොඳයි කියල. 

ඒත් ගොඩක් දෙමව්පියො දරුව ටිකක් ලොකු වෙනකොටම adult බ්‍රශ් වලට මාරු වෙනව. 

මේකෙ අවාසියක් තියෙද?? 🧐🧐🧐🧐

මම ඒකට පොඩි පරීක්ශණයක් කරා.🥳🥳

මුලින්ම කිරි දත්වල ආකෘතියක් හැදුවා. ඇක්‍රිලික් දත් සහ වැක්ස් බේස් එකක් අරගෙන.

ඒකෙ දුඹුරුපාට water color එකක් ගෑවා.(ඒ චොක්ලට් කියලා හිතමු. 😅)

ඊටපස්සෙ වරකට එක බ්‍රශ් වර්ගය බැගින් බ්‍රශ් පාවිච්චි කරලා ඒ ආකෘතිය ටූත් පේස්ට් යොදාගෙන මැදලා බැලුව.

1️⃣ කෙඳි ගෙවුන ජූනියර් බ්‍රශ් එකක්

2️⃣ අලුත් ජූනියර් බ්‍රශ් එකක්

3️⃣ අලුත් ඇඩල්ට් බ්‍රශ් එක soft bristles

4️⃣ අලුත් ඇඩල්ට් බ්‍රශ් එකක් medium bristles (zig-zag)

🔺හැම අවස්ථාවකදිම අලුතෙන් වෝටර් කලර් එක ගෑවා.

🔺මදින්න පාවිච්චි කරේ සාමාන්‍යෙන් හැමෝම දත් මදින විදියට horizontal strokes විතරයි. දතේ හපන මතුපිට සහ කම්මුල පැත්තෙ මතුපිට strokes 20 බැගින්.

🔺හැම අවස්තාවෙදිම වෝටර් කලර්ස් වේලෙන්නෙ විනාඩි 2 ගානෙ තිබ්බ.

🔺හැම අවස්තාවකදිම මැදලා ඉවර වෙලා තත්පර 30ක් හේදුවා.

🔺දරුවන්ගෙ වැඩිපුරම නරක් වෙන හක්කෙ කිරිදත් දෙක ගැන තමයි මම වැඩි අවදානයක් යොමු කරෙ.


--------මට ලැබුන ප්‍රථිඵල මෙහෙමයි;---------

◾️ගෙවුණු කෙඳි සහිත ජූනියර් බ්‍රශ් එකෙන් දත් පිරිසිදු වීම සතුටුදායක නෑ . දත් අතර සහ දත් මතුපිට වර්ණක ඉතුරු වෙලා තිබුන.

ගෙවුණු කෙඳි සහිත ජූනියර් බ්‍රශ් එකෙන්

◾️අලුත් ජූනියර් බ්‍රශ් එකෙන් කරපු පිරිසිදු කිරීම සාර්ථකයි. දත් අතරෙ වර්ණක ටිකක් ඉතුරු වෙලා තිබුණා. 

අලුත් ජූනියර් බ්‍රශ් එකෙන්

◾️Soft bristles සහිත adult බ්‍රශ් එකෙන් කරපු පිරිසිදු කිරීමත් බොහෝ දුරට සාර්ථකයි. දත් අතරෙ වර්ණක ඉතුරු වෙලා තිබුණා. 

Soft bristles සහිත adult බ්‍රශ් එකෙන්

◾️Medium bristles (zigzag) සහිත adult බ්‍රශ් එකෙන් කරපු පිරිසිදු කිරීම ගොඩක් අසතුටුදායකයි. මතුපිට වගෙම දත් අතරත් වර්ණක ඉතුරු වෙලා තිබුනා.

Medium bristles (zigzag) සහිත adult බ්‍රශ් එකෙන්

(මට zigzag නොවන medium brush එකකින් මේක කරලා බලන්න බැරි වුනා. ඒකෙ ප්‍රතිඵල මීට වෙනස්ද දන්නෙ නෑ.)

(ප.ලි :-

මීඩියම් කෙඳි සහිත zigzag නොවෙන adult brush එකකින් මම මේක කරලා බැලුවම ලැබුන ප්‍රථිඵලෙත් මම ෆොටෝ එකක් ඇටෑච් කරා. ඒකෙනුත් සතුටුදායක පිරිසිදු කිරීමක් ලැබුනෙ නෑ.

ඒ නිසා කුඩා දරුවන්ට medium කෙඳි සහිත දත්බුරුසු නොදෙනව නම් හොඳයි කියන එක මගෙ අදහස. )

ඔය ජූනියර් බ්‍රශ් හදලා තියෙන්නෙ පුංචි එවුන්ගෙ කට ඇතුලෙ හොඳට හසුරවන්න පහසු වෙන්න. ඒකට පොඩි head එකක් තියෙන්නෙ ඒකයි. 

කෙඳි සොෆ්ට්ව හදලා තියෙන නිසා දත් ගෙවීම, මෘදු පටක වලට වෙන හානිය අඩුයි. 

කෙඳි චූටි නිසා පොඩ්ඩගෙ දත් අතර පිරිසිදු කරන්නත් පහසුයි.

ලොකු උන්ගෙ බ්‍රශ් වලින් පොඩි උන්ගෙත් හොඳට දත් මදින්න පුලුවන් නම් මොකටද කොම්පැනි වලින් ජූනියර් බ්‍රශ් හදන්නෙ? 😅

ඒ නිසා පොඩි එකාට ජූනියර් බ්‍රශ් එකක්ම අරන් දෙන්න.

ලංකාවෙ කඩවල්වල වැඩිපුරම දකින්න ලැබෙන්නෙ medium ටූත් බ්‍රශ්. පොඩි දරුවන්ට ඒව නුසුදුසුයි කියන එක මගෙ පුද්ගලික මතය. 🤓 

දන්ත වෛද්‍ය නිර්දේශය අනුව අවුරුදු 8-10 වෙනකන්වත් ජූනියර් බ්‍රශ් එකක් පාවිච්චි කරන්න.

ප.ලි

මම නිකමට ක්ලිනික් එකට ආපු අවුරුදු 10ට අඩු පොඩි උන් දහ දෙනෙක්ගෙන් data එකතු කරා. අවුරුදු 9-10 වෙනකන් ජූනියර් බ්‍රශ් පාවිච්චි කරලා තිබ්බෙ පොඩි ළමයි දෙන්නයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ දත් නරක් වෙලාම තිබ්බෙ නෑ. අනිත් බබාගෙ දත් කීපයක් නරක් වෙලා තිබුනත් ඒවා පාලනය වුන තත්ත්වයක (arrested caries) තිබුනෙ. මේකෙන් මොනවත් නිගමනය කරන්න බෑ. මොකද දත් නරක් වෙන එකට බලපාන්නෙ බ්‍රශ් එක විතරක් නොවන නිසා. 

කාට හරි research එකක් කරනව නං හොඳ වැඩක් කියල හිතුන නිසා කිව්වෙ 😅

ප.ප.ලි. 

මීඩියම් බ්‍රශ් නරකයි කියලා නෙවෙයි මේ කියන්නෙ. පොඩි උන්ගෙ දත් මද්දනව නං ජූනියර් බ්‍රශ් එකක් පාවිච්චි කරන්න කියලා මම කියන්නෙ. 😂

දැං රටේ තත්වේ එක්ක ජූනියර් බ්‍රශ් එකක් adult brush එකකට වඩා ගණන් මම හිතන්නෙ. ඒ නිසා ගැන කාගෙ හරි වගකිවයුත්තෙක්ගෙ අවධානෙ යොමු වෙනවනං හොඳයි. ලාබ නිසා පොඩි උන්ට adult  brush අරන් දෙන එකෙන් ඉස්සරහට වෙන්නෙ වෙනම ව්‍යසනයක්. 😨

- Dr. රවීන් යසිත -

Post a Comment

0 Comments