පුරුෂ ලිංගයට වඳින පුදන රටවල්

මේ මාතෘකාව දැක්ක ගමන් ඔයාට හිනාවක් ගියා නේද?  හරි, ඒ ගැන අපි ආටිකල් එක කියවලාම කතා කරමුකෝ. පුරුෂ ලිංග වන්දනාවට හේතු වුණේ ආදිකාලීන මිනිසාගේ ඔලුවට ආපු අදහසක්. මොකද ආදි කාලීන මිනිස්සුන්ට ස්ත්‍රී පුරුෂ සම්භෝගයෙන් දරුවෙකු බිහි වෙනවා කියන්නේ නිකන් හිතාගන්න බැරි ප්‍රාතිහාර්යක් වගේ සංසිද්ධියක් වුණා. මේ නිසා ඒ සඳහා දායක වන ස්ත්‍රී යෝනිය සහ පුරුෂ ලිංගය වන්දනා මාන කරන්න ආදිකාලීන මිනිස්සු පටන් ගත්තා. සමහරු කියන විදිහට මුලින් පටන් ගන්නේ ස්ත්‍රී යෝනියට වන්දනා කිරීම. මේ නිසා මාතෘ මූලික ජන සමාජ ඇතිවුණා කියලා විශ්වාසයක් තියෙනවා. පස්සෙ කාලෙකදි ස්ත්‍රිය අභිබවා පුරුෂයාගේ භූමිකාව ඉදිරියට ඒමත් එක්ක පුරුෂ ලිංගය වන්දනාමාන කිරීම ජනප්‍රිය වුණාලු. මේ නිසා පීතෘ මූලික සමාජ ඇති වුණාලු. මිනිසා ශිෂ්ටාචාර ගත වීමත් එක්ක මේ පුරුද්ද අභාවයට ගියා. ඒත් ආදි කාලීන චාරිත්‍ර වාරිත්‍ර අදත් ලෝකය පුරා තැනින් තැන දකින්න ලැබෙනවා. සමහර ඒවා හොර රහසේ, සමහර ඒවා ප්‍රසිද්ධියේ. ඒ නිසා අපි අද කථා කරන්න යන්නේ පුරුෂ ලිංගයට වන්දනාමාන කරන රටවල් කීපයක් පිළිබඳව.

1. භූතානය

භූතානේ කියන්නේ හිමාල කඳුවැටියෙන් වට වෙලා බාහිර ලෝකයෙන් හුදකලා වුණු කුඩා රටක්. නමුත් මේ රට අද වෙනකොට ලෝකය පුරා ප්‍රචලිත වෙලා තියෙන්නේ ලෝකයේ කාබන් විමෝචක අගය අඩුම රටක් විදියට. මේ විදිහට පාරිසරික සහ සමාජීය වශයෙන් ඉදිරිගාමී දියුණුවක් ලබාගෙන හිටියත් භූතාන සමාජය තුළ තවමත් පැරණි ගති සිරිත්වල නෂ්ටාවශේෂ දකින්න ලැබෙනවා. ඒ අතරින් එක චාරිත්‍රයක් තමයි පුරුෂ ලිංගය වන්දනා කිරීම. අද වෙන කොට බෞද්ධ රටක් බවට පත්වෙලා තියෙන නිසා මෙම වන්දනාව එතරම් කල් එළියේ සිද්ද නොවුනත් ඔවුන්ගේ සිතුවම් සම්ප්‍රදායන් තුළ “දිව්‍යමය පුරුෂ ලිංග” පිළිබඳව කතා කෙරෙනවා. ඒ හා සබැඳි අභිචාර පද්ධතියකුත් භූතාන සමාජය තුළ පවතිනවා.

2. එංගලන්තය

මේ රටේ නම ඇහුවම ඔයා පුදුමයට පත්වුණා නේද? එක් අතකින් ඔයා වැරදිත් නෑ. හේතුව තමයි අද එංගලන්තයේ මේ චාරිත්‍රය ප්‍රසිද්ධියේ සිද්ධ වෙන්නේ නැතිවීම. එංගලන්තයේ ජනතාවගේ ප්‍රධාන ආගම ක්‍රිස්තියානි වෙන්න කලින් ඔවුන් ඇදහුවේ විවිධ ගෝත්‍රික ජන වන්දනාවන්. Dorset ප්‍රදේශයේ තැනිතලා බිමක Cerne Abbas යෝධයා නමින් ඇඳලා තියෙන සිතුවමක් දක්නට ලැබෙනවා. සෘජු වුණු ලිංගේන්ද්‍රයක් සහිතව මේ යෝධයාව නිරූපණය වෙලා තියෙනවා. මේ යෝධයාගේ ලිංගේන්ද්‍රය මත වැතිරිලා සංසර්ගයේ යෙදීමෙන් දරුඵල නැති යුවලකට වුණත් දරුවන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා ජනප්‍රවාදයේ පැවසෙනවා. ඒ නිසා තාමත් සමහර යුවලවල් යෝධයාගේ ලිංගේන්ද්‍රයේ උඩ වැතිරිලා ඒ දේ සිද්ධ කරනවා.

 3. තායිලන්තය

ලිංගික වෙළඳාමට ඉතා ප්‍රසිද්ධ වුණ රටක් තමයි තායිලන්තය කියලා කියන්නේ. විශේෂයෙන් බැංකොක් නගරය ඉන් ප්‍රධානයි. ඒ වගේම අවශ්‍ය නම් බැංකොක් බලා යන කෙනෙක්ට දරු ඵල ලබාගැනීම වෙනුවෙන් එක්තරා සිද්ධස්ථානයකට බාරහාර  වෙන්නත් පුළුවන්. මේ කියන සිද්ධස්ථානය කැප වෙලා තියෙන්නේ පුරුෂ ලිංග වෙනුවෙන්. ඒ සිද්ධස්ථානයේ නම තමයි Chao Mae Tuptim. මේ සිද්ධස්ථානයට වුණු බාර, ඒ කියන්නේ තමන්ට දරු සම්පත් ලැබෙන්න කියන ඉල්ලීමක් සඵල වුනොත් බාරේ නිදහස් කරන්න ලී වලින් හදපු පුරුෂ ලිංගයක් මේ සිද්ධස්ථානයට පූජා කරන්න ඕන.

 4. ජපානය

ජපානය තුළ පුරුෂ ලිංගයට වන්දනාමාන කරන උත්සව දෙකක් ප්‍රධාන වශයෙන් පැවැත්වෙනවා. පළවෙනි උත්සවය පැවැත්වෙන්නේ සෑම වසරකම මාර්තු 15 වැනි දවසේ. උත්සවය හැඳින්වෙන්නේ Honen Matsuri නමින්. දෙවෙනි උත්සවය හැඳින්වෙන්නේ Kanamara Matsuri නමින්. මෙය සෑම වසරකම අප්‍රේල් මස පළවෙනි ඉරිදා දින පැවැත්වෙනවා.

 5. ග්‍රීසිය

අද වෙන කොට ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගම අදහන රටක් වුණත් අතීතයේ දී ග්‍රීසියේ තිබුණේ  බහුදේව වාදය. ලෝකයට රමණීය ග්‍රීක මිත්‍යා සාහිත්‍යයක් එකතු වුණේ මේ බහුදේව වාදය නිසා. ඒ  ග්‍රීක දේවකතාවල දෙවියන් සමග ලිංගිකව එක් වූ කාන්තාවන් සහ පිරිමින් ගැනත් සඳහන් වෙනවා .මෙවැනි ඉතිහාසයක් පැවතීම නිසාද මන්දා තවමත් ග්‍රීසියෙ පැවැත්වෙන එවැනි චාරිත්‍ර ගැන කනින් කොනින් අහන්නට ලැබෙනවා. වාර්ෂිකව ග්‍රීසියේ “Bourani උත්සවය” නමින් උත්සවයක් පැවැත්වෙනවා. මේ උත්සවය සීමා වෙන්නේ Tyrnavos ප්‍රදේශයට. කෘත්‍රිම පුරුෂ ලිංග අතින් අත යවමින් සහ විවිධ ගීත ගායනා කරමින් ඔවුන් මෙම උත්සවය සමරනු ලබනවා.

 6. ඉරානය

ඉරානය අද වෙනකොට දැඩි මතධාරී ශියා මුස්ලිම් රටක්. නමුත් ඉරානය මුස්ලිම්කරණයට ලක්වීමට පෙර බෞද්ධ, සරත්‍රශ කියන ආගම් සහ විවිධ ජන ඇදහිලි අදහපු රටක්. එම නිසා ඉරාන සභ්‍යත්වය තුළ තවමත් ප්‍රාථමික ජන ඇදහිලි වල, විශ්වාස වල ශේෂයන් දක්නට ලැබෙනවා. Khalid Nabi සුසාන භූමිය මේ ජන ඇදහිලි හොඳින් පෙන්වන තැනක්. මේ සුසාන භූමියේ විශේෂත්වය තමයි සොහොන් කොත් වෙනුවට, සෘජු වුණු  පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග  නිර්මාණය කළ තිබීම. අද පවා ඇතැම් ඉරාන වැසියන් හොර රහසේ මෙම සුසාන භූමියට පැමිණ දරුඵල පතා යාඥා කරනවා.

 7. ඉන්දියාව

මේ ලයිස්තුවට මේ රට ඇතුළත් නොකළොත් ඒක හරියට මනමාලියෙක් නැති මගුල් ගෙදරක් වගේ. මොකද වසර දහස් ගාණක්, හැබැයි හින්දු භක්තිකයෝ කියන විදිහට නම් කල්ප ගාණක් තිස්සේ පුරුෂ ලිංගයට වන්දනාමාන කිරීමේ සම්ප්‍රදාය එක දිගට පවත්වාගෙන යන එකම රට වෙන්නේ ඉන්දියාව. ඒ ඉන්දියාවේ ශිව ආගමිකයන් අතර. ලංකාවේ හින්දු බැතිමතුන් අතරත් මේ සම්ප්‍රදාය තියෙනවා.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments