රෝග බිය උපදවන මානසික රෝගය

 𝗛𝘆𝗽𝗼𝗰𝗵𝗼𝗻𝗱𝗿𝗶𝗮

ඔයාලට මතක ඇති මන් දින දෙකකට වගෙ කලින් දැම්මා Jeffrey කියල කෙනෙක් ගැන ලිපියක්.. ආන් ඒ ලිපිය කියවපු අයට මතක ඇති ජෙෆ්‍රිගෙ අම්මට හයිපොකොන්ඩ්‍රියා කියල මානසික රෝගයක් තිබ්බා කියල.. ඒ රෝගය නිසාම ජෙෆ්‍රි ගැන අවදානය දෙන්න බැරි උනා කියලත් ඒ කතාවෙ මන් කිව්වනෙ.. ඉතින් මේ කියන්න යන්නෙ හයිපොකොන්ඩ්‍රියා රෝගය ගැනයි

ඉතින් එදිනදා ජීවිතෙදි ඔයාට මට යම් කිසි රෝගි තත්වයක් ඇති උනොත්  බෙහෙත් ගන්නව නැත්නම් ගෙදර තියන පැනඩොල් පෙත්තක් හරි බීලා බලනව හොද වෙනවද නැද්ද කියල.. ඉතින් ඒ ක්‍රියාව අපි හැමෝම වගෙ කරනව.. ඒත් මේ හයිපොකොන්ඩ්‍රියා කියන රෝගය ශාරිරික රෝගයක් නොවන නිසා තත්වය චුට්ටක් භයානක වෙන්න පුලුවන්.. හැබැයි මේ රෝගය පටන් ගන්නකොටම අපට පාලනය කරගන්න පුලුවන් තමන්ම හිතුවොත් මොකද මේ මානසික රෝගය ගොඩක් අයට හැදෙන්න පුලුවන්

මේ මානසික රෝගය හැදුනම ඔයාට කොයි වෙලෙත් හිතෙන්නෙ ඔයා ලෙඩ වෙලා ඉන්නෙ කියල.. 

දරුණු රෝගයක් හැදිලා ඩොක්ටස්ලටවත් හොයාගන්න බැරුව මැරුණ රෝගියෙක්ගෙ ආරන්චියක් හම්බුනා කියන්නකො එහෙම නැත්නම් ඔයාගෙ ශරීරයෙ අත , කකුල , ආමාශය , පෙනහලු  වගෙ තැන් වල යම් ක්ශනික වේදනාවක් හටගන ඒක නැති වෙලා ගියා කියල කියන්නකො

එතකොට ඔයාටත් සැකයක් එනව ඔයාගෙත් සැගවුනු ලෙඩක් තියනව කියල.. එහෙම නැත්නම් අර ශරීරයෙ ස්වභාවිකව හටගත්ත වේදනාව උඩු දුවල එක පාරම මැරෙ.යි කියල බයක් එනව

එතකොට ඔයා මුලින්ම කරන්නෙ අර ශරීරයෙ එක පාරම හටගත්ත වේදනාව ගැන ගෙදර අයගෙන් අහල උත්තරයක් බලාපොරොත්තුවෙන  එක එහෙම නැත්නම් අර එක පාරම මැරුන කෙනාට වගෙ ලෙඩක් මටත් තියනවද කියන එක ගෙදර අයගෙන් අහන එක

ඉතින් ගෙදර උන්ට ඔයාට වගෙ පිස්සු නැති නිසා කියනව පිස්සුද අනේ ඔයාට එහෙම ලෙඩක් නැ විකාර නැතුන් ඉන්න කියනව.. ඒත් ඒ උත්තරෙ ඔයාට සෑහිමකට පත් වෙන්න තරම් ප්‍රමාණවත් නැහැ.. මොකද ගෙදර ඉන්නෙ ඩොක්ටස්ල නෙමෙනෙ.කියල ඔයාට හිතෙන්න ගන්නව

ඊට පස්සෙ ඔයා යනව ගමෙ ඉන්න වෙද මහත්තය ලගට හරි පොඩි ඩිස්පැන්සරියක් දාන් ඉන්න ඩොක්ට කෙනෙක් ලගකට හරි.. ඉතින් ඒ අයත් චෙක් කරල බලල ලෙඩක් නැති නිසා කියනව ඔයාට එහෙම ප්‍රශ්නයක් නැ කියල.. ඒකත් ඔයාට හරියන්නෙම නෑ .. ඔයාට හිතෙන්නෙ ඔයාට ලෙඩක් තියනවාමයි කියල.. මෙ මොන පොඩි ඩිස්පැන්සරි කාරයෙක්ද.. මු දන්නවද ලෙඩ ගැන කියල ඩොක්ටටත් හිතින් බැන බැන ගිහින් යනව මහ ඉස්පිරිතාලෙට.. ඉතින් ඔයාට එතනිමුත් කිසි ලෙඩක් නැ කියල ඔප්පු උනත් කිසිම වැඩක් වෙන්නෙ නෑ ඔයාගෙ මොලෙ දැන් කචල්..

ඊට පස්සෙ තනියෙන් බෙහෙත් හොයන්න ගන්නව .. වේදනා නාශක බොනව පැනඩොල් බොනව එක එක සිරප් වර්ග බොනව .. බීල බීලා බීලම ඒත් හොද වෙන්නැතිකොට ඔයා මානසික වැටෙනව..  

එහෙමත් නැත්නම් ඔයා මේ ඇඟෙ නැති ලෙඩක් ගැන හිතල හිතල ඉදලම මානසිකව වැටිලා නිසා පවුලෙ අයට අවදානය දෙන්න වෙලාවක් නැතුව යනව.. එහා ගෙදර එකාට උන හැදුන කිව්වත් බයෙ ගැහිගැහි පැනඩොල් බිබී විකාර නටනව.. අල්ලපු ගමෙ එකෙක්ට කැස්සක් කිව්වොත් ඒ පාරක් ලගින්වත් යන්නෑ.. සරලවම කිව්වොත් කන බත් කට කන්නෙත් හරිම බයෙන්.. මොකද කන කෑම වල ලෙඩ තියෙන්න පුලුවන් නිසා

ඕන් ඕක තමා හයිපොකොන්ඩ්‍රියා රෝගයේ උච්චතම අවස්තාව.. ඉතින් මේ දින වල කොවිඩ් නිසා සමහර අයට මේ මානසික රෝගය හටගන්න පුලුවන් අනවශ්‍ය බය නිසා .. ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා මොකද ඔයා මම හැමදාම මේ ලෝකෙ ඉන්න ආව අය නෙමෙයි.. ඒ නිසා ඉන්න ටිකෙවත් තමන්ගෙ මනස ශක්තිමත්ව තියාගන්න.. 


උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments