කට්ටිය LinkedIn වලට බැහැලා Professional වෙමුද?


අනිවරෙන් කියවන්න! 

ඔයාලා හැමකෙනෙක්ම LinkedIn ගැන අනිවාර්යයෙන්ම අහල ඇති. එත් ඇත්තටම ඒකෙ ප්‍රයෝජනය ඔයා ගන්නවද? නැත්නම්, අපි ඒ ගැන ටිකක් හොයල බලමු.

LinkedIn කියන්නේ මොකක්ද?

LinkedIn කියන්නේ රැකියා කරන වෘතිමය හා ව්‍යාපාරික අරමුණු සහිත සමාජ ජාලයක්. රටවල් 200ක මිලියන 500 කටත් වඩා සාමාජිකයින් LinkedIn වල ඉන්නවා. LinkedIn වල මුලික අරමුණ වෙන්නේ කිසියම් කෙනෙක්ගේ වෘත්තීයමය වටිනාකම හැමෝටම පෙන්වන්නයි. ඒවගේම Facebook, Instagram වල නැති විශාල වාසි රැසක් LinkedIn තුලින් ලබාගන්න පුළුවන්. අද වෙනකොට Job Interview එකකදී කෙනෙක්ගේ CV එකට කලින් LinkedIn Profile එක බලන තැනට LinkedIn කියන Platform එක වැදගත් වෙලා තියෙනවා.

මොන හේතු නිසාද LinkedIn එක වැදගත් වෙන්නේ ?

ඔයාගේ සුදුසුකම් වලට හරියන රැකියා අවස්ථා

LinkedIn වල ගොඩක් Job Vacancies තියෙනවා. ඔයා ඒ Job Qualifications වලට ගැලපෙනවානම් ලේසියෙන්ම අයදුම් කරන්න පුළුවන්. ඒවගේම ජොබ් වලට hire කරන්නත් ගොඩක් අය LinkedIn use කරන්න පෙලබිලා ඉන්නවා. මේ නිසා හැමදාම LinkedIn එකට නිසා අලුත් job vacancies update වෙනවා.

Professional like-minded Groups

LinkedIn වල ගොඩක් groups තියෙනවා. ඔයාටත් ඔයාගේ Field එකට ගැලපෙන group එකකට join වෙලා ඔයාට ගැලපෙන Freindsලා හොයාගන්නත්, ඔයාට තියෙන ප්‍රශ්න, ගැටළු වලට විසදුම් හොයාගන්නත් පුළුවන්.

Networking

LinkedIn Free forums වලට ඔයාටත් join වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් ඔයාගේ Catogory එකට අදාල අයව Follow කරන්න, Chat කරන්න, අලුත් opportunities වලට join වෙන්න ඉඩකඩ තියෙනවා. ගොඩක් හොද Linkedin Profile එකක් maintain කරනවා කියන්නේ බලන ඕනෑම කෙනෙකුට ගොඩක් හොද First Impression එකක් දෙන දෙයක්.

LinkedIn Learning

LinkedIn හරහා ඔයාට පුළුවන් එක එක විෂයන් ගෙන Online ඉගෙන ගන්න. මේකෙදි ඔයාලට course complete කරාම ඔයාට certificate එකක් පවා හම්බෙනවා. මේකත් ඉගෙන ගන්න අයටත් ලොකු වාසියක්.

මේ  වගේ වාසි ගොඩක් තියෙන LinkedIn Profile එකක් ඔයාටත් නැත්නම් අනිවරෙන් එකක් හදාගන්න. අනාගතයේදී CV නැතිවෙලා LinkedIn Profile එක විතරක් බලන තැනට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා දැන්ම එකක් හදාගෙන ඉන්න එක හැමෝටම වැදගත් වෙනවා. හදාගෙන විතරක් මදි එක Update කරන්න ඔයා ගත්ත උසස්වීම්, ඔයා කරපු අධ්‍යයන සුදුසුකම් සැම දේම දන්න.

දන්න දන්න යාලුවොන්ටත් මේ ගෙන දැනගන්න Share කරන්න!! මේ වගේ Apps ගෙන, රටේ ලෝකේ Cyber, Tech වගේ Topics ගැන දැනගන්න කැමතිනං ඔයාලත් සයිබර් Talk අපිව Follow කරලා තියාගන්න!!

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි..)

Post a Comment

0 Comments