හිත නිවන කාලාවක් - Terrarium 😍

 ටෙරාරියම් වලට ආස අයට 🍄🌵😍

බොන්සායි වගේම  හිත නිවන කාලාවක් විදියට Terrarium  සජීවි කලාව හදුන්වන්න පුලුවන්. ඒ වගේම  වානිජමය මට්ටමට වැඩි දියුණු කල හැකි අපූර්ව කලා නිර්මාණයක් ...

මේකෙදි කරන්නෙ විනිවිද පෙනෙන බෝතලයක් ඇතුලේ පැල වවන එක... මේකෙ සිස්ටම් දෙකක් තියෙනවා

  01.සීල් කරපු  open terrarium

  02. සීල් නොකරපු Close terrarium 

 🌹මෙහීදි බහුලව Terrarium සඳහා යොදා ගන්නේ සීල් කරපු ආකාරයයි.......    මොකද නියම ටෙරාරියුම් එකක් විදියට ඒ ක්‍රමය හඳුන්වන්න පුලුවන්... මේක සරළ ඒකලිත පද්ධතියක්... මේකෙ තත්ව හරියටම තියාගන්න පුළුවන්නම් Terrarium එකක් අවුරුදු ගාණක් තියාගන්න පුලුවන්... හරියට බොන්සායි එකක් වගේ... මේක සජීවී දෙයක් නිසා අපේ කාලය ශ්‍රමය කැපවීම කරන්න සිදු වෙනවා .මේ දේවල් සංයමයෙන් කලොත් ඔයාලට සාර්ථක Terrarium එකක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්.

🌺මුලුන්ම වහන්න පුලුවන් විනිවිද පේන බෝතලයක් ගන්න... ඒකෙ අඩියෙම ලේයර් එකට බොරලු දාන්න... මේ ලේයර් එකෙ තමා වතුර රැඳිලා තියෙන්නෙ...

      ඊට පස්සෙ වර්ගඵලයට සමාන වෙන විදියෙ නෙට් කෑල්ලක් දාන්න...

                      (මේක දාන්නෙ බොරලු වලට උඩින් දාන මීඩියා එක බොරලු එක්ක මික්ස් නොවෙන්න..) .👇👇👇

      පස්සෙ ඒ නෙට් එකට උඩින් අඟුරු ලේයර් එකක් දාන්න...⁣( මේකෙන් ගස් වලට ඕනි කාබන් ලබාදෙනවා)

           ඊට උඩින් පස් හරි කොම්පෝස්ට් හරි දාන්න... මෙතනදි මතුපිට පස් දාගන්න පුලුවන් නම් අපිට අමතර වාසියක් විදියට පොඩි පොඩි සත්තු,ගැඩවිල්ලු වගේ අය නොමිලේම ලැබෙනවා... කොම්පෝස්ට් දැම්මොත් අපිට ඒවා පිටින් වෙනමම අැඩ් කරන්න වෙනවා... මේ සත්තු ⁣⁣ටෙරාරියුම් එකකට ගොඩාක් වැදගත්...මේ දාන මීඩියා එකේ තමා අපි හිටවන පැලවර්ග හිටවන්නේ... මේ වගේ බඳුන් ඇතුලෙ හිටවන⁣කොට ප්‍රරමාණය කුඩා, අඩු පෝශක ප්‍රරමාණයකින් ජීවත් වෙන්න පුලුවන් ශාක වර්ග තමා භාවිතා කරන්නෙ.. 

🌺ෆර්න් වර්ග⁣(පොඩි බේඳුරු වර්ග, පොඩි කැරන් කොකු වර්ග), 

මොස් වර්ග

ඕකීඩ් වර්ග, වගේ තෙතමනයට වැඩි කැමැත්තක් දක්වන පැල ගන්න එක වඩාත්ම සුදුසුයි... මොකද මේක සීල් වෙලා සයිකල් ටික ගානට සෙට්වෙද්දි හැදෙන්නෙ නිවර්තන වැසි වනාන්තරයක ලක්ෂණ...


🌺මේකෙ සිදුවෙන ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුලුවන් ලේසිම ක්‍රමයක් තමා  පෘථිවිය බෝතලයක් ඇතුලට දැම්මා වගෙ දෙයක්  තමා සිද්ධ වෙන්නේ  ඒ කියන්නේ Terrarium එකක් වැඩකරන්නෙ වෙනම ප්ලැනට් එකක් විදියට... ඒකෙදි බදුනේ පතුලෙම තියෙන ජලය ශාක මගින් උරාගෙන පරිභෝජනය කරලා උත්ස්වේදනය මගින් ආපහු වාශ්ප විදියට පිට කරනවා... මේ වාශ්ප ඝණීභවනය වෙලා ආයෙම ජලය හැදෙනවා... මේ විදියට ජල චක්‍රරයක් හැදෙනවා... ශාකවලට අවශ්‍ය කරන ඔක්සිජන් මේ පද්ධතියේ ඉන්න කුඩා සත්තු,බැක්ටීරියාවන් ලබා දෙනවා...පොඩි Terrarium එකකට නම් සත්තු දාන්න අවශ්‍ය  වෙන්නේ වෙන්නේ නෑ  මොකද බැක්ටීරියා වර්ග ඉන්න නිසා ශාකකොටස් දිරායෑම, ඔක්සිජන් වගේ දෙවල් ඉබේම සිද්ධ වෙනවා .. ඒත් ප්‍රරමාණයෙන් ලොකු වෙද්දි බැක්ටීරියා විතරක් මදි වෙනවා... ඒක නිසයි ගැඩවිල්ලු වගේ පාංශු ජීවීන් මේකට දාන්නෙ.. එයාලා කාබන්ඩයොක්සයිඩ්  නිපදවීම,දිරායන ශාක කොටස් ආහාරයට ගැනීම, පස සාරවත් කිරීම ව⁣ගේ දේවල් සිද්ධ වෙනවා ... මෙයාලට ඕනිකරන ඔක්සිජන් ගස්වලින් සපයනවා .....ඉතින් ඔය විදියට මේකෙ ඇතුලෙ චක්‍රයන් ගනණනාවක් අපි නොදැනුවත්වම  සිද්ධ වෙමින් පවතිනවා.. මේක ඒකලිත පද්ධතියක්... ටෙරාරියුම් එකක් බලාගැනීමේදී කරුණු කීපයක් තියෙනවා... එකක් ලයිට් එක.. මද ආලෝකයක් දෙන්න පුලුවන්නම් මේ සඳහා ගොඩක්  හොඳයි... ඒකට ඇක්වාස්කේප් වලට පාවිච්චි කරන ලයිට් වර්ග හොඳයි... අනික වතුර... අපි කොච්චර සීල් කරත් ඒ දේ හරියටම වෙන්නෙ නෑ... ඒක නිසා මේක ඩ්‍රයි (Dry) වෙන්න වෙන්න අඩුවෙන වතුර පිටින් එකතු කරන්න ඕනි... තව දෙයක්... මේවාට දීලීර බෝවෙන්න පුලුවන්... එ්  සඳහා දිලීර නාශකයක් භාවිතා කල හැකියි නමුත් යම් අවස්ථා වලදී එ්වා ශාකයට විෂ වීමක් සිදු විය හැකියි එහෙම උනොත් පද්ධතියම විනාස වෙන්න පුලුවන්... ඒක නිසා අඩුම වශයෙන් සති දෙකකට සැරයක්වත් ටෙරාරියුම් එක ඕපන් කරලා ඇතුලෙ වාතය අලුත් කරන්න...තව පුලුවන්  ටෙරාරියුම් එකක් හදලා ඒක සීල් නොකර ටික දවසක් තියන්න.. එතකොට පැල වලට නිදහසේ මුල් අල්ලන්න පුලුවන්... මේවා නිවසක් තුල තැබීමෙන්  මනස පිරිසිදු කරන්න පුළුවන් ඉතා  සුන්දර  කලාවක්.... terrarium කලාව ඔයාටත් පුළුවන් උත්සහ කරලා බලන්න..... එය ඔබට නව අත්දැකීමක් වේවී.....💚🌻

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments