ගණිකා වෘත්තියේ සාම්ප්‍රදායික විග්‍රහයෙන් ඔබ්බට දකිමු

ගණිකා වෘත්තය ලොව පැරණිම රැකියාවක් ලෙස හදුන්වනු ලබනවා. එය ලොව පැවතිය යුතු රැකියාවක්ද නැත්ද යන්න පිලිබදව දැවැන්ත විවාදයක් ලොවපුරා වසර දහස් ගණනක සිට තිබෙනවා. ලංකාව තුල වුවත් ගණිකා වෘත්තිය නීතිගත කල යුතුද නැද්ද පිලිබදව බොහෝ කාලයක තුල කතිකාවක් ගොඩ නැගී තිබෙනවා. නමුත් මෙම වෘත්තියේ ආකාර දෙකක් දැක ගන්න ලැබෙනවා. එනම් සිය කැමැත්තෙන් ලිංගික ශ්‍රමය සැපයීම හෝ බලහත්කාරයෙන් එහි යෙදවීම වශයෙන්. මෙහි ඇති භයානක බව නම් බොහෝමයක් ලිංගික ශ්‍රමිකයන් බලහත්කාරයෙන් එම සේවයේ යෙදවූවන් වීමයි. 

ලිංගික ශ්‍රමයේ යෙදීම කාන්තාවන් මෙන්ම පුරුෂයින්ද සිදු කරනව. පිරිමි ගණිකාවන් එතරම් ප්‍රසිද්ධ නොවුනත් විශාල ප්‍රමාණයක් ලොවපුරා සිටිනවා. ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සමාජයේ ගැරහීමට බොහෝ විට ලක්වුනත් ලෝක ඉතිහාසය වෙනස් කිරීමට දායක වූ ගණිකාවන් පිලිබද සටහන් සිය දහස් ගණනක් සමාජ ඉතිහාසයේ හමුවනවා. ගණිකා වෘත්තියේ යෙදෙමින් සිය උපන් දේෂය සතුරන්ගෙන් බේරා ගැනිමට රහස් ඔත්තු සේවිකාවන් ලෙස කටියුතු කල නලගණන් විශාල ප්‍රමාණයක් ලෝක ඉතිහාසයේ සිට ඇති බව ඔබ සමහර විට අහල ඇති. 

ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් හා පුරුෂයන් මිලියන 42ක් නැත්නම් කෝටි හතරකුත් ලක්ෂ 20ක් ලොවපුරා සිටින බව විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. මෙම ප්‍රමාණයෙන් 80% කාන්තාවන් වන අතර ඉතිරි ප්‍රමාණය පිරිමින් හා සිය උපන් ස්ත්‍රී හෝ පුරුෂ බව වෙනස් කරන ලද පුද්ගලයන්. කාන්තාවන් බහුතරය වයස අවුරුදු 13ත් 25ත් අතර යව්වනියන් බවයි වාර්තා වන්නේ. මෙම සංඛ්‍යාවන්ට සමලිංගික ශ්‍රමිකයන්ද ඇතුලත් වනවා. 

ලොව වැඩිම ලිංගික ශ්‍රමිකයන් ප්‍රමාණයක් සිටින්නේ ඉන්දියාවේ බවයි සදහන් වන්නේ. එය කෝටි 2කට ආසන්න හා ලොව සම්පූර්ණ ලිංගික ශ්‍රමිකයන් ප්‍රමාණයෙන් අඩකට ආසන්නයි. චීනය තුලත් ලිංගික ශ්‍රමිකයන් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් සිටින බව සදහන් වනවා. ඇමරිකාව තුල මිලියනය 2කට ආසන්න ප්‍රමානයකුත් තායිලන්තය තුල මිලියන 1කට වැඩි ගණිකාවන් සංඛ්‍යාවකුත් සිටින බව සදහන් වනවා.  ශ්‍රි ලංකාව තුල මෙම පිරිස 40,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවටයි දත්ත වාර්තා හමුවන්නේ. අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාව තුලත් ලිංගික ශ්‍රමිකයන් 500,000ක් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ගණිකා වෘත්තියේ බලහත්කාරයෙන් යොදවන පුද්ගලයන් ගෙන් 99%ක් කාන්තාවන්. 1% පුරුෂයන්වද මෙලෙස බලහත්කාරයෙන් ලිංගික ශ්‍රමය ලබා දීමට යොදවනවා. වැඩිම තරුණියන් හා ලමුන් ප්‍රමාණයක් මෙලෙස බලෙන් මෙම කාර්‍ය්යේ යොදවන්නේ අග්නිදිග ආසියාතික රටවල බව සදහන් වනවා. එය ලොව සමස්ත ප්‍රමාණයෙන් 70%ක්. බලහත්කාරයෙන් ලිංගික ශ්‍රමය සූරාකෑම වැඩි වශයෙන් චීනය, කොරියාව, පිලිපීනය, තායිලන්තය ආශ්‍රිත රටවලයි සිදුවන්නේ. ඉන්දියාවේද මෙය ඉතා ඉහල අගයක තිබෙනවා. විශේෂයෙන් ඉන්දියාවට වසරකට නේපාල තරුණියන් 5000කට වැඩි ප්‍රමාණයක් නීති විරෝදී ලෙස රැගෙන විත් ගණිකා වෘත්තියේ යොදවන බව සදහන් වනවා. 

බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන කාන්තාවන් සිය කැමැත්තෙන් වෘත්තියේ යෙදෙන්නන්ට වඩා ප්‍රචණ්ඩ ක්‍රියා වලට ගොදුරු වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ. ඔවුන් නිතර පහර කෑම් වලට ලක්වන අතර දිනකට ගැනුම කරුවන් 20ත් 40ත් අතර ප්‍රමාණයකට සේවය සැපයීමට ඔවුන්ට සිදුවන බව සොයාගෙන තිබෙනවා. මෙම තත්වය වඩාත් දරුණු ලෙස පවතින්නේ ඉන්දියාව තුල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාව තුල මෙලෙස බලහත්කාරයෙන් රැගෙන එන තරුණියන් හා දරුවන් ඉන්දියානු රුපියල් 50,000 සිට 70,000 දක්වා මුදලකට සැපයුම් කරුවන් විසින් ගණිකා නිවාස වලට අලවි කරන බව සදහන් වනවා. 

ඔබ දන්නවද වසරකට ලිංගික ශ්‍රමිකන් හා ඔවුන් සේවයේ යොදවන්නන් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් උපයන බව. මෙය අති විශාල මුදල් ප්‍රමාණයක්. නමුත් මෙම වෘත්තියේ ඇති ප්‍රධානම අසාධාරණය නම් එම මුදල් වලින් බහුතරය ශ්‍රමිකයන්ට අයිති නොවීමයි. බොහෝ විට මෙම මුදල් වලින් බහුතරය ලබා ගනු ලබන්නේ ඔවුන්ගේ හාම්පුතුන් නැත්නම් ඔවුන් සේවය යොදවන පුද්ගලයන් විසින්. 

ඉන්දියාව තුල ගණිකා සේවයේ යෙදෙන තරුණියන් බොහොමයකට තමන්ට ගැනුම් කරුවන්ගෙන් ලැබෙන මුදල් අයිතිවන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ලැබෙන්නේ නවාතැන හා කෑම බීම පමණයි. නමුත් ඇමරිකාවේ ලාස් වේගාස් හී සාමාන්‍ය ලිංගික ශ්‍රමිකයන් දිනකට ඇමරිකානු ඩොලර් 1500ත් 2000ත් අතර ආදායමක් උපයන බව සදහන් වනවා. 

ලිංගික ශ්‍රමිකයන් ඉතිහාසය පුරාවට දාම ඝාතකයන්ගේ මෙන්ම තවත් විවිධ පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය තුල පමණක් 1980 සිට 200,000කට වැඩි ගණිකාවන් ප්‍රමාණයක් ඝාතනය වී ඇති බව සදහන් වනවා. ඔවුන් බොහොමයක් සිය නිවෙස් වලින් ඈත්ව ජීවත් වූ කාන්තාවන් බැවින් ඔවුන් පිළිබඳව සොයා බැලීමට කිසිදු අයෙක් ඉදිරිපත් වී නැහැ. ඇමරිකාව තුල සිදුවී ඇති හදුනාගත් කාන්තා ඝාතන වලින් වැඩි ප්‍රතිශතයක් ගණිකා වෘත්තිය හා නිරුවත් රංගනයන් නැත්නම් ස්ට්‍ර්ප් ක්ලබ් වල සේවය කල කාන්තාවන්. ඉන්දියාව තුළ දිනපතා සිදුවන ගණිකාවන් ඝාතනය කිරීම් ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම් වන බව සදහන් වනවා. 

ඇමරිකාව තුල විශාල ලෙස දාම ඝාතකයන්ගේ ගොදුරු බවට ගණිකාවන් පත්ව තිබෙනවා. ගැරී රිජ්වේ නම් දාම ඝාතකයා ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවන් 48ක් ඝාතනය කර තිබූ බව සදහන්. රොබර්ට් හැන්සන් නම් දාම ඝාතකයා 21ද කොලොම්බියාවේ සිටි පෙඩ්‍රෝ ලෝපේස් නම් දාම ඝාතකයා කාන්තාවන් 300කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කල අතර ඉන් වැඩු බහුතරය ගණිකාවන් වනවා. මෙලෙස ලොව සෑම රටකම පාහේ දිනපතා ගණිකාව ඝාතනය වන අතර ඔවුන්ගේ ඝාතනයන් පිලිබදව සොයා බැලීමට කිසිවෙකු නොමැති බැවින් එම සිද්ධීන් හුදකලා සිද්දීන් බවට පත්ව තිබෙනවා. 

අන්තර් ජාලයේ ලිංගික දසුන් සහිත රූප රාමු ඇතුලත් වෙබ් අඩවි ලක්ෂ ගණනක් තිබෙන බව ඔබ දන්නවා. නමුත් ඒවායේ ප්‍රමාණය සමස්ථ අන්තර්ජාලයෙන් 37%ක් ගන්නා බව ඔබ දැන සිටියාද? ගණිකා වෘත්තියෙහි යෙදීමේ එක් ක්‍රමයක් ලෙස අන්තර් ජාලය හරහා online cameras ඔස්සේ නිරුවත් රංගනයේ හෝ හැසිරීමේ යෙදීමද සැලකෙනවා. මේ ආකාරයෙන් හෝ සකස් කරන ලද අසභ්‍ය චිත්‍රපට හෝ පටිගත කරන ලද එවැනි දර්ෂණ ඇතුලත් දර්ෂණ සෑම ගතවන තත්පරයකදීම ලොවපුරා පුද්ගලයන්  28,285ක් නරඹන බව විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. ඩොලර් 3000කට ආසන්න මුදලක් සෑම තත්පරයකදීම ලොවපුරා අසභ්‍ය දර්ෂණ නැරඹීම සදහා වැය කරනවා. 

ඇමරිකාවේ පමණක් දිනකට නිල් චිත්‍රපට 37ක් අන්තර්ජාලයට මුදා හරින බව සදහන් වනවා. නිල් චිත්‍රපට වල දර්ෂණ ඇතුලත් ඊ මේල්ස් දිනකට බිලියන 2.5 ක් හුවමාරු වන බව සදහන් වනවා. මිලියන 68ක ජනතාව සෑම දිනකම අසභ්‍ය දර්ෂන සහිත වීඩීයෝ නරඹන බව සදහන් වනවා. ඒ අතරින්  සෑම දිනකම කුඩා දරුවන් ආශ්‍රිත අසභ්‍ය දර්ෂන 116,000ක් විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කරන බවත් විදෙස් විශ්ලේෂකයන් වාර්තා කරනවා.  

මේ පිලිබදව පැහැදිලි කතිකාවක් ලොවපුරා ගොඩනැගී තිබෙනවා. ඇයි පුද්ගලයන් ගණිකාවන් ඇසුරට යොමු වන්නේ ආදී කරුණු පිලිබදව සමාජ විශ්ලේෂකයන් විසින් කරුණු සොයාබලා තිබෙනවා. සමහර සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරන ආකාරයට ලොවපුරා සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙක් ගණිකාවන් ඇසුරු කර තිබෙනවා. මෙලෙස ගණිකාවන් ඇසුරට ඇබ්බැහි වූ පුද්ගලයන්ගෙන් 40%කගේ පමණ සහකාරිය ඔවුන් හැරදා ගොස් තිබෙන බවත් ඔවුන් පවසනවා. එලෙසම අන්තර් ජාලය තුලින් නිල් චිත්‍රපට නැරඹීමට ඇබ්බැහිවූවන් බහුතරය ගණිකාවන් සොයා යන බවත් සදහන් වනවා.

ලොවපුරා සිදුවන දික්කාසද වලින් 60%කට හේතුවී තිබෙන්නේ අන්තර් ජාලය තුලින් හමුවූ මිතුරන් හා මිතුරියන්. එමෙන්ම ආර්තිකමය වශයෙන් ස්තාවර පුද්ගලයන්ට වඩා ආර්තික ස්තාවරත්වයක් නොමැති පුද්ගලයන් අතර ගණිකා ඇසුර වැඩි බවයි සදහන් වන්නේ. මෙය තවත් ලෙසකින් කිව්වොත් ආර්තික වශයෙන් දියුණු රටවලට වඩා නොදියුණු රටවල ගණිකාවන් ඇසුර වඩාත් ජනප්‍රියයි. කාන්බෝජයේ කලකට ඉහත කල සමීක්ෂණයකින් හෙලිවූයේ එහි පුරුෂයින්ගෙන් 84%ක් පමණ ගණිකාවන් ඇසුරු කරන බවයි. 

ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් හෝ පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන් හා සසදන විට විවිධ ලිංගික ආබාධ හා රෝග සඳහා ගොදුරු වීමේ අවදානම 60% කින් වැඩි බව සොයාගෙන තිබෙනවා. මෙහි වඩාත් භයානක ස්වභාවය වන්නේ බොහෝ රටවල ගණිකා වෘත්තියේ නියැලෙන්නන් තමන්ට යම් ලිංගික රෝගයක් තිබෙන බව දැන සිටියත් එය වසන් කරමින් ගනුදෙනු කරුවන් සමග ලිංගිකව සම්බන්ධ වීමයි. බොහෝ අප්‍රිකානු රටවල, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වුවද මෙම තත්ත්වය පවතින බව සඳහන් වනවා. විශේෂයෙන් අප්‍රිකානු රටවල සිටින ගණිකාවන්ගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් ලිංගික රෝග වලින් රෝගවලින් පීඩා විඳින බවයි සඳහන් වෙන්නේ. 

අප්‍රිකාවට තුළ ඒඩ්ස් ආදී ලිංගික රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට ආරක්ෂිත නොවන ලිංගික සම්බන්ධතා ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. සිම්බාබ්වේ වැනි රාජ්‍ය වල ගණිකාවන්ගෙන් 50%කට පමණ ඒඩ්ස් වැලදී තිබෙන බව වාර්තා වනවා. නමුත් යුරෝපීය රටවල හා ඇමරිකාවේ මේ තත්වය සාපේක්ෂව බොහෝ අඩු බව සදහන් වෙනවා. තායිලන්තය වැනි අග්නිදිග ආසියානු රටවලද ගණිකා වෘත්තිය විශාල වශයෙන් පවතුනත් සංචාරක ව්‍යාපාරයේ අකන්ඩ වර්ධනය සදහා ගණිකාවන්ට නිරන්තරයෙන් ලිංගාශ්‍රිත රෝග සදහා රුධිර පරීක්ෂා සිදුකිරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුල එවැනි වැඩපිලිවෙලක් නොමැති බැවින් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියට හේතු විය හැකි.

මේ වන විට රටවල් 52ක් ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙනවා. ඔවුන් එසේ සිදු කිරීමට පියවර ගෙන තිබීම මගින් ලිංගික ශ්‍රමිකයන්ට එරහිව සිදුවන ප්‍රචණ්ඩත්වය බොහෝ දුරට අඩුවී තිබෙන බව සදහන් වනවා. මොකද ඔවුන්ට සිය වෘත්තියේ නීතිමය පිලිගැනීම ලැබීම මගින් තමන්ට සිදුවන අසාදාරණයකට එරහිව නීතියේ සරණ පැතීමට හැකිවීම නිසා. ගණිකා වෘත්තිය පිලිගත් බොහෝ රටවල් යුරෝපීය රාජ්‍යයන් හා දකුණු ඇමරිකානු රාජ්‍යයන්. ගණිකා වෘත්තිය පිලිගන්නා රාජ්‍ය අතර ඉන්දියාව, බෙල්ජියම, ස්පාඤ්ඤය, බ්‍රසීලය, ජර්මනිය මෙන්ම ඉස්ලාමීය රාජ්‍යක් වන ඉන්දුනීසියාවද සිටිනවා. 

ඇමරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍ය තවමත් පූරණ ලෙස ගණිකා වෘත්තිය පිලි අරගෙන නැහැ. ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් බොහොමයක වෘත්තීමය වශයෙන් මෙහි නියලීම පූර්ණ ලෙස තහනම් කරලයි තිබෙන්නේ. මේ නිසා බහුතර රටවල් ප්‍රමාණයක් තවමත් සිටින්නේ මෙය නිතිගත නොකල යුතුයි කියන මතයේ. 

බොහෝ දෙනෙක් තර්ක කරනවා ගණිකා වෘත්තිය ලොව පැරණිම රැකියාව කියල. බුදු රජාණන් වහන්සේගේ සමයේත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමයේත් සිටි නගර සෝබිනියන් නැත්නම් ගණිකාවන් සම්බන්ධව වාර්තා තිබෙනවා. මිසර ශිෂ්ඨාචාරයේ සටහන් වලත් ගණිකා වෘත්තිය පවත්වාගෙන ගිය බවට සාදක හමුවනවා. නමුත් ඉතා මෑතකදී සිට තවත් රාජ්‍ය නොවන සංවිධාන වගයක් මෙම සම්මතයට අභියෝග කරනවා. ඔවුන් පවසන්නේ ගණිකා වෘත්තිය ලොව පැරණිම රැකියාව නොවන බවත් මිඩ් වයිෆ් නැත්නම වින්නඹු මාතාවන්ගේ රැකියාව ලොව පැරණිම රැකියාව වන බවයි. මෙම ප්‍රකාශයේ යම් සත්‍ය තාවක් තිබීමට හැකි කියල ඔබටත් තර්කානුකූලව පේනවා ඇති. මොකද ඈත අතීතයේ සිටම මෙම ක්‍රියාවට ඒ සම්බන්ධ විශේෂ දැනුමක් තිබූ කාන්තාවක් සම්බන්ධ වී තිබු නිසා. කෙසේ නමුත් මෙම රැකියාවන් දෙකම පිලිබද සංවාදයක් මේ වන විට ගොඩනැගී තිබෙනවා. 

ලෝක ඉතිහාසය පුරාවට ගණිකා වෘත්තියේ නියලුනු කාන්තාවන් විවිධ ආකාර වලින් ලෝකයට හිතකර දේවල් කරල තිබෙනවා. සමහර විට මොවුන් ගැන කලින් අහල නැතුව ඇති. දෙවන ලෝක යුධ සමයේ මෙලෙස ගණිකා වෘත්තියේ යෙදෙමින් තමන්ගේ රට ජර්මානුවන්ගෙන් බේරා ගැනීම සදහා රහස් ඔත්තු සේවයේ යෙදුනු ගණිකාවන් සිය ගණනකගේ නාමයන් ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙනවා. 

මාතා හාරී නම් ප්‍රංශ ජාතික නලගන මෙලෙස ජර්මානු රහස් ඔත්තු ජාලය පිලිබද කරුණු අනාවරණය කල ප්‍රධානම ගණිකාවක්. ඇය ප්‍රකට ජර්මානු නිලධාරීන් සමග සිටිමින් ඔවුන්ගේ රහස් ප්‍රංස රහස්  ඔත්තු සේවයට ලබා දීමට කටියිතු කලා. වර්ජිණියා හෝල් දෙවන ලෝක යුද්දයේ සිටි Most wanted Spy නැත්නම් භයානකම රහස් ඔත්තු කාරිය ලෙස හැදින්වෙනවා. බ්‍රිතාන්‍ය ජාතික කතක් වූ මැය සිය රට වෙනුවෙන් අවස්තා ගණනාවකදී ගණිකාවක් ලෙස හැසිරෙමින් පමණක් නොව ගණිකාවන් සේවයේ පවා යොදවමින් ජර්මානු රහස් බ්‍රිතාන්‍යයට ලබාදීමට කටියුතු කලා. ඇය සම්මාන ගණනාවකට පාත්‍ර වූ ප්‍රකට රහස් ඔත්තු කාරියක්. එමෙන්ම ඇමරිකානු සිවිල් යුද්ධය සමයේ බෙලේ බොයිඩ් නම් වර්ජිනියාවේ සිටි රහස් ඔත්තු කාරියද ගණිකා මඩමක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මොවුන්ගේ සේවය එවකට එම යුද්දයන් වල විවිධ වෙනස්කම් සිදුවීමට මහත්සෙ උදව් වුනා.

උපුටා ගන්නා ලදී...

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments