මට "සරල බව ලස්සනයි"

 එතරම් ලස්සන නැති මගේ චීන ජාතික බිරිද…

බොහෝ දෙනෙක් මගෙන් අහනවා මම විශාල ධනයක හිමිකරුවෙක් වෙලත් එතරම් ලස්සනක් නොමැති චීන ජාතික කාන්තාවක් බිරිඳ ලෙස තෝරා ගත්තේ ඇයි කියලා?

පළමුවෙන්ම සියලු දෙනාගේම එම ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් මට අවශ්‍යයි ලස්සන කාන්තාවක් යනු කවුරුන්ද යන්න සහ ලස්සන නැති කාන්තාවක් යනු කවුරුන්ද යන්න පැහැදිලි කරන්න.

අවංකවම කියනවානම් මට රූප රාජිනියෝ වගේ ලස්සන කාන්තාවන් බොහෝ අවස්ථාවන් වලදී ජීවිතේ මුණගැහුනා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මගේ බිරිඳ වීමට බොහෝසේ කැමති වූ අය. නමුත් බාහිරෙන් කෙතරම් ලස්සනට පෙනුනත් ඒ කිසි කෙනෙක්ගේ හදවත මුහුණ තරම් ලස්සන නැහැ කියලා මම දන්නවා.

"ලස්සන කාන්තාවන්" යනු කවුරුන්ද?

බොහෝ දුරට වීදුරු වැනි හදවත් තියන,ඉතා බිඳෙන සුළු අය.

ඇය රජෙකුගේ දියණියක මෙන් පිස්සු වැටී සිටින උඩඟුකමින්,අහංකාරකමින් නිතරම මගෙන් අසනු ඇත, මෙතරම් පොහොසත් වෙලත් ඇයි මෝටර් රථය වෙනස් කිරීමට අකමැති කියලා?

මම දන්නවා ඔවුන්ට මගේ බිරිඳ වීමට අවශ්‍ය වේගයෙන් සමාජයතුල කැපී පෙනීමට බව. ඉන්පසු ධනවතෙකුගේ බිරිඳ ලෙස ඔවුන්ට සමාජයේ ඉහල පිලිගැනීමක් ලැබෙනු ඇත,

කාන්තාවකගේ සුන්දරත්වය යනු ඇයගේ හදවතට එකගව ජීවත් වීමයි..

එතනින් පරිභාහිරව ජීවත්වෙන සියලු කාන්තාවන්ගේ හදවත සහ ආත්මය අපිරිසිදුයි..

සමාජය විසින් හදවතට එකගව ජීවත් වන කාන්තාවක් කැත කාන්තාවක් යැයි හඳුන්වනු ලැබේ,එවන් කාන්තාවක් මට සිටියද මම එවැන්නක් නොකියමි.

"පිටත අලංකාරය වයස සමග අඩු වනු ඇත, නමුත් ඇතුළත අලංකාරය වයස අනුව වටිනාකම වැඩි කරයි" (මෙය චීන උපමාවක්), එබැවින් එහි වටිනාකම ඉක්මණින් බැස යන දේවල් සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටීමට මම උත්සාහ කරමි.

මගේ බිරිඳ ප්‍රිසිලා චෑන් පිළිබඳව ඔවුන්ගෙන් තවත් ප්‍රශ්නයක් මතුවුනා. එයනම් මම ඇයට කැමති කුමක් නිසාද කියලා?

"කාන්තාවකගේ මුහුණේ ප්‍රකාශණය ඇගේ හදවතේ පිළිබිඹුවක්" ඇගේ සිනහව නිතරම මා මවිත කරනවා.

ප්‍රිස්කිලා ගැබිණියක් වූ දවසේ ඉදලා ගර්භණීභාවය හේතුවෙන් ඇගේ මුහුණේ, සිරුරේ සිදු වූ වෙනස්කම් ඇය මුළුමනින්ම නොසලකා හැරියා, ඇය සතුටින් බොහෝ සරළව ජීවත් වුනා, ඇයගේ සතුට මට හැම වෙලේම දැනුනා.

මම සරලත්වයට කැමතියි.

මම ඇගේ පෙනුමට කැමතියි.

ප්‍රිසිලා යනු උද්‍යෝගිමත් කාන්තාවකි, ඇය බුද්ධිමත් මෙන්ම නිර්භීත, ආදරණීය නායකත්ව ගති ලක්ෂණ ඇති කාන්තාවකි..

ඇය සමග ගතකරන සෑම තත්පරයක්ම මට ආදරනීයයි,මට ඉතාමත් සැපපහසු සහ සැහැල්ලු බවක් දැනෙනවා.

ප්‍රිසිලා කිසිම දිනක මාව පාවිච්චි කරනවා හෝ මා ගැන පුරසාරම් දොඩනවා වගේ හැගීමක් මට දැනෙන්නේ නැත. ඇය ඉහළ බුද්ධියක් තිබෙන කාන්තාවක් .අමතරව මගේ බිරිද ප්‍රිසිලා හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක්.

"විවාහය යනු පාවහන් යුගලයක් වැනි ය. පලදින කෙනා තමයි දන්නේ පාවහන් දෙක කොතරම් සැපපහසුද නැද්ද කියලා, මා පැළඳ ගත්තේ මට සැප පහසු පාවහන් කුට්ටමයි,

ප්‍රිසිලා තමයි මට මේ ලෝකේ හරියටම ගැලපෙන කෙනා.

මගෙ ආදරණීය බිරිඳ ප්‍රිසිලා චෑන් ව මට මුලින්ම හමුවුනේ වැසිකිලි යන පෝලිමකදී,

ඇය මගේ ලගින්ම හිටියේ ඇයගේ සුන්දර හිනාව, සරළ බව මා දුටුවා. ඒ මොහොතේ සිට මට මගේ හදවත කියන්න ගත්තා මේ මගේ අනාගත සහකාරිය බව.

ඔබේ ඇස් හමුවේ ප්‍රිසිලා යනු එතරම් සුන්දර නොවන ,අවලස්සන කාන්තාවක් වෙන්න පුලුවන්, නමුත් මගේ ඇස් හමුවේ ඇය මේ ලෝකේ සිටින සුන්දරම කාන්තාවයි, ඇය තරම් මට ගැලපෙන කාන්තාවක් මේ ලෝකේ නැහැ.

ඉතින්... මට "සරල බව ලස්සනයි" 

- උපුටාගැනීමකි -


Post a Comment

0 Comments