සෑම ගොඩබිමකටම ඈතින් පිහිටි ලොව හුදකලාම ගොඩබිම - Tristan da Cunha

පෘථිවියේ අනෙක් ගොඩබිම් හා සාපේක්ෂ වඩාත්ම දුරින් පිහිටි භූමියේ නිවාඩුවක් ගතකිරීමට ලැබුණ හොත් හුදකලාවීමේ අත්දැකීම උපරිමයෙන් ලබාගැනීමට හැකිවනු ඇතැයි ඔබට හැගීයා හැක. Tristan da Cunha සැලකෙන්නේ මෙලෙස අනෙක් ගොඩබිම් හා සාපේක්ෂව පෘථිවියේ ඈතින්ම පිහිටි භූමිය ලෙසයි.


 Tristan da Cunha දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි බ්‍රිතාන්‍ය භූමියක් වන Saint Helena වට අයත් දූපතකි. සැතපුම් 8ක් පමණක් පළල භූමියක් ඇති එහි දැනට පවුල් 70ක පමණ වැසියන් 270කට ආසන්න පිරිසක් ජීවත් වෙයි. එහි අවන්හල් නොමැත, ක්‍රෙඩිට් කාඩ් පහසුකම් නොමැති අතර වෙරල තීරය පවා පිහිණීමට සුදුසු නොවන බව වාර්තා වේ. සෑම මසකම 17ත් 26ත් අතර කාලය තුල දූපතට වර්ෂාව ලැබේ. මෙහි ඇති ලාක්ෂණික පිහිටීම නම් දූපත මධ්‍යයේ පිහිටා ඇති යෝධ ගිනි කන්දකි. 

Tristan da Cunha සිට කිසිදු ගොඩබිමකට පහසුවෙන් ලගාවිය නොහැක. දූපතේ සිට ආසන්නම ගොඩබිම පිහිටා ඇත්තේ සැතපුම් 1743ක් දුරිනි. ඒ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරයි. දූපත තුල ගුවන් ගමන් පහසුකම් නොමැති බැවින් බෝට්ටුවකින් එහි ගමන් කිරීමට දින 7ක් ගතවන බව පැවසේ. දූපත් නිතර මීදුමෙන් වැසෙන, සුළං සහිත පටු මාවත් ඇති ඉතා නිස්කලන්ක පරිසරයකට හිමිකම් කියයි. නිදහසේ ඔබමොබ යන එළදෙනුන් ,අර්තාපල් වගාවන් දූවට අමුතුම සුන්දරත්වයක් ගෙන දී ඇත. දිවයිනටම එක් සිල්ලර වෙලදසැලක්  ඇති අතර විශේෂ ඇනවුම් මාසයකට පමණ පෙර ඇනවුම් කලයුතුය. දිවයිනට එක් රෝහලක් ඇති අතර එක් වාට්ටුවක්, ශල්‍යාගාරයක්, එක්ස් කිරණ පහසුකම් හා දන්ත ශල්‍යාගාරයකින් එය සමන්විත වේ. විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් දකුණු අප්‍රිකාවට හෝ එක්සත් රාජධානියට ගෙන යා යුතුය. භාණ්ඩ හා ලිපි රැගෙන නව්කාවක් පැමිණෙන අතර අයහපත් කාලගුණය නිසා බොහෝවිට දූපතට ගොඩබැසීම ප්‍රමාද විය හැක.

Tristan da Cunha මුලින්ම ඇසගැටී ඇත්තේ 1506දී ඉන්දියාව කරා ගමන් කල පෘතුගීසි අද්මිරාල් වරයෙකු වූ Tristão da Cunha ගේ නව්කාවටයි. ඔහු මෙම දූපතට Ilha de Tristão da Cunha ලෙස නම් තැබූ බව වාර්තා වේ. 1509 සිට පෘතුගීසි ලෝක සිතියම් වලත් 1541දී Mercator විසින් නිර්මාණය කල ලෝක සිතියමේද එය සලකුණු කොට තිබුණි. 1810 දී කේප් ටවුන් සිට මෙම දූපතට ජනයා සංක්‍රමණය වූ බව සදහන් වේ. 1961 දී හා 2001 දී දූපත කුණාටු හා වෙනත් ස්ව්භාවික විපත් වලට මුහුණ දුන් බව සදහන් වේ. 

ගොවිතැනට අමතරව වැසියන් විවිධ සිහිවටන හා තැපැල් මුද්දර අන්තර්ජාලය හරහා විකිණීම සිදුකරන අතර දූපත් කාන්තාවන් විසින් ගොතන ලද "Love Socks" නම් මේස් ලොව පුරා ඉතා ජනප්‍රිය බව සදහන් වේ. දූපත සංචාරකයින් සදහා විවෘතව ඇති අතර වැසියන් ඔවුන් පිලිගැනීමට ඉතා කැමැත්තෙන් සිටී.


වීඩියෝ දර්ශන නැරඹීම සදහා (click here..)

උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)



Post a Comment

0 Comments