ඔබේ බර වැඩිවීමට හේතු වන නිදාගැනීමේදී කරන වැරදි 😴💤

තරාදියේ බර කිරන විට ශරීරයේ බර රාත්තල් කීපයකින් වැඩි වී ඇති බව දකින විට කලකිරීමට පත්වන අතර බොහොමයක් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට ද සිදුවෙනවා. පර්යේෂණවලට අනුව ස්ථුලතාවය අකාලයේ මිය යාමේ අවදානම වැඩි කරවනවා. කොහොම වුණත්, එකවරම බර වැඩි වීමට හේතුව සන්ධ්‍යා කාලයේ ක්‍රම චර්යාව පරීක්ෂා කළ විට හඳුනාගන්න පුළුවන්. මෙසේ බර වැඩි වීමට හේතුව දැන ගතහොත්, ඒ සඳහා පූර්වෝපාය යෙදිය හැකියි, එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවතයකට අදාල තේරීම් ගත හැකියි. රාත්‍රියේදී ඇඳට යාමට පෙර අප අතින් සිදු වන, බර වැඩිවීමට හේතු වන පොදු වැරදි මෙහි දැක්වෙනවා. ඔවුන් පවසන්නේ, පෙර දැනුවත් වීම යනු පෙර සන්නද්ධව සිටීම බවයි. පහත ලැයිස්තුව කියවා නැවත ඒවා සිදු කිරීමෙන් වැළකී සිටින්න.

01.  රාත්‍රියේදී ප්‍රමාද වී කෙටි කෑම ආහාරයට ගැනීම.

සවස 6ට පසුව ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි කියන නීතිය අපි හැමෝම දන්නවා, නමුත් එසේ කියා ප්‍රමාද වී රාත්‍රී ආහාරය ගැනීම සහ මධ්‍යම රාත්‍රියේදී කෙටි ආහාර ගැනීම අපි නවත්වන්නේ නැහැ. අධ්‍යන වලින් පෙන්නුම් කරන ආකාරයට මෙය ශරීරයේ බර වැඩි වීමට බලපානවා. තවදුරටත්, කොලෙස්ටරෝල්, ඉන්සියුලින් මට්ටම, වැඩි කරන අතර හෝමෝන ලකුණුකරණයට බලපෑම් ඇති කරනවා. මතක තබා ගන්න, ලබා ගන්නා කැලරි ප්‍රමාණය දහනය කරන ප්‍රමාණයට වඩා වැඩි නම්, ක්‍රමයෙන් ස්ථුලතාවයට පත් වෙනවා.

02. රාත්‍රියේදී ප්‍රමාද වී කෝපි පානය කිරීම.

සවස් කාලය අවසානයේදී කෝපි පානය කිරීම නින්දට හානි කරනවා පමණක් නොව, කැෆීන් ලබාගත යුත්තේ අවම වශයෙන් ඇඳට යාමට පැය 6කට පෙරයි. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ කෝපිවල අන්තර්ගත වන ක්ලෝරොජෙනික් අම්ලය ශරීරයේ බර වැඩි වීමට බලපාන බවයි. කෝපි වෙනුවට ඖෂධීය තේ, හෝ ඊටත් වඩා හොඳ උණුසුම් ජලය පානය කිරීමට උත්සහ කරන්න.

03. අවශ්‍ය ප්‍රමාණයට නින්දක් නොලැබීම.

නිරෝගී නින්දක් සඳහා සෑම රාත්‍රියකම පැය 7-8ක් පමණ නිදා ගත යුතුයි, නමුත් දිනපතාම මීට වඩා අඩුවෙන් නිදා ගතහොත්, විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. නිදා ගැනීමට ඇති දුෂ්කරතාවය සමඟ පරිවෘත්තියේ සෘණාත්මක වෙනස්කම් අතර සම්බන්ධතාවයක් පවතින බව අධ්‍යන මඟින් සනාථ වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට නින්දක් නොලැබීම මඟින් තෙහෙට්ටුව ඇතිවන නිසා කායික ක්‍රියාකාරකම් අවම වෙනවා.  

04. ව්‍යායාම අවම වීම.

ව්‍යායාම සහ කායික ක්‍රියාකාරකම්, පරිවෘත්තිය සහ දහනය වන කැලරි ප්‍රමාණය වර්ධනය කරවන බැවින් ශරීරයේ බර අඩු කිරීමේ දී තීරණාත්මක කර්තව්‍යයක් සිදු කරනවා. මේ නිසා වඩාත්ම මධ්‍යස්ථ ව්‍යායාම පවා දිනපතා පුහුණු වීම අත්‍යවශ්‍යයි, දිනපතා මිනිත්තු 15ක් ඇවිදීමෙන් අමතර කැලරි 100ක් වනතෙක් දහනය වෙනවා. සතියකට මෙය 700 දක්වා වැඩි වන අතර වසරකදී රාත්තල් 10ක් අඩු වෙනවා.

05. සවස් කාලයේදී ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කිරීම. 

නිදා ගැනීමට ඇති දුෂ්කරතාවය සහ ක්‍රමයෙන් ශරීරයේ බර වැඩි වීම සමඟ නිල් පැහැති ආලෝකය නිකුත් කරන ඉලෙක්ට්‍රොනික උපාංග නින්දට පෙර භාවිතා කිරීම සම්බන්ධතාවයක් පවතින බව අධ්‍යන මඟින් තහවුරු වෙනවා. මෙම උපකරණ මඟින් නිදා ගැනීමේ චක්‍ර පවත්වාගෙන යන ශරීරයේ මෙලටොනින් නිෂ්පාදනයට බාධා ඇතිකරනවා. නින්දට යාමට පෙර සමාජ ජාලවල සැරිසැරීම වෙනුවට මුද්‍රණය කළ රසවත් පොතක් කියවන්න, එසේ නැතිනම් සන්සුන් වන සංගීතයකට සවන් දෙන්න.

06. එලාම් එක ප්‍රමාදව තැබීම 

විශ්වාස කලත් නැතත්, පර්යේෂකයන් පවසන අන්දමට උදෑසන දීප්තිමත් ආලෝකයට ප්‍රමාද වී නිරාවරණය වන අයට වඩා කලින්ම නිරාවරණය වන පුද්ගලයින්ගේ ශරීර ස්කන්ධ දර්ශකය අවම අගයක් ගන්නවා. මිනිත්තු 20-30ක් බාහිර ස්වභාවික ආලෝකය ලැබීමෙන් පවා ශරීර ස්කන්ධ දර්ශකයට බලපෑම් ඇති වෙනවා. මේ නිසා උදෙන්ම අවදි වී දුවන්න!  

07. ඔබ අවට සඳහා වැරදි පැහැයක් තෝරාගැනීම.

නිල් පැහැය මඟින් සන්සුන් කරවන නිසා හොඳ නින්දක් ලබාගත හැකියි. ඒ වගේම ආහාර රුචිය මැඩපවත්වනවා. මේ අතර, රතු සහ තැඹිලි වර්ණ මඟින් ශක්තිජනක සහ බඩගිනි හැඟීමක් දැනෙනවා. මේ නිසා නිදන කාමරය සඳහා භාවිතා කරන වර්ණ මාලාව ගැන නැවතත් සලකා බලන්න.




උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments