අන්තර්ජාලයේ අදුරු පැතිකඩ ලිපි පෙළ -03 (The dark side of the internet 03)

DARK WEB ආරම්බය සහ විකාශනය 

DEEP WEB පිලිබදව පසුගිය ලිපියෙන් කතා කලා . අද විදු සයුර ඔබට ගෙන එන්නේ  DARK WEB පිලිබදව . DEEP WEB වල කුඩා කොටසක් වන  DARK WEB නීති විරෝදී ක්‍රියාවල අපිකේන්ද්‍රය විදිහටයි හැදින්වෙන්නේ . DARK WEB හරහා සපත්තු යුගලක් මිලට ගැනීම වගේ සරල ක්‍රියාවේ  ඉදලා මහා බරපතල ගනයේ අපරාද දක්වා දේවල් සිදුවෙනවා .නීති විරෝදී ඖෂද , වසවිස , මත්කුඩු , අවි ආයුද , ශරීර කොටස් පමණක් නොව කුලී මිනීමරුවන් පවා මිලදී ගැනීම් DARK WEB තුල සිදුවෙනවා . ඒ නිසා මෙය අන්තර්ජාලයේ අදුරුම පැතිකඩක් වශයෙන් හදුන්වන්න පුළුවන් .(කුතුහලය නිසාවත් කිසිදින DARK WEB සැරිසරන්න එපා )
DARK WEB ආරම්බය 
1970 දී ස්ටන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ප්‍රථම වරට එක් පරිගනකයක සිට තවත් පරිගණකයකට දුරස්ථව පණිවුඩ යැවීමට සමත් වෙනවා .ඔවුන් ඒ සදහා යොදාගන්නේ එවකට ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව තිබෙන ආපර්නෙට් නම් ක්‍රමවේදයක් හරහා .(අන්තර්ජාලය පැමිණීමට පෙර සමයේ ). ස්ටන්ෆර්ඩ් සරසවි සිසුන්ගේ අරමුණ වුනේ Marijuana මෙම ක්‍රමය හරහා MIT සරසවි සිසුන්ට අලෙවි කිරීමයි . ලොව පළමු online ගනුදෙනුව ලෙස සැලකෙන්නේ මෙයයි .තවද විද්‍යුත් වානිජයේ ආරම්බය මෙය වේ .
1990 මැද භාගය වන විට TOR  නම් තාක්ෂනය සොයාගන්නවා . TOR යනු ONION Browser එකක් . මුල් කාලයේ DARK WEB වල කොදු නාරටිය වන්නේ TOR Browser එක . DARK WEB ලොව පැවතීමට නම් එයට පිවිසෙන අයගේ රහසය භාවය ආරක්ෂා විය යුතුයි . TOR Browser එකෙන් මුලිකව සිදුවන්නේ පරිශීලකයන්ගේ අනන්‍යතාව සගවන එක .
TOR බ්‍රව්සරය ප්‍රථම වරට නිර්මාණය කල යයි සැලකෙන්නේ අපරාධ  සිදුකරන coders ල විසින්. ඔවුන්ගේ අරමුණ වුනේ DARK WEB හරහා රාජ්‍ය මැදිහත්වීම් මගහරිමින්  අපරාධ  කටයුතු සිදු කිරීම . නමුත් ද්‍ය්වොපගත විදිහට සමකාලීනව US Navy research කණ්ඩායම්  ද  TOR බ්‍රව්සරය සොයාගන්නවා .මේකේ ප්‍රතිඵලයක් විදිහට බුද්ධි අංශ පවා DARK WEB ඔවුන්ගේ රහස් කටයුතු සදහා යොදාගන්නවා .
TOR බ්‍රව්සරය නොමැතිව DARK WEB පවතීවිද ?
ඔව් . TOR බ්‍රව්සරය යනු DARK WEB වෙත පිවිසෙන එක් ආකාරයක් පමණයි .උදාහරණයක් විදිහට බැලුවොත් , කවද හරි Chrome Browser නැති වුනොත් , අන්තර්ජාලයට  පිවිසෙන්න වෙනත් ක්‍රම තියෙනවා . මේකත් ඒ වගේ 
2001 වසරේ කැලිෆොනියා සරසවියෙන් සිදුකල සමීක්ෂණයක් අනුව , DARK WEB තුල ගිගා බයිට් 7500 පමණ තොරතුරු අඩන්ගුව තිබුනා .ඒ වගේම සමස්ත අන්තර්ජාලයෙන් 99% ක්   DEEP WEB සහ DARK WEB තුල අඩංගු වෙන බව සැලකෙනවා .2002 වසරේදී TOR  NETWORK එක හදුන්වා දීමත් සමග DARK WEB අති විශාල ලෙස පුළුල් වුණා . තවද 2009 වසරේ BITCOIN අන්තර්ජාලයට මුදාහැරීමද  DARK WEB පරිශීලක පිරිස වැඩිවීමට හේතු වි තිබෙනවා .




උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments