අතීතයේ සිටි යෝධයන් (Giants of the past)


 අතීතයේ සිටි යෝධයන් කිවු සැනින්ම අපට සිහියට එන්නේ අපගේ දුටු ගැමුණු රජු හා සිටි අභිමාන දසමහ යෝධයන්ය.නමුත් මෙය ඊට වඩා බැරැරුම් තත්වයකි.එවැනි යෝධයන් හා සැසදීමදි ඉකුත් දිනක මෙවැනි අප සිතනා ආකාරයේ යෝධයන් හා සමාන අයකුගේ ඇටසැකිල්ලක් සොයාගනු ලැබුනු අතර එම පුවත සමාජජාලා හා නොයෙකුත් සගරා ආදියෙහි පලවී තිබුණේ සැවොම පුදුමයට පත්කරමින්.නමුත් මෙවැනි යෝධයන්ගේ ඇටසැකිලි විශාල ප්‍රමාණයක් ඇරිසෝනාව ,ලතින් ඇමරිකා,රෝමය.අරාබිය,ප්‍රංශය,තුර්කිය,යන රටවලින් සොයාගෙන ඇති අතර මෙම මාදිලි කිසිසේත්ම නූතන මානවයාගේ උප විශේෂයක් හෝ ගෝත්‍රයක් නොවන බව පූර්ව සාධක මගින් එලැබිය හැක.

                         එසේනම් මොවුන් කවුරුද ?? කෙසේ පරිණාමය වූවන්ද,ඔවුන්ගේ වද වී යාමට හේතුව කුමක්ද ??? ගැටලු රාශියක් ඉදිරියේ තනි වනු නොඅනුමානය.ලැබී ඇති භෞතික සාධක හා ඉපැරැණි ශිෂ්‍ඨාචාර ජනප්‍රවාද අනුව යම් කිසි හෝඩුවාවක් ලබා ගත හැකිය.2003 වසරේදී අරාබි කාන්තාරයෙන් යෝධ මිනිස් ඇටසැකිල්ලක් සොයා ගත් අතර එම පුවත මුස්ලිම් සමාජයේ මහත් කතාබහට ලක්විය එයට හේතුව නම් කුරානයේ එම යෝධයන් දෙවියන් විසින් මවනු ලැබු බව සදහන් වීමය.කෙසේ නමුත් එවැනිම රතු ඉන්දියානු ජනප්‍රවාදවලට අනුව විශාල යෝධයන් ප්‍රමාණයක් මුහුදෙන් පැමිණ ජනාවාස සාදා එහි පදිංචි වීම සහ එම යෝධයන්ගේ එකවර අතුරුදන්වීම පිලිබද ඉතාම ස්විස්තරාත්මකව දක්වා ඇත.කෙසේ වුවත් 2003 අරාබි කාන්තාරයේ තිබී සොයාගත් යෝධ ඇටසැකිල්ල උස අඩි 20 ඉක්මවයි.ලෝකයේ විවිධ රටවලින් සොයාගත් ඇටසැකිලි වල උස ප්‍රමාණයන් අඩි 15,19,20,23,25,යන පරාසයන් දක්වා විහිද යයි.මෙතරම් විශාල මිනිසුන් මෙම මිහිතල තුල කුමක් සිදුකරාද???

                         බොහෝ විට මානවයන් මෙන් පරීක්ෂණයන් සිදුකර ලබා ගත් වෙනත් මානව නියැදි අත්හදා බැලීම් සිදු කලා විය හැකිය.ඔවුන් පරිසරයට කෙසේ මුහුවනු දැයි නිර්මාපකයන් විසින් අද්‍යයන කර ඔවුන් විනාශ කලා විය යුතුය නැතහොත් පරීක්ෂණයන් සාර්ථක වූ නිසා නැවත ඔවුන්ව අදාල ග්‍රහලෝයක වෙත ගෙන ගියා විය හැකිය.පුරාණ රතු ඉන්දියානු ජනප්‍රවාදවලට අනුව එම යෝධයන් විසින් ඉදි කල විශාල ප්‍රාකාර හා නටබුන් අදටත් ලතින් ඇමරිකාවතුල දැකිය හැකි අතර එම නටබුන් සූක්ෂමව අද්‍යයන කිරීමදි මෙය කිසි විටෙක මිනිසෙක් විසින් සිදුකලා යැයි කිව හැකි සාධක නොමැත.එසේ නම් එම පුරාතන ගෝත්‍ර වල ජනප්‍රවාද හිතලූවන් සේ බැහර කල හැකිද ???.එසේ නම් ගැබුරින් සිතා බැලිය යුතුය.යෝධයන් පිලිබදව පුදුමය දනවන කාරනය නම් පීරු දේශයන් සොයාගත් "ඉකා" නැමැති පාශාණයයි. මෙහි පුදුමයට පත්වන කාරණය නම් එහි Triceratops හා Pterodactyl යන ඩයිනෝසරයන් වර්ග පිට ගමන් ගන්නා යෝධ මිනිසුන් වීමයි.පරිණාමයට අනුව අපගේ වානරයාද බිහිනොවී තිබු සමයක් ඩයිනෝසරයන් සමග ගමන් ගන්නා මොවුන් කවුරුද ??? කුමන මානව මාදිලියක්ද???? 

                         කෙසෙ නමුත් අධි බලැති රේඩාර් පද්ධති තුට්ටුවකටවත් ගනන් නොගෙන අප පෘථිවියට ඇතුලු වන ජීවින් පිලිබදව තවත් පරීක්ෂණයන් පවත්වන යුගයක ඉහත ප්‍රශ්න සදහා පිලිතුරක් සෙවීම (පෙන්ටගනය හැර) අනෙකුත් පෘථිවි වාසින්ට තවත් කල්ප කාලාන්තරයක් බලා සිටීමට සිදුවනු ඇත.

උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments