ඔබේ සමේ වියළීම වළක්වා ගත හැකි පහසු ක්‍රම 10 ක් - 10 Easy Ways to Prevent Dryness on Your Skin

ලප, කැළැල් ආදියෙන් තොර පැහැපත් සුසිනිඳු සම කාන්තාවකට නම් සැබෑම ආශීර්වාදයකි. එම නිසා අප උපතින්ම රැගෙන එන මේ සමේ සුන්දරත්වය සහ නීරෝගීබව ආරක්ෂා කරගත යුතු අතර සමේ ආරක්ෂාව පිළිබඳ ඔබ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි.අප අතර සිටින වැඩි පිරිසක් සැමවිටම මැසිවිලි නගන්නේ තම සම ඉතාම වියළි ස්වභාවයකින් යුතු බවකි. මෙයට එක් හේතුවක් වන්නේ වයසයි. එපමණක් නොව අප ගන්නා ආහාරපාන වර්ගවල යම් යම් බලපෑම්  ආදියේ ගැටලු නිසාද මේ තත්ත්වය උදාවිය හැකියි.මෙවැනි කරුණු කාරණා මඟින් ඔබේ සමත් වියළි ස්වභාවයක් ගන්නා බව ඔබටම අවබෝධ වේ නම් නොපමාව පහත සඳහන් පුරුදු ඇතිකරගන්න.

1. දිනපතා ස්නානයෙන් සහ සේදීමෙන් පසු හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් මුහුනේ සහ ඇඟේ ආලේප කිරීමෙන් සම වියළීම මගහරවා ගන්න ඔබට පුලුවන්.. විශේෂයෙන් මුහුණ අත් පා සහ මුළු සිරුරම ආලේප කරන්න.

2.දිනපතා ස්නානය ගැටලුවක් නැති මුත් සමට යොදන පිරිසුදුකාරක කෙරෙහි අවධානය යොමු කරන්න.

3.පෝෂණයෙන් සපිරුණු ආහාර දිනපතා සෑම ආහාර වේලකටම එකතු කරගන්න.

4. උණුසුම් ජලය ස්නානය කිරීමෙන් හැකි තරම් වැළකීම සහ ඔබගේ ස්නානය කරන වේලාව විනාඩි දහයකට සීමා කර ගැනීම.. සබන් භාවිතයෙන් ඔබේ සම ඉතාමත් ඉක්මනින් වියළීමට ලක් වන අතර සබන් වෙනුවට මෘදු පවිත්‍රකාරකයක් හෝ දියර බොඩි වොෂ් එකක් තෝරා ගන්න.

5. අධික ලෙස රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමෙන් වැළලකී සිටීම. රූපලාවණ්‍ය ආලේපන වල ඇල්කොහොල් සහ ඇපල් සයිඩර් විනාකිරි වැනි රසායනයන් අඩංගු වනවා. දිගින් දිගටම මෙවැනි ආලේපන වර්ග ආලේප කිරීමෙන් සමමත වියළි, පිළිස්සුම් ස්වභාවයක් ඇති වන්න පුළුවන්.

6.කිරි සහ කෝමාරිකා වැනි ස්වභාවික ආලේපන හැකි සෑමවිටම සමෙහි ආලේප කරන්න.

7. පිරිසිදු ජලය හැකිතරම් පානය කරන්න. ජලය මගින් ශරීරය වියළීම වළකා සම තෙතමනය ආරක්ෂා කරනු ලබනවා.

8.පැණිකොමඩු යුෂ, කැරට් යුෂ, තක්කාලි යුෂ, පිපිඤ්ඤා යුෂ, සැල්දිරි, තැඹිලි යුෂ ආදී යුෂ පානය කිරීම.


9.සතියකට වරක් ස්නානයකට පැය දෙකකට පෙර තල තෙල් ගා ශරීරය සම්බාහනය කිරීම.

10. පවතින කාල කාලගුණයට සුදුසු ආකාරයට ඔබගේ ඇඳුම් පැළඳුම් තෝරාගැනීම මඟින් සම ආරක්ෂා කර ගන්න ඔබටත් පුළුවන්. උදාහරණයක් ලෙස අධික වියළි කාලගුණයක් පවතින අවස්ථාවන් වලදී කපු ඇඳුම් වැනි සැහැල්ලු ඇඳුම් තෝරා ගැනීම/ ඉර එළියට යාමේදී සම හොඳින් ආවරණය කරගෙන යාම වැනි ක්‍රම මගින් සම වියළීම වළක්වා ගන්න පුළුවන්.



උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments