මිහිපිට වාසය කල දැවැන්තම සර්පයා "Titanaboa"

අපගේ ලෝකය හරිම විශ්මිතයි. එහි අප විසින් ගවේෂණය කරපු දේවල් වලට වඩා ගවේෂණය නොකරපු දේවල් තව විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපගේ පෘථිවිය මීට වසර මිලියන ගණනකට පෙර අදටත් වඩා විශ්මිතව පැවතුණා. මානවයා පරිණාමය වීමට පෙර සත්වයින්, විශේෂයෙන්ම උරගයින් මේ ලෝකය පාලනය කරනු ලැබුවා. අද අපට ලෝකය හමුවන සෑම සත්වයෙක්ම පැවත එන්නේ ඔවුන්ගේ ආදි මුතුන් මිත්තන්ගෙන්. 

අදට වසර මිලියන 65කට පෙර උරගයන් තමයි ලෝකය පුරාම පැතිරිලා හිටියේ. ඩයිනසෝරයන්ගේ විවිධ විශේෂයන් ගොඩබිම, සාගරය මෙන්ම ආකාශයත් සිය අණසකට යටත් කරගෙනයි පැවතුනේ. අද වන විට උරගයින් ප්‍රමාණයෙන් තරමක් කුඩා වුනත් විශාල ඇනකොන්ඩාවන් හා කිඹුලන් විශේෂ ලොවපුරා සිටිනවා. ඇනකොන්ඩා සිනමාපටය ඔබට මතක නම් එහි සිටින දැවැන්ත ඇනකොන්ඩා අදටත් ඔබේ මනසේ හොල්මන් කරනවා ඇති. වර්තමානයේ එතරම් විශාල අනකොන්ඩාවන් ඇමේසන් වැසි වනාන්තරයෙන් හමුවන්නේ ඉතා විරල වශයෙන්. නමුත් තවමත් ඇන්කොන්ඩාවන් තමයි පෘතිවියේ විශාලම සර්ප විශේෂය. නමුත් ඔබ දන්නවාද ඇනකොන්ඩාවන්ට වඩා විශාල සර්ප විශේෂයක් මීට බොහෝ කලකට ඉහතදී පෘථිවිය මත ජීවත් වූ බව. මෙම සත්වයා නමින් ටයිටනබෝආ. 


ටයිටනබෝආ නම් මේ දැවැන්ත සර්ප විශේෂයේ මෙතෙක් හමුවී ඇති පොසිල වසර මිලියන 60ත් 58ත් අතර ප්‍රමාණයක් අතීතයට පෘතිවිය රැගෙන යනවා. විද්‍යාත්මක නාමයෙන් ටයිටනබෝආ සිරෙනොජෙන්සිස් ලෙස හැදින්වන මෙම විශාල පිඹුරු විශේෂය හදුන්වනවා. පෘතිවියේ තුනෙන් දෙකක්ම විනාශවූ මහා උල්කාපාත ඝට්ටනයෙන් පසුව ඩයිනොසෝරයන් මිහිපිටින් සම්පූර්ණයෙන් වදවී ගියා. ඩයිනොසෝරයන්ගේ වදවීමෙන් පසු වසර මිලියන 10ක් පමණ කාලයක් වන තෙක් පෘතිවිය තුල ජීවත් වූ විශාලම විලෝපීයා ලෙස හැදින්වෙන්නේද ටයිටනබෝආ පිඹුරන්. හමුවී ඇති සාක්ෂි අනුව මෙම සර්ප විශේෂය දිගින් අඩි 42ක් ඒ කියන්නෙ දල වශයෙන් මීටර් 12.8ක් දිගයි. ඒ කියන්නෙ සාමාන්‍ය ජිරාෆ් සත්වයෙක් වගේ දෙගුණයක් විශාලයි.  බරින් කිලෝ ග්‍රෑම් 1135ක් පමණ වන මෙම සත්වයා වර්තමානයේ ජීවත්වන බෝආකොන්ස්ට්‍රික්ටර් නම් සර්ප විශේෂයේ ආදිතම නෑයෙක් ලෙසත් සැලකෙනවා. බෝආ කොන්ස්ට්‍රික්ටර් පිඹුරන් දකුණු ඇමරිකානු වැසි වනාන්තර තුල බහුලව හමුවන අතර සාමාසාමාන්‍යයෙන් හොදින් වැඩුනු පිරිමි සතෙකු මීටර් 3ක් පමණ දිග වන අතර බරින් කිලෝ ග්‍රෑම් 15ක් පමණ වනවා. හරියටම කිව්වොත් ටයිටනබෝආ පිඹුරෙකුගේ දිගින් හතරෙන් එකයි. 

ඔබට හිතෙන්නට පුලුවන් ඇත්තටම අතීතයේදී පෘතිවියේ වාසය කල සත්ව විශේෂයන් මෙතරම් විශාලව හැදුනෙ වැඩුනෙ කොහොමද කියලා. එයට එක් ප්‍රධානම හේතුවක් තිබුණා. ඒ තමයි වර්තමානයේ වගේ එවකට ස්වභාදහම මේ තරම් දූෂණය වෙලා තිබ්බේ නැහැ. ජීවීන්ට පිරිසිදු ඔක්සිජන වාතය නිතැතින් ලැබුනා. ඒ වගේම වායුගෝලයේ පැවති ඔක්සිජන්  ප්‍රමාණයත් ඉතාමත් වැඩියි. මේ නිසා සතුන්ගේ පද්ධතීන් හොදින් ක්‍රියාත්මක වුනා. ඒ වගේම සතුන්ට ජීවත්වීමට ඕණෑ තරම් ඉඩ පහසුකම් තිබුණා. සතුන්ගේ ඉඩ ප්‍රමාණය අද වගේ ඇහැරිලා තිබ්බේ නැහැ. මේ නිසා සතුන්ගේ ජාන ඔවුන්ට ඉක්මනින් විශාල විය හැකි ලෙස ස්වභාවයෙන්ම සකස් වෙලයි තිබුණේ. සතුන් ක්‍රමයෙන් කුඩා වීමට පටන් ගත්තේ අයිස් යුග වලින් අනතුරුව ආහාර අඩුවීමත් සමග බව සදහන් වනවා. 

ටයිටනබෝආ පොසිල විද්‍යාවේදීන් සොයාගෙන තියෙන්නෙ කොලොම්බියාවේ ගල් අගුරු පතලකින්.  ඒවා පිහිටල තිබ්බේ ලා ගුඅජිරා කියන පලාතේ සෙරෙජොන් කියන ප්‍රදේශයේ. 2009 වර්ෂයේදී මෙම පතලේ කරන ලද කැනීම් වලින් විශාල ටයිටනබෝආ ෆොසිල 28ක් හොයාගන්න ඔවුන්ට හැකිවුනා. ඒ අතර ටයිටනබෝආ හිසක්ද තිබෙනවා. සත්ව විද්‍යාවේදීන්ට මුලදී මේ හිස කුමන සත්වයාගෙද කියල හිතාගන්න බැරි වුනා. ඔවුන් හිතුවෙ එය විශාල කැස්බෑවෙකුගෙ හෝ ඉබ්බෙකුගෙ හිසක් කියල. ඔවුන් කීයටවත් හිතුවෙ නැහැ මේ සර්පයෙක් කියල. පසුව කල සොයාගැනීමෙන් ඔවුන් විශ්මයට පත්වුනා. ඒ මේ මිහිපිට වාසය කල විශාලම සර්ප විශේෂය ඔවුන් සොයාගත් නිසා. 

ටයිටනබෝආවන් වැඩි වශයෙන් ජීවත් වෙලා තියෙන්නේ කොලොම්බියාව, බ්‍රසීලය හා පැනමාව ආශ්‍රිත ප්‍රදේශ වල. ටයිටනබෝආ පැහැයෙන් ශාක කොලපාටක් නැත්නම් ඇල්ගීවල පැහැය ගන්නා බව සදහන් වනවා. මේ නිසා ඔවුන්ට සිය ගොදුරු වලට ඉතාමත් පහසුවෙන්, ගොදුරුවන සත්වයන්ට නොපෙනෙන ලෙස ලංවීමේ හැකියාවක් තිබූ බව සදහන් වනවා. මෙම සත්ව විශේෂයෙ ප්‍රමාණය හා ගොදුරු ඩැහැ ගැනීමට ඇති හැකියාව හා සසඳන කල ඇනකොන්ඩාවන් හා වර්තමාන විශාල කිඹුල් විශේෂ නොසැලකිය හැකි තරම් කුඩා ජීව විශේෂ ලෙසයි සත්ව විද්‍යාවේදීන් පවසන්නේ. වර්තමානයේ ජීවත් වන විශාලම ඇන්කොන්ඩාවන්, ටයිටනබෝආ සර්පයෙකුගෙන් භාගයකටත් හොන්ඩා කුඩා බව ඔවුන් තවදුරටත් පවසනවා. 

ටයිටනබෝආවන් බොහෝවිට ආහාර වශයෙන් මසුන් හා කිඹුලන් වැනි සත්වයින් ගොදුරු කරගන්නට ඇතැයි විශ්වාස කරනවා. මෙම පිඹුරු විශේෂයට ඉතාමත් පහසුවෙන් වර්තමානයේ ජීවත්වන හිපපොටේමස් සත්වයෙකු එක කටට ආහාරයට ගන්න පුලුවන්. ටයිටනබෝආවන් බොහෝ විට ජීවත් වී තිබෙන්නේ ඉතා අඳුරු කොළ පැහැ ජලය සහිත ගංගා ආශ්‍රිතවයි. මොවුන් ගොදුරු වෙත පහර දුන් ආකාර දෙකක් හඳුනාගෙන තිබෙනවා. සාමාන්‍ය පිඹුරකු මෙන් යම් දුරක් වටා එතී ගොදුර මත අධික තෙරපීමක් ඇති කිරීමෙන් එය විනාශ කිරීම වගේම එක්වරම තනි කටට ගොදුර ගිල දැමීමත් මොවුන් සිදුකර තිබෙනවා. සොයාගෙන ඇති කරුණු අනුව මෙම මොවුන් යම් සතෙකුගේ සිරුර වටා එතීම මගින් ඔවුන්ගේ සිරුර මත ඇති කරනු ලබන තෙරපුම නැත්නම් බර වර්ග සෙන්ටි මීටරයක් මත කිලෝ 28ක තරම් විශාල බලයක්. තවත් මානයකින් කියනවනම් එය එක් අගලක් මත පවුම් 400ක තරම් බරක්. ඉතිං ඔබට වටහා ගන්න පුළුවන්ද මෙම සත්වයාට මිනිසකු අසුවුනහොත් අත්වන ඉරණම මොන වගේ එකක්ද කියලා. 

ටයිටනබෝආ පිඹුරන් පැට්වුන් බිහි කිරීම සිදුකලෙ එක් කාල වකවානුවක. මෙහිදී ගැහැණු සතුන් යම් හෝමෝනයක් නිකුත් කිරීමෙන් තමන් පැටවුන් බිහිකිරීම සදහා සූදානමින් සිටින බව පිරිමි සතුන්ට දන්වයි. එවිට සමහර විට පිරිමි සතුන් කිහිප දෙනෙකු ගැහැණු සත්වයා වෙනුවෙන් සටන් වදින අතර ශක්තිමත් සත්වයා ජයග්‍රහණය කරයි. ගැහැණු සත්වයා තමන්ට සුදුසුම පිරිමි සත්වයා තෝරා ගන්නා අතර ඔහු හා එක්ව පැටවුන් බිහි කරයි. සංසර්ගයෙන් පසු බොහෝ විට ගැහැණු සත්වයා පිරිමි සත්වයාට පහරදී මරා දමන හැසිරීමක් තිබි ඇති බව සත්ව විද්‍යාවේදීන් පවසනවා. එයට හේතුව ඇයට ගර්භණී කාලය සදහා යම් විවේකයක් ලබා ගැනීමයි. නැතිනම් පිරිමි සත්වයාගෙන් නිතර ඇයට කරදර සිදුවනවා. 

ඇත්තටම මෙම පිඹුරු විශේෂය වර්තමානයේ ජීවත් වුණා නම් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඒක ඇත්තටම ඔබ හිතන්නවත් නරක දෙයක්. අපේ වාසනාවකට තමයි මෙම සත්වයා මානව පරිණාමයට ප්‍රථම පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම වඳවෙලා ගියේ. ටයිටනබෝආ තවමත් ජීවත් වුනා නම් ඔවුන් ඇමෙසන් වනාන්තරය ආශ්‍රිතව කොලොම්බියාව බ්රසීලය ආජන්ටිනාව ආදී රටවල හෝ පැනමාව ආශ්‍රිතව දැක ගන්නට අපිට හැකියාවක් ලැබේවි. මෙම පිඹුරන් ඇනකොන්ඩාවන් මෙන් සාමකාමීව වාසය කරයි කියලා ඔබ හිතනවද?. මොවුන් පිළිබඳ පරීක්ෂණයන් සිදුකල විද්‍යාවේදීන් නම් පවසන්නේ ඔවුන් කිසි ලෙසකත් සාමකාමීව වාසය නොකරනු ඇති බවයි. බොහෝවිට හිපපොටේමස් සතුන්, කිඹුලන් හා ගංගා ඩොල්ෆින් සතුන් වැනි කිසිවෙක් ආහාරයට නොගන්නා සතුන් ටයිටනබෝආවන් සිය ගොදුරු බවට පත්කර ගනීවි. ඒ වගේම ඇමේසන් වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ජගුවරයින්, මුවන්, බීවරයන් වැනි සතුන් පමණක් නොව ආදී වාසී ගෝත්‍රිකයන්ද මොවුන්ගේ ගොදුරු බවට පත් වනවා නොඅනුමානයි. 

මොවුන් ඔබ ජීවත්වන නිවසේ ජනේලයක් හෝ දොරක් කඩාගෙන ඇතුළට පැමිණ ඔබව විනාශ කර දැමිය හැකි සත්ත්ව කොට්ඨාශයක්. වාසනාවකට මෙන් වර්තමානයේ ජීවත්වන සර්පයන්ට එවැනි හැකියාවක් හෝ එවැනි හැසිරීම් රටාවක් නැහැ. නමුත් ටයිටනබෝආවෙකුට ගොදුරු සොයා ගොස් පහර දී ආහාරයට ගැනීමේ වෙනස් හැසිරීම් රටාවක් තිබිල තියෙනවා. එහෙම වුනානම් මොවුන් වාසය කරන ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට ජීවත්වීමට සිදුවන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ මායිම් ගම්වල ජනතාව අලින්ගෙන් ප්‍රවේශම් වීම සඳහා ඉදිකර ඇති විදුලිය සහිත අලි වැටවල් හා සමාන වැටවල් සිය නිවෙස් වටා ඉදිකර ගනිමින්. මොකද විදුලිය නොතිබුණු හොත් මෙම පිඹුරන් අනිවාර්යයෙන් වැට කඩාගෙන ඇවිත් පහර දෙන්න පුලුවන්. 

ඇනකොන්ඩා සිනමා පටයේ මිනිසෙකු ගිල දමා පිහිනා යන ඇන්කොන්ඩා පිඹුරා ඔබට මතකද? ටයිටනබෝආවන් ජීවත් වූවානම් මෙම සිදුවීම තවදුරටත් මිත්‍යාවක් නොවනු ඇත. මොකද ඔවුන්ට ඉතා පහසුවෙන් මිනිසෙකු ගිල දමන්න පුලුවන් නිසා. King Cobra හා ඇන්කොන්ඩා ආදී සිනමාපටවල ඔබ දැක ඇති වනාන්තරයේ ඇති බිහිසුණු බව සජීවිව අත්දකින්න ගවේෂකයන්ට සිදුවනවා නොඅනුමානයි. ඔවුන් නගර වලට ඇතුල් වුවහොත් සිදුවන දේ අපට හිතාගන්න වත් බැරිවේවි. මෙම සර්ප විශේෂය අල්ලා කූඩු කරන පුද්ගලයන් ජාතික වීරයන් බවට පත් වනවා නොඅනුමානයි. එහෙමත් නැත්නම් මිනිසුන් නවීන අවිආයුධ යොදාගෙන මෙම සියලුම ටයිටනබෝආවන් විනාශ කර දමන්නත් ඉඩ තිබෙනවා. 

ටයිටනබෝආවන් විනාශ වී යාමට හේතුව තවමත් අපැහැදිලි. මේ පිලිබදව පරීක්ෂණ කරන විද්‍යාවේදීන් පවසන්නේ පෘතිවියේ උෂ්ණත්වය හා අනෙකුත් පරිසර සාදක වල ක්‍රමයෙන් සිදුවූ වෙනස් වීමත් සමග පෘතිවි පරිසරය විශාල සත්වයන්ට වඩා කුඩා සත්වයන්ට හිතකර වූ බවයි. ඒ වගේම විශාල වනාන්තර ක්‍රමයෙන් තෘණභූමි බවට පරිවර්තනය වූ බව සදහන් වනවා. මේ නිසා මෙම විශාල සත්වයන්ගේ වාසස්ථාන ඔවුන්ට අහිමිවී තිබෙනවා. මෙම හේතූන් ටයිටනබෝආවන් පෘතිවියෙන් වදවී යාමට හේතුවන්නට ඇති බව විශ්වාස කරනවා. 

ටයිටනබෝආ සම්පූර්ණ සැකිල්ලක් හා ෆොසිල ඔබට දැක ගැනිමට අවශ්‍ය නම් ඔබ යායුත්තේ ඇමරිකාවේ වොෂින්ටන් ඩී සී හී ඇති ස්මිත්සෝනියන් ජාතික කව්තුකාගාරයටයි. එහිදී ඔබට මිහිපිට රජකල මෙම දැවැන්ත සත්වයාගේ සම්පූර්ණ ස්වරූපය දැක බලා ගන්න පුලුවන්.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments