බබා වැන්ගාගේ අනාවැකි (BABA VANGA'S PHROPHECIES)

BABA VANGA නැත්නම් Vangeliya Pandeva Gushterova, ගැන අමුතුවෙන් ලියා වචන නාස්ති කරන්නට අවශ්‍ය නැති මුත් කෙටියෙන් කියන්නම්. ඇය බල්ගේරියානු ජාතික නෙත් අඳ තැනැත්තියක්. ඈ වඩාත්ම ලෝ පුරා ප්‍රසිද්ධ ඇගේ අනාවැකි නිසා. ඒ වගේම ඇය ගුප්ත ශාස්ත්‍රය, අනාවැකි පිළිබඳව, හා ස්වාභාවික ඖෂධ සම්බන්ධ ප්‍රසිද්ධ තැනැත්තියක්. 

ඈ ජීවත් වූයේ  බල්ගේරියානු Kozhuh කඳුවැටිය ආශ්‍රිත Rupite නම් ගම්මානයේ. 1911.ජන.31 උපදින ඇයට වයස 12 දි ඇතිවන චණ්ඩමාරුතයක ප්‍රතිපලයක් ලෙස දෑස් අහිමිවෙනවා. එහිදී වාතලයට  විසිව යන ඇයව  දින කිහිපයකට පසුව ඇස් වසාගත් දුහුවිල්ල සහ වැලි සහිතව වෙල්යායකදි හමුවෙනවා. මෙයින් දෙනෙත් අඳ බව ලබන ඇය ඉන් දින කිහිපයකට පසුව සිය ප්‍රථම අනාවැකිය සමගම ඇයට රෝග සුවකිරීමේ  ගුප්ත බලයක් හිමිවූ බවත් කියනවා.

   

1996.අගෝ.11 වයස අසූහතරක්ව ඇය මෙලොව හැරදා යන තෙක්, ඇගේ ජීවිතේ සාරාංශය මෙසේ වුවත්, එහි සත්‍ය අසත්‍යතාව කෙසේවුවත්, ලෝ පුරා බොහෝ දෙනා අදහනවා ඇයට අනාවැකි කීමේ විස්මිත හැකියාවක් කියන බව. දෙවන ලෝක යුධය පටන් ගන්නට අර අඳින කාලයේදීම ඇය ඒ පිළිබඳව අනාවැකි කියූ බවද, මිනිසුන් මිලියන ගණනක් මියයන බවද කියා තිබෙනවා. එසේම, ඇය ජීවත්වූ දශක දෙකක් පිළිබඳව, සැප්තැම්බර් 11 ප්‍රහාරය ඇතුළුව, කියූ අනාවැකි බොහෝමයක් සත්‍ය වූ බව පිළිගත හැකිවීම පුදුමයට කරුණක්.

අපි දැන් පය ගහලා ඉන්නෙ අති නවීන තාක්ෂණය, කෘතිම බුද්ධිය, රොබෝ සේවකයන් පවා උපයෝගී කරගන්නා නවීන විද්‍යාවේ අති දියුණු යයි සිතන වසරකටයි. මෙලොව ඇති සියල්ලම, ස්වභාව ධර්මය පවා විද්‍යාවට යටයි කියලා ඔලු හැදිච්ච යුගයක එක් සමයක් වූ 2020 සහ ඒ ආසන්න වසරවල් ගැන එතරම්ම උගත්කමක් නැති, දෑස් අඳ ඒ ගුප්ත අනාවැකි කියන්නිය කියූ චචන ඔබට අදහාගත නොහැකි වේවි.

ඇය 2020 ගැන කියූ වැදගත් දේ අතර..

චීනය, ජපානය, පකිස්තානය සහ ඇලස්කාව විශාල රළ ප්‍රහාරයකට ගොදුරු වන බවත්,

2004 සුනාමි තත්ත්වය වැනි 7.5 ධාරිතාව ඇති භූකම්පනයකින් 400 ක් පමණ දෙනා ආසියාවේ මියයන බවත්,

විශාල ප්‍රමාණයේ උල්කාශ්මයක් රුසියාවට පතිත වන බවත්,

බ්‍රිතාන්‍ය යූරෝපීය සංගමයෙන් ඉවත්වීම තුළ යුරෝපය දැඩි මූල්‍ය අර්බූදයකට පත්වන බවත්,

සඳහන් අතර..

2021 රුසියානු නායකත්වය ඝාතන තැතක්ද, (ඝාතක තැත් කිහිපයකට මුහුණ දුන් අතිදක්ෂ බුද්ධි නිලධාරියකුද වූ මෙම අසහාය නායකයාගේ ආරක්ෂාව සඳහා නිරන්තරයෙන් Sniper Team එකක් ක්‍රියාත්මක වෙයි)

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා හඳුනා නොගත් රෝගයකින් පෙලීම,

2023 වනවිට පෘථිවියෙහි ගමන් මග වෙනස්වීම මත ඇතිවන උග්‍ර වෙනස්කම්. ස්වභාව ධර්මය ආශ්‍රිත සම්පත් වන,  ජල, පාරිසරික සහ  කාළගුණික තත්ව දැඩි වියැවුලකට ලක්වීම,

2100 වසර මිනිස් මොළය විසින් කෘත්‍රිම සූර්යයා නිපදවීම,

2111 වනවිට මිනිසුන් රොබෝවරුන් බවට පත්වීම සහ එයින් මහලුබව, රෝගීවී මියයාම නැති වන බවද, නමුත් මෙසේ කෘත්‍රිම වීම තුළ ස්වාභාවික  සම්පත් අවම වීම සමගම පෘථිවි විනාශය ආරම්භය,  මිනිසුන් ගේ අඟහරු සංක්‍රමණය. පෘථිවි අඟහරු  ග්‍රහයන් අතර යුද්ධය අවසානයේ 2183 පෘථිවියට සිය සම්පූර්ණ නිදහස ලැබෙන්නාවූ ක්‍රියාවලියේ ආරම්භය බවත් ඇයගේ අනාවැකි අතර තිබෙනවා.

මෙවැනි වියැවුල් ව්‍යසන සහ යුද්ධ අවසන 2271, Law of Physics ( ද්‍රවය ධර්ම ශාස්ත්‍රය), සම්පූර්ණයෙන්ම වෙනස් කෙරෙන අතර, ඊට දශක කිහිපයකට පසු #කාලතරණය සඳහා හැකියාවක් ලැබෙන බවද, එමනිසා මිනිස්වාසය නොමැති ග්‍රහයන් තරණයට තරඟකාරීත්වයක් ඇතිවන බවද කියයි. 

3005 අඟහරු මත ලෝක යුද්ධයක් ඇති වන බවද ඇගේ අනාවැකි අතර තියෙනවා🙂 (මිනිසුන් කොතනද එතැන යුද්ධය අනිවාර්යය).

ඇගේ සියලුම අනාවැකි රින පැත්තට බරවෙද්දී,  4308 දී සැනසුම් සුසුමක් හෙලිය හැකි අනාවැකියක් පවසයි, එය, එදවසට ජීවතුන් අතර නැති, ඔබ අප කාගේත් අද දවසේ ප්‍රාර්ථනයයි.

4308දී නරක නපුර මුළු ලෝකයෙන්ම සදහටම තුරන්වන බවය.

මිනිසුන් නව පරිනාමණයකට ලක්වන බවත්, එය මිනිසුන් තුළ, සමගිය සමාදානය ආදරය සහිත නව ආචාර ධර්ම ක්‍රියාවලියක ආරම්භය බවත් මෙම අනාවැකි කියන්නිය පවසනවා. එහි ප්‍රතිඵලය ලෙස,

4599 දී මිනිසුන්ට අමරණීයත්වය අත්කරගතහැකි බවත්,

වර්ෂ 5076දී විශ්වයේ අවසාන අදියරට එන බවත් එයින් වසර තුනකට පසු ලෝකයේ අවසානය සිදුවන බවත්ය.

ඇය ලෝකය පිළිබඳව කියා ඇති අනාවැකි බොහෝ ඒවා ප්‍රසන්න නොවන නමුත්, චීනය පිළිබඳව නම් ඇය  කියා අැත්තේ ඊළඟ ලෝක බලවතා චීනය බවයි.  කෙසේවෙතත් මේවා ඇත්ත වෙයිද බොරුද කියා විස්වාස කරන්නට අප මැලි වන්නේ මේවා අනාවැකි නිසාය. ඇය, පමණක් නෙවෙයි නොස්ත්‍රදාමුස්ද මීට සමාන අනාවැකි කියා තිබෙනවා. (මට මතකෙට ආවේ ලංකාවේත් එහෙම බබා වැන්ගා වැන්නෙක් ඉන්නවා නේද කියලා 😁)

විස්වාස කියන එක එකිනෙකාට වෙනස් වන අතර, අනාවැකි විස්වාස කරන නොකරන එකද එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නොදැකපු, අනාගතය ගැන අැය පවසා ඇති බොහෝ දෑ සත්‍ය වූ බවත්, කීවත් නොකීවත් පෘථිවිය අවතීර්ණ වී ඇත්තේ, සියල්ල වැනසී යන  විපත්තිදායක සමයකට බවද අනාගතය පවා යහපත් වේ යයි සිතිය නොහැකි තත්ත්වයකට බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඈ සැප්තැම්බර් ප්‍රහාරය දැකි ආකාරයත් මදක් බලමු.

"Horror, horror! The American brothers will fall after being being attacked by the steel birds. The wolves will be howling in a bush, and innocent blood will be gushing"

නමුත්, බබා වැන්ගා කියන්නේ එතරම් උගත්කමක් නැති, අකුරු ලියන්නට බැරි, බ්‍රේල් ක්‍රමයෙන් සර්බ්‍ බස මදක් කියැවිය හැකි තැනැත්තියක බවද, අැය මේ පිළිබඳව පොත් කිසිවක් ලියා නොමැති බවද, ඇය විසින් එදවස පැවසූ දෑ ඇගේ කාර්යාලීය සේවකයන් විසින්, අැය විසින් කීවා යයි කියන ලිඛිතව සාක්ෂි නැති අනාවැකි බවත් කිව යුතුයි. පසුව නම් ඇයගෙ ජීවන තොරතුරු සහ අනාවැකි ඇතුලත් පොත් බොහොමයක් ලියැවුණා. එහිදී ඈ සතුවූ වූවා යයි කියන අධිශක්තිය පිළිබඳව ලියැවුණු අතර, ඈ දැකි අනාගත වාක්‍ය අතර,

සෝවියට් සංගමයේ දෙදරීම,

චර්නොබිල් ව්‍යසනය,

ස්ටාලින් මරණය,

Kursk රුසියානු සබ්මැරීනය ගිලාබත් වීම,

සැප්තැම්බර් 11 ප්‍රහාරය,

උතුරු කොරියා ව්‍යාකූලත්වය

ද වන බව කියන අතර සමහරු මෙය විස්වාස කරන්නේ නෑ. 

වරක් 1976,  යුගොස්ලාව් නිළියක සහ ගායිකාවකවූ Silvana Armenulic, සිය බල්ගේරියානු සංචාරයකදී වැන්ගා හමුවට ගිය බවත්, එය ඉතා අප්‍රසන්න අත්දැකීමක් බවත්, එහිදී වැන්ගා කිසිවක්ම නොකියා බොහෝ වෙලාවක් ඇයට පිටුපා ජනේලයෙන් පිටත බලාගෙන සිටි බවත්, දිගු වේලාවකට පසු,

"nothing, you do not have to pay, I do not want to speak with you, not now, go and come back in three months." (කිසිවක් නෑ, ඔබ මට ගෙවන්නට අවශ්‍ය නැ, මම  ඔබට කතාකරන්නට කැමති නෑ. දැන් නෙවෙයි, තව මාස තුනකින් එන්න), ඇය කියූ බවත්, සිල්වානා හැරී යන්නට දොර අසළට යත්ම, වැන්ගා නැවත මෙසේ කීවාලු,

"නවතින්න! සමහරවිට ඔබට එන්නට බැරි වේවි! යන්න, යන්න, මාස තුනකින් එන්නට පුළුවන් වුනොත් එහෙම කරන්න". එදා සිල්වානා හට දැනුණු බිය සහ දුක ඇය වැන්ගා නිවසින් පිටවූයේ කඳුළින් නැහැවුණු දෙනෙතින් බවත්, ඇය ඉන් මාස දෙකකට පසු 1976.ඔක්.10, රිය අනතුරකට ලක්වී සිය සොයුරිය වූ මිර්ජානා සමග මියගිය බවත් සඳහන් වනවා. වැන්ගා ගේ අනාවැකිය කෙසේවෙතත් ඇගේ මරණය සිදුවන්නේ එලෙසටයි.


සැළකිය යුතුයි:

අනාවැකි මත යැපෙමින් ජීවත්වීම නොව කළයුත්තේ, මෙවැන්නෝ මෙසේ කීවා නේදැයි දැනුවත්ව සිට, තමන්ගේ ජීවිතය පළදායි ලෙසද යහපත් ආචාර ධර්ම සහිතවද ජීවත් වීමයි. 

තවම 2021 ජීවත් වන අපට, 4599 දී ලබා ගත හැකි අමරණීයත්වය සැබෑ නොවන හීනයක්ම වන හෙයින්, මරණය කොයි මොහොතේ හෝ අප කරා එන බව දැනුවත්වී ඉන්න ටික කාලෙදී, කුහක, නපුරු, ආත්මාර්ථය දුරලා, සතුටින් ජීවත් වීමයි හොඳම දේ.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)


Post a Comment

0 Comments