ජැකී චෑන්ගේ ජිවිතයට කලු පැල්ලමක් එක් කල ඔහුගේ පුතාගේ අනුවේදනීය කතාව

ජැකී චෑන් ලෝක සිනමා ඉතිහාසයේ පහල වුනු අද්විතීයම චරිතයක්. ඒ පිළිබඳව ඔබටත් මටත් විවාදයක් තිබෙන්න විදිහක් නෑ. ජැකී පිහිටවපු ලෝක වාර්තා හා ඔහුගේ සුවිශේෂත්වය පිලිබදව අපි වීඩියෝ එකකින් මෑතකදි ඔබත් එක්ක කතා කාලා ඔබට මතක ඇති. ඔහු අවදානම් දර්ෂණ රගපාන අදටත් ලොව සිටින හොදම නලුවා ලෙසයි සැලකෙන්නේ. ඒ වගෙම ජැකී එම අවදානම් දර්ෂණ රගපාද්දි නොමැරී බෙරුනු අවස්තා ඕනෑ තරම් තිබෙනවා. ලොවපුරා ජනතාවගේ අසීමිත ආදාරයක් දිනාගන්න තරම් වාසනාවන්ත වුනු ජැකීගේ ජීවිතයේ හරිම දුක්බර දෙයක් ඉතිරි වෙලා තියෙනව. ඒ තමයි ඔහුගේ පුතා. ජැකීගේ එකම පුතා මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වෙලා තියෙනව. මේක ජැකීට දරාගන්න අමාරු වෙලා තියෙන දෙයක්. 


දෙමව්පියන් ප්‍රසිද්ධ වන විට හා ධනවත් වන විට දරුවන් නොමග යෑමට ඇති ඉඩකඩ වැඩී. දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ වැඩිමහල් දරුවා වගේම එකම පුතාගේ නම් ජෙයිසී චෑන්. දුවගේ නම චොක් ලෑම්. 1982 දෙසැම්බර් 3 වන දින උපත ලැබූ ජෙයිසී අද වන විට 38 වන වියේ පසුවනවා. තාත්තා වගෙම අංශ ගණනාවකින් දක්ෂකම් පෙන්වන ජෙයිසී ගායකයෙක් වාදකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක්ද වනවා. තම කුඩා කාලය ඔහු ගත කලේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් වල. ඔහු ඉපදුනෙත් ඇමරිකාවේ බවයි වාර්තා වන්නේ. ජෙසීගේ මව මෙන්ම ජැකී චෑන්ගේ බිරිද වන තායිවාන් ජාතික ප්‍රකට නිලියක් වූ ජොආන් ලිං තමයි ඔහුත් සමග බොහෝ කාලයක් ගත කලේ. 

ජෙයිසී ඉගෙනුම ලැබුවේ වර්ජිනියාවේ කොලේජ් ඔෆ් විලියම් ඇන්ඩ් මේරි ලෙස හැදින්වෙන ප්‍රකට පාසලක. ධනවත් ලමුන් සමග කුඩා කල සිටම සෙල්ලක්කාර දිවියක් ගෙවූ ඔහු ටිකක් දඩබ්බර චරිතයක් ලෙසයි වාර්තා වෙන්නේ. ජැකී හා ජොආන්ගේ අදික කාර්‍යය බහුලත්වය නිසා ඔවුන්ට තමන්ගේ දරුවා පිලිබදව හොදින් සොයා බලන්න මගහැරුනා වන්නටත් පුලුවන්. කොහොම උනත් ජෙයිසීගේ අධ්‍යාපන ගමන එතරම් සාර්තක එකක් වුනේ නැහැ. ඔහු කුඩා කාලයේදීම තම අධ්‍යාපන ගමන කඩාකප්පල් කර ගත්තා. මේ නිසා ඔහුට උසස් අධ්‍යාපනය ලබන්න වරම් හිමිවුනේ නැහැ. ඔහු හා ජැකි අතර කුඩා කල සිටිම එතරම් හොද සම්බන්ධයක් තිබ්බේ නැහැ කියලත් සමහර මාධ්‍ය වාර්තා කරල තිබෙනවා. වරක් එක් මාධ්‍යයක් ජෙයිසී සම්බන්ධව කරන ලද වැඩසටහනක් පාදක කරගෙන පවසා තිබුනේ ජැකී හා ජොආනා 1983 විවාහ වී ඔවුන්ට ජෙයිසී 1984දී ලැබුනු බවයි. නමුත් ජැකී චෑන්ගේ නිල වෙබ් අඩවියේ ජෙයිසී 1982 උපන් ලෙස වාර්තා කර තිබූ බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරනු ලැබුවා. 

ජෙයිසී යව්වනයෙක් ලෙස සිය ජීවිතය ගෙවුයේ රාත්‍රී සමාජශාලා වල සිය යහලුවන් සමග විනෝද වෙමින්. ඔහු සිය පියාගේ ධනයෙන් මිලෙන් අධික මෝටරථ මිලදී ගැනීම විනෝදාංශය කර ගත්තා. මෝටරථ කලින් කලට මාරු කරමින් ඔහු සෙල්ලක්කාර දිවියක් ගත කල බවයි වාර්තා වෙන්නේ. මේ කාලයේ තමයි ඔහු මුලින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඔහුගේ ධනවත් මිතුරන් ඔහුව නිතර නිතර මත්ද්‍රව්‍ය හා මත් පැන් භාවිතය සදහා එක්කන් ගියා. ඔහුගේ මේ ජීවන රටාව වෙනස් කරන්න ජැකී මැදිහත් වුනත් ඔහු එය තැකුවේ නැති බවයි වාර්තා වෙන්නේ.


 2003 වර්ෂයේදී ජෙයිසී නව දිවියක් ආරම්භ කිරීම සඳහා හොංකොං රාජ්‍යය වෙත යනවා. එහිදී ඔහු නව ගීත ඇල්බමයක් නිර්මාණය සදහා අලුත් ගීත 13ක් පටිගත කරනවා. ඉන් ගීත 10කම ගීත රචනා කලෙත් ඔහු විසින්මයි. 2004 වසරේ නිකුත් කල මේ ගීත ඇල්බමය ජෙයිසි ලෙසයි නම් වුනේ. ඉතිං ඔබට පේනව ඇති ඔහු කෙතරම් දක්ෂ තරුණයෙක්ද කියල. එහිදී ඔහු සිය පියාගේ අඩිපාරයේ යමින් සිනමාපට කිහිපයක් සදහා රංගනයෙන් දායක වුනා. ඔහු රංගනයෙන් දායක වුනු පලමු සිනමාපටය ලෙස the twin effect 2 සිනමාපටය 2004 වර්ෂයේදී නිකුත් වුනා. එහි ජැකී චෑන්ද චිරතයක් නිරූපණය කල අතර ජෙයිසී චෑන් ප්‍රධාන චරිතයක් නිරූපණය කලා. ඔහුගේ දෙවන සිනමාපටය වූයේ 2005 වසරේ තිරගත වුනු සුන්දර ආදර කතාවක් වූ ටූ යංග් සිනමාපටයයි. එහිද ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වුනු ඔහු ෆියෝනා සිට් සමග විශිෂ්ඨ රංගනයක නිරත වුනා. 2007 වසරේ නිකුත් වුනු ඉන්විසිබල් ටාර්ගට්, 2010 වසරේ නිකුත් වූ බ්‍රේක් අප් කල්බ් ඔහු රංගනයෙන් එක්වුනු තවත් ජනප්‍රිය චිත්‍රපට දෙකක්. නමුත් මේ සිනමාපට කිසිවක් අපේක්ෂා කල මට්ටමට ආදායන් ඉපැයීමට සමත් වුනේ නැහැ. 

2009 වසරේදී ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැර චීනයේ පුරවැසිභාවය ලබා ගැනීම සදහා අයදුම් කර තිබුනා. ඔහු ප්‍රකාශ කලේ එක්සත් ජනපදයට වඩා හොංග් කොංග් තුල ඔහුට වැඩි රසිකයන් පිරිසක් සිටින බවයි. 2011 වසරේදී ජෙසී හා ජැකී දෙදෙනාම එක්ව ජැකී චෑන්ගේ 100 වන සිනමාපටය වූ 1911 සිනමාපටය සදහා ප්‍රධාන රංගනයන් නිරූපණය කරනු ලැබුවා.  

මේ සියල්ල අතර ජෙසියි ඔහුගේ සෙල්ලක්කාර ජීවන රටාව නතර කරන්න කටියුතු කලේ නැහැ. ඔහු දිගින් දිගටම රාත්‍රී සමාජශාලා වල බීමත්ව කාලය ගත කිරීමත් කාන්තාවන් සමග කාලය ගත කිරීමත් දිගටම කරගෙන ගියා. චීන සමාජය තුල ඔහු නාස්තිකාරයෙක් කියන තත්වයට පත්වී තිබුනු බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය ඔහුව චයිනීස් ප්ලේ බෝයි යන අනුවර්ත නාමයෙන් කිහිප වරක්ම හදුන්වා තිබුනා. ඔහු මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙන්ම කාන්තාවන් සදහාත් විශාල වශයෙන් මුදල් වියදම් කරන කෙනෙක් විදිහටයි මාධ්‍ය හදුන්වා දුන්නේ. 

2014 වර්ෂයේ අගෝස්තු මාසයේදී ජෙසී චෑන්ව බීජිං ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා. ඒ මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම හා මත්ද්‍රව්‍ය භාවිතය සදහා පහසුකම් සැලසීම යන චෝදනා මතයි. ඔහුව ඔහුගේ මහල් නිවාසයේදී අත්අඩංගුවට පත් වන විට ඔහු සතුව මරිජුවානා මත්ද්‍රව්‍ය තිබී ඇති අතර ඔහු සමග ප්‍රකට තරුණ චීන නලුවෙකු වන  කයි කෝ ද මෙහෙදී ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා. දින 14ක් ආරක්ෂ අංශ භාරයේ තබා ගැනීමෙන් පසු ඔහුව මුදා හැරුනත් චීන නීතිය අනුව මරිජුවානා වෙලදාම ලග තබාගැනීම හා භාවිතයට පහසුකම් සැලසීම යනු මරණ දඩුවම පවා ලබාදිය හැකි වරදක් ලෙසයි වාර්තා වන්නේ. නමුත් මේ සිදුවීම හා බැදුනු වඩාත් සෝචනීයම කතාව වන්නේ ඔහු මෙලෙස අතඅඩංගුවට පත් වන්නේ ඔහුගේ පියා, ජැකී චෑන් චීනයේ මත්ද්‍රව්‍ය විරෝදී ව්‍යාපාරයේ ජාත්‍යන්තර නියෝජිතයා ලෙස 2009 වසරේ සිට කටියුතු කරමින් සිටින වකවානුවක වීමයි. 

2014 වසරේම සැප්තැම්බර් මාසයේදී නැවත්ත ජෙයිසීට මත්ද්‍රව්‍ය භාවිතයට හා බෙදාහැරීමට පහසුකම් සැලසීම යන චෝදනාව යටතේ චීන අධිකරණය නඩු පවරනු ලැබුවා. එහිදී ඔහු එම චෝදනා සදහා ඔහු වරදකරු වූ අතර ඔහුට චීන යුවාන් 2000 දඩයක් හා මාස 6ක සිර දඩුවම් නියම වුනා. මෙහිදී ජෙයිසී ඔහු චීන නීති පද්දතියට එරහිව ගිය බව පිලිගත් බවයි වාර්තා වෙන්නේ. තම පුත්‍රයාගේ සිර දඩුවම පිලිබදව අදහස් දක්වමින් ජැකී චෑන් ප්‍රකාශ කර සිටියේ තමා කිසි ලෙසකින් වත් තමාගේ දේෂපාලන සම්බන්ධතා පුතාව නිදහස් කර ගැනීම සදහා භාවිතා නොකරන බවයි. ඔහු වරදක් කර එය පිලිගෙන ඇති බැවින් ඔහුට නියම කරනු ලබන දඩුවමක් හිමිවිය යුතු බව ජැකී පවසා සිටියා. 


ජෙයිසී සිරගතව සිටි කාලයේදී ඔහු තමන්ගේ මවට ඔහුගේ අතින් වූ වරදට සමාව ඉල්ලා හා නැවත මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බව පවසා ලිපි 3ක්‍ යවා තිබුනා. තම සිර දඩුවම අවසන් වීමෙන් පසු මාද්‍ය ඉදිරියේ පෙනී සිටමින් ප්‍රකාශයක් නිකුත් කල ඔහු තමාගේ අතින් සිදුවූ වරදට සිය රසිකයන්ගෙන් හා චීන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා. තමා සිරගතව ගත කළ කාලය තම ජීවිතයේ අදුරුම සමය බවත් එය හරිම අමිහිරි අත්දැකීමක් බවත් ඔහු පවසා සිටියා. තමා ඉදිරියට සිනමාවෙන් හා ගායනයෙන් තම අඩුපාඩු හදාගෙන නව ගමනක් යෑම අරඹන බව ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුනත් ඔහු සිරගත වීමට ප්‍රතම රූගත කිරීම් වලට සහභාගී වෙමින් සිටි මංක් කම්ස් ඩවුන් ද මවුන්ටන් සිනමාපටයෙන් ඔහුව ඉවත් කිරීමට එහි අධ්‍යක්ෂක වරුන් කටියුතු කරල තිබුනා. ඔහු මේ සම්බන්ධයෙන් ඉතාමත් සිත් තැවුලට පත් වුණා කියලා වාර්තා වෙනවා. 

කොහොම වුණත් මේ සිදුවීමත් සමග ජෙයිසීට සිය රසිකයන් අතර පැවති ජනප්‍රියතාවය සහ කැමැත්ත විශාල වශයෙන් අඩු වෙලයි තිබුනේ. ඔහු විසින් වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වීම සඳහා ගිවිසුම්වලට එළැඹීලා තිබුණු සමාගම් රාශියක් ඔහුව එම ගිවිසුම් වලින් ඉවත් කරන්න කටියුතු කරල තිබුනේ ඔහු නීතියට එරහිව කටියුතු කරල චෝදනා ලබපු පුද්ගලයෙක් නිසයි. ඉතිං ඔබට මේ සිදුවීමෙන් පේනවා ඇති ලංකාවේ සමාජය මෙවැනි සිදුවීමකදී හැසිරෙන ආකාරයත් චීන සමාජය මෙම සිදුවීමේදී හැසිරුනු ආකාරයත් අතර ඇති අහසට පොළොව වගේ පරතරය. මොකද නීතියෙන් තහනම් මත්ද්‍රව්‍ය චෝදනා වැනි වරදක් සඳහා සිරගත වීම චීන සමාජය තුල සැලකෙන්නේ ඉතාමත් නින්දිත ක්‍රියාවක් විදිහටයි. ජෙයිසී චෑන්ව මෙලෙස ගිවිසුම් වලින් ඉවත් කල සමාගම් අතර KFC, ADDIS, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හා යිශියන් වැනි ප්‍රකට සමාගම්ද වනවා. 

ජෙයිසී 2015න් පසු රංගනයෙන් දායක වුනේ සිනමාපට කිහිපයකට පමණයි. ජැකී චෑන් වරක ප්‍රකාශ කර තිබුණා ජෙයිසී රංගනයටත් වඩා සිනමා අධ්‍යක්ෂණයට දක්ෂ බව. කොහොම වුනත් අද වන විට චීනය තුල ජෙයිසීට තිබූ සමාජ පිලිගැනීම ගොඩක් අඩු වෙලයි තියෙන්නෙ. හැබැයි ඔහු සිය වැරදි නිවරැදි කර ගනිමින් නැවත සිය ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට උත්සහ ගනිමින් සිටිනවා. ඒ සදහා ජෙසී නැවතත් තම උපන් බිම වූ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත ගොස් මව හා පියා සමග ලොකු සටනක යෙදෙනව කියලයි වාර්තා වෙන්නේ. 

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments