මල මිනියක් සමග ලිංගිකව හැසිරෙන මොකක්ද මේ "Necrophilia"

මේ දිනවල ලංකාවේ මල් ශාලාවක සිදුවූවායැයි කියන එක්තරා සිදුවීමක් සම්බන්ධව ලිපියක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචලිත වීම නිසා මෙම සටහන තියන්න හිතුවා. මලකදක් සමග සංසර්ගයේ යෙදීමට ආශා කරන මිනිසුන් ලොව සිටිනවා යැයි කිව්වොත් ඔබ සමහරවිට පුදුම වේවි. නමුත් ඇත්තෙන්ම එවැනි පුද්ගලයින් ලොවපුරා සිටිනවා. ඉතිහාසය පුරාවට ඒ පිලිබද සටහන් තිබෙනවා. මේක දරුණු ගණයේ මානසික රෝගයක්. නෙක්‍රොෆීලියා ලෙස හදුන්වන මෙම මානසික තත්වය පිලිබද සැකසූ වාර්තා වැඩසටහන් චිත්‍රපට ලිපි ඕණෑතරම් අන්තර්ජාලයේ සොයාගැනීමට පුලුවන්. 



Necrophilia යනු ග්‍රීක භාෂාවේ හමුවන වචනයක්. නෙක්‍රො නම් මැරුනු පුද්ගලයින් වන අතර ෆීලියා යනු ආදරය වේ. මියගිය සිරුරකට ඇති ආදරය යන්න මෙම වචනයේ අර්තය වන අතර මෙම වචනයේ සම්භවය 16වන ශතවර්ෂයටත් එපිටට දිව යෑමෙන් මෙවැන් සිදුවීම් පිලිබද කතාබහක් ඈත ඇතීතයේ පවා පැවති බව පෙනීයයි. 

මෙම රෝගය සෑදීමට හේතුව හරිහැටි පැහැදිලි නොවුනත් අතෘප්තිකර අධික ලිංගික ආශාවන් හා පහසුවෙන් නොසන්සිදෙන ලිංගික ආශාවන් තිබීම නෙක්‍රොෆීලියාව දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇතිබව සදහන් වනවා. පහරදීම්, හිරිහැර කිරීම මගින් ලිංගික තෘප්තිමත් බවක් ලැබීමට ආසා කරන පුද්ගලයින් ඕණෑතරම් සිටිනවා. මෙම තත්වයන් හී අවසාන අදියරක් ලෙසද මෙය හැදුන්වා දෙන්න පුලුවන්. ලොවපුරා නෙක්‍රොෆීලියාව සහිත පුද්ගලයින්ගෙන් 92%ක් පුරුෂයින්. 8%ක කාන්තාවන් ප්‍රමාණයක්ද සිටින බව සදහන්. 


ඉතිහාසයේ පුරාවට මෙවැනි සිදුවීම් වාර්තා කර තිබෙනවා. ග්‍රීක කතුවරයෙකු වන Herodotus වාරතා කරනව (ක්‍රි පූ 474- 425) පුරාන මිසරයේ සුන්දර කානතාවන් මියගිය පසු ඔවුන්ගේ සුරුරු සැකසීමට අනෙක් සිරුරු සකසනවට වඩා වැඩි කාලයක් එම වෘත්තියේ යෙදෙන්නන් ගත් බව. ඔහු පවසන්නේ විවිධ පුද්ගලයින් එම සිරුරු හා ලිංගික ක්‍රියාකාරකම් වල යෙදුනු බවත් ඔවුන් එම සිරුරු එවැනි පුද්ගලයින්ට අලෙවි කල බවයි. බොහෝ මෙවැනි ක්‍රියා වලට අඩු ආදායමක් තිබූ පුද්ගලයින් මෙන්ම යාචකයින්ද හුරුව සිටියලු. බැබිලෝනියාවේ Herod නම් රජු එක් තරුණියකගේ ආදරය ඉල්ලුවත් ඇය එය ප්‍රතික්ෂේප කලා. රජු දිගින් දිගටම ඇයට තාඩන පීඩන එල්ල කල අතර එය ඉවසාගත නොහැකිව ඇය සියදිවි හානි කර ගත්තා. මෙම රජු ඇගේ සිරුර රහසිගතව මී පැනි ඔරුවක බහා තබා වසර 7ක් පුරා ඇගේ සිරුර සමග ලිංගිකව හැසිරුණු බව සදහන් වනවා.




එමෙන්ම 18 වන සතවර්ෂයේ පේරූ හි වාර්ගික යුද්ධයන්හි දීත් 19 වන සතවර්ෂයේ තුර්කියේ හා 1919 මොරොක්කෝ යුද්දයේදීත් ඝාතනය වූ කාන්තා මල සිරුරු සමග සෙබලුන් හෝ වෙනත් පුද්ගකයින් සංසර්ගයේ සෙදී ඇති බවට ඉතිහාසයේ සදහන් වනවා. 

ආතර් ශොව්ක්‍රොස් නම ඇමරිකානු ජාතික දාම ඝාතකයා මෙලෙස කාන්තාවන් ඝාතනය කර මියගිය සිරුරු හා ලිංගිකව හැසිරුනා පමණක් නොව විවිධ කොටස් කපා ආහාරයට ගැනීමට තරම් දරුණු මානසික තත්වයක් තිබූ නෙක්‍රොෆීලියා රෝගියෙක්. ජපානයේ සිටි දාම ඝාතකයන් වූ   යෝශියෝ කොඩයිරා (1905) ගෙන්සෝ කුරීටා (1925)ද මෙවනිම නෙක්‍රොෆීලියා රෝගීන්. ඔවුන් විශාල අහිංසක තරුණියන් ප්‍රමාණයක් ඝාතනය කලා. එමෙන්ම මෑත කාලීන ඇමරිකානු දාම ඝාතකයින් වූ ටෙඩ් බන්ඩි හා ගැරී රිජ්වේ මෙවැනිම නෙක්‍රොෆීලියා රෝගීන්. ඔවුන් ඝාතනය කල ප්‍රමාණය 100කට අදිකයි. ඕස්ට්‍රේලියාවේ කැත්රින් මේරී නයිට්ද මෙවැනි නෙක්‍රොෆීලියා රෝගී කාන්තාවක්. 




ඇමරිකාවේ, මෙක්සිකෝව වැනි රටවල් ගණනාවක සමහර ප්‍රාන්තවල මිහිදන් කල පසුදින තරුණියන්ගේ සිරුරු අතුරුදහන් වන සිද්ධීන් ඕණෑ තරම් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙම තත්වය පිලිබද සිදුවීම වාර්තා නොවුවත් සමාජ මාධ්‍යයන්හී සංසරණය වන ලිපි සත්‍ය නම් මෙය ඉතා භයානක තත්වයක්. මන්ද මෙහි ඊලග තත්වය කෙනෙකු මරා ලිංගික අවශ්‍යතා සදහා යොදාගැනීම දක්වා වර්ධනය විය හැකි බැවින්. 

මියගිය සිරුරක් හා ලිංගිකව හැසිරීම සමාජීය වශයෙන් පිලිගත හැකි කාරනාවක් නොවේ.ලොව බොහෝ රටවල මෙයට නීතිමය වශයෙන් තහනමක් පවතිනවා. නමුත් වරක් ඊජිප්තුව සිය මියගිය බිරිද සමග ලිංගිකව හැසිරීම වරදක් නොවන බව ප්‍රකාශකර තිබුණා. ඒ වගේම ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක් මෙවැනි සිදුවීම වලට තිබූ නිතිමය වාරනයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබීම කණගාටුවට කරුණක්. 

වීඩියෝ දර්ශන නැරඹීම සදහා (click here..)

උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments