පියාඹන පීරිසි සහ අපි [Flying saucers(UFO) and us]

පියාඹන පීරිසි නැතිනම් යූඑෆ්ඕ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්නේ. ඉස්සර නිකම් හොල්මන් අවතාර වගේ මිත්‍යා ගනයට වැටුනත් අද වෙනකොට බොහේ රටවල ආරක්ෂක අංශ මගින් පිලිගන්නා තත්වයට මේවා පත් වෙලා තිබෙනවා . මුලින් මේවා පිලිනොගැනීමට විශේෂම හේතුව මේ සිදුවීම් සමහරක් ඉතාමත් සංකීර්ණ වීමත් සාමාන්‍ය විද්‍යාත්මක තර්කනයෙන් පැහැදිලි කිරීමට නොහැකි වීමත්. නමුත් වසර සිය ගණනකට පෙර සිට සිදුවුනු විවිධාකාර UFO දර්ශනය වීම් නිරීක්ෂනය කර තිබුනේ හොදින් පුහුනුව ලැබූ , අමුතු වස්තු ආදිය වෙන් කර ගැනීමට හොදින් ඇස් පුරුදු කල ගගන ගාමීන්, ගුවන් යානා නියමුවන් , යුධ ගුවන් යානා නියමුවන්, රේඩාර් වැනි පද්ධති ක්‍රියාකරුවන් වගේ අය. ඒ වගේම අනෙක් අය අතරට තාරකා හා භෞතික විද්‍යාඥයින් , අනෙකුත් ක්ෂේත්‍ර වල විද්‍යාඥයින්, ජනාධිපතිවරුන් ඇතුලු ජනප්‍රිය දේශපාලකයින් නලු නිලියන් වැනි බොහෝ දෙනාත් අඩංගු වෙනවා . ඒ වගේම ඉතිහාසයේ සිට දහස් ගණන් මිනිසුන් , සමහර විට සිය ගනනින් කාන්ඩ වශයෙනුත් මේවා සාමාන්‍ය ජනයාත් නිරීක්ෂනය කර තිබෙනවා. ඒ වගේම මේ දර්ශනය වීම් වලින් පසු ඉුතුරුවුනු විවිධ අසාමාන්‍ය ලක්ෂන සහිත භෞතික සාක්ෂි වැනි දේත් මේ දර්ශනය වීම් තවතවත් තහවුරු කරනවා. මේ නිසාම අමෙරිකානුවන් මේවා පිලිබද අධ්‍යනය කිරීම සදහාම වෙනම ව්‍යාපෘතියක් අරම්භ කර තිබුනේත් Blue book නමින්. එහි හදුනා නොගත් වස්තු දර්ශනය වීම් 12,618 පිලිබද වාර්තා අන්තර්ගත වන අතර ඉන් බොහෝ දේ සදහා ස්වභාවික හේතු දැක්වීම් ලබා දී තිබුනා. නමුත් වාර්තා 701සැබැවින්ම හදුනා නොගත් පියාසර වස්තු ලෙස නම් කොට තිබෙනවා. මේ ලෙසම හොර රහසේ මේවා පිලිබදව දත්ත රැස් කල රටවල් වන රැසියාව එංගලන්තය වැනි රටවල්ද ඔවුන්ගේ වාර්තා පසුගිය වසර වල එලි දැක්වූවා.
project blue ook sinhala all in one lk
project blue ook sinhala all in one lk

ඉතාමත්ම අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වෙන්නේ 1989 රුසියාවේ වොරනෙෂ් නගරයේ උද්‍යානයකින්. කීප දිනක් තිස්සේ රාත්‍රි අහසේ චලනය වුනු ආලෝක ලප වලට පසු එක් දිනක් රත් පැහැයෙන් බැබලුනු ආලෝකයක් කෙමෙන් නිල් පැහැ එලියකට හැරෙමින් මෙහි නගර උද්‍යානයට පහත් කරනවා. එය තනිකරම පාවෙන දිලිසෙන ගෝලයක්. පාද කීපයකින් පොලවට ට පහත් වූ පසු සාමාන්‍ය මිනිසාට වඩා ආසාමන ලෙස විශාපත්වයකින් යුක්ත වුනු ජීවියකු හා රොබොවෙක් යැයි සිතිය හැකි යන්ත්‍රයක් ඉන් පිටතට පැමින තිබෙනවා. මේ වන විට කුඩා ලමුන්ද ඇතුලු පනහක පමන ජනකායක් උද්‍යාකයේ රැස්ව මෙය නරඹා තිබුනා. ජීවීන් ඇවිද යත්තම බියපත්වූ කුඩා ලමුන්ගේ කෑ ගැසීම් හා මිනිසුන්ගේද කලබලය තුල එක් වරම මේ යානයද ඇතුලු සියලුම දේ ක්ෂනික නොපෙනී ගිය බවද සදහන් . නැවතත් මොහොතකින් දර්ශනයට පැමිනි යානය හා ජීවින් ගෙන් මෙවර විශාල සත්ත්වයා කුඩා දරුවකු වෙත එල්ල කල යම් බටයක් වැනි දෙයකින් එම දරුවා අතුරුදහන් වී ගිය බව්ත් සදහන් . සුලු වේලවකින්ම නැවතත් යානය තුලට වැදුනු මොවුන් ක්ෂනිකව ඉහල අහසේ නොපෙනී ගිහින් තිබෙනවා. අතුරු දහන් වුනු දරුවා නැවතත් දර්ශනය වූවේ ඉන් පසුව බවයි සදහන් වෙන්නේ. මේ පසුකාලීනව ඩිස්කවරි නාලිකාව ඔස්සේ මේ සිදුවීඹට මුහුන දුන් පිරිස් ඔවුනගේ අද්දැකීම් විස්තර කල ආකාරය. https://www.youtube.com/watch?time_continue=259&v=T3gJg0Y9HDI&feature=emb_logo
1967 මියාමි හි ක්‍රෙස්ට්විව් පාථමික පාසලක සියයක් පමන සිසුන් හා ගුරුවරු දෙදෙනෙක්ද ඔවුන්ගේ පිට්ටනියට මීටර් කීපයක් ඉහල අහසේ පාවෙමින් තිබුනු මීටර් ගණනක විශ්කම්භයකින් යුතු. පීරිසි හැඩැති යානාවක් හා එහිම ඩ්‍රෝන දෙක්ක වැනි යානා දෙකක් නිරීක්ෂනය කර තිබුනා. කිසිදු ආදාරයකින් තොරව නිදහසේ පාවමින් තිබුනු මේ යානව එහි පැමින තිබුනේදෙවනි දිනටයි. මෙහිදී ළමුන් මෙය නරඹා තිබුනේ බියකින් තොරව කුතුහලයෙන් හා විශ්මයෙන් යුතුවයි. මෙම නිසාමදෝ එක් වරම යානය ක්ෂනිකව අසල තිබුනු ගසක් තුලට ඇදදී ගොස් නොපෙනී ගිය බව සදහන් . නැවතත් ස්වල්ප මොහොතකින් සියලු දෙනා පුදුමයට පත් කරමින් ගස තුලින් එලියට ඇදී ආ යානය සිතා ගත නොහැකි අධික වේගයකින් අතුරුදහන්ව ගොස් තිබෙනවා. මේ සිදුවීම ඇත්තටම අමෙරිකානු blue book ව්‍යපෘති වාර්තාවේ දැක්වෙනවා නමුත් විසදූ දෙයක් ලෙස. එහි නිගමනය සිසුන් හා ගුරුවරුන් දැක තිබෙන්නේ හෙලිකොප්ටරයක් බවයි . අදටත් ජීවත්ව සිටින මේ සිසුන් තමුන් එදා ඒ දුටු දේ කිසිලෙසකවත් හෙලිකොප්ටරයක් බව පිලිගන්නේ නැහැ. ඇත්තටම ඩ්‍රෝන නොමැති ඒ කාලයේ වුවත් කුඩා දරුවකුට හෙලිකොප්ටරයක් හා පියාඹන පීරිසයක් වෙන් කර හදුනා නොගැනීමට හැකි වීම විහිලු සහගතයි. අනික මට හිතුනේ මේ කවුරුන් හෝ ජීවීන් කුඩා දරුවන්ව සතුටු කිරීම සදහා යම් රගපෑමක් කර යන්නට ඇති බවයි .
ඒ වගේම 1958 පැපුවා නිව් ගිනි වල මිෂනාරි වරයුකු හා ඔහුගේ සේවක පිරිස දුටු පියාඹන පීරිසි සිදුවීමකදී දිලිසෙන එලි දෙකකට මැදි වුනු දිලිසෙන පැතලි වස්තුවක් හා එහි ඉහල සිටි මිනිස් රුවට සමාන ඇති ජීවීන් පිරිසක් දැකීමේ සිදුවීමෙදීත් මිෂනාරිවරයා ඔවුන්ට අත වැනීමේදී ඔවුන්ද ප්‍රතාචර ලෙස අතවනා තිබෙනවා . මෙයත් ඉතාමත් ප්‍රසිද්ද සිදුවීමක්. (කෙටි චිත්‍රපටය https://www.youtube.com/watch?v=0135-dCw7Kg&t=2s)
1997 ඇරිසෝනාවේ ආන්ඩුකාරයා ඇතුලු සිය ගණන් මිනිසුන් විසින් දැක ගත් පීනීක්ස් ලයිට්ස් නමින් හැදික්වෙන සිදුවීමත් ඉතාමත් ජනප්‍රිය සිදුවීමක් . පාදම රහිත ත්‍රි‍කෝණාකාර වස්තුවක ආලෝකයන් හෝ නැතිනම් වෙන් වෙන්ව ත්‍රිකෝණා කාර හැඩයට ගමන් කල ආලෝක ධාරා පිලිබදව මෙහිදී වාර්තා වී තිබුනා.
මේ ගෑනු කෙනා විස්තර කරන ලස්සන නෝර්ඩික්ට් පිටසක්වලයින් පිලිබද කතාවත් නිකමට බලන්න. ඔබ හිතනවද ඇය බොරු කියන බව https://www.youtube.com/watch?v=vKy1EaH0oSI
තවත් ඉතාමත් ප්‍රසිද්ධ සිදුවීම් කීපයක්
බෙටී සහ බාර්නි
https://www.youtube.com/watch?v=SmDxXcRCkN4
ට්‍රැවිස් වෝල්ටන්
https://www.youtube.com/watch?v=HvjIO6pAXuo
YAO
https://www.youtube.com/watch?v=iDgDxav3d0E&t=1s
රාජ්‍ය තොරතුරු
https://www.space.com/39325-us-government-ufo-program-legacy.html

මේවා ගැන හොයාන්න ගත්තාට පස්සේ ඕනෑම කෙනෙකුය තේරුම් යන දෙයක් තමයි UFO කවදාවත් අපේ මිනිසුන්ගේ තාක්ෂනයක් වෙන්න බෑ වගේම මේ පිටසක්වල UFO බොරු කියලා කියනවා නම් ඊට කලින් මීට වඩා සාක්ෂී අඩු තියරි තියෙනවා ඕන තරම් සාක්ෂි අඩුයි කියලා විද්‍යාවෙන්ම අයින්කරලා දාන්න. ඒ වගේම පැහැර ගැනීමට ලක්වූ බව හා පර්යේෂනයට ලක්වූ බව කියන මිනිසුන් ඉන්නවා බොහෝ දෙනෙක් තෲත් ටෙස්ට් වලින් පාස් වෙලා ඒවාගේම මෝහනය හරහා කලින් මතකයේ නොතිබුනු අත්දැකීම් විස්තර කරලා මේ වගේ ගොඩක් දේ හොයා ගන්න පුලුවන් . ඔය කවුරු හරි ප්‍රසිද්ද කෙනෙක් මුලින් ඕවා විශ්වාස නොකර ඉදලා පස්ස‍ෙ හදුනා නොගත් අකාශ වස්තුවක් දැක්කට පස්සේ කිව්වා you won’t believe it until you see it කියලා. ඔය වග්ම තමා මේ සබජකේට් එකක්. ප්‍රසිද්ද කෙනෙක් ආ ඕවා හිතේ මායාවන් ඒ නිසා බොරු කියපු පලියට බොරු කියන එක හරි ලේසියි. නමුත් හොයලා බලපුවහම තමා අදහස වෙනස් වෙන්නේ . ඒ වගේම ඔය පරන පිරමිඩ් එහෙමත් ලෝකඩ යුගයේ සරල ගල් නිර්මාන කිව්ව පලියට මමත් හිතන් හිටියේ හරි සරල දේවල් කියලා. නමුත් දැන් බලන කොට තමා තේරෙන්නේ අපිට අදවත් එවැනි දෙයක් කර ගැනීමට නොහැකි බව.
පලමු වරට ඇමරිකානු නේවි එක ප්‍රසිද්දියේ මේ UFO සංසිද්දිය පිලිගත් මේ වීඩියෝ බලන්න . https://youtu.be/60ZJQ4I7_3M
https://www.youtube.com/watch?v=2F_EF8kcEKw


ඔවුන් පැහැදිලිව කියනවා අපි තනි වෙලා නැති වෙන්න පුලුවන් කියන එක. ඒ වගේම තාක්ෂය ජලය මත ජලයේ නොගැනී පාවෙනවා අධික වේගයෙන් ඒ වගේම හිටපු ගමන් නිව්ටෝනියන් භෞතික නියම තඹේකට මියිම් නොකර ක්ෂනිකවඅඩි 12000 විතරට ඉහල අවකාශයට ත්වරනයක් නැතැයි කියන්න පුලුවන් විදිහට ඇදී යනවා. ගමන් කරන දිශාවන් වෙනස් කිරීමේදී කිසිම මන්දගාමී වීමක් හෝ වක්‍රාකාර හැරවුමක් නැහැ. අංශක 90 ටම හරවනවා. නැතිනම් 180 වටම.
ඉතින් මේ ජීවීන් පිටසකවලයින් හේ මේ සක්වලේම ග්‍රලෝක වලින් හෝ නැතිනම් ආලෝක වර්ෂ බිලියන ගනන් දුර පිහිටි චක්‍රාවාට වල ඉදන් පැමිනෙනවා වෙන්නට ඇති . නමුත් පිලිගත යුතුම දේ තමා මේ එන්නේ මේ අපේ ලෝක කාලගුනබැලුන් වත් හෙලිකොප්ටර් වත් නෙමෙයි කියන එක.
මේ පිටසක්වල යානා පිලිබද ගැටලුවේදී ගොඩ දෙනෙක් අහන ගැටලුවක් තියෙනවා . ඇයි එහෙනම් එයාලා අපිව සම්බන්ධ කර ගන්නේ නැත්තේ කියලා. එහෙම නොකරන නිසාත් මේ යානා ජීවින් බොරු කියලා ස්කෙප්ටික්ස්ල තර්ක කරනවා.
මේක ඇත්තටම ඉතාමත් පටු ලෙස සැබෑ ගැටලුව දෙස බැලීමක් .
සුලු හේතුවක් දැක්වුවොත් අපි ප්‍රිකාවේ කොංගෝවේ සංචාරයකට යනවා ගෝත්‍රිකයෝ බලන්න හෙලි කොප්ටර් එකකින්. නමුත් අපි බැහැලා ගෝත්‍රිකයෝ එක්ක කතා කරන්න යනවද ? නැහැ. ඇයි ? අපට ෂුවර් නෑ මුන්මරන බයට අපිව මරයිද , නැතිනම් නිකම්ම මරලා දායිද වගේ දේ ගැන. ඒ තමයි අපේ සහ ඔවුන්ගේ ශිෂ්ථාචාර අතර තිබෙන පැහැදිලි වෙනස හා අනවබෝධය. අඩුම තරමේ ගෝත්‍රික නායකට පනිවුඩයක් වත් යවන්නේ නැහැ. නමුත් මේක ඉතා සරල හේතුවක් මේක නෙමෙයි වැදගත්ම දෙය.
මේක මේ ගොඩක් දුරට ගොතපු කතාවක් විය යුතුයි . මේකේ කියන විදිහට 1960 ගණන් වල විතර ඇත්තටම සිකුරු ග්‍රහයා මත වෙසෙන වෙනූෂියානු පිසටසක්වලයින් ඇමරිකානු රජය සම්බන්ධ කර ගත් බව සහ ඔවුන් විසින් ඔවුන් සතු අති දියුනු තාක්ෂනය ප්‍රතිවිවාසීන්ට ලබා දීමට විමසූ බවත්. නමුත් මේ යෝජනාව ඇමරිකානු රජය මගින් කරුනු විමසීමෙන් පසු කාරුනිකව ප්‍රතික්ෂේප කලාලු. මෙන්න මේ ප්‍රතික්ෂේප කිරීමට හේතු සදහන් ලියවිල්ල තමයි වැදගත්ම කාරනය . මට මේක හරියටම මතක නැහැ. නමුත් ලිපිය ඇති හොයාගෙන් බලන්න මොකද කතාව බොරු උනත් ඒක ඇත්තටම වැදගත්.

“ඔබලාගේ දියුනු තාක්ෂනයන් වෛද්‍ය ප්‍රතිකර ආදිනේ මේ පෘතිවි වාසීන්ට අතිවිශාල වාසියක් සැලසෙන බව ඇත්ත උනත් මේ ග්‍රහලෝ්කය දැනට පවතින්නේ යම් ක්‍රම වේදයකට. ඔය කියන තාක්ෂනික දේ වලට අපි එකග උනොත් ඒ දේ ඇත්තටම අප දැනට සතු කර ගෙන තිබෙන දැනුම විනාශ කරනවා, ඒ දැනුමෙන් යැපෙන පුද්ගලයින්ව විනාෂ කරනවා. විශේෂයෙන් අපගේ ආර්තිකය සම්පූර්ණයෙන්ම විනාෂ කර දමනවා . අධ්‍යාපනය ඇතුලු සියලු දේ වෙනස් වනවා. ඒ නිසා මේ යෝජනා අපි පිලගන්නේ නැහැ.”
මේ මට මතක තිබෙන විදිහට ලිව්වේ . නමුත් බලන්න එහි ඇති වැදගත් කම .මේවගේ දියුනු තාක්ෂනයකට අපි එක වර කැමති උනොත් සරලව වන්නේ අප ඒ ජීවීන්ගේ වහලුන් වීම. තවදුරටත් අපේ කියා සැලකිය හැකි ෆෙයින්මන් වැනි විශීෂ්ඨ විද්‍යාඥයින්ට සැලකීමක් නැහැ. ඒ වගේම විශ්ව විද්‍යාල ඇතුලු සියලු තැන් වල සිටින දැන උගත් බොහෝ දෙනෙකුගේ රැකියා පවා අහිමි වනවා. මොකද ඔවුල් ලබා ගත් දැනුමෙන් වැඩක් නැහැ දැන්. ඒ වගේම රථ වාහන නිපදවන වැනි විශාල කර්මාන්ත ශාලා වල සිට ඖශධ නිපදවන සමාගම් පවා සම්පූර්ණයෙන්ම ඇද වැටෙනවා . මුලු ලෝකයේම ආර්තිකය දැවැන්ත අභීයෝගයකට ලක් වෙනවා. පිටසක්වලයින් පහසුවෙන්ම ලෝකය අත්පත් කර ගන්නවා . ඉන් පසු ඔවුන්ගේ දැනුමෙන් යැපෙන සමාජයේ සියලු වාසි ලැබෙන්නේ ඔවුන්ටයි. මෙන්න මේකයි ප්‍රධානම ගැටලුව . මේකට උදාහරනත් ඖනේ තරම් තිබෙනවා. සරලම උදාහරනය ලංකාව විදේශිකයන්ට යටත් වීම නිසා සිදුවුනු දේ . මේ ලිපියේ එක් මූලික අරමුනකුත් මෙන්න මේදේ පෙන්වා දීම.

ලංකාව විදේශිකයන්ගේ ග්‍රහනයට හසු වීම නිසා සියලු පැරනි දැනුම පැරනි සොයා ගැනීම් වලට තැන නැති උනා. ආර්ථිකය විනාෂ උනා. පිටස්තර අද්‍යපනයෙන් බිහි වුනු පිරිස් තව දුරටත් උසස් ලෙස සලකන්නේ අර පිටින් දැනුම ලබා දුන් පිරිස . ඒ වගේම ඒ දැනුම හරහා ඔවුන් සිදු කරන සියලු ක්‍රියා වල ආර්ථික වාසී ලබන්නේ අර පිටස්තරයින් . අදටත් මේක මෙහෙමම නේද ? දැනුමේ ආධිපත්‍යය කියන්නේ මෙන්න මෙයටයි. මේකේ වටිනාකම දන්න අය පුලුවන් තරම් තමුන්ගේ දැනුම නිෂ්පාදනය කරන්න බලනවා. මම මේ ලගදිත් ලිපියක දැක්වූවා වගේ අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ පිහිට ලැබුවට අපිට රටට ආර්තික වාසි ලබා ගැනීමට නම් හොදම විදිහ දේශිය වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරම. එතකොට එහි තිබෙන ප්‍රතිලාබ සදහ විදේශිකයන්ටයි අපේ යටතේ යැපෙන්න වෙන්නේ . එසේ නොවී විදේශිකයන් අපේ රටට පැමිනෙන්නේ නැහැ ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතාකර මෙහි සිට ලබා ගැනීමට. ඉතින් දැනුමේ ආධිපත්‍යයට යටවුනු පිරිස් මේක තේරුම් ගන්නේ නැහැ. තමුන්ගේ රැකියාව, තත්ත්වය ගැන හිතලා මෙවැනි දේ පුලුවන් තරම් පහත් කරනවා. නමුත් පැහැදිලි නේද තමුන්ගේ දැනුමක වටිනාකම සහ දැනුමේ ආධිපත්‍යයය සතු බලය. තුවක්කුවේ බලෙන් වහලුන් තබා ගත යුතු වෙන්නේ නැහැ මේ යටතේ .නමුත් තමුන් වහලුන් බව නොදන්නා වහලුන් බිහිවෙනවා නිකම්ම. ඇයි වැඩි වාසි අර දැනුමේ අයිතිකාරයින්ට නිසා. මේ සිදුවීම ඉතාමත්ම ලස්සනට විස්තර කරන TV සීරිස් එක්ක තමා V නැතිනම් The Visitors සීරීස් එක.


මේ වගේම තමා තවත් හේතුවක් තියෙනවා මේ සමගම දැක්විය යුතු. ඒ තමා මේ තමුන්ගේ අය සමගවත් සමගියෙන් ඉන්න බැරි ශිෂ්ඨාචාරයකට දියුනු තාක්ෂනයක් දීලා තවත් ග්‍රහලෝත සමග ගනුදෙනු පටන් ගත්තොත් අර අහක යන නයෙක් සරම අස්සේ දාගත්තා වගේ වැඩක් වෙනවා. හරියට ISIS එකට න්‍යෂ්ටික ආයුධ තැනීමට දැනුම හම්බ උනා වගේ . වෙන කවුරුවත් නැතිනම් ඒ ඒ අය හරි මරාගනී. මේ වෙලාවට හොදම දේ ශිෂ්ඨාචාරයට එවනවා දැනුමක් කවුරු ඒ ශිෂ්ථාචාරයේම විද්‍යාඥයෙක් හරහා සියලු පර්යේෂ මගින් සියයට දහස් වාරයක් පෙනෙයි නිවැරදී කියලා, ගණිතය පැත්තෙන් පවා සියයට සියයක් සාර්තකයි. විද්‍යාඥයා අති විශීෂ්ඨයෙක් ලෙස සැලකුම් ලබයි. හැබැයි ඔය දැනුම යොදා ගෙන කිසිම විදිහකින් මේ සක්වලින් එලියට යාගන්න නම් බෑ. අර දැනුමට වශිවුනු පිරිස තමුන් හරි කියන මතේ ඉන්නවා මිස මේකෙන් මෙන්න මේ දේ කරන්න බෑ කියන එක ගැන තැකීමක් කරන්නේ නැහැ. ඒ හරහා ඔවුන් යොජනා කරන ක්‍රම භාවිතා කරන්න බෑ ප්‍රැායෝගිකව . ඒකෙන් වෙන්නේ අනෙක් පිටස්තර වෙනස් ශිෂ්චාරවලට ආරක්ෂාවක් ලැබීම.
අවසාන හේතුව තමයි ලෝකයේ මිනිසුන් මෙවැනි දේකදී මානසික වියවුල් වෙනවා. ගොඩ දෙනෙකුට මේවැනි තොරතුරු ක්ෂනිකව ලැබුනොත් දරා ගන්න බැහැ. ඔවුන් ඒවා ගැන කලින් හිතලා නැහැ. ඔවුන් බිය වෙනවා,ඔවුන් තුල තිබෙන යම් යම් විශ්වාසයන් අභියෝගයට ලක් වෙනවා. මේ නිසාම මිනිසුන් කලබල කිරීමටත් පටන් ගන්නවා. මේ නිසා පිටසක්වලයින් සමග සම්බන්ධතා ඇති උණත් මහජනයාට නොකිය යුතු බවට ඇමරිකාව තීරණය කරන්නෙත් විශ්ලේෂන හරහාම එක්දහස් නමසිය හැට ගණන් වලමයි. මේක අදටත් පිලිගන්නා දෙයක්.

සමහර ශිෂෟඨාචාර සම්බන්ධයෙන් මෙන්න මේකත් ගැටලුවක් . අන්තිමට මරා ගන්නේ මෙන්න මේවට බෙදිලා .මේ ස්ටාර්ට්‍රෙක් චිත්‍රපට සිදුවීම එය හොදින් පැහැදිලි කරනවා https://youtu.be/KPOvBPRYkts
මේ කොටසනම් අවශ්‍යත් නැහැ නමුත් අවාසන වශයෙන් හිතමු මේ පිටසක්වලයින් සතු තාක්ෂනය පිලිබදව. ඔවුන්ට ගුරුත්වයේ කිසිම ගැටලුවක් නැහැ. නිව්ටන්ගේ නියම තුනම බිද දමනවා ඔවුන්ගේ තාක්ෂනය. ඒ වගේම ඝන ආලෝකය (solid light) හරහා වස්තු හැසිරවීම එසවීම වගේම පහර දීම වැනි දේ සිදුකිරීම, සිතිවිලි ඔස්සේ කතා කිරීම , ඝන වස්තු තුලින් ගමන් කිරීම, ප්‍රතිගුරුත්වය වගේ මේ සියලු සාක්ෂී සලකුවහම අපි දන්න සියලුම භෞතික විද්‍යා නියම මොවුන්ට අදාල නෑ. කොටින්ම අපි දන්න භෞතික විද්‍යාව, ජීව විද්‍යාව අපේ ඇස් පනා පිටම බොරුකරනවා. සමහරුන් අහනවා ඇයි ඔච්චර දර්ශනය වීම් වෙලත් මේයානා වල පැහැදිලි පින්තූරයක් නැත්තේ ඇයි කියලා. නමුත් අපේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර ක්‍රියා කරන්නේ නෑ මෙවා ආසන්නයේදී. කොහොමද එතකොට මෙයාලා මේවා කරන්නේ ?

අද ඉන්න ප්‍රසිද්ද භෞතික විද්‍යාඥයෙක්ගෙන් ඔබ ඇහුවොත් මොකද්ද භෞතික විද්‍යාවේ තිබෙන ප්‍රධාන ගැටලුව කියලා ඔහු පිලතුරු දෙයි මේ අදුරු පදාර්ත ගැන ගැටලුව , කලු කුහර ගැන ගැටලුව, ක්වොන්ටම් භෞතිකයේ හා සාපේක්ෂතාවාදයේ නොගැලපීම නැතිනම් උපරිම තියරි ඔෆ් එව්රිතින්ග් වගේ දේ . නමුත් නියම ගැටලුව මේ ග්‍රහ වස්තු අතර තිබෙන අන්තර් සම්බන්ධතාවය නොදැනීමයි. මේකට සත්ත්වයත් අදාලයි ((locality පිලිබද තිබෙන විශ්වාශයයි. මේක භෞතික වාදයේ ප්‍රධාන අවශ්‍යතාවයක්.). මෙන්න මේ සම්බන්ධය දැන ගත්තා නම්, සියලු තොරතුරු අතර තිබෙන අන්තර් සම්බන්ධය දැන ගත්තා නම් ඔය අපි නියත ලෙස සලකන ආලෝක ප්‍රවේග නියතයේ සිට ගුරුත්ව නියතය , ප්ලාන්ක් නියතය අතර පවා සම්බන්ධක් පවතින බව නිරූපනය කරන්න පුලුවන්. කොටින්ම අයින්ස්ටයින් යම් යම් නිරීක්ෂන රාමු තුල වෙනස් වන හැටි පෙන්නුවාට ඔහු තේරුම් ගත්තේ නැහැ අපි ඉන්න මේ සියලුම දේත් සමස්තයක් ලෙස එක් රාමුවක් කියලා.ඒකයි නියත වලින් හිර වෙලා ඉන්නේ කියලා . ඉතින් අර ගොල්ලන් ආලෝක වර්ශ ගනන් ගෙවාගෙන ක්ෂනිව මෙහේ එන්නේ වෝප් ඩ්‍රයිව් වලින්ද ? වෝර්ම් හෝල් තුලින්ද ? නැහැ. වොර්ප් ඩ්‍රයිව් නමනම් භාවිතා කරන්න පුලුවන් වෙයි. වෙනත් රාමු වල බිහිවුනු ජීවීන් ඉන්නවා වගේම අපිටත් පුලුවන් යම් යම් ආකාරවලින් රාමුවෙන් පිට පනින්න. ඉතින් සම්බන්ධය හිතා ගත්තට පසු කල යුතු දේ මොකද්ද කියලා දැන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. විද්‍යාව දියුනු කරන්න අවශ්‍ය දෘශ්ටිකෝණ වෙනස් කිරීම . ඒක එච්චර අමාරු නෑ. අමාරුම දැනුම ලබා ගන්නනම් අභීධර්ම පිටකය කියවලා බලන්න . 🙂

උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

විද්‍යා ප්‍රබන්ධ උනත් තාක්ෂනය කියන්නේ මෙහෙම ඒවට මිස අහස්කූරු වලට නම් නෙමෙයි ඒ නිසා හීන මවන්න ඕනේ මෙතෙනට යන්න මිස මේ අහස්කූරු වලට ලයිට් හයි කරන විදිය ගැන නම් නෙමෙයි.
https://youtu.be/y8BYyBLsCUk
https://www.youtube.com/watch?v=kUzqOA8ScaE
https://youtu.be/eZTnSxW4pOI
https://youtu.be/3bP64x6ivkI


Post a Comment

0 Comments