සයුරු පතුලේ පණ නගන අසිරිමත් ජීවීන්🌊🌊💙💦

 #SEA CUCUMBERS මුහුදු කූඩැල්ලන්  😱😍

 Cucumbers නම් මුහුදු කුඩැල්ලන් විශෙශයක් තමා ඔය පහල චායාරූපයෙන් තියෙන්නේ .

මොවුන්ගෙ වර්ග දැනට 1500 විතර හොයාගෙන තියෙනවා.😱😍

හැම වර්ගයක්ම එක එක වර්ණයන්ගෙන් යුක්ත වීම සුවිශේෂ ලක්ෂණයක් 🤙

මොවුන් ජීවීන් විදිහට නොපෙනිම හා මුහුදු පැලැටි ලෙස පෙනීම නිසා වෙනත් විලොපිකයන්ගෙන් ඔවුන්ගෙ ජිවිත ආරක්ෂා වීමට බලපානවා😱මොවුන්ගෙ විශාලම කාර්යභාරයක් වන්නෙ සාගරය පිරිසිදුව තබා ගැනිමට ඉතාමත් වැදගත් වීමයි😍මොවුන් සාගරයෙ අපිරිසිදු සියල්ල කා දාමා පොෂ්‍ය පදාර්ථයන් සපිරි ප්‍රොටීන් අඩංගු ද්‍රව්‍ය ගුදය හරහා සාගරයට මුදාහරියි😱

තව දෙයක් තියෙ මොවුන් ප්‍රජනන ක්‍රියාවලිය තනිවම තමා කරන්නෙ😁දෙදෙනෙක්ගෙ එකතුවකිනුත් කරනවා.ඒත් බොහො වෙලාවට තනිව කරගැනිම අමුතුම  ලක්ෂණයක් 😱

මොවුන්ගෙ එක් වර්ගයක් වන Cucumbers Breathe හුස්ම ගන්නෙ ඔවුන්ගෙ ගුදය හරහා වීම විශේෂයක්😍😁

වෙරළබඩ ප්‍රදේශවල සිට ගැඹුරු මුහුද දක්වා පුළුල් පරාසයක වාසස්ථානවල මොවුන්  ජීවත් වේ . ඒවා ලොව පුරා සාගරවල දක්නට ලැබේ.අඩුවක් නම් නැ මොවුන්ගෙ 😍

මොවුන්ගෙ ශරීරය කොටස් වලට ස්භාවිකව වෙන් වේ.එ ඔවුන්ට කරදරයක් පැමිනි විට අවශ්‍ය වුවහොත් පමණි 🙄තව ශරීරය පිරිසිදු කරගන්නත් එහෙම කරනවා😒 හැමදාම වගෙ ස්භාවධර්මයට බාධා කරන්නෙ මිනිසානෙ.ඉතිම් මෙ සතුන්වත් ආහාරයට ගන්නවා සමහරක් රටවල් .උදාහරණයක් විදිහට චීනය😒සමහරක් සාගර කලාප වල එ නිසා වද වෙලා තියෙන්නේ මෙ සතුන්.එ නිසා ගොඩක් රටවල් මොවුන් ඇල්ලිම තහනම් කර තියෙනවා...



🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊

Sea slugs මුහුදු හම්බෙල්ලන් 😲😮

🌎🌎🌎🌎🌎🌎🌎🌎✔

මුහුදු හම්බෙල්ලන් කුඩා, මන්දගාමීව චලන දක්වන සාගරවාසි ජීවීන් වන අතර සමහරුන්ගෙ දේහය දීප්තිමත් වර්ණ හා සංකීර්ණ රටාවන්ගෙන් යුක්තය.

ලොව පුරා සාගරවල දක්නට ලැබේන අතර නොගැඹුරු ජලයේ හෝ අඩි දහස් ගණනක් සාගර පතුලෙද උන්ට ජීවත් විය හැකිය.😱😱🌎😍🌎
සමහර මුහුදු හම්බෙල්ලන් ඇල්ගී වර්ග ආහාරයට ගන්නා ශාකභක්ෂකයන් වන අතර සමහර විශේෂ මාංශ භක්ෂකයින් වන අතර ඔවුන් ප්ලවාංග සහ කුඩා මුහුදු සත්වයන් ආහාරයට ගනි.
සමහර මුහුදු හම්බෙල්ලන් ඔවුන්ගේ දිය යට වාසභූමියට සමාන වර්ණ අඩංගු වන අතර තවත් සමහරුන්ගේ සමේ විෂ ඇත.විලෝපිකයින්ගෙන් බේරීමට මේ අනුවර්තන කදිමට උපකාරී. වි ඇත.🌎🌎😱🌎

මිනිසුන්ද මුහුදු හම්බෙල්ලන්ගේ විලෝපිකයන්ය. සමහර විශේෂ අල්ලාගෙන විදේශීය සුරතල් වෙළඳපොලේ විකුණනු ලැබිමත් සමහර විශේෂ ආහාරය සදහා අනුභවයට ගැනිමත් කරනු ලැබේ.මෙම සතුන්ට ඇති තවත් පාරිසරික තර්ජනයක් වන්නේ ජල දූෂණයයි.

🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊

Sea rabbits මුහුදු හාවන්...🐰🌿

🌎🌎🌎🌎🌎🌎🌎🌎✔

දිලිසෙන සියල්ල රත්තරං නෙමෙයි වගෙම ලස්සන හැමදේමත් සුන්දර නැ.එකට හොදම උදාහරණය තමයි මේ ජිවි විශේෂය.
මුහුදු හාවන් (Sea Bunny) ලෙස හදුන්වන මොවුන් අතිශය විස සහිත සාගරවාසි කුඩා මොලස්කාවන් විශේෂයකි.

විශ සහිත ස්භාවය නිසා මොවුන්ට විලොපිකයන්ගෙන් හානියක් නැත. මේ විශ ඖෂධිය වටිනාකමක් සහිතයි.පිලිකා මර්ධනයට මොවුන්ගෙ විශ පාවිච්චි කළ හැකි ආකාරය පිළිබද දැනටමත් අද්‍යනය කරමින් පවති.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)



Post a Comment

0 Comments