ලෝකයේ භයානකම සුනඛයින් 7 දෙනෙක් ගැන විස්තර

1. Pitbull


ලෝකේ භයානකම බල්ලොන්ගෙන් එකට වගේ ගන්න පුළුවන් කට්ටියක් තමයි මේ. මෙයාලගෙ ඉතිහාසය ගත්තොත් පිට්බුල් මුතූන් මිත්තන් පැවත එන්නෙ බ්‍රිතාන්‍ය දූපත් වලින්. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් තියෙන මෙයාලා ගොඩක් බුද්ධිමත් කොට්ඨා​සයක්. ඒ කියන්නෙ යමකට පුහුණු කරලා ගන්න පුළුවන් කට්ටියක්.

මෙයාලගේ ආයුකාලේ නම් අවුරුදු 8-15ත් අතර වගේ තමා තියෙන්නෙ. ඒ වගේම ගොඩක් මුරණ්ඩු, ශක්තිමත්, ධෙර්‍යසම්පන්න බල්ලො වෙන මෙයාලාට ආදරෙන් හැදුවොත් ගොඩක් කීකරුව ආදරෙන් ඉන්​න ජාතියක්. අන් අය එක්​ක මිත්‍රශීලී වෙන්න කැමතියි. මෙයාලගෙ හොඳින් වැඩුණු පිරිමි සතෙක්ගෙ බර සාමාන්‍ය​යෙන් කිලෝ 16-30ත් අතර පිහිටනවා වගේම ගෑණු සතෙක්ගෙ බර කිලෝ14 – 27ත් අතර ප්‍රමාණෙක තියනවා. උස ගත්තොත් පිරිමි සත්තු 44-53cm හා ගෑණු සත්තු 43-50cm අතර වගේ තමයි උස යන්නේ. මෙයාලා කළු, සුදු, දුඹුරු වගේ පාට වලින් ඉන්නවා.

2. Rottweiler


ජර්මන් සම්භවයක් තියෙන මේ කට්ටිය ගෘහස්තව ඇති කරන්න පුළුවන් බල්ලො ජාතියක්. ජර්මනියේ ෆාම් වල කටයුතු වලට හා  මස් වෙළෙඳපොළට ප්‍රවාහනය කරන කරත්ත ඇදගෙන යන්න තමයි ඉස්සර මේ බල්ලන්ව යොදාගෙන තියෙන්නෙ. මෙයාලගෙ ආයු කාලෙනම් අවුරුදු 8-10 වගේ කෙටි කාලයක් තමා තියෙන්නෙ.මෙයාලගේ ලක්​ෂණ ගත්තොත් හරිම නිර්භීත බල්ලෙක්. ඒ වගේම ගොඩක් දරුණු වෙන්න පුළුවන් විදියට මෙයාව හදන්න පුළුවන්. ගොඩාක් ආදරේ දීලා හැදුවොත් තමන්ගෙ ස්වාමියාට ගොඩක් ආදරේ වෙන කෙනෙක්. සාමාන්‍ය​යෙන් රොට්වයි​ලර් පිරිමි සතෙක්ගෙ උස 61-69cm අතර හා ගැහැණු ස​තෙක්ගේ උස 56-63cm අතර තමා පිහිටන්නේ. බර ගත්තොත් ගැහැණු සතෙක් 35-48kg හා පිරිමි සතෙක් 50-60kg අතර වෙනවා. රොට්වයි​ලර්ලා ​ළමයින්ට ගොඩක් දරුණුයි කිව්වට ඊට වඩා ​ළමයි දැක්කම දරුණු වෙන බල්ලො ඉන්නවා හො​ඳේ. වර්තමාන​ය වෙනකොට ගෙවල් වල ඇති කරන්න ගන්නවා වගේම සාර්ථකව පුහුණු කරලා පොලිස් රාජකාරි වලට වගේම ඔවුන්ගේ බුද්ධිය උපයෝගී කරගෙන සන්නද්ධ ක්‍රියාකාරකම් වලට යොදාගන්නවා.

3. German Shepherd


හරිම හැන්ඩ්සම් බල්ලෙක් තමා මේ. මෙයාලගේ නමේ තියන විදියටම මෙයාලා පැවත එන්නෙ ජර්මනියෙන්. විශාල ප්‍රමාණයේ වැඩ වලට උපයෝගී කරගන්න තමා මෙයාලව හදලා තියෙන්නෙ. දැන් නම් මෙයාලා ගොඩක් ​පොලිසියට සහය වෙන්න, ගලවාගැනීම් වලට සහය වෙන්න යොදාගන්නවා. පුහුණු කළාම හො​ඳට කීකරුව ඉන්න බල්ලෙක් තමයි මේ. ඒ වගේම මෙයාලගෙ බුද්ධිමත්කම හා මතක ශක්තිය වැඩි නිසා මෙයාලව නිරීක්ෂණ හා සෙවීම් කටයුතු වලටත් යොදාගන්නවා. ඒ වගේම ගෙදර ඇති කරන්නත් හො​ඳම වර්ගයක් තමයි මේ. එයාලා එයාගෙ පවුල කරදරේකදි රැකගන්න උත්සහ කරන කට්ටියක්. ඒ කියන්නෙ තම ස්වාමියාට හිතැති බල්ලෙක් කියන එක තමා. සාමාන්‍ය​යෙන් කලු හා ලා දුඹුරු පැහැයෙන් තමා මෙයාලා ඉන්නේ. හොඳින් වැඩුණු ගැහැණු සතෙක්ගේ බර  කිලෝ 22-33 අතර තියෙන්නේ. ඒ වගේම පිරිමි සතෙක්ගේ බර කිලෝ 30-40 වගේ ප්‍රමාණයක් ගන්නවා. උස ගත්තොත් පිරිමි සත්තු අඟල් 26ක වගේ උසකටත් ගැහැණු සත්තු අඟල් 24ක වගේ උපරිමයකටත් උස යනවා. මෙයාලගේ ආයු කාලේ නම් අවුරුදු 9ත් 12ත් අතර වගේ තමා තියෙන්නෙ.

4. Dobermann Pinscher


මෙයාලත් ජර්මානු සම්භවයක් තියන කට්ටියක් තමා. බලන් ගියාම ලෝකේ වසම සහ දරුණුම බල්ලො බිහිවෙලා තියෙන්නෙ ජර්මනියෙන් කිව්වත් වරදක් නෑ ඉතින්. දිග පාද තියන මෙයාලා ගොඩක් ශක්තිමත් කට්ටියක්. ප්‍රධාන ලෙසම ආර​ක්ෂක සුනඛයෙක් විදියට තමයි මුලින්ම මෙයාලව පාවිච්චි කරලා තියෙන්නෙ. රොට්වයි​ලර්, ජර්මන් පින්චර්, ටෙරියර් වර්ගයේ බල්​ලන්ගේ එකතුවකින් හැදුනු වර්ගයක් කියලත් විශ්වාස කරනවා. ශක්තිමත් වගේම බුද්ධිමත් බල්ලෙක් කියලා හඳුන්වන මේ වර්ගය  පොලිස් රාජකාරි වලට යොදාගන්නවා. මෙයාලා කලු, සුදු හා දුඹුරු පැහැ වලින් ඉන්නවා. සාමාන්‍ය උස පිරිමි සතෙක්ගේ 66-72cm හා ගැහැණු සතෙක්ගේ 61-68cm අතර වෙනවා. බර නම් සාමාන්‍ය​යෙන් කිලෝ 45ක උපරිමේකට පිරිමි සතුනුත් කිලෝ 35ක් වගේ බරකින් ගැහැණු සතුනුත් ඉන්නවා. මෙයාලට හොඳට ට්‍රේන් කළේ නැත්තන් ගොඩක් දරුණු වෙන්න පුළුවන් කට්ටියක්. හැබැයි හොඳ ආදරණීය විදිහට හැදුවොත් ගෙදර හුරතලේට හදන්නත් පුළුවන්. හැබැයි මෙයාලා එක පුද්ගලයෙක්ට විතරයි කන්ට්‍රෝල් කරන්න පුළුවන්.

5. Bullmastiff


කැඩිච්ච පෙට්ටියක වගේ මූණක් තියන මේ කට්ටිය පැවත එන්නෙ එංගලන්තයෙන්. අතීතයේ වතු ආරක්ෂාව​ට යොදවලා තියපු මෙයාලා ස්වාමියාට ඉතා විශ්වාසවන්​ත, පක්ෂපාතී වගේම ආදරණීය කට්ටියක්. හැබැයි ඒ වගේමයි දරුණු උනොත් ගොඩක් ප්‍ර​බල ශක්තිමත් කට්ටියක්. කුඩා දරුවන් එක්ක උනත් හදන්න පුළුවන් බල්ලෙක්. ඒ කියන්නෙ කුඩා අයට ගොඩක් හිතවත්ව හදන්න පුළුවන් කට්ටියක්. දරුවාට අනතුරක් වීමට කොහෙත්ම ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒකනේ මෙයාලා ආරක්ෂ​ක බල්ලො කියලා කියන්නේ. මෙයාලාගේ ආයුකාලේ නම් වසර 8-10ක් අතර වගේ තියෙන්නෙ. ලා දුඹුරු හා අලු පැහැයෙන් ගොඩක් ඉන්නේ. සාමාන්‍ය​යෙන් පිරිමි සතුන්ගේ බර කිලෝ 50-59 අතර පිහිටන්නේ. ගැහැණු සතුන්ගේ බර කිලෝ 44-54  වගේ වෙන්නෙ. උසින් නම් මෙයාලා උපරිම 68cmක් වගේ තමයි උස යන්නේ.

6. Siberian Husky


හරි ලස්සන පෙනුමක් තියන සයිබීරියන් හස්කි වර්ගය නමේ හැටියටම පැවත එන්නෙ සයිබීරියාවෙන්. මෙයත් ලෝකේ භයානකම සුනඛයෝ ලිස්ට් එකට වැටෙන බල්ලෙක් තමා. කලු, සුදු, අලු, තඹ දුඹුරු වැනි පාට වලින් ඉන්න මෙයාලා අනික් බල්ලො එක්ක මිතුරු උනත් ​ළමයි එක්ක දාලා ඉන්නකොට නම් පොඩ්ඩක් සැ​ලකිලිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් සුනඛයො ගොඩට දාන්න පුළුවන් තවත් බල්ලෙක් තමයි මෙයත්. හරිම ක්‍රියාශීලියි ඒ වගේම ශක්තිමත් බවෙන් යුක්තයි. මෙයාල​ගේ ආයුකාලය අවුරුදු 12-14ක් වගේ වෙනවා. ඒ වගේම ඝන ලෝම තට්ටුවකින් ශරීරයම වැහිලා තියෙන්නෙ. මෙයාලා සාමාන්‍ය​යෙන් 60cm උසකට පිරිමි සත්තුත්, 56cm වගේ උසකට ගැහැණු සත්තුත් ඉන්නවා. බර නම් උපරිමය කිලෝ 23-27ක් වගේ තමා වෙන්නෙ.

7. Boxer


මේ බල්ලෝ දඩයම් සඳහාම පුහුණු කරන ලද බල්ලො වර්ගයක්. ඒ වගේම ගොඩක් ශක්තිමත් හනු තියන විශේෂයක් විදියට තමා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. මෙයාලත් දරුණු ග​ණයේ බල්ලන්ගෙ ලිස්ට් එකට ඇතුල් වෙලා තියෙන්නෙ ​ළමයින්ට ගොඩක් දරුණු වෙන නිසාමයි. ඒ වගේම ශක්තිමත් හනු වලින් අල්ලගත් දෙයක් අතාරින්න ගොඩක් අමාරු වෙනවා. මෙයාලා නිතර නිතර ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන් කට්ටියක්. පුරුදු කරලා ගත්තොත් ආරක්ෂාව සඳහා වගේම දඩයමටත් කදිම බල්ලෙක්. මෙයාලගේ උස සාමාන්‍යයෙන් ගැහැණු සතෙක්ගේ 53-61cm ප්‍රමාණයකටත් පිරිමි සතෙක්ගේ 56-64cm ප්‍රමාණයකටත් වගේ වෙනවා. බර ගත්තොත් උපරිමය කිලෝ 37ක් පිරිමි සතෙක්ගෙත්, කිලෝ 32ක උපරිමයකට ගැහැණු සතෙක්ගෙත් වර්ධනය වෙනවා. ස්වභාවයෙන්ම සියුම්, කෙටි ලෝම තට්ටුවක් තමයි මෙයාල​ට තියෙන්නෙ. අවුරුදු 9-15ත් අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments