මකරු - Dragons

 යූරෝපීය ජාතිකයින්ට අනුව මකරා අති අති භයානක සත්ත්වයකි. ඩයිනෝසරයෙක් මෙන් විරූපී සිරුරක් දරන උගේ උරහිස් මත පියාපත් යුගලයක් ඇත. මුඛයෙන් ගිනිදළු විහිදුවමින් සතුන් අල්ලා කන මකරුන් ගැන කතා ප්‍රවෘත්ති බටහිර රටවල ප්‍රචලිත ව ඇත.

චීන ජනතාවට මකරා සුබ ලකුණකි. වාසනාවේ සංකේතයකි. චීන අවන්හල් වල ඇඳ තිබෙනුයේ චීන ජනයා විශ්වාස කරන මකර රූපය යි.මකර නැටුම චීනුන්ට අය සාම්ප්‍රදායික නර්තනයකි. චීන ජාතිකයන්ගේ ජාතිකයන් ගේ ජීවිතය හා බැඳුණු සත්වයෙකි. මකරුන් පිළිබඳ චීන මිත්‍යා මිථ්‍යා කතාවන්හි සුලමුල සොයන පරීක්ෂකයෝ චීනයේ කාන්තාර ප්‍රදේශ වෙත හැරෙති. කාන්තාර වැල්ලෙහි සැඟවී පවතින අවුරුදු මිලියන ගණන් පැරැණි පැරණි ඩයිනොසෝර ඇටසැකිලි තද කුණාටු හේතු කොටගෙන ක්‍රම ක්‍රමයෙන් බාහිර පරිසරයට නිරාවරණය වේ. ඩයිනෝසර ලෙස අප හඳුන්වන සත්ව කොට්ඨාශය මකරුන් ලෙස චීන ජනතාව අතර පිළිගැනීමට ලක් වී ඇති බව පරීක්ෂකයන් ගේ මතය යි.

සිංහයකුගේ බඳු පාදයන් ද, හස්තියෙකුගේ මෙන් දිගු සොඩයක් ද, කිඹුල් කටක් ද,වඳුරන්ගේ බඳු ඇස් ද, ඌරු කන් ද, මත්ස්‍යයකුගේ මෙන් දිගු ශරීරයක් ද හිමි අරුම පුදුම සත්වයෙක් ගැන ඔබ අසා ඇත්ද ? ඒ අන් අන් කිසි සත්ත්වයකු නොව සිංහල චිත්‍ර ශිල්පීන් විසින් මකරා නිරූපණය කළ ආකාරය යි.ඇයි අපේ සංකෘතියේ මෙහෙම කවරදාකත් නොහිටපු සත්වයෙක් ගැන තියෙන්නේ.. මකර දොරටු.. මකර තොරණ්? හිතීම ඔබට බාරයි.

කෙසේ නමුත් බටහිර ජාතිකයන් ගේ විශ්වාසයන් හි මුසුව ඇති මකරා හුදු මනඃකල්පිත සත්ත්වයෙකු නොවේ. ඈත වන මැද හෝ මුහුද යට සැගව සිටින විරූපී භයානක සත්වයෙකි. වර්ෂ 1935 දී නිව්ජර්සී නගරය බියපත් කරන ලද "නිව්ජර්සි යක්ශයා" (jersey devil) මෙවැනි අද්භූත සත්ව විශේෂයකට අයත් සාමාජිකයෙකු ලෙස සැලකිය හැක. මහ දවාලේ 2000ට අධික ජනකායක් බියපත් කරන ලද මේ සත්වයා නිසා නිව්ජර්සි නගරය පුරා කඩසාප්පු පාසල් ආදිය දින ගණනාවක් වසා දමා තිබුණි. අශ්වයෙකුගේ මුහුණක් ද,කැන්ගරුවෙකුගේ වැනි අපර ගාත්‍රා යුවළක් ද,උරහිස මත පියාපත් යුගලක් ද ඇති නිව්ජර්සි යක්ශයා 1935 වර්ෂයේදී නිව්ජර්සි නුවර නිවෙස්වල එළිපත්තට ම පැමිණ ඇත.

තවත් මෙවැනිම කොරපොතු සහිත භයානක සත්වයෙකු 1966 වර්ෂයේ දී ලොව වෙනත් ප්‍රදේශයකින් වාර්තාගත වී ඇත. රතු ඇස් සහ අළු පාට සිරුරක් සහිත මේ සත්වයාට පියාපත් සඟළක් ද තිබී ඇති අතර පියාපත් නොසලා අහසට පැන පැයට සැතපුම් 100 ක පමණ වේගයකින් පියඹා යෑමේ හැකියාවක් ඌට තිබී ඇත. මොත් මැන් Moth Man හෙවත් සලබ මිනිසා වශයෙන් නම් කරන ලද මෙම සත්ත්වයාගේ සත්ත්වයාගේ හැඩරුව තරමක් දුරට මිනිසෙකුට හුරුය.මේ සත්වයා දුටු අය ප්‍රකාශ කර ඇත්තේ බැට් මෑන් Batman චිත්‍රපටයේ අද්භූත මිනිසාගේ එනම් බැට්මෑන්ගේ රුවට මේ සත්ත්වයා ගේ ශරීර හැඩය බොහෝදුරට සමානකම් දක්වන බවයි.

1972 වර්ෂයේ දී කිහිප වරක්ම දර්ශනය වූ ලව්ලන්ඩ් ලිසාඩ් මෙවැනිම අද්භූත සත්වයෙකි. පියාපත් රහිත මකරෙකු වු මේ සත්වයා පාර මාරු වන ආකාරය එකම දිනකදී කිහිප දෙනකු විසින් දැක ඇත.ලව්ලන්ඩ් ලිසාඩ් අඩි හතරක් පමණ උස සිකනලයෙකු වැනි දිග සත්වයෙකි.

වර්ෂ 1972 දී සැන්සිබාර් ප්‍රදේශයෙන් වාර්තා වූ පොපබාවා මෙම සියලුම සියලුම සත්වයන්ට වඩා අත්භූත ස්වරූපයක් ඉසිලුවේය.වවුලකු ගේ වන් කන් ඇති මේ සත්වයාට තිබුණේ එක් ඇසකි. එය නළල මැද පිහිටියේ ය.පියාපත් සහිත භයංකාර සත්වයෙකු වු පොපබාවා රාත්‍රී කාලයේ දී මිනිසුන්ට පහර දුන් බවට වාර්තා වී ඇත.

ගැහැණු පමණක් මරා කන බන්යිප් නම් මකරෙකු ගැන ඕස්ට්‍රේලියාවේ ඇබොර්ජින්වරුන් අතර විශ්වාසයක් ඇත. දිගු වල්ගයක් ද, උරහිස් මත පියාපත් ද ඇති මේ සත්ත්වයාගේ හිස මත අං යුවළකි. ජලාශ ආශ්‍රිත වන වදුල් වල සැඟව සිටින බන්යිප් දිය ගෙන යාමට ගැහැනුන් පැමිණි විට ඔවුන් ඩැහැ ගෙන ජලාශයට පනි. වර්ශ 1857 දී ඕස්ට්‍රේලියාවේ ජලාශයක සිටි මෙම අද්භූත සත්වයා අන්යිප් ලෙස පසු කලෙක නම් කර ඇත.

ඩෝවර් යක්ෂයා මෙවැනිම භයානක ම භයානක අද්භූත සත්වයෙකි.වර්ෂ 1977 දී මැසචුසෙට් හි දී දර්ශනය වූ ඩොවර් යක්ෂයාගේ දැවැන්ත හිස මත විශාල ඇස් දෙකක් ද විය. අඩි හතරක් පමණ දිග ඩොවර් යක්ශයා 1977 වර්ෂයේ දී ළඟ ළඟ දින දෙකකදී දර්ශනය වී ඇත.

ඩොවර් යක්ශයා, පොපබාවා, බනයිප් වැනි අත්භූත සත්වයින් පිළිබඳ කතාන්දර මිනිසුන් විසින් ගොතන ලද මිත්‍යා වන් යැයි කියා කෙනෙකුට බැහැර කළ හැකි ය. මෙම අද්භූත සත්වයින්ගේ ඡායාරූප හෝ ශරීර කොටස් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවීම මීට හේතුවයි.

ගැඹුරු සමුදුරෙහි වාසය කරතැයි කියන මුහුදු මකරුන්ගේ කතාව තරමක් ව්‍යාකූල වේ. මැරිටයිමා නම් ඉපැරැණි ග්‍රන්ථයෙහි නැව් අසලින් ඇදී යන මුදු මකරුන් ගැන තොරතුරු දැක් වේ. ඔඩිසි නම් පුරාණ වීර කථාවෙහි එන ඔඩිසියස් නම් වීරයා මුහුදු මකරෙකු හා සටන් කොට ජය ගනියි. ග්‍රීක මිත්‍යා කතාවන්හි කියවෙන හයිඩ්‍රා නම් මුහුදු මකරාට ශීර්ෂ නවයක් පිහිටා ඇත.

"ගින්නක් නොමැතිව දුමක් නගින්නේ ය" යන ප්‍රකාශය සනාථ කරමින් දහසය වන සියවසේ යාත්‍රා කළ යාත්‍රිකයන් පිරිසකට මුහුදු මකරකු ගෙන් තරමට හිරිහැරයක් ඇති විය.මුහුදු යාත්‍රාව අසලටම පැමිණ නාවිකයන් විය ගැන්වූ මකර හිටිහැටියේම දියේ ගිලී අතුරුදන් වූයේය.නැවත 18 වන සියවසේ ග්‍රීන්ලන්තය අසලින් යාත්‍රා කළ පිරිසකට ශරීරය අග කොටස නායක හුරේ බඳුවූ දැවැන්ත මුහුදු සත්ත්වයකු දැකගත හැකි විය.වර්ෂ 1896 දී ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දැවැන්ත මුහුදු සත්ත්වයකුගේ සිරුරක් හමු විය. මේ සත්වයා මුහුදු මකරෙකු නොව දැවැන්ත බූවල්ලකු බව පසුව හෙළි විය.

මුහුදු මකරුන් පිළිබඳ කතාන්දරයේ නව පිටුවක් පෙරළමින් අද්භූත දැවැන්තයෙකු ගේ මළ සිරුරක් 1968 දී ජපන් ධීවර නෞකාවක දැලෙහි පැටලුනි.පෙනුමෙන් ඩයිනෝසර් සත්ත්වයකු වැනි වු මේ දැවැන්තයාගේ මළ සිරුරෙන් කොටසක් කපාගත් ධීවරයෝ නැවත මළ සිරුර මුහුදට මුදා හලහ.මුහුදු දැවැන්තයා ගේ සිරුරු කොටස් විද්‍යාඥයින්ගේ පර්යේෂණයන්ට බඳුන් විය. අවසාන වශයෙන් තීරණය වූ යේ මිහිපිට වෙසෙන කිසි ම සත්වයෙකුගේ ජාන සැකැස්මට ඒ දර්ශකයන් සම නොවන බවයි. වර්ෂ 1968 දී ජපන් ධීවරයන්ට හමුවූ මළසිරුර වසර මිලියන ගණනකට පෙර වඳ වී ගිය දැවැන්ත ඩයිනෝසරයෙක් වන ප්ලෙසියොසර් වර්ගයේ සත්වයකුට අයත් විය යුතු බවට උගේ ශරීර හැඩය අනුව පැහැදිලි වෙයි. එහෙත් වසර මිලියන ගණනකට පෙර මියගිය සත්ත්වයකුගේකුණු වෙමින් පවතින මළ සිරුරක් ධීවරයන්ට හමුවූයේ කෙසේද ? එය තවමත් අභිරහසකි . සමහරවිට තල්මසෙකු වැනි වු ප්ලෙසියොසර සත්වයින් තවමත් ගැඹුරු මුහුදේ ජීවත් වනවා විය හැක. නැතිනම් ග්ලැසියරයක අයිස් තුළ හිරවී තිබූ ප්ලෙසියොසර් මළ සිරුරක් මුහුදට තල්ලු වී ආවා විය හැකිය. මෙම උපකල්පන දෙකෙන් කුමක් නිවරදි දැයි කීමට සමතකු මෙලොව නැත.

අවසාන වශයෙන් කීමට ඇත්තේ මකරා යන නාමය අගට වැටී ඇති දැනට සිටින විශාල උරගයෙක් පිළිබඳ වයි. කොමෝඩෝ මකරුන් නමින් හඳුන්වන මොවුන් පැපුවා නිව්ගිනියා ආශ්‍රිත දූපත් වල වෙසෙන උරගයන් විශේෂයකි. අති විශාල තලගොයි වගේ උරගයින් වන මොවුන්ගේ ජීවිතයේ ප්‍රධානතම කාර්‍ය වන්නේ සහකාරියෙක් හොයා ගැනීමයි.. ඒ සඳහා ඉතා දරුණු සටන් සිදුවන අතර එකෙකු අනෙකා මරා දැමීමෙන් පසු ජය අත්වේ..

කෙසේ නමුත් චිත්‍රපට වල එන ගිනි පිඹින මකරුන් නම් තවම මිත්‍යාවකි. නමුත් හැම රටකම ජනප්‍රවාද වල එහෙම සතෙකු අඩංගු වීමට යම් හේතුවක් තිබිය යුතුය.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments