මලවුන්ගේ සිරුරු ආහාරයට ගන්නා ඉන්දියානු අගෝරි සාදුවරු

ගෝරි නැත්නම් අගෝර් නම් ජනකොට්ඨාෂය ඉන්දියාවේ ගංගානම් නදිය ආශ්‍රිතව හා වාරනාසි නගරය ආසන්නව  ජීවත්වන ජන කොටසක්. නේපාලයේ හා ගංගානම් නදිය ආශ්‍රිතව පිහිටි ආදාහනාගාර ආසන්නයේත් මොවුන් දැකගත හැක. ඇගපුරා මිනී අලු තවරාගත් මිනිස් ඇටකටු වලින් නිර්මාණය කල මාල වලලු ආදිය පැලදගෙන කොණ්ඩා, රැවුල් වවාගත් මෙම ජනයා හීන කුල ජන කොටසක් ලෙස හැදින්වේ. සමහරු මොවුන් සාදුවරු ලෙසද හදුන්වනු ලබයි.

ඉන්දියානු සමාජය තුල ඔවුන්ට කිසිදු ස්තානයක් ලැබී නැත. ඔවුන් සමාජයෙන් නෙරපා දමා ඇතිබව පැවසුවොත් නිවැරදී. මොවුන්ගේ ඇදහිලි ක්‍රමය හුදෙක් පරලොව සුවය පතා වන දෙයක්. ඔවුන් ශිව දෙවියන් හා කාලි මාතාවන් පිලිබද දැඩි භක්තියකින් පසුවන්නන්. ඔවුන්ගේ විශ්වාසය සොහොන් බිම් වල හා මියගිය සිරුරු බැහැර කරන ස්තාන වල මෙම දෙවියන් වැඩ සිටින බවයි. ගංගා නදියට බැහැර කරන මිය ගිය සිරුරු මොවුන් ගගෙන් ඉවතට ගෙන එම සිරුරු වලින් කොටස් ඉවත්කර ගැනීම සිදුකරනවා. මොවුන් මිනිස් හිස් කබල් ජලය පානය සදහා යොදාගන්නා අතර මිනිස් දත්, ඇගිලි ආදී කොටස් වලින් මාල සාදගෙන සිටිනවා. 


මොවුන්ගේ කල්ක්‍රියාව ඉතා ගුප්තබව ගවේෂකයන් පවසනවා. ඔවුන් සතුව විවිධ විෂවර්ග හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඇතිබව ඉන්දියානු ජනයා විශ්වාස කරනවා. ඒ වගේම අගෝරි සාදුවරුන්ට යම් පුද්ගලයින්ට සාප කල හැකිබවත් ඔවුන් විශ්වාස කරනවා. සමහර අගෝරි සාදුවරු නිරුවතින් සිටින අතර සමහරු සරල සේලයකින් සැරසී සිටිනවා. මොවුන් නිතරම ගංජා භාවිතා කරම අතර නිතරම මත්වූ ස්වරූපයක් ගන්නවා. නමුත් සැබෑ අගෝරි සාදුවරු හා ඔවුන් ලෙස වෙස්වලාගත් හිගන්නන්ද වරනාසිහි සිටිනවා.

 මෙම කුලයේ කාන්තාවන්ද සිටින අතර මොවුන් සතු සමාජගීය නොවන හැසිරීමක් නම් ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවල යෙදීමයි. මියගිය මලමිනියක් ඉදිරියේ තබාගෙන බෙරනාද වාදනය කරමින් ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම මොවුන්ගේ චර්‍යාවක්. වරක් පෝලන්ත ජාතික Jan Skwara නම් ඡායාරූප ශිල්පියා මොවුන්ව The Sun සගරාව වෙනුවෙන් ගවේෂණය කරනවා. ඔහුගේ වාර්තාවේ ඔහු මෙලෙස ප්‍රකාශ කරනවා "ඔවුන් මිනී ඔලු වතුර බීමට භාවිතා කරනවා, මියගිය මිනීකුනු වල මස් අනුභව කරනවා, සතුන් පනපිටින් ආහාරයට ගන්නවා, ඔවුන් පුදුමාකාර ජනකොටසක්".


මියගිය සිරුරුවල කොටස් ආහාරයට ගෙන ඉන්පසු භාවනා කිරීම ඔවුන්ගේ වතාවත් වල කොටසක් ලෙස සැලකෙනවා. බොහෝ දෙනා බිය වී, සමාජයෙන් නෙරපා දමා මළවුන් අතර ජීවත් වන මෙම සරල මිනිසුන් පෘථිවියේ ඕනෑම තැනක සොයාගත හැකි අතිශය ආන්තික ජීවන රටාවන් නියෝජනය කරයි.

උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments