බොහෝ දෙනෙක් නොදැන එල්ලන අටපට්ටම ගැන දැනගෙන එල්ලමු

 බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් තෙමගුල සමරන වෙසක් පුර පුං පොහෝ දිනයේ බෞද්ධයන් මෙන්ම බෞද්ධ නොවන බැතිමතුන්ද සිය නිවෙස් විවිධාකාර වෙසක් කූඩූ, බකට් හා බල්බ් වැල් ආදියෙන් සැරසීම සිදුකරනු ලබනවා. වසර ගණනාවක සිට පැවිත එන කූඩු නිර්මාණය කිරීමේ සම්ප්‍රදායේ වඩාත් ජනප්‍රියම කූඩු වර්ගය තමයි අටපට්ටම. අටපට්ටම නිකන්ම ආමිස පූජාව උදෙසා කරනු ලබන නිර්මාණයක් නොව විශේෂිතවූ අර්තයකින් යුතුව කරනු ලබන නිර්මාණයක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. සැබැවින්ම කිව්වොත් නියම වෙසක් කූඩුව වන්නේ අටපට්ටමයි. 

අටපට්ටම නිර්මාණය වන්නේ සම චතුරස්‍රාකාර කොටස් 6ක් ත්‍රිකෝණාකාර කොටස් 8ක් සමග එක්වීමෙන්. හරියටම කිවොත් පට්ටම් 8ක් එක්වීමෙන්. මෙහි පට්ටම් යනුවෙන් අදහස් වන්නේ ත්‍රිකෝණාකාර පට්‍ටම් 8ක් යන්නයි. මුල් කාලයේ මේ කූඩුව නිර්මාණය කලේ අද හදනව වගේ චතුරෂ්‍ර කොටස් 6ක් හදල නෙමෙයි. ත්‍රිකෝණාකාර පට්ටම් 8ක් එකට බැදල කියල කියවීමක් තිබෙනවා. මේනිසා තමයි මේකට සය පට්ටම නොකිය අට පට්ටම කිව්වේ. 

මෙම පට්ටම් එකක් හෝ හරියට, සමව නිර්මාණයවී නැත්නම් මේ කූඩුව හරියට නිර්මාණය වන්නේ නැහැ. එතකොට මේ අටපට්ටමෙන් කියැවෙන්නේ කුමක්ද? මෙහි සැබෑ අර්තය නම් අටලෝ දහමයි. 

ලාභ, අලාභ, යස, අයස,දුක, සැප, නින්දා හා ප්‍රශංසා යනු අටලෝ දහමයි. අපිට එදිනදා ජීවතය මේ අටලෝදමත් එක්ක තමයි ගෙවන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා මෙය හරිම යතාර්තවාදී ඉගැන්වීමක්. වෙසක් කූඩුවේ අරමුණ මේ ඉගැන්වීම කුඩා කාලයේ සිට දරුවන්ට කියාදීමයි. අම්මා හෝ තාත්තා විසින් සාදා එල්ලන මේ කූඩුව දෙස බලා සතුටු වන දරුවන්ට මෙහි අටලෝ දහම පිලිබදව දෙමව්පියන් විසින් කියාදීම මෙම සම්ප්‍රදායේ එක් අරමුණක්. 

අටපට්ටමේ එක් පට්ටමක් හෝ හරිහැටි නිර්මාණය නොවුනොත් කූඩුව හරිහැටි නිර්මාණය නොවන්නාසේම අටලෝ දහමේ එක් පාර්ෂවයකට හෝ අපි වැඩියෙන් නැඹුරු වුනොත් අපේ ජීවිතය හරිහැටි ගෙන යාමට අපිට හැකිවන්නේ නැහැ. මේ සියලුදේ පිලිබදව මනා අවබෝදයෙන් යුතුව ඒවායේ නොඇලී ජීවිතය ගත කිරීම තමයි මෙහි ඉගැන්වීම. 

කූඩුව මධ්‍යයේ ඉටිපන්දමක් ගැසීම බල්බ දැමීමට පෙර තිබූ සම්ප්‍රදායයි. ඉටිපන්දමක් ගැසීමෙන් වෙසක් කූඩුව ආලෝකමත් වනවාසේම යහපත් සිතුවිලි පැවතීමෙන් අපගේ සිත ආලෝකමත් වනවා. බුදුන් වහන්සේ මිනිසුන්ගේ සිත පහන් සිලුවකට උපමා කර ඇති බව ඔබ අසා ඇති. ඉටිපන්දමෙන් අටපට්ටම අලෝකමත් වන සේම වෛරී සිතුවිලි නොමැති සිතක් මිනිසුන්ගේ මුලු දිවියම ආලෝකමත් කරනවා.

එලෙසම මේ ඉටිපන්දම සුලග නිසා නිවී යන්නත් පුලුවන්. කුඩූවේ ගෑවී මුලු කූඩුවම ගිනි ගන්නත් පුලුවන්. ඒ වගෙම තමයි අපේ ජීවිතයත්. අටලෝ දහමට ඇලුනොත් අපේ ජීවිතත් සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. මේ ඉගැන්වීම ඔබේ දරුවටත් කියා දෙන්න. නිකන්ම අටපට්ටමක් නිර්මාණය කරනවාට වඩා එහි අරුත දරුවන්ට කියාදීම මගින් ඔවුන්ගේ ජීවිත සාර්තක කරගැනීමට කුඩා හෝ රුකුලක් ලබා දෙනු ඇත. 

තවත් සදහන් කලයුතු කරුණක් නම් බුදුන් වහන්සේ වෙසක් කූඩූ සෑදීමට කියා කොහේවත් වදාලා නැති බවයි. නමුත් මෙම සම්ප්‍රදාය අපට ඉන්දියාවෙන් පැමිණි බවත් ලාංකික බහුශ්‍රැත බෞද්ධ හිමිවරුන් මෙය හුදෙක් තවත් එක් නිර්මාණයක් නොකොට නිවැරදි, අර්තවත් අර්තකතනයක් එයට ලබාදුන් බවත් මතක් කල යුතුය

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments