ඔයා කවුද? - Who are You?

මේ ලෝකේ ජීවත් වෙන විදිහ එහෙමත් නැත්තං personality type එක අනුව මනෝවෛද්‍ය වරු බෙදලා තියෙනවා මිනිස්සු ප්‍රධාන කොටස් හතරකට මෙන්න මෙහෙම,

1. Introvert 

2. Extrovert 

3. Ambivert

4. Omnivert

1.Introvert 

මේ වර්ගෙට අයත් මිනිස්සු හරි silence..තනියෙන් ඉන්න කැමතී..පිට සමාජෙත් එක්ක connection එකකට යන්නේ නැති තරම්..උදාහරණෙකට පාටියක් ගන්න මේ අය ක්ශනික missing වෙන්නම තමයි බලන්නේ.හිටියත් මිතුරන් ඉන්නේ අතලොස්සක්..සීමා සහිතයි..මේ සීමාසහිත බව ඒ ගොල්ලන්ට සැනසීමක් ශක්තියක්(energy)එකක් ගෙනත් දෙනවා..ප්‍රශ්නයක් ආපුවම තනියෙන්ම විසදගන්න..තනියෙන් බීච් එකේ ඇවිදින්න..තනියෙන් ලෝකේ discover කරන එකට මේ ගොල්ලෝ හරි ආසයි..අනික මේ වගේ කෙනෙක්ගේ හිතේ ඇතුලේ තියෙන දෙයක් ගන්න හරිම අමාරුයි..යම් මොහොතක කතා කලොත් කතා කරන්නෙත් ගැඹුරු මාතෘකාවක් ගැන..අවාසනාවකට වගේ අපිට මේ ලගදි නැතිවුන නලුවා(Sushant Singh Rajput) introvert කෙනෙක්..

2.Extrovert 

මේ වර්ග හරී සද්දෙයි..සමාජශීලී..introvert කෙනෙක්ගේ ගති ලක්ෂණ වලට හාත්පසින්ම වෙනස්..හරිම talkative..ඒ ගොල්ලන්ට තව කෙනෙක් එක්ක කතා කරනකන් සිහියක් නෑ..ඒ තරමට මෙයා හරි ආසයි සාමජශීලි වෙන්න..මේ ගොල්ලන්ගේ හිතේ energy එක උපරිම වෙන්නේ ඒ වෙලාවට..මේ ගත කරපු quarentine කාලේ ගෙදර ඉන්න එක මේ ගොල්ලන්ට හරිම වේදනාවක්...(ඒක introvertලා පැත්තෙන් ගත්තොත් ගෙදරට වෙලා ඉන්න Nothing)..මේ ගොල්ලන්ට ගොඩක් මිත්‍රයෝ ඉන්නවා..මේ අයගේ පුරුද්දක් තමයි වැඩක බැස්සොත් කරලා දාන එක..වැඩිය හිත හිත ඉන්නේ නෑ...

3.Ambivert 

ලෝකේ ගොඩාක් මිනිස්සු අයිති වෙන්නේ මේ ඝනයට..මේ අය අර උඩ කිව්ව දෙකේ mix එකක්..introvert ගති වගේම extrovert ගතිත් තියෙනවා..

4.Omnivert

මේ ඝනය ටිකක් වෙනස්..ambrovert විශේෂයක් කියලත් කියන්න පුලුවන්...ඒ වුනාට මේ වර්ගයේ මිනිස්සු ඒ ඒ විශේෂ අවස්ථාවට අදාලව මෙයාලට දැනෙන විදිහට එයා introvert කෙනෙක් එහෙමත් නැත්තං extrovert කෙනෙක්ගෙර් හැසීරිම් ලක්ෂණ පෙන්නනවා.

උපුටා ගන්නා ලදී...

(මුල් අයිතිය කතෲ සතුයි)


Post a Comment

0 Comments