සීගිරියේ නොදුටු අභිරහස්..


සීගිරිය කියන්නේ අභිරහස් පිරුණු තැනක්. ඒ අභිරහස් අතරින් සමහර දේවල් මතයන් පමණක් වෙන අතරේ සමහර දේවල් අපිට ඔප්පු කල හැකි දේවල්. ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ ඕනෙම කෙනෙක්ට හොඳින් නිරීක්ෂණය කලොත් පැහැදිලිව පෙනෙන ඒ වගේ අභිරහසක් විසඳගන්න මුලක් වෙන්න පුළුවන් විදියේ කාරණාවක්.

සීගිරියේ පර්වතය ඇතුලෙන් දොරටුවක් තිබ්බ කියල සීයා කෙනෙක් කරන පාපොච්චාරණයත් එක්කම ඒ ගැන විවිධ අදහස් මතු වෙන්න පටන් ගත්ත. එක එක මත ඉදිරිපත් වෙන්න පටන් ගත්ත.

කොහොම වුනත් ඇතැම් මතයන් ප්‍රයෝගික වෙද්දී තවත් සමහර මත නිකන් සුරංගනා කතා වගේ වුනා. නමුත් අදටත් ඇති බහුතරයක් පිළිගන්න දෙයක් තමයි (ඔප්පු වී නැතත්) සීගිරිය පර්වතය අභ්‍යන්තරයෙන් දොරටුවක් තියෙනවා කියන එක.

අපි මුලින්ම බලමු ඇයි පර්වතය ඇතුලෙන් දොරක් තිබ්බා නම් තියෙන්න ඇත්තේ කියල.

මෙතැනදී රාවණා යුගය කාශ්‍යප යුගය කියල වෙන වෙනම නොයා සීගිරියේ මූලික භාවිතය ගැන කතා කරමු.

දැනට විශ්වාස කරන ආකාරයට රාවණාගේ සහෝදර (එක කුස නොවන) කුවේර සහ කාශ්‍යප සීගිරිය භාවිතා කරලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මේක කාටද අයිති කියන දේ නෙමෙයි. ඇයි කියන එකයි. මේ දෙන්නම සීගිරිය භාවිතා කලේ ආරක්ෂාව පිණිස. ඉතින් අපිට වැදගත් වෙන්නේ ඒ කාරණය මිසක කවුද හැදුවේ කාටද අයිති කියන දේ නෙමෙයි මේ කාරණාවේදී. ඉතින් ආරක්ෂාව පිණිස භාවිතා කරපු ස්ථානයක ගලක් පිටතින් උඩට නගිනවා කියන්නේ ආරක්ෂාව කියන දේ එක්ක කොහෙත්ම ගැලපෙන දෙයක් නෙමෙයි.

අනිත් කාරණාව මේ දෙන්නම රජ්ජුරුවෝ. රජ්ජුරුවෝ කෙනෙක් දාඩිය පෙරාගෙන ගලක් බඩගායි කියල හිතන්න කොහෙත්ම බෑ.

අනික පිටතින් යම් පඩි පෙළක් වගේ දෙයක් තිබුන නම් සතුරන්ටත් ඒ පඩිපෙළ භාවිතා කරන්නත් ඒ වගේම ඒ පඩි පෙළ විනාස කරලා දැම්මම උඩ ඉන්න කිසිම කෙනෙක් බිමට එන්න බැරි වෙන්නත් කියන අවැසි දෙකම තියෙනවා.

ඉතින් සරල දැනීමෙන් සහ බුද්ධියෙන් මේ කරුණු තුනෙන් එකක් හෝ තියෙනවා නම් රජෙක් එහෙම භාවිතා කරා කියන්න අමාරුයි.

එහෙනම් උඩට ගියේ කොහොමද?

අන්න එතැනදී තමයි අර සීයා කියපු පර්වතය ඇතුලෙන් තියෙන දොර කතා බහට එකතු වෙන්නේ.

ඉතින් මේ දොරටුවක් තිබ්බා නම් ඒ කොහෙන්ද? මොනවද අපිට සාමාන්‍ය නිරීක්ෂණය මගින් එහෙම දොරටුවක් තිබ්බ කියල කියන්න පුළුවන් සාධක.

මෙන්න පලවෙනි සාධකය.

ඔබට පින්තූරයේ පෙනෙන්නේ සීගිරියේ සිංහ පාදයට යන්න කලින් හම්බෙන දොරටුවක්. ගොඩක් අය දැකලත් ඇති දැකල නැතුවත් ඇති. මොකද මේ දොරටුව මග ඇරලා කෙලින්ම සිංහ පාදයට යන්න දැන් පාරක් තියෙන නිසා ගොඩක් අය භාවිතා කරන්නේ ඒ දොරටුව.

මේ දොරටුව ඇයි මෙහෙම කියල ලොකු විස්තරයක් ඉදිරිපත් කරන්න යන්නේ නෑ මෙතැනදී අපිට වැදගත් වෙන්නේ දොරටුවේ භාහිර ලක්ෂණ පමණක් නිසා. (නමුත් මේ දොරටුව මෙහෙම තියෙන්න විශේෂ හේතු තියෙයි)

හොඳින් බලන්න දෙපෙත්තේ තියෙන ගල් කුළු දෙකක් එකට ගැටිලා තමයි මේ දොරටුව නිර්මාණය කරලා තියෙන්නේ කෘතිමව. ඒ දෙපැත්තේ තියෙන ගල් කුළු දෙකේ උඩින් කටාරම් කොටලා තිබුනත් දොරටුව උඩින් කටාරමක් නෑ. නමුත් වම් පැත්තේ ගල් කුලේ ඔබට පෙනෙනවා ඊට යටින් තවත් කටාරමක් කොටා ඇති බව. (දකුණු පැත්තේ ගලෙහිද තිබුනත් එය එතරම් පැහැදිලි නැත) 


දැන් දකුණු පැත්තේ ඇති සිංහ පාදය අසල පින්තූරය දෙස බලන්න. ඒ ලක්ෂණ සියල්ලම ඒ විදියටම ඔබට පෙනෙනවා ඇති.

දෙපෙත්තෙන් ඇති කටාරම් මැදින් නැවතී නැවතත් ඊට පහලින් අලුත් කටාරමක් ඇති බව.

එය පැහැදිලිව දෙවැනි පින්තූරයෙන් පෙනේ. එහි නිල පැහැයෙන් රවුම් කර ඇත්තේ පහලින් ඇති කටාරමයි.

එසේ නම් මේ සරල නිරීක්ෂණය මගින් මෙහි දොරටුවක් තිබු බවට තාර්කික මතයක් ගෙන ආ හැකිය.

නමුත් මෙහිදී තවත් ගැටළු කිහිපයක් විසඳා ගත යුතුව ඇත.


එනම් කහ පැහැති ඊ තලයෙන් පෙන්වා දී ඇති බ්‍රිතාන්‍ය ජාතිකයා වාඩි වී සිටින ස්ථානයේ ඇති විශාල කැපුම් මොනවාද? රතු පැහැති ඊතල මගින් පෙන්වා ඇති ඉහල සිට පහලට කර ඇති කැපුම් මොනවාද ? (වර්තමාන පිළිගැනීම එය පඩිපෙලක් ලෙස භාවිතා කරන ලද්දක් බවයි. අභ්‍යන්තර දොරටුවක් තිබුනා නම් පඩි පෙළක් ලෙස භාවිතා කළා යයි යන්න අසත්‍යක් බවට ඔප්පු වේ)

ප්‍රධානම ගැටළුව නම් මෙහි දොරටුවක් තිබ්බා නම් එය සීගිරිය පර්වතය මතට අනිවාර්යෙන්ම සම්බන්ධ වී තිබිය යුතුය. එසේ නම් එය සම්බන්ධ වන්නේ කොතනින්ද? එය අද වෙන තෙක් හමු වී නැත්තේ ඇයි?

මේ පිළිබඳව ඉදිරි ලිපියේ සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමි.

ඉතින් අපේ පර්යේෂණාත්මක ගවේෂණ කණ්ඩායම කැමතියි නම් මෙන්න අපේ ගවේෂණය පටන් ගන්න හොඳම තැන. ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. බහුතරය එකඟයි නම් අපි මේ පිළිබඳව සොයන්න යමු.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments