කාසි භූතයා (𝐎𝐔𝐈𝐉𝐀 𝐆𝐀𝐌𝐄)

අමනුෂ්‍ය ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස, ඔයිජා පුවරුව ලොව පුරා ජනප්‍රිය වෙනවා. බොහෝ විට යෞවන යෞවනියන් අතර ජනප්‍රිය අංගයක් බවට පත් වන මෙය විවිධ අත්භූත අත්දැකීම් ලබා දෙමින් ළමුන් මෙන්ම වැඩිහිටියන් පවා භීතියෙන් මුසපත් කරවනවා. ඒ වගේම, නවකථා ගණනාවක් සහ හොලිවුඩ් චිත්‍රපට ගණනාවක් ඔයිජා පුවරුව පාදක කරගෙන නිර්මාණය වෙනවා. මේ ඔයිජා පුවරුව පැමිණියේ කොහේ සිටද? එය ඇත්තටම අමනුෂ ආත්ම කැඳවනවා ද? මේ ලිපිය ලියැවෙන්නේ, ඒ ත්‍රාසය සහ භීතිය ගෙනෙන “ඔයිජා පුවරුව” ගැනයි.

අමනුෂ්‍ය ආත්ම සමඟ සන්නිවේදනයේ යෙදීමට යොදාගන්නා කතා පුවරුවක් ලෙස ඔයිජා පුවරු යනුවෙන් හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි හෝඩියේ අකුරු සියල්ලත්, 0 සිට 9 දක්වා අංකත්, “YES”, “NO” යන වචනත් සමහර වෙලාවට “Hello”, “Good Bye” යන වචන සමඟ තවත් විවිධ වචන හා සංකේත සලකණු කරන ලද පැතලි පුවරුවක් මේ ඔයිජා පුවරු විදියට යොදා ගන්නවා. ඒ වගේම, චලනය වන විට පණිවිඩය කියැවෙන ආකාරයට අකුරු සහ අංක අතරට යෑමට ප්ලැන්චෙට් එකක් ( කුඩා හාර්ට් එකක් හැඩැති, ලී හෝ ප්ලාස්ටික් කැබැල්ලක්) ද මේ සඳහා භාවිතා කරනවා.

ඔයිජා පුවරුවේ ඉතිහාසය 


ඔයිජා පුවරුව ගැන ඉතිහාසය ඉතා ඈත අතීතය දක්වා දිව යනවා. ක්‍රි.ව 1100 දී පමණ, චීනයේ ලියැවුනු සොන්ග් රාජවංශයේ ඓතිහාසික ලේඛන වල තමයි මේ අමනුෂ්‍ය ආත්ම හා සන්නිවේදනය කරන පුවරු ගැන මුලින්ම සඳහන් වෙන්නේ. මෙම ක්‍රමය හැඳින්වූයේ, “ෆුජි” ලෙසයි. මෙය චීනයේ ක්වීන්ෂන් පාසල තුළ විශේෂ චාරිත්‍ර හා අධීක්ෂණයක් යටතේ මෙය නිරන්තරයෙන් භාවිතා ගනු ලැබුවා. මෙය ක්වීං රාජවංශය විසින් තහනම් කරන තෙක්ම පැවතුණා. එක් කතුවරයෙකුට අනුව පුරාණ ඉන්දියාව, ග්‍රීසිය,රෝමය හා මධ්‍යකාලීන යුරෝපයේ ද, මේ ආත්ම හා සන්නිවේදනය පැවැත් වූ මෙම පුවරු ක්‍රමය භාවීත පැවතුණා.

ඔයිජා පුවරුවේ ජනප්‍රිය වීම 

එකල එක්සත් ජනපදයේ ඇති වී තිබූ සිවිල් යුද්ධයෙන් බොහෝ පවුල්වල අයට සිය ඥාතීන් අහිමි වුනා. සිය සැමියා, පියා, පුතුණුවන්, සහෝදරයන් සහ මිත්‍රයන් ලෙස වියෝවූ ඥාතීන් සමඟ නැවත සම්බන්ධ වීම ඔවුන්ගෙන් ඇසිය යුතු දෑ බොහෝ තිබුනා. වෙන කිසිවෙකුට ලබා දෙන්න නොහැකි, මියගිය අය ආදරණීයයන් සමඟ නැවත වරක් කථාබහ කිරීමේ අවස්ථාව මේ ඔයිජා පුවරුව මඟින් ලබා දුන්න නිසා එය මිනිසුන්ට මානසික නිදහස, සැහැල්ලුව ගෙන ආවා.


ඉතින් ඒ නිසාම, 1800 ගණන් වල සිටම, මේ මෙම මළවුන් සමඟ සන්නිවේදනය කරන පුවරුව එක්සත් ජනපදය තුළ ඉතා ජනප්‍රිය වෙමින් පැවතියා. සිවිල් යුද්ධයෙන් දිවි අහිමි වූ ඥාතීන් සමඟ සම්බන්ධ වීමේ අරමුණ මිනිසුන් අතර ජනප්‍රිය කරවීමත් සමඟ එය ඉතා හොඳ ව්‍යාපාර අවස්ථාවක් බවට ද පත්වනවා. 1891 පෙබරවාරි 10 වන දින එලිජා බොන්ඩ් විසින් මේ පුවරුව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත් අතර, චාර්ල්ස් කෙනාර්ඩ් විසින් මෙය “ඔයිජා” ලෙස හැඳින්වූවා. ඔහුට අනුව, ඔයිජා කියන්නේ පුරාණ ඊජිප්තු වචනයක් වන අතර එහි තේරුම “වාසනාව” යන්නයි. 1920 වන විටදී ජනතාව අතර ඉතා ජනප්‍රිය වූ මේ ඔයිජා පුවරුව, ඉහළ ඉල්ලුමක් සහිත වෙළඳ භාණ්ඩයක් වූ නිසා එය ව්‍යාපාරිකයන්ට හොඳ ආදායමක් ද තහවුරු කළා. මේ වන විට ඔයිජා පුවරුව ඇමෙරිකානු පොප් සංස්කෘතියටත් ඇතුළත් වී හමාරයි.

කොහොමද මේ ඔයිජා පුවරුව ක්‍රියාත්මක වෙන්නේ? 

ඔයිජා පුවරුවක් භාවිතා කරන ආකාරය හරිම සරලයි. ඉංග්‍රීසි හෝඩියේ අකුරු සියල්ලත්, 0 සිට 9 දක්වා අංකත්, “YES”, “NO” යන වචනත් සමහර වෙලාවට “Hello”, “Good Bye”, යන වචන සහ තවත් විවිධ සංකේත සලකණු කරන ලද පැතලි පුවරුවක් මේ ඔයිජා පුවරු විදියට යොදා ගන්නවා. පුවරුවක් නොමැති නම් සාමාන්‍ය කඩදාසියක් ගෙන මේ සියල්ල සටහන් කර භාවිතා කරන්න පුළුවන්. ප්ලැන්චෙට් එකක් වෙනුවට කාසියක් පාව්ච්චි කරන අවස්ථාත් තියෙනවා. ඔබට යහළුවන් කණ්ඩායමක් සමඟ හෝ තනිවම සිට හෝ මෙම ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ කොහොම වුනත්, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම තමයි හොඳ වෙන්නේ.

සාමාන්‍යයෙන් මේ ඔයිජා පුවරුව ඔබ කැමති ස්ථානයක තබා වටපිටාව අඳුරු කරගන්න ඕනේ. (ටිකක් බය හිතෙන වටපිටාවක් නිර්මාණය කරගන්නයි එහෙම කරන්නේ. අනිවාර්‍යය නැහැ) ඉටි පහන් එකක් හෝ කිහිපයක් දල්වා මේ කාර්‍යය ආරම්භ කරනවා. ඊට පස්සේ මේ මේ ක්‍රීඩාවේ යෙදෙන අය ප්ලැන්චෙට් එක උඩින් තමන්ගේ ඇඟිල්ලි සැහැල්ලුවෙන් තබනවා. ඉන් පසුව ඔබට සන්නිවේදනය කරන්න අවශ්‍ය ආත්ම කැඳවනවා. ඔවුන් විසින් ඔබ නගන ප්‍රශ්න වලට අදාළ පිළිතුරු සැපයීමට පුවරුව මත තිබෙන අක්ෂර සහ අංක මතට ප්ලැන්ච්ට් එක අවශ්‍ය පරිදි ගෙන යනවා. එම අකුරු එකතුවෙන් සෑදෙන වචන මඟින් ඔබට ඔවුන් ලබා දෙන පිළිතුර දැනගන්න පුළුවන්. අවසානයේදී Good Bye, End හෝ Go යන වචන වලට ප්ලැන්චට් එක රැගෙන ඇවිත්, දැන් එම ක්‍රීඩාව අවසානයි, එම නිසා ආත්ම ඔවුන් හිටපු තැනටම ආපසු යන්නට කියා දැනුම් දී ඔවුන්ට සමු දිය යුතුයි.

සාමාන්‍යයෙන් මිනිසුන් අතර, ඔයිජා පුවරුව, දරුණු යක්ෂ ආත්ම කැඳවන හෝ ඊටත් වඩා භයානක ආත්ම ගෙන්වන ගුප්ත දොරටුවක් විදියට විශ්වාස කරන ඉතාම දීර්ඝ සම්ප්‍රදායක් තියෙනවා. ඇත්තටම මේ ප්ලැන්චෙට් එකට පැමිණෙන්නේ ඒ තරම් මිත්‍රශීලී නොවෙන භයානක ආත්මයක් නම් කුමක් සිදු වේවි ද?

ඔයිජා පුවරුව හා වාර්ථා වන සත්‍ය සිදුවීමක්

වෙරෝනිකා (2017) ලෙස නම් වන මේ චිත්‍රපටය නිර්මාණය වී තියෙන්නේ, 1991 වර්ෂයේදී ප්‍රංශයේ වැලෙක්ස් හි මහල් නිවාසයක ජීවත් වූ එස්ටෙෆානියා ගුටරෙස් ලාසරෝ නම් වූ පාසල් ශිෂ්‍යාවකට මුහුණ දෙන්නට සිද්ධ වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි.

එස්ටෙෆානියා ගුටරෙස් ලාසරෝ (චිත්‍රපටයට අනුව වෙරෝනිකා) සහ ඇගේ පවුලේ අයට, මේ ඔයිජා පුවරුව සමඟ එස්ටෙෆානියා පාසලේ දී කළ ක්‍රීඩාවකින් පසුව බිහිසුණු, අද්භූත ක්‍රියාකාරකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

එස්ටෙෆානියා විසින් යතුරුපැදි අනතුරකින් මියගිය ඇගේ මිතුරියකගේ පෙම්වතාව සම්බන්ධ කරගන්න පාසලේ දී සිය මිතුරියන් සමඟ මේ ඔයිජා පුවරුව භාවිතා කළ බව පැවසෙනවා. මේ කටයුත්තට අනපේක්ෂිත විදියට පාසලේ ගුරුවරියකගෙන් බාදා එල්ල වෙනවා. ඒ සමඟ මේ ක්‍රීඩාව නතර වූ විට, ඇය සමඟ මේ කටයුත්තේ නිරත වී සිටි මිතුරු කණ්ඩායම විස්තර කළේ ඔවුන් එස්ටෙෆානියාගේ නාසයට සහ මුඛයට යම් ආකාරයක දුමාරයක් යනු දුටු බවයි.

එතැන් පටන් එස්ටෙෆානියා ඊළඟ මාස 6ක කාලය තුළ විවිධ රෝගාබාධ වලින් සහ මායාවන් පෙනීම මඟින් පීඩා විඳින්නට පටන් ගත් බව සඳහන් වෙනවා. ඇය සිය දෙමාපියන්ට පැවසුවේ තමන් සිටින කාමරය තුළ දී ඇය “දුෂ්ඨ සෙවනැලි” දුටු බවයි. සිය දියණිය මරණයට පෙර දුටුවා කියා පැවසූ දෑ ඇගේ මව විස්තර කරන්නේ, දොරවල් වැසීම, කටහඬවල් දෝංකාර දීම්, අඳුරු සෙවනැලි රූප ආදිය යි. දෙමව්පියන් ඇයව විවිධ රෝහල් වලට ගෙන ගියත් ඇගේ මේ තත්වයට නියම හේතුවක් සොයා ගන්න වෛද්‍යවරුන් අපොහොසත් වෙනවා. 1991 ජූලි 13 වන දින එස්ටෙෆානියා විසින් ඇගේ සොහොයුරිය වෙන මාරියානෙලාට බිම වැටී කටින් පෙන එන තෙක්ම දරුණු විදියට පහර දෙනවා.

ඇගේ මේ හැසිරීම් ගැන සහ ඇගේ සෞඛ්‍යය ගැන දැඩි ලෙස අවදානයෙන් සිටි ඇගේ දෙමව්පියන් ඇයව වහාම රෝහල් ගත කරනවා. 1991 ජූලි මස 14 වන දා ශරීරය දරඳඬු වෙලා කෝමා තත්වයෙන් රෝහල් ගත වූ එස්ටෙෆානියා එදිනම රාත්‍රියේ මිය යනවා. රෝහලේ මරණ පරීක්ෂණයේ දී සැක සහිත මරණයක් ලෙස සඳහන් වූ ඇගේ මරණයට හරිහැටි හේතුවක් අද වන විටත් සොයාගෙන නැහැ.

එස්ටෙෆානියාගේ මරණෙන් පසුව ඔවුන්ගේ නිවස තුළ සිදු වන අමනුෂ්‍ය ක්‍රියාකාරකම් ඉහළ ගිය බව ඇගේ දෙමාපියන් වාර්ථා කරනවා. මේ නිසා, නිවස පරීක්ෂා කිරීම සඳහා පොලීසිය කැඳවූ විට පොලිස් නිලධාරීන්ට පවා මේ නිවස තුළ දී උෂ්ණත්වයෙහි විශාල ලෙස පහත වැටීමක් දැනුන බවත්, කොඳුරනවාක් මෙන් දැනෙන කටහඬවල් ඇසුන බවත්, බිම වැටී තිබුණු කුරුසයක් හමුවූ බව සහ එය කලින් එල්ලා තිබූ බිත්තිය නියපොතු පහරවලින් සූරා තිබූ බවත් ඒ පොලිස් වාර්ථාවල සත්‍ය ලෙසින්ම සඳහන් වෙනවා.

මේ සිදුවීම පාදක කරගෙන නිමවුන “වෙරෝනිකා” චිත්‍රපටය මීට ටිකක් වෙනස් කථාවක් තමයි ගෙන එන්නේ. ඒ කොහොම වුනත්, එස්ටෙෆානියාගේ මේ ඛේදජනක මරණය හා අනෙකුත් අත්භූත සිදුවීම් වලට හේතුව මේ ඔයිජා පුවරුව ලෙස සැලකුනත් එයමද එකම හේතුව නැතිනම් වෙනත් හේතුවක් තිබෙනවා ද යන්න තාමත් අභිරහසක්.😳

ඔයිජා බෝඩ් ක්‍රීඩාවේ යෙදීමට හිතන්නත් පෙර බැලි යුතු චිත්‍රපට 5

මෙම ඔයිජා පුවරු වලට කළ හැකි භයානක දේ හරියටම ඔබට ඉගැන්වන චිත්‍රපට කිහිපයක් සලකා බලමු. මෙහි ඇති වීශේෂත්වය වන්නේ සමහරක් චිත්‍රපට සත්‍ය සිදුවීම් මත පදනම්ව තිබීමයී.

1.) OUIJA 2014

ඔයිජා පුවරුවක් පුළුස්සා දැමීමෙන් පසුව ඩෙබී හදිසියේම මිය යයි. ඇගේ මිතුරෝ ඩෙබීගේ ආත්මය සමඟ එම ඔයිජා පුවරුව භාවිතයෙන් සන්නිවේදනය කිරීමට තීරණය කරති. එතැන් සිට ඇරඹෙන බිහිසුනු සිදූවීම් මාලාවත් සමග මෙහි කතන්දරය නිර්මාාණය වී ඇත.

2.) THE EXORCIST, 1973

මෙම සම්භාව්‍ය චිත්‍රපටය ත්‍රාසජනක ප්‍රභේදය නව තලයකට රැගෙන යයි. 12හැවිරිදි රේගන් ඔයිජා පුවරුවක් සමඟ සෙල්ලම් කරන විට, ඇයට නව මිතුරෙකු මුණගැසෙයි, ඇය ඔහුව කැප්ටන් හෝව්ඩි ලෙස හදුන්වයි. කැප්ටන් හොව්ඩි ඇත්ත වශයෙන්ම “යක්ෂයා” වන අතර ඇයව කුරුසපතකින් ස්වයං වින්දනය වැනි බිහිසුණු දේවල් කරයි.

3.) PARANORMAL ACTIVITIES, 2009

මෙය ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයකි. එය කේන්ද්‍රගත වන්නේ තරුණ යුවළක් (කේටි ෆෙදර්ස්ටන් සහ මීකා ස්ලොට්) සහ ඔවුන්ගේ නිවසේ හොල්මන් කරනු ලබන අද්භූත බලපෑම් රාශියක් මතයි. පසුව ඔවුන් හොල්මන් කරන දේ ලේඛනගත කිරීම සඳහා කැමරාවක් සකස් කරන අතර තව දුරටත් තම නිවසේ ආත්ම වලට ඔයිජා පුවරුවක් හරහා මුහුණ දීමට උත්සාහ කරන අතර පසුව පුවරුව ගිනි ගනී.

4.) EXILCISM OF EMILY ROSE, 2005

සත්‍ය සිදුවීම් මත පදනම් වූ මෙම චිත්‍රපටයට ඔබව සදහටම ඔයිජා පුවරු සඳහා බිය ගැන්වීමේ හැකියාවකින් යූක්ත වේ. 19හැවිරිදි එමිලි රෝස් මිය ගිය පසු,නොසැලකිලිමත් මිනීමැරුමක් සම්බන්ධයෙන් ඇගේ පූජකයා අත්අඩංගුවට ගනු ලැබේ. රෝස් අපස්මාරය හා මනෝ ව්‍යාධියෙන් පෙළෙන බව ජූරි සභාවෙන් කියැවුණත් අද්භූත දෙයක් මෙහි සිදුවෙමින් පවතියි. කෙසේ නමුත් සැබෑ ජීවිතයේ දී,ඇනලීසි මයිකල් 1976 දී අබිරහස් ලෙස රෝගාතුර වී බහුවිධ භූතවාදයට ගොදුරු වීමෙන් පසු මිය ගියේය.

5.) VERONICA, 2017

🙂මෙය ලිහිල්ව පදනම් වී ඇත්තේ 1991වොලෙකාස් සිද්ධියේ එස්ටෙෆානියා ගුටීරෙස් ලාසරෝ ඔයිජා පුවරුවක් භාවිතා කිරීමෙන් පසු අබිරහස් ලෙස මිය ගිය සිද්ධිය මතයි. සූර්යග්‍රහණයක් අතරතුර, තරුණ වෙරෝනිකාට සහ ඇගේ මිතුරන්ට අවශ්‍ය වන්නේ වෙරානිකාගේ පියාගේ ආත්මය ඔයිජා පුවරුවක් භාවිතා කර කැඳවීමට ය. කෙසේ වෙතත්, සංවාදය අතරතුර ඇයට සිහිය නැති වන අතර නපුරු ආත්ම ඇය වෙත පැමිණ ඇති බව ඉතා ඉක්මනින් පැහැදිලි වේ.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments