පෘථිවියේ ජීවත් වන මානව ක්‍රියාකාරකම් කෙරහි කිසිම ආකාරයෙන් අතපෙවීමක් සිදුනොකරන පාරභෞමික ජීවි කොඨටාසය 😲🙆

නෝඩ්කාවරුන් (Nordics)😱😳😲🙆

  නෝඩ්කාවරුන් එහෙමත් නැතිනම් Nordics යනුවෙන් හැදින්වනුයේ අප පෘථිවියේ ජීවත් වන මානව ක්‍රියාකාරකම් කෙරහි කිසිම ආකාරයෙන් අතපෙවීමක් සිදුනොකරන පාරභෞමික ජීවි කොඨටාසයකි.මොවුන්ගේ විශේෂත්වය නම් මොවුන් මිනිස් පෙනුමට බොහෝදුරට සමාන වීමයි.බොහෝවිට මොවුන් ස්කැන්ඩිනේවියානු මිනිසුන්ගේ හැඩරුවට සමාන බෙහෙවින් සමානය.1950 යන කාල වකවානුවේදී සිකුරු ග්‍රහලෝයකයෙන් හා ප්ලේඩියන් තරු පොකුරෙන් මොවුන් පැමිණ ඇතයි සමහරුන් විවිධ මත පලකරයි...කෙසේ නමුත් මෙය ඔවුන්ගේ සෑබෑ නිවස ආරක්ෂක හේතූන් මත රහසක් ලෙස තබා ගෙන ඇත්දැයි කරුණු සෙවීමේ දී පෙනි යයි.මොවුන් රතු පැහැයට හුරු හිසකෙස් නිල් හෝ කොළ පැහැ ඇස් සහ සුදු හිසකෙස් මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයන සේ හැදින්විය හැකිය.මොවුන් සමග සම්බන්ධතා පවත්වනු ලබන අයවලුන් පවසන පරිදි මොවුන් පෘථිවියට පිවිසෙන විට මෙම අක්ශි කාච පලදින බවයි.


මොවුන්ගේ පැමිණිම බොහෝවිට ටෝරස් තාරකා මණ්ඩලය හෙවත් සෙවන් සිස්ටර් (Seven Sister)තරු පොකුරෙන් සිදුවන්නට ඇතැයි පුරාණ ලිපි සාක්ෂි දරයි.මොවුන් තම වාසස්ථාන ලෙස හිමාල කදුකරයේ භූගත මහා කාමර තුල ජනපද පිහිටුවා සිටින බවට විටින් විට වාර්තා ලැබෙමින් පවති.තවද මොවුන් ආජන්ටිනාවේ සල්ටා කදුකරය අසලද භූගත උමං තුල ජීවත් වන බව ඇතමෙක් පවසයි . මොවුන්ගේ ශරීර මලල ක්‍රීඩා ගොඩනැගීමක් ලෙසින් නිර්මාණය වී ඇති අතර මොවුන් දුටු විගස සිත් ආකර්ෂණය කරගන්නා පෙනුමකින් හෙබිය.මොවුන් සමග සන්නිවේදනය කටියුතු සිදු කරන පුද්ගලයන් පවසන පරිදි මොවුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 700ක් පමණ වේ.නෝඩ්කාවරුන් ඉතාම සාමකාමී ජීවීන් කොඨටාසයක් වන අතර කිසිවිටක මානව සමාජයට හානිවන ආකාරයෙන් කටියුතු සිදුනොකරයි.

                                        මිනිස් සිරුර හා බොහෝ සමානකම් ඇති නිසා සමහර විශ්ලේෂකයන් මොවුන් අස්ථාන ගත වූ පුරුක (missing link ) විය හැකි බවට මත පලකරයි.නමුත් එය සනාථ වී නොමැත.මොවුන් සමග සන්නිවේදනය කල ප්‍රසිද්ධියට පත් ට්‍රැවිස් වෝල්ටන් හා බිලී මේයර් යන දෙදනාම පවසන පරිදි ඉදිරි සියවස තුල මොවුන් අප හා එක්වනු ඇති බවයි.තවද මානව සමාජය හා ලෝක දේශපාලනය කෙරහි සෘජු බලපෑමක් එල්ල කරන අලු පැහැති B උප ජීවින් සමග නෝඩ්කාවරුන් විරසකයක් පවතින බවද මොවුන් විසින් ප්‍රකාශ කර තිබේ.මිනිසුන් හා සන්නිවේදනය කිරීමදි මොවුන් යොදාගනු ලබන්නේ ටෙලිපති මාධ්‍යයි.පෘථිවියේ ජීවත් වන අධෝභෞමික ජීවීන් අතරින් මිනිසාට වඩාත් හිතකර හා මිත්‍රශීලීම ජීවින් කාණ්ඩය මොවුන් යැයි සැලකිය හැකිය.ඉහත කී පුද්ගලයන් පැවසු පරිදි මොවුන් කෙදිනකෝ මානව සමාජය හා එක්වනු ඇත. එමගින් මිනිසාගේ ආද්‍යාත්මික ශක්තිය ඉතා ඉහල මට්ටමකට ගමන් කරනු ඇත එමගින් වැලලි ගිය මානව ඉතිහාසය හා පෘථිවිය සගවා ගත් රහස් බොහොමයක් එලි වනු ඇත.

                                        මෙම සිදුවීම් හා ක්‍රියාවන් කිසි සේත්ම හිතලුවක් සේ බහැර කල නොහැක මන්ද ඔබත් මමත් කිසි දිනකවත් නොසිතන දෑ මේ පෘථිවියේ දැනුත් සිදුවන බැවිනි.අප පෘථිවියේ නෝඩ්කාවරුන් මෙන්ම බොඩොහොරූපින්, ඇල්ෆා සෙන්චෝරියන්වරු වැනි දැඩි මානව විරෝධී ජිවින් පවා ජීවත් වෙයි .ඔවුන් කිසි සේත්ම මානව සමාජයට හිතකර මෙන්ම සන්නිවේදනයට නොසුදුසු ජීවින්ය.නෝඩ්කාවරුන් යනු පස්වන මානව සංඛයාතයේ සිටින ජීවීන් පිරිසකි එම නිසා ඔවුන් ආදරය කරුණාව වැනි උතුම් ගුණාංගයන් හෙබි පිරිසකි....

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments