හිතාගන්න බැරි වේගයෙන් මුත්‍රා මාර්ගයට රිංගන ලොව භයානකම මාලුවා


ඔබ ගංගාවක හෝ දොලක නාන විට මාලුවෙක් ඔබේ මුත්‍රා මාර්ගයට ඇතුලු වුනොත් මොකද වෙන්නෙ කියල කවද හරි හිතිල තියෙනවද? නැත්නම් එහෙම කරන මාලු ලෝකයෙ ඉන්න බව කලින් අසා තිබුනාද? ඇත්තටම එහෙම මාලුන් විශේෂයක් ඉන්නව. මේ මත්ස්‍ය විශේෂය හදුන්වන්නේ Candirus යන නමින්. 

කැන්ඩිරු කියන මේ මාලුන් විශේෂය සෙන්ටිමීටර 40ක් පමණ දක්වා දික්විය හැකි ඇමේසන් නදිය ආශ්‍රිතව ජීවත් වන හරිම විශේෂ මාලුන් වර්ගයක්. සාමාන්‍ය දිග සෙන්ටිමීටර 17ක් විතර වනවා. කුඩා උනාට මේ මාලුවා මිනිසෙකු මරණයට පත් කිරීමට තරම් හැකියාවක් ඇති මාලුවෙක්. මේ මාලු වර්ගය ඇත්තටම කැට් ෆිෂ් වර්ගයේ කුඩා ප්‍රබේදයක්. මොවුන් ජලයේ බැස සිටින පුද්ගලයන්ගේ මුත්‍රා මාර්ගයට ඇතුල් වීමේ හැකියාවක් ඇති මාලුන් කොටසක්. 



මේ මාලුන් එහෙම කරල මිනිසුන්ව මරල වගේම කෝමා තත්වය ඇතිවන ආසාද්මිකතා පවා ඇති කරල තිබෙනවා. ගොඩක්ම මෙම මාලුන්ගෙන් තර්ජනය තියෙන්නේ කාන්තාවන්ට. මෙලෙස ඔවුන් කාන්තාවන්ගේ ලිංග ඉන්ද්‍ර තුලට රිංගල හානි කරපු අවස්තා ඕණෑ තරම් වාර්තා වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි පුරුෂයන්ගෙ ලිංග ඉන්ද්‍රය තුලට ඇතුල්වුනු අවස්තාත් වාර්තා වනවා. ඉතාමත් වේගයෙන් ඔවුන්ට මෙලෙස ඇතුල්වෙන්න හැකියාව තියෙනව කියලත් සොයාගෙන තිබෙනවා.

ඇමේසන් නදිය කියන්නෙ හරිම පුදුමාකාර තැනක්. ඉතිං ඒවගේ තැනක මේවගේ සතුන් ඉන්න එක පුදුමයට කාරනයක් නෙමෙයි. නමුත් මේ කුඩා මාලුව ඒ අතරින් විශේෂයි. මොවුන්ගේ මේ හැකියාව නිසා ඔවුන් මිරිදියේ හමුවන භයානකම මසුන් විශේෂය කියලත් සමහර වෙබ් අඩවි හදුන්වා දෙනවා. 

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments