කොණ්ඩය යාම නැවැත්වීමට වටිනා රහස් 😍👩💇

 සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගෙ කොණ්ඩෙන් දවසකට කෙස්ගස් සීයක් විතර ගැලවිලා ඉවත් වෙනවා. ඒත් ඔයාහෙ කොණ්ඩෙ ඊටත් වඩා වැඩියෙන් හැලෙනවා නම්, ඒ පෝෂක ඌණතා, ආතතිය හෝ වෙනත් සාධක නිසා වෙන්න පුලුවන්. අද අපි ඔයාට කියලා දෙන්නෙ හිසකෙස් හැලීම අඩු කිරීමට හා කෙස් ගැලවීම නැවැත්වීමට කරන්න පුලුවන් දේවල් 6 ක් ගැනයි.

අවවාදයයි: ඔයාටත් හදිසියේ හිසකෙස් ගැලවී යාම, ඔලුවේ ලොකු ප්‍රදේශයක එකවර කෙස් හැලීම හෝ හිස්කබල කැසීම වගේ ලක්ෂණ තියනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබා ගන්න.

01. වැඩිපුර ප්‍රෝටීන් අනුභව කරන්න.

අපේ කෙස් හැදිලා තියෙන්නෙ කෙරටින් කියන ප්‍රෝටීනයෙන්. ඒ නිසයි ඔයාගෙ කොණ්ඩෙ ශක්තිමත් කරගන්න ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ලබා ගන්න කියන්නෙ. ඔයාගෙ උදේ ආහාරය හා දවල් ආහාරයට අත්ලේ ප්‍රමාණයට තියන ප්‍රෝටීන් කොටසක්, ඒ කියන්නෙ ප්‍රෝටීන් තියන ආහාරයකින් ග්‍රෑම් 120 ක් විතර ඇතුළත් කරගන්න. පරිප්පු, සෝයා බෝංචි, බෝංචි, බීජ, ධාන්‍ය වර්ග, බිත්තර, මාළු, නට්ස්, කුකුල් මස් හා ටර්කි වගේ ආහාර වැඩිපුර පරිභෝජනය කරන්න.

02. වැඩිපුර බයෝටින් පරිභෝජනය කරන්න.

බයෝටින් නොහොත් විටමින් H මගින් ඔයාගෙ ශරීරයේ කෙරටින් ව්‍යුහය වැඩි දියුණු කරනවා. ඒ නිසා ඔයා දවසකට බයොටීන් 30-100 mcg විතර ප්‍රමාණයක් ලබා ගන්න ඕන. බයෝටින් බහුල ආහාර ඔයාගෙ ආහාර වේලට එකතු කරගන්න. සත්ව අක්මාව හෝ වකුගඩු වගේ කොටස්, බිත්තර, ආමන්ඩ්, රටකජු හෝ වොල්නට්ස් වගේ නට්ස් වර්ග, සෝයා බෝංචි හා වෙනත් රනිල කුලයට අයත් ධාන්‍ය වර්ග, කෙසෙල්, වට්ටක්කා සහ හතු වැඩියෙන් ආහාරයට ගන්න. තාපය මගින් බයෝටින් වල කාර්යක්ෂමතාව අඩු කරන්න පුලුවන් නිසා අමු හෝ අඩුවෙන් තැම්බූ ආහාර වර්ග තෝරගන්න.

03. කොණ්ඩය හරියට හැඩගස්වන්න.

තදින් කොණ්ඩය ගෙතීමෙන් හෝ හිරට පෝනිටේල් දැමීමෙන් ඔයාගෙ කොණ්ඩය මුල සිට ඇදිලා කෙස් ගස් මත ලොකු ආතතියක් ඇති කරනවා. ඒ නිසා නිතරම ඒ වගේ කොණ්ඩ මෝස්තර යොදන්න එපා. ස්ටයිලිං ක්‍රීම් හෝ සීරම් වර්ග මගින් ඔයාගෙ කොණ්ඩයට අනවශ්‍ය බරක් එකතු කළ හැකි නිසා ඒවා වැඩිපුර භාවිතා කරන්න එපා. පුලුවන් තරම් සැහැල්ලු කොණ්ඩා මෝස්තර තෝරගන්න.

කර්ලිං හෝ ස්ට්‍රේට්නිං අයන් වගේ වැඩි උෂ්ණත්වයක් පාවිච්චි වෙන කොණ්ඩා මෝස්තර උපකරණ මගින් ඔයාගෙ කෙස් කළඹට හානි සිදුවෙනවා. ඒ වගේම කෙස් කැඩෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා වැඩි උෂ්ණත්වයේ තියන උපකරණ පාවිච්චි කරන්න එපා. කොණ්ඩෙ කර්ල් කරන්න ඕන නම්, රෝලර් හෝ වෙනත් කොණ්ඩෙට අහිතකර නැති ක්‍රම භාවිතා කරන්න.

තෙත හිසකෙස් පීරන්න එපා. තෙත හිසකෙස් දුර්වල නිසා පීරනකොට ඉක්මනින් ගැලවෙනවා. කොණ්ඩය සම්පූර්ණයෙන්ම වේලුණාට පස්සෙ පීරන්න. ඒත් ඔයාට තෙත හිසකෙස් පීරන්නම වෙන වෙලාවකදි ලොකු දැති තියන පනාවක් පාවිච්චි කරන්න.

04. අත්‍යවශ්‍ය තෙල් යොදන්න.

කිහිරි ලීවලින් ගන්න අත්‍යවශ්‍ය තෙල් මගින් ඔයාගෙ හිස්කබලේ තියන තෙල් නිපදවන ග්‍රන්ථි පාලනය කරනවා. එමගින් කෙස් හැලීම අඩු කරනවා. ඒ වගේම එයට ප්‍රති-දිලීර හා ප්‍රතිබැක්ටීරීය ගුණ තියනවා. කිහිරි ලීවලින් ගන්න අත්‍යවශ්‍ය තෙල් බින්දු කිහිපයක් ජොජෝබා තෙල් මේස හැඳි 2 ක් එක්ක මිශ්‍ර කරන්න. හදාගත් තෙල් එක හිස්කබලේ ගාලා ඇඟිලි වලින් හොඳින් මසාජ් කරන්න. විනාඩි දහයක් තියන්න. සාමාන්‍ය විදියට ඔයාගෙ හිසකෙස් සෝදන්න.

වැදගත්: කිහිරි ලීවලින් හදන අත්‍යවශ්‍ය තෙල් වෙනුවට, ඔයාට රෝස්මරී තෙල්, ලැවෙන්ඩර් තෙල් හෝ ගම්මිරිස් තෙල් වුණත් පාවිච්චි කරන්න පුලුවන්.

05. ළූණු වලින් හෙයා මාස්ක් එකක් හදාගන්න.

ළූණුවල ෆෝලික් අම්ලය, විටමින් බී, සී සහ ඊ, පොස්පරස්, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම් සහ කැරොටින් අඩංගු වෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථ ඔක්කොම ඔයාගෙ හිසකෙස් නැවත වර්ධනය කිරීමට උපකාරී වෙනවා.

ළූණු ටික ග්‍රේට් කරලා යුෂ මිරිකාගන්න.

දැන් කපු පුළුන් කැබැල්ලක් මගින් ළූණු යුෂ ඔයාගෙ හිස්කබලේ ගාන්න.

විනාඩි 20-30 කට පසු සෝදා ඉවත් කරන්න.

සතියකට දෙවරක් මේ සත්කාරය නැවත කරන්න.

06. ආතති මට්ටම අඩු කරගන්න.

මානසික ආතතිය නිසා ඔයාගෙ හිසකෙස් වැඩීම නතර වෙනවා. ඒ වගේම කෙස් හැලෙන එක වැඩි වෙන්නත් මානසික ආතතිය හේතු වෙනවා. යෝගා පුහුණු වෙන්න. පහළට මුහුණලා සිටින බල්ලා, ඉදිරි වංගුව සහ ඔටුවන්ගේ ඉරියව් වගේ ව්‍යායාමවල යෙදෙන්න. හුස්ම ගැනීමේ ක්‍රම පුහුණු වෙන්න. එමගින් ඔයාගෙ හිතට වගේම ඇඟටත් සනීපයක් දැනෙනවා.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments