ඇවිද්දොත් ලෙඩ ගොඩක් ගොඩ


ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රුසක් අත් කර ගන්නට හැකියි. දිනකට විනාඩි 15 - 30ත් අතර කාලයක් ඇවිදීමෙන් ඔබට ඔබේ රෑපය ලස්සන කර ගන්න වගේම, ලෙඩ රෝග රුසකින් සුවය ලබා ගන්නටත් හැකි වේවි. වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන හිපොක්‍රටිස් පවා “මනුෂ්‍යයා සතු හොඳම ඖෂධය ඇවිදීමය” යැයි පවසා තිබෙනවා. මේ ඇවිදීමේ ප්‍රතිලාභ කිහිපයක් ගැන තොරතුරුයි.

1. ඇල්සයිමර් රෝගයෙනුත් ආරක්ෂාව

ඇවිදීමේ ව්‍යායාමය මඟින් ඔබේ මානසික සෞඛ්‍යය ඉහළ නංවනවා. එමඟින් ඔබට මානසික රෝග වැළඳීමට ඇති ඉඩ කඩ අඩු කරවනවා. එමෙන්ම වයසට යන  විට එන ඇල්සයිමර් රෝගයෙනුත් ඔබව ආරක්ෂා කරනවා. එසේ වන්නේ ඇවිදීම මඟින් ඔබේ Endorphin හෝර්මෝනය ස්‍රාවය ක්‍රමවත් කරන නිසායි. ඇවිදීම ඔබේ සිත සැහැල්ලුවට පත් කරවනවා. එයින් ඔබ තුළ ඇති සෘණාත්මක සිතුවිලි සහ ආවේග ඉවත් වී යනවා. විශාදය වැනි රෝගී තත්ත්වයන් සුව වෙනවා.

2. ඇස් රෝග වැළඳීම අඩු වෙනවා.

ඇසේ පීඩනය අඩු වීම ඇවිදීම නිසා හිමි වන සෞඛ්‍යමය ප්‍රතිලාභයක්. එමඟින් පෙනීම වැඩි දියුණු වෙනවා. ඇස් රෝග වැළඳීම අඩු වෙනවා.

3. හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු වෙනවා.

American Heart Association පවසන ආකාරයට ඇවිදීම මඟින් හදිසි හෘදයාබාධ ඇතුළු හදවත් රෝග ගණනාවක් වැළඳීමේ අවදානම පහ වී යනවා. එයට හේතුව වන්නේ ඇවිදීමේ ව්‍යායාමය මඟින් අධි රැධිර පීඩනය පාලනය කිරීම, කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සහ රැධිර සංසරණ වේගය ක්‍රමවත් කරන නිසාය.

4. පෙනහළුවල පරිමාව ඉහළ නැංවීම.

ඇවිදීම මඟින් ඔබේ සිරැරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ඉහළ යනවා. ඔබේ සිරැර පුරා ඔක්සිජන් රුගෙන යන්නේ රැධිරයයි. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීමෙන් ඔබේ පෙනහළුවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වෙනවා. ඔබේ පෙනහළු නිරෝගී වෙනවා.

5. දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීම.

ඇවිදීම ඔබට දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම අඩු කරවනවා. එමෙන්ම අග්න්‍යාශයේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැඟීමත් මෙහි අතුරැ වාසියක්. අග්න්‍යාශය දුර්වල වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ දියවැඩියා රෝගයයි. එයින් ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය අඩාල වෙනවා. සිරැරේ ග්ලූකෝස් පරිවෘත්තිය ක්‍රියාවලිය අඩාල වීම සහ සෛල තුළට ග්ලූකෝස් උරා ගැනීමේ අවදානමත් ඉන් පහ වෙනවා.

6. ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යමය තත්ත්වය ඉහළ නැගීම.

දිනකට මිනිත්තු 30ක් ඇවිදීම මඟින් මහාඅන්ත්‍රයේ පිළිකා සෑදීමේ අවදානම අඩු වෙනවා. එමෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කිරීම, මල බද්ධය අඩු කිරීම වැනි සෞඛ්‍යමය ප්‍රතිලාභත් හිමි වෙනවා.

7. මස්පිඬු ශක්තිමත් වීම.

ඇවිදීම නිසා ඔබේ මස්පිඬුවල ඇති අනවශ්‍ය මේදය ඉවත් වී, ඔබගේ තරබාරැව නැති වී යනවා. පියවර 10,000ක් ඇවිදීම තරබාරැ ඔබට ඉතා හොඳ ව්‍යායාමයක්.

8. ඇට කටු සහ සන්ධි ශක්තිමත් වීම.

ඇට කටුවල දුර්වලතා මඟ හරවන්නටත් මේ ඇවිදීමේ පුරැද්දට පුළුවන්. ආතරයිටිස් රෝගය වැළඳෙන අයට වෛද්‍ය උපදෙස් ලෙස දිනකට මිනිත්තු 30ක් ඇවිදීම නිර්දේශ කරනවා.

9. කොන්දේ වේදනා සමනය වීම.

වැඩි වෙහෙසක් දරා කළ යුතු ඇතැම් ව්‍යායාමවලදී කොන්දේ අමාරැ ඇති වෙනවා. නමුත් ඇවිදීම වැනි අඩු වෙහෙසක් දරා කළ යුතු ව්‍යායාමවලින් කොන්දේ වේදනා අඩු වෙනවා. ඇවිදීම මඟින් කශේරැකා පද්ධතියට සහනය සලසනවා. ඒ තුළ රැධිර සංසරණය ඉහළ නංවනවා. ඔබේ සිරැරේ නම්‍යතාවය වැඩි කිරීමට මෙය උපකාර කරනවා.

10. නිර්මාණශීලි හැකියාව ඉහළ යනවා.

එක තැන සිටින්නකුට සාපේක්ෂව පුරැද්දක් ලෙස දිනපතා ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන අයෙකු තුළ නිර්මාණාත්මක අදහස් ඇති වන ප්‍රමාණය වැඩි බව පැවසෙනවා.  

11. නහර ගැට ගැසීම ඇතුළු දෙපයේ ගැටලු සමනය වීම.

මැදි වියට එළඹීමත් සමඟ නහර ගැට ගැසීම, දෙපා ඉදිමීම වැනි රෝගී තත්ත්වයන්ට බොහෝ දෙනෙක් ගොදුරැ වෙනවා. නමුත් පුරැද්දක් ලෙස ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන අයකුට නම් මෙම ගැටලුවලට මුහුණ දීමට සිදු වන්නේ නැහැ.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි..)

Post a Comment

0 Comments